වරකාපොල පෞද්ගලික ඉඩමකට ඇතුළුවී අලාබහානි කළැයි පොලීසියට අවශ්‍යවී සිටි ජ්‍යෙෂ්ඨ ඇමති අතාවුද සෙවිරත්න මහතා අද වරකාපොල අධිකරණයට බාර වීමෙන් පසු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හරින ලෙස වරකාපොල මහේස්ත්‍රාත් අවංත ලක්මාල් වික්‍රමසූරිය මහතා කියෝග කළේය.
සෑම ඉරිදා දිනකම උසාවියේ පෙනී සිටින ලෙසද අධිකරණය ඇමැතිවරයාට නියෝග කළේය.
පානීය ජලය බෝතල් කරන සමාගමකට ගැමියන් සමග ඇතුලු වී එහි යන්ත්‍රේපකරණවලට හානි කළැයි ඇමතිට එරෙහි පැමිණිල්ලේ දැක්වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම නීති
ඇයි ඇමතිතුමා වරදක් නොකළා නම් භාර වුණේ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්
අනේ අවංක තීන්දුවක්
මෙතුමා ගියේ හොද වැඩකට මහජනතාවත් එක්ක.මමත් ගියා එදා.එතුමාව හැමෝම මනින මිම්මෙන් මනින්න එපා
ඇමතිතුමා ජ්‍යෙෂ්ඨ වුණාට වැඩ කණිෂ්ඨයිනේ
නාලාගිරි ඇතා වගේ
ඉල්ලා අස් වෙන්න කියන්න ඕන.....
හිර කළා නම් හරි නේද?
කම්කරුවන් ගැන හිතලා ඇවිත් පහර දෙන්න ඇති. පව් . ලබන සැරේටත් මේ ගොල්ලන්වම පත්කරන්න
රටේ අනාගත පරපුර යහ මගට යයිද ඉතින්....?????
කව්ද ඉතින් මේ අයව පත් කරේ ?
එහේ හදන්නේ වතුර බෝතල්...
වැටත් නියරත් ගොයම් කා නම්..............?
තනතුර වගේම වැඩක් ජේෂ්ඨ උනානම් නේද හොඳ..!
කොහොමද රටට ආදර්ශවත් වෙන්නේ.....?
මෙයා හරිම ගණන් කාරයෙක් වෙලා නේ
වැරැද්දකට අහිංසක මිනිහෙක් පොලීසියෙන් අල්ලන් ගියොත් ඇට කැඩෙනකම් ගහනවා. ඒත් ඇමැතිවරුන්ට නම් හිර ගෙදරත් රජ ගෙදර වගේ
චන්දය දීපු අපිම තමයි මඩු වලිගෙන් තලා ගන්න ඕනා..
ලංකාවේ අධිකරණය ගැන හරිම සන්තෝෂයි. තරාතිරම නොබලා දඬුවම් දෙනවා. මම හිතන හැටියෙන් මෙතුමා මෙවැනි දේ කරල නෑ මීට කලින්.
බලය තියනකම් තමයි හැමදේම...
රජකාලේ දඩුවම් දෙන්න ඕන.....
පොඩි මිනිස්සු හැදෙන්න නම් මේ වගේ අයට ලොකු දඩුවම් දෙන්න ඕනි කියන එකයි මගේ අදහස
ඡන්ද දායකයින් මේවාට වග කියන්න ඕනි
ලක්ෂ 10 ක ශරීරය ???????
අපි කාටද බය - කවුද අපට බය කට්ටිය මගේ වටේ – දෙන්නම් රජ වැඩ .
කරන්න දෙයක් නැති නිසා ඔය කරන වැඩ තමා ...
බලපත්‍ර ලාභියෝ......
රටකට ගිය කල කිවුවලු
සල්ලි වල බලය තමයි
ආඩම්බරයි නේද හසන්ත. ඇමතිතුමා කොලු වැඩනේ කරන්නේ
මේ ලංකාවමද?
තීන්දුව දුන්න අයත් පරිස්සමින් හිටියොත් හොදයි.අසිරිමත් ලංකාවේ හැටි දන්නවනේ.
අනේ වාසනාවන් අවංක ඇමති කෙනෙක් ????????
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ
ලොක්කෝ හිටගෙන කරද්දි පොඩ්ඩෝ දුව දුව කරනවා
මෙහෙම අයනෙ රට පාලනය කරන්නේ!!!!.කියන්නෙ නම් අවංක දේශපාලනේලු.
කවුද බොලේ මේ
අනේ මන්දා, අපේ ඇමතිතුමන්ලාව දැන් යවන්න වෙලා තියෙන්නේ මොන්ටිසෝරි වලට
අපි කවදාවත් අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නෑනේ
පෙන්වමු දස්කම් විස්කම් මුලු ලෝ
ඔහොම යන්.ඒත් පවු ඇමතිතුමා
ළගදීම බලාපොරොත්තු වෙන්න පුළුවන් මරණයක්.
ජෙනරාල් තුමනි, මේ ජාතික අපරාද ගැන සොයාබලා, නීතිය හා සාමය,ජාතික සමගිය ගොඩනගන්න, ශක්තිය ධෛර්ය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය,ජේසුපිහිට, අල්ලාදෙවිදුගේ පිහිට පතමු.
ඇමතිතුමා හරිනම් මේ වයසට පන්සලකට ගිහින් පිනක් දහමක් කර ගන්න නේද ඕනි
අනෙකුත් විනිසුරුවන්ටත් ආදර්ශයක්.සාධාරණ තීන්දුවක්
ඉරිදාට උසාවි වහලනේ නේද?
නාකි විසේ ඉහට උසේ කිඋවලු,,,,,,,,,,,,,,,,
ඉක්මනට දෙන්න රිටන් එක ඇමතිතුමෝ
වෙන අයගේ චරිත අනුකරනය කරන්න හදනවද ???
දින 14ක් රිමාන්ඩ් කරන්න ඕනි කියන එකයි මගේ අදහස
පැමිණිලිකරුට දෙවි පිහිට ලැබේවා!
අයියෝ අපේ ඇමතිතුමා
අපේ සීයත් මේ වගේමයි..මට එයා මතක් වුණා ........
අනේ අපි භාරවුණා නම් අපිට මොකක් වේවිද?
ප්‍රසිද්ධ වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලිනුත්
ගමේ වතුර විකුණල සල්ලි හොයන අයට පාඩමක් උගන්නල වගේ...
කැළණි හුළං වැදුනද දන්නේ නෑ අපේ ඇමතිතුමාට
පැමිණිලිකරුට නිවන් සැප ලැබේවා!
ධර්මාශෝක, මොන්ගල්ද ඔයාට?
අම්මෝ බඩේ ලොකු
කවුරුවත් ඔය ජ්‍යෙෂ්ට ඇමතිතුමාට බනින්න එපා. එතුමා අතේ වැරැද්දක් නෑ.එතුමාගේ පස්සෙන් හිටපු අයියලා ටික තමයි හැම දේටම වගකියන්න ඕන.
වටේ ඉන්න අය ටික බලන්නකෝ....
මෙතුමා එහෙම දේවල් කරන කෙනෙක් කියලා නම් කියන්න බෑ
කවුරුවත් මුකුත් කියන්න එපා, ආසියාවේ ආශ්චර්යය වෙනුවෙන් වැඩ කරන්නන්ට
පවු
හැමෝම මේ ඇමති තුමාට බනින්නේ ඇත්ත නොදැනයි, පුද්ගලික සමාගමක් විසින් ජලය බෝතල් කිරීම සදහා - ඉතාමත් අහිංසක මිනිසුන් වෙසෙන දුෂ්කර පළාතක් වන වරකාපොල , කොහොබදෙනියේ ,අඩි 350 ක පමණ භූගත ළිදක් තනා ඇත. මේ නිසා ප්‍රදේශයේ ළිං සියල්ල සිදී ගොස්ය. එයට විරෝධය පෑමට පැමිණි ජනතාව සමග එක්වූ ඇමති තුමා සියලු වගකීම් තමා භාර ගෙන අධිකරණයට ඉදිරිපත් විය. ඔන්න ඕකයි ඇත්ත
මුල මත නැහැ....?
සිරිල් මහත් තයෝ රටේ නීතියක් කියල එකක් තියනවා, ගමේ ලින් ඔක්කොම හිදිලනම් ගමේ අයත් එක්ක එකතුවෙලා, උසාවි නියෝගයක් අරන්, ඒ වැඩ පිළිවෙල නවත්වන්න ඕන, ඒ කර්මාන්තයේ දේපොළ වලට අලාබ හානි කරන එක වැරදියි, අනික ඒ ලිද නිසාමද අවට ලින් හිදිලා තියන්නේ කියලත් හොයල බලන්න ඕනා, මේදවස්වල අපේ පැතිවලත් ලින් ගොඩක් හිදිලා
වැඩේ ඇත්ත කියල හිතාගන්න පුළුවන් ... පානිය ජල ඉඩමට විතරක් නෙමෙයි උසාවියටත් ඇතුල් වෙලා තියෙන්නේ ගැමියන් පිරිවරාගෙනනේ......මේ වටේ ඉන්න මිනිස්සුන්ට ඇත්තට මේ වටිනා වේලාවෙන් කරගන්න තමන්ගේ වැඩක් නැද්ද ඇත්තට ?? රස්සාවක් කරන මිනිහෙක්ට මෙහෙම මේ වෙනුවෙන් නිමාඩුවක් දාල එන්න පුලුවන්ද ? එහෙම එන්නේ නැනේ ... මේ ඔක්කොම වටේ ඉන්න කට්ටිය ජොබ්ලස් සෙට් එකක් නෙමෙයිද ? නුගත්කමද මේවලින් පෙන්නුම් කරන්නේ ?
සුරියප්පෙරුම මහතා ගේ අදහසට මමත් එකගයි
සිරිල් 2012-06-22 18:41:53 හැමෝම මේ ඇමති තුමාට බනින්නේ ඇත්ත නොදැනයි, පුද්ගලික සමාගමක් විසින් ජලය බෝතල් කිරීම සදහා - ඉතාමත් අහිංසක මිනිසුන් වෙසෙන දුෂ්කර පළාතක් වන වරකාපොල , කොහොබදෙනියේ ,අඩි 350 ක පමණ භූගත ළිදක් තනා ඇත. මේ නිසා ප්‍රදේශයේ ළිං සියල්ල සිදී ගොස්ය. එයට විරෝධය පෑමට පැමිණි ජනතාව සමග එක්වූ ඇමති තුමා සියලු වගකීම් තමා භාර ගෙන අධිකරණයට ඉදිරිපත් විය. ඔන්න ඕකයි ඇත්ත
දැන් පේන හැටියට ඇමති තුමා හරි . තියෙන්නේ බෝතල් කොම්පැනිය වහල දාන එකනේ .
සෑම ඉරිදා දිනකම උසාවියේ පෙනී සිටින ලෙසද අධිකරණය ඇමැතිවරයාට නියෝග. ඉරිදාට උසාවි වහලනේ නේද?
රජයේ ඇමතිවරයකුව සිට මෙතුමා දී ඇත්තේ ඉතාමත් වැරදි පූර්වාදර්ශයක්.. වරදක් සිදුවී තිබුණානම් ඔහුට තිබුනෙ නීත්‍යානුකූලව කටයුතු කිරීමයි...
බලන්න අපේ ඇමතිතුමා පයින්ම අධිකරණ භූමියට ඇවිත් .
මාරයිනේ?.....
ලයිසන් තියෙනවනේ.......
මේ සිදුවීමෙන් කවුද වැරදි කියන්න දන්නෙ නැහැ.. හැබැයි ධර්මසිරි සේනානායක ඇමතිතුමා නැතිවුනාට පස්සේ මේ කිසිම කෙනෙක් වරකාපොලට සත පහක දෙයක් කළේ නම් නැහැ..
අතාවුද සෙනවිරත්න ඇමතිතුමා සිදුකර ඇත්තේ ජනතා සේවයකි. මෙතුමා උසාවියට පමණක් නොව ජනතාව උදෙසා සිරගතවීමටද පසුබට නොවේ. මෙය රටේ ජනතාව වෙනුවෙන් ඇමතිතුමා මැදිහත්වීමක්. වැරදිකරන දේශපාලකයන්ද ඇත. එමනිසා එය තේරැමි ගැනීම කාගේත් වගකීමක්.
@සිරිල්, වරකාපොල කොහෙද සිරිල් දුෂ්කර!!!ඇමතිලම මුලින් කොමිස් අරන් ඔව්ව ආරම්භ කරන්න දීල, පස්සෙ ජනතාවගෙන් ලකුණු ගන්න පාරට බහිනවා.
ලැජ්ජයි අනේ ????????????????????
ඇමතිතුමා පොලිසියට යයිද පොත අත්සන් කරන්න? නැත්නම්පොලිසිය ගෙදර යයිද පොත්ත් අරන් අත්සන අරං එන්න..??
මීට වැඩිය වැරදි කරන ඇමතිවරු මේ රටේ නැද්ද ? මේක හරිම අසාධාරණයි!
දැන් මේකනේ ප්‍රශ්නෙ ඇමතිතුමාට අයිතියක් තියනවද නීතිය අතට ගන්ත. එයාලා රටට ජනතාවට ආදර්ශමත් විය යුතුයි නේද? චන්ඩිකම් පෙන්නන්න පුඑවන්ද ජනතාවග් ඡන්දයෙන් ආ පුද්ගලයෙකුට? අනිත් අතට හිතන්න වයස ගැන ඔය බලය කියන ආයුධය නැතිනම් ඔය කකුල් දෙකට වාරු තියෙනවද?
හැට පැන්නත් වදුරා බිම නොයයි.. ලංකාවෙ උසාවි ජේයෂ්ට ඇමතිවරයකුට කියල දෙවැනි වෙන්නෙ නැහැ
ඔය පිරිවාරාගෙන ඉන්නනෙ එයාවද??
ඇමති වයසට ගියත් ඔන්න රටට සේවයක් කළා.. වරකපොල කියන්නෙ රටේ කොටසක් නේ...
පැමිණිලිකරුට පොලිසියෙන් ආරක්ෂාවක් දෙන්න වෙයි නේද?
රැවන්වැල්ලෙන් සමසමාජයයෙන් ඡන්දෙ ඉල්ලුව ඇමති තුමා නේද?? ගොඩක් දවසකින් දැක්කෙ... වයසක කෙනෙකුට තියා තරැණ කෙනෙකුටව්ත බැහැ දේශපාලනය කරන්න.. නාකි තරුණ හැම කෙනාම මහ චන්ඩියෝ... බලාගෙන ගියහම...
මෙයා ගැන කවුද නොදන්නෙ...
අපේ ගෙදරත් වැඩක් තියෙනවා, කට්ටිය එක්ක එන්න බැරිද ?.
කරපු දේ වැරද්ද විතරක් නොවේ රටේ නීතියට තැනක් නැති බව තහවුරු කරපු එක තමා නරකම දේ ..
පුරුද්ද ලොකුනේ....
කට්ටියගේ චින්තනය............
රට පෙරට... යන විදිහ
හැමතැනම දුෂණය , වංචාව , මැරබලය , අල්ලස් , මිනි මැරුම් , බලහත් කාරකම් , අසාධාරණය
කාට්බෝඩ් චන්ඩි...
මේ තරම් පරිනත, එසේම වයෝවෘද මෙතෙක් හොද නමක් තියාගෙන හිටපු ලොකු ඇමතිවරයෙක් ඇයි මේ නොගැලපෙන වැඩකට ගියේ.. ඇත්තටම කැතයි.. මේවට නීති රීති තියෙනවානෙ ඕන තරම්...
වරදක් තියෙනවානම් එය නිවරැදි කළ යුත්තේ උසාවියෙන්.. මැරකමෙන් මේවා කරන්න බැහැ. ඇමති කියලා..
කැළණිය ආදර්ශය අරන් වෙන්න ඇති.. අහෝ.. රට පෙරට...
සිරිල්.. කොම්පැනියෙන් වැරැද්දක් කරලා තියෙනවනම් ඒකට නීතියෙන් දඩුවම් කරන්න ඕන.. නැතුව චන්ඩිකම් පෙන්නලා තවත් ....... කෙනෙක් වෙන්න හොද නැහැ
මේක හින්දි ෆීල්ම් එකක් වගේ....
මම කිර්මාටින් එක්ක එකගයි හෙමෝම මනින මිම්මෙන් මෙතුමාව මනින්න එපා
මේක දෙමල , හින්දි ෆිල්ම් එකක් වගේ
ඔය වටකරගෙන ඉන්නේ, කොබෙයිගනේ නැමති දුෂ්කර ගමේ ඉන්න ඉතාමත් අහිංසක මිනිස්සු ටිකද? මේ කාලෙට පිනක් දහමක් කරගෙන ඉන්න එක තමයි හොද
මම "ආතා - උවද" තවමත් කරන්නේ කොලුකමට කරන දේවල්ය, ඒ ගැන ඔබලා කම්පා විය යුතු නැත..
ලොක්කා "ජෙට් ලී" වගේ කොරියාවෙන්ද දන්නේ නැ චන්ඩි වැඩ ඉගෙනගෙන තියෙන්නේ .
බජාර් එකේ චන්ඩියා.......
අනේ මම ඕවා දන්නෙත් නෑ දැක්කෙත් නෑ...........
බලන්න ඔහුට වයස කීයද? ඔහුගේ වයසේ වෙනත් පුද්ගලයෙක්නම් පන්සලකට පල්ලියකට ගොස් පිනක් දහමක් කරගන්නවා. නමුත් මේ දේශපාලඥයා එයගෙ ශක්තිය පෙන්නන්න යනවා.. බලන්න කීදෙනෙක් ඉන්නවාද මෙයාට පිටුපසින්. මේකද ශ්‍රී ලංකාවෙ හැටි දැං.
දැන් පාර්ලිමේන්තුවේ හැමෝම අර මහත්තයාගේ ක්‍රමය අනුගමනය කරනවවාගේ.....................
ඔයාල දන්නේනැතිඋනාට ඔහොමතමයි “පිළිවෙතින් පෙලගහෙන්නේ ”. පේනවා නේද පෙළගැහිලා ඉන්න කට්ටිය !
මොනවද ඔට්ටු , ඔයකියන කොම්පැනිය අයිති විපක්ෂේ ආධාරකරුවෙකුට !
ආතා.. උඩගිහිං...
මේකයි අපේ බරබාගේ – ඔහෙලා හඳට යන්න හදනවා . කොහොම කොරන්නද මාමේ ?
උපන්දා සිට කරපු හොද වැඩ අමතකව නොමගක ගිහිං...
හැබැයි ඔය ගමන විපක්ෂයේ කෙනෙක් ගිහින් කළානම් බලන්න තිබුනා අපේ අය අදහස් පළකරන හැටි.ලක්ෂ 10ද අලාබෙ මදි මදි තව කුඩුකරන්න තිබුනා ඔය කොම්පැනිය ආන්ඩුවෙ ආධාරකාරයෙක්ගෙ. අහින්සක ගම්වැසයන්ට බොන්න තියන වතුර ටිකනේ මේ යක්කු බෝතල් කරලා විකුනලා තියෙනිනේ.යසවැඩේ තව කුඩුකරන්නනේ තිබුනේ කියලා කියයි. කරුණු කාරනා හරිහැටි අවබොධ කරගෙන අදහස් පළකරනවානම් මොනතරම් වටිනවද ?
අපේ ඉදිරි ගමනට ශක්තියක් වේවා!
වයසට අනුව වැඩ කරන්න ඇමති තුමා
අපේ කැළණියෙ එක්කෙනා හිටියෙ නැද්ද?
ආසියාවේ ආශ්චර්යය
එයාගේ වැඩ ගැන අපි දන්නවා
ඇමතිකම නැතිව ගියා නම් තමයි වැඩේ