IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඇමෙරිකා ආධාරවල අඩුවක් නෑ

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර වැඩපිළිවෙළ මානව හිමිකම් ප්‍රශ්නය උඩ කිසිසේත්ම වෙනස් නොවන බව ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකාවට දෙන ඇමෙරිකා ආධාර යොදා ගැනෙන්නේ යුද්ධය පැවතී ප්‍රදේශයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා එම ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපයාදීම බව ඇමෙරිකාව පවසයි.

මෙම ආධාර වැඩපිළිවෙළ යටතේ දැනට උතුර නැගෙනහිර දැවැන්ත ව්‍යාපෘති විශාල ගණනක් ක්‍රියාත්මක වෙයි.

මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මුහුණ දෙන ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩකටයුතු සහ ශ්‍රී ලංකාවේ ඇතැයි සමහරදෙනා චෝදනා කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම අතර සම්බන්ධයක් නැති බැවින් ඇමෙරිකා ආධාර වැඩපිළිවෙලේ වෙනසක් ඇතිකිරීමට අවශ්‍යතාවයක් නොමැතිබව අමෙරිකා ජාත්‍යන්තර ආයතනයේ ආසියානු කාර්යාංශයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක ඩෙනිස් රෝලින්ස් කියයි.

මානව හිමිකම් පිලිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව විසින්ම විසඳාගතයුතු බව කලක සිටම කියාසිටි බවත් එසේ වුවද ඇමෙරිකා ආධාර ලබාදීම අඩු හෝ වැඩි කිරීමට එම ප්‍රශ්නය බල නොපාන බවද ඒ මහතා  සදහන් කරයි.

ඇමෙරිකා ආධාර යටතේ 2009යෙන් පසුව සරණාගතයන් නැවත පදිංචිකිරීම, නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීම ජල කළමනාකරණ ව්‍යාපෘති, ආධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම  වැනි සුවිශාල වැඩපිළිවෙලවල් උතුර නැගෙනහිර ප්‍රදේශවල පිහිටුවාගන්නා ලද පොදු ජන සංවිධාන මෙන්ම පෞද්ගලික අංශයේ ආයෝජිකයන්ද එකතුව ක්‍රියාත්මක කෙරෙයි.

වසරකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 130 (රුපියල් කෝටි 167.7)    මුදලක් මෙම ව්‍යාපෘති සඳහා වැයකෙරේ.

මෙයට අමතරව සුනාමි ව්‍යසනයෙන් කඩා වැටුණ අරුගම්බේ පාලම නැවත සෑදීම සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 135 ( රුපියල් කෝටි 1741.5) ඇත.

ඇමෙරිකානු ආධාර මුලික වශයෙන්ම යෝදාගනුලබනේ ජනජීවිත නගාසිටුවීම උදෙසා සහායවන වැඩකටයුතු සඳහා බවද ඩෙනිස්  රෝලින්ස් පවසයි.



අදහස් (0)

ඇමෙරිකා ආධාරවල අඩුවක් නෑ

කමල් Friday, 01 March 2013 02:19 PM

උතුරට යොදවන හින්දද දෙන්නේ? මේ ආධාර දකුණේ වැඩ වලට යොදවනවානම් නවත්වනවාද? (ස)

:       0       0

කසුන් Friday, 01 March 2013 09:03 PM

ලංකාව මේ ඇමරිකාවෙන් ආධාරත් ගන්න ගමන්ද පළු යන්න බනින්නෙ ඈ ? (නි)

:       0       0

අජිත් Friday, 01 March 2013 02:59 PM

ඇමරිකානු ආදාර නැතුවත් මොකද ඇමරිකාවට බැන බැන ඉන්න අපේ කට්ටියට පවුල් පිටින් එහේ ගිහිල්ලා ඉන්න ලැබුනොත් මදැයි... (ස)

:       0       0

නිලා Friday, 01 March 2013 03:48 PM

ගන්න ගන්න තව ගන්න (දී)

:       0       0

සුරංග Friday, 01 March 2013 03:59 PM

ඇමරිකාව අපිට නිකං සල්ලි දෙන්නේ නිකං නොවෙයි නේ ? (ස)

:       0       0

පිටිගල Friday, 01 March 2013 11:03 PM

ගූගල් එපා කියපු අය දැන් ‍මොනවද කියන්නේ? (නි)

:       0       0

මිලාන් Friday, 01 March 2013 04:16 PM

අපට අනෙක් රටවල සහය අවශ්‍යයි (දී)

:       0       0

රුපවති Friday, 01 March 2013 04:28 PM

ආධාර අපිට හරියට වටිනවා (දී)

:       0       0

ලලිත්-දෝහා Saturday, 02 March 2013 03:02 PM

මොකද කරන කියන හැම දේටම ඕ.කේ සර් කියන අයනේ වැඩි හරියක්ම ඉන්නේ.(නදී)

:       0       0

තුසිත Friday, 01 March 2013 05:19 PM

පුංචි ළමයාගේ සිට මහල්ලා දක්වා ණයයි අපි (දී)

:       0       0

රූපා Friday, 01 March 2013 05:36 PM

සන්තෝසයි (දී)

:       0       0

පසිඳු Friday, 01 March 2013 05:33 PM

අපි කොච්චර ණයද දැන් (දී)

:       0       0

ප්‍රසන්න Friday, 01 March 2013 05:39 PM

තව තවත් වැඩි වෙනවා (දී)

:       0       0

ෂෙහාන් Friday, 01 March 2013 05:38 PM

ඒ වැඩේ නම් හොදයි (දී)

:       0       0

රමණි Friday, 01 March 2013 05:40 PM

පාලම අවට ඇති හස් කමන්න ඉනේ (දී)

:       0       0

සනා Friday, 01 March 2013 05:41 PM

නියමයි,, (දී)

:       0       0

මාලක Friday, 01 March 2013 05:43 PM

ලංකාව පෙරට (දී)

:       0       0

නිශාන්ත Saturday, 02 March 2013 07:43 AM

ආධාර යනු ණය නොවේ. (නි)

:       0       0

ෂීලා Saturday, 02 March 2013 09:46 AM

අපේ දරුවෙක් අද රටට ඉපදෙන්නේ ලක්ෂ ගාණක් ණයකුත් කරපින්නාගෙනයි. (නි)

:       0       0

රාණි Saturday, 02 March 2013 09:47 AM

අපේ අය ඉදලා හිටලා කෑගැහුවට ගණන් ගන්න එපා ඇමරිකාව. අපිට දිගටම ආධාර දෙන්න හොදේ. (නි)

:       0       0

නීලා Saturday, 02 March 2013 09:45 AM

සුරංග, ඇමරිකාව අපිට නිකන් ආදරේට සල්ලි දෙන‍්නෙ නැහැ. (නි)

:       0       0

චමින්ද Friday, 01 March 2013 01:33 PM

අනෙ අමමේ දන්නේ නෑ මේ ගොල්ල මොනව කියනවද කියල...පිස්සු හොදවෙලා ආයෙ හැදෙනව. (ස)

:       0       0

වරුණ Friday, 01 March 2013 01:55 PM

ණයට ඩොලර් ගන්න විට විදේශ කුමන්ත්‍රණ ඩොලර් රහවැටිලා රට පාවාදෙන ඒ කථා මුකුත් නෑ ? (ස)

:       0       0

සමන් Friday, 01 March 2013 08:23 PM

නය අරගෙන ලංකාව දියුණු කරන්න (දී)

:       0       0

හේවා Friday, 01 March 2013 01:58 PM

අපේ ඇමතිතුමා මේ ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ. (නි)

:       0       0

ඉෂාන් Friday, 01 March 2013 01:55 PM

පාලමක් හදන්න එච්චර සල්ලියක් මොකටද? (නි)

:       0       0

හේරත් Friday, 01 March 2013 08:29 PM

ඇමරිකාව ඒ පැත්තටත් දෙනවා. මේ පැත්තටත් දෙනවා.... අනේ මන්දා! (නි)

:       0       0

රත්න Friday, 01 March 2013 02:03 PM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්. ඇමරිකානු තානාපති කාර්යයාලය ඉදිරිපිට ( බිස්කට් කකා )උපවාසය කරමු! (ස)

:       0       0

සරත් Friday, 01 March 2013 02:11 PM

ඇත්තට ඇමරිකාව නම් තේරුම් ගන්න බරිම රටක්. චමින්ද කියනවා වගේ පිස්සු හොඳවෙලා ආයේ හැදෙන්නේ දෙගුණ වෙලා... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 2 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 20 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 912 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1357 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2032 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 503 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site