IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඇමරිකාවේ සිට මත්තලට අපි එනවා

මත්තල නව ගුවන් තොටුපළ විවෘත කිරීමේ උත්සවයට සහහාගී වීමට කැමති විදේශයන්හි ජීවත්වන්න්නට  ඇමරිකාවේ සිට මත්තල ගුවන් තොටුපොළ වෙත පැමණීමට  විශේෂ ගුවන් යානාවක් සූදානම් කර ඇත.

මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගීවීමට කැමති සියලු දෙනාට  වොෂින්ටන් ශ්‍රී  ලංකා තානාතපති කාර්යාලය පහසුකම් සලසනු ලබයි.

 ගුවන් යානය මාර්තු 16 වැනි දින අමෙරිකාවෙන් පිටත්ව ඩුබායි හරහා පියාසර කර සමාරම්භක උළෙල පැවැත්වෙන මාර්තු 18 වැනි දිනට මත්තල ජාතයන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

ඇමෙරිකාවේ නිව් යෝර්ක්,  හුස්ටන්, ඩලාස්,  ලොස් ඇන්ජලීස්, සැන් ෆ්රැයන්සිස්කෝ සහ සියැටල් යන නගර වලින් පියාසර කරන එමිරේට් ගුවන් සමාගමේ යානා වලින් වොෂින්ටන් නුවරට පැමිණ මෙම විශේෂ ගුවන්යානයට ගොඩවිය හැක.

අමෙරිකාවෙන් පිට සිටින කිසිවෙකුට මෙම චාරිකාවට එක්වීමට අවශ්‍ය  වෙනම් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළට පැමිණිය යුතුය.

මෙම විශේෂ සංචාරය සඳහා අයකරනු ලබන්නේ අඩු මිලක් බවද වාර්තා වෙයි.
ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවය අවසානයේ එම සංචාරක පිරිසට කොළඹ නගරය දක්වා නොමිලයේ ගමන්කිරීම සඳහා සුඛෝපභෝගී බස්රථ සුදානම් කර ඇත.

 ඔවුනට ලංකාවේ තමන් කැමති අන්දමේ නිවාඩුවක් ගතකිරීමට සඳහා පිළිගත් සංචාරක සමාගම් සමඟ එක්වී දින දහයක සංචාරක වැඩසටහනක් ද සුදානම් කර තිබේ.



අදහස් (0)

ඇමරිකාවේ සිට මත්තලට අපි එනවා

රුහුණු Sunday, 24 February 2013 12:56 AM

ක්‍රිෂාන්ත ඔයාව ඇමරිකාවට නෙමෙයි කැකිරාවට එක්කගෙන යන්නම්.(නදී)

:       0       0

හරීන් Thursday, 28 February 2013 08:02 AM

අනේ අම්මෝ! එන්න එපෝ! (නි)

:       0       0

සුනිල් Sunday, 24 February 2013 01:14 AM

ලංකාවේ මිනිස්සු හොදින් ඉන්නවට අකමැති කුහකයනුත් ඉන්නවා. (නි)

:       0       0

සමන්ත Wednesday, 27 February 2013 01:23 AM

ලංකාවේ අයට කටුනායකින් නැගලා මත්තලට ගිහින් එතනින් ආපහු කටුනායකට එන විදිහේ වැඩපිලිවෙලක් සකස් කළොත් ගොඩක් පින්සිද්ද වේවා!(නදී)

:       0       0

කුමාරි Sunday, 24 February 2013 02:04 AM

තවත් එක් සාර්ථක ප්‍රයත්නයක් සඵල වු වගයි. (නි)

:       0       0

දුමී Monday, 25 February 2013 12:12 PM

වරාය වගේ වෙයිද?(නදී)

:       0       0

නිරංජන් පීරිස් Sunday, 24 February 2013 04:08 AM

රටෙ දියුනුව දැක්කම හරි සතුටුයි නමුත් මෙය අගේ කරන්න බැරි ලැජ්ජ නැති සිංහලයනුත් ඉන්නවනෙ. රටක සංවර්දනය කියන්නෙ ඵය අයිති මතු පරපුරට. කිසිම රජයක් සංවර්දනය යනවිට අරගෙන යන්නෙ නැහැ. දේශපාලන හැගිම් වලින් සංවර්දනය මනිනවානම් ඔවුන් සිංහලයන් විය හැකිද?(නදී)

:       0       0

ඩයස් Wednesday, 27 February 2013 05:24 AM

බොහොම හොද වෑඩක්. නමුත් ප්‍රශ්නය ඒකෙ හිටගෙන යන්න බෑනේ. නමුත් හොදම අදහසක් දීලා තිබෙනවා. රටේ බෑංකු හරහා වෑඩිම විදේශ විනිමය එවන ශ්‍රී ලාංකිකයනට අනාගතයේදී එවෑනි සේවයක් සපයන්නේනම් අප රටට විදේශ විනිමය වෑඩිවෙනු ඈත.(නදී)

:       0       0

ආකර්ෂා Monday, 25 February 2013 01:48 AM

ගුවන් තොටුපළක් හැදුවා කියලා එකෙන් වන ප්‍රයෝජනය නිසියාකාරව ගන්නේ නැතුව මේ වගේ ඒවා කරන එකට නම් මම හරිම විරුද්ධයි ඔන්න. (නි)

:       0       0

තිසල් Sunday, 24 February 2013 04:25 AM

යොහාන් ඇතුළු සුළු පිරිසක් ඉන්නවා, අපේ රටේ හැම දෙයක් ගැනම අපහාසයෙන් බලන. (නි)

:       0       0

තිලකරත්න Sunday, 24 February 2013 04:48 AM

අති විශිෂ්ටයි!(නදී)

:       0       0

මංගල Wednesday, 27 February 2013 07:10 PM

අනේ ජනාධිපතිතුමනි! ලංඩන් සිට මත්තලට සෘජු ගුවන් යානාවක් යොදවන්න.(නදී)

:       0       0

යොහාන් Saturday, 23 February 2013 04:29 PM

අපිට ආපහු ඒකෙම යන්න පුළුවන්ද (ස)

:       0       0

යොහාන් Saturday, 23 February 2013 04:30 PM

මැඩම් හිලරි ක්ලින්ටනුත් ඒවිද දන්නේ නැ..(ස)

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 24 February 2013 04:25 PM

ඕකත් ඉතින් කටුනායකටස යැව්වා නම් ඉවරනේ. අපි ලංකාවට යන හැම පාරම කටුනායක ආසාවටවත් ගුවන්යානයක් දකින්න නැහැ.(නදී)

:       0       0

යොහාන් Saturday, 23 February 2013 04:29 PM

සමහර අය නම් අකමැති වෙයි මේකට..!(නු)

:       0       0

ජයවිතාන Saturday, 23 February 2013 04:33 PM

මමත් යන්න ඕන මේක බලන්න (නු)

:       0       0

අනුර Saturday, 23 February 2013 04:37 PM

ජිනීව කට්ටියත් එක්කම ආවනම් හොඳ අපේ රට දැන් කොහොමද බලන්න (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 23 February 2013 04:44 PM

අපි ඩුබායි වල ඉන්නම් මේකට නගින්ින.. ආපහු මේකෙම මිලානෝවලට ගෙලන්නා දානවාද?(නු)

:       0       0

මාලා Monday, 25 February 2013 04:23 AM

ජයවේවා.... කාටද ආඩම්බර (දී)

:       0       0

අමිල Saturday, 23 February 2013 04:54 PM

අදත් ඉන්ධන ගනන් ගියානේ.. මේ තරම් දුර ඉදලා එන්නෙ කොහොමද? මට ගමට යන්නත් බස් ගාස්තු එක හොයාගන්න විදියක් නැතිව ඉන්නෙ.!(නු)

:       0       0

ප්‍රදීප් Saturday, 23 February 2013 04:53 PM

මාලදිවයිනෙත් නවත්තනවානම් හිටගෙන හරි එන්නම්..!(නු)

:       0       0

සමන්සිරි Thursday, 28 February 2013 03:12 PM

හොදයි රට දියුණු වෙනවා නම්. (නි)

:       0       0

තරිදු Saturday, 23 February 2013 04:55 PM

ඩබල් දෙන්නම් අනේ අපිව එහට ගිහින් දාන්නකෝ .... (නු)

:       0       0

ගාමිණී Saturday, 23 February 2013 05:17 PM

සුභ පැතුම්! (නි)

:       0       0

සංජු Saturday, 23 February 2013 05:19 PM

ඇයි ඇමරිකාවෙ ඉදලා එන්නේ.. චීනෙන් එන්න තිබුණානේ.. ඩුබායි හැර මැදපෙරදිග ඉන්න අයට එන්න දෙන්න තිබුණෙ..දුක් මහන්සියෙන් හම්බකරලා නිවාඩු යන අය ගොඩක් ඉන්නවා.. අපේ රටට විදේශ විනිමය ගේන්න මෙහෙ කට්ටිය තමයි.. නැතිව ඇමරිකාවෙ ඉන්න අය නෙමෙයි.. එහෙ ඉන්න ඔක්කොටම රට අතහැරලා ගිය අය.. මෙහෙ ඉන්නෙ දුප්පත් අය..!(නු)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 23 February 2013 05:37 PM

අනේ සර්, ලංකාවේ ඉන්න මාවත් ඔයි ගුවන්යානේ දාගෙන ඇමරිකාවට ඇන්න යන්ටකෝ. (නු)

:       0       0

සරත් Wednesday, 27 February 2013 09:24 AM

ඒක සියලු ලංකාවාසීන්ටම සුභ ඵල ගෙනදෙන්නක් වේවි. (නි)

:       0       0

කසුන් Saturday, 23 February 2013 05:34 PM

අපිව වෙන රටකට ගෙනියන්නකො..!(නු)

:       0       0

කසුන් ඩුබායි Saturday, 23 February 2013 05:37 PM

අපිවත් එක්ක යන්නකො

:       0       0

නිරංජන් පීරිස් Sunday, 24 February 2013 05:39 PM

තිලක්.. මිට පෙර ණය උනෙ කෑමට ඒ විපාක තමයි අපි ගෙවන්නෙ නමුත් රටක සංවර්ධනය වෙනුවෙන් නය උනාට ඒකෙ පුතිලාභ තියෙනවා. අද රටෙ වෙන සංවර්ධනය මිට වසර 15 කට පෙර නය වෙලා හරි කෙරුවනම් ඒ නය ගෙවල ඉවරයි. විජාතිකයින්ගෙ සහ සමහරක් අපෙ සිංහලයන්ගෙ කුහක කම් වලට මැදි වෙලා හරි මෙවැනි සංවර්ධනයක් රටෙ කෙරිම සතුටු විය යුතුයි.(නදී)

:       0       0

හසිත. Saturday, 23 February 2013 05:49 PM

අපිට සතුටුයි අපේ රට ගැන..!(නු)

:       0       0

සංජීව Saturday, 23 February 2013 05:48 PM

අපේ රට දියුණු වෙනවා ගොඩාක් සතුටුයි.!(නු)

:       0       0

මනෝජ් Saturday, 23 February 2013 06:10 PM

අපි කිව්වේ කවුද ? (නු)

:       0       0

මධු Saturday, 23 February 2013 06:23 PM

අපි දහදෙනෙක් ප්‍රංශයෙන්..!(නු)

:       0       0

සමන් Sunday, 24 February 2013 10:04 AM

ලංකාවට වැඩිපුර ගුවන් තොටක් තිබීම හොදයි. ඒත් වඩා වැදගත් වන්නේ කටුනායක ගුවන්තොට වැඩිදියුණු කිරීමයි.(ස)

:       0       0

ඉෂානි Saturday, 02 March 2013 01:38 AM

අපිට ඉතාලියේ ඉදලා ගෙදරට දැන් ගොඩක් ළගයි. සියල්ලන්ටම වඩා මේ සතුට මට වටිනවා. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 February 2013 09:52 AM

ඉෂානි මංජුලා පවසන පරිදි සුභ ගමන්.! කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !!!(නදී)

:       0       0

ලාල් ජකර්තා Saturday, 23 February 2013 06:44 PM

නියමයි ජනපතිතුමාට ස්තුති කරමි..!(නු)

:       0       0

චමරි Sunday, 24 February 2013 10:59 AM

අපේ රටට විදේශ විනිමය ගේන්න මැදපෙරදිග ඉන්න අය.මැදපෙරදිග ඉන්න අයට එන්න මේ පැත්තෙන් එන්නකෝ.(ස)

:       0       0

ශහීර් ඩේවුඩ් Saturday, 23 February 2013 06:55 PM

එතකොට කටුනායක.?(නු)

:       0       0

සමන් Thursday, 28 February 2013 04:27 PM

මට බය අපේ මැදපෙරදිග වැඩකරන අක්කලාව කටුනායක නැතිව මත්තල බස්සල අව්රුදු 2ක් හම්බකරපු ඔක්කොම සේසත දීල මත්තල සිට අනුරාදපුරයට වාහනයක් අරන් යන්ඩ වේද දන්නේ නැහැ .(නදී)

:       0       0

අජිත් Sunday, 24 February 2013 07:11 PM

එදාට විතරද ඔය ගුවන් යානය එන්නේ. ඉදිරියටත් එනවානම් හොදයි. පැය හත අටක් අතරමග ඉන්න එක වලකාගතහැකි නිසයි එහෙම කියන්නේ.(නදී)

:       0       0

නලින් Saturday, 23 February 2013 07:12 PM

අනේ අපිවත් එක්ක යන්න.. අපි බහරේන් ඉන්ිනෙ. මෙහෙන් අපිවත් දාගෙන යන්න බැරිද?(නු)

:       0       0

ගුනේන්ද Saturday, 23 February 2013 07:15 PM

මතක තියාගන්න මාර්තු 15 ජිනිවා යන්න තියෙනවා.. අමතක වෙයි.!(නු)

:       0       0

නිස්තාර් Saturday, 23 February 2013 07:25 PM

සංජු ඔයා හරි.. අපිව කාටවත් පේන්නේ නැහැ.. ලංකාවෙ ඔක්කොම සල්ලි තියෙන අයට විතරයි..!(නු)

:       0       0

තිලෝෂණ Saturday, 23 February 2013 07:25 PM

අර තියෙන කටුනායක දියුණු නොකර ඇයි මේ වගේ තව එකක්..!(නු)

:       0       0

ජසීම් Saturday, 23 February 2013 07:28 PM

මේවාට කොහින්ද සල්ලි.. තවත් ඉදිරියට මොනවා වෙයිද? (නු)

:       0       0

ලලිත් දෝහා Saturday, 23 February 2013 07:31 PM

අනේ මමත් නිවාඩු යන්න ඉන්නේ හරියටම මාර්තු මාසෙ මගේ උපන් දිනෙත් එදාටමයි.. උපරිම උත්සාහය ගන්නවා සම්බන්ධවෙන්න ජය වේවා..!(නු)

:       0       0

හිදයතුල්ලා මොහොමඩ් හනීෆා Saturday, 23 February 2013 07:31 PM

සුභ පැතුම්.. (නු)

:       0       0

උපුල් Sunday, 24 February 2013 11:28 AM

කටුනායක වහයිද ? (ස)

:       0       0

රොෂාන් Friday, 01 March 2013 12:34 PM

මත්තල ඉදලා කටුනායකට මිහින් ලන්කා එකෙන් ගුවන් යානා යොදවන්න පුලුවන්නම් ගොඩක් හොදයි මොකද මත්තල කියන්නෙ රටේ මැද නෙවේ නෙ. නැතිනම් හෙලිකොප්ටර් සේවාවක් වත් යොදවන්න වෙයි. නැතිනම් වෙන්නෙ රට ඉන්දලා පැය කීපයකින් මත්තලට, මත්තල ඉදල දවස් ගානක් යයි ගෙදර යන්න. රට ඉදල එන අයගෙ ආරක්සාවටත් ඒක හොදයි.(නදී)

:       0       0

ජනක Saturday, 23 February 2013 07:58 PM

කටුනායක මත්තල ගුවන් බස් සේවයක් දැම්මමොත් හොද නැද්ද? (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 23 February 2013 08:18 PM

බැරිද ජෙඩා ගුවන්තොටුපොළටත් ඇවිත් යන්න.(නදී)

:       0       0

පිටගල-මිලානෝ Saturday, 23 February 2013 08:22 PM

මේවා පෙන්නන්න තියෙන්නේ ඇමරිකාවේ අයට නෙමෙයි. මේවා හදන්න සල්ලි එවන මැදපෙරදිග දුක්විදින ශ්‍රමිතයන්ට.(නදී)

:       0       0

රත්නායක Sunday, 24 February 2013 11:52 AM

අපිත් ආසයි රට දියුණුවෙනවා නම්.. නමුත් මේකට කියන්නේ, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, බොහොම කණගාටුයි (ස)

:       0       0

තාරුක Saturday, 23 February 2013 08:35 PM

වෙනත් රටවල අය ගෙන්වන්න කලින් අපේ රටේ මිනිස්සුන්ට එන්න කිවුවා නම් කොච්චර සතුටු වෙයිද එයාලා? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 24 February 2013 11:54 AM

නිරංජන්, කෝට් ප්‍රකෝටි ගනනින් ණය ගෙවන්න වෙන්නෙත් මතු පරපුරට තමයි.(නදී)

:       0       0

සෑම් Saturday, 23 February 2013 09:07 PM

තව කීයක් හරි වියදම් කරලා කටුනායක සහ මත්තල (අනාගතෙදි ) ගුවන් තොටුපලවල සේවයේ යොදවන නෝනා මහත්තුරුන්ට තනතුරු වල උෂ්ණය අඩු වෙන්න බෙහෙත් අරන් දෙන්න බැරි වෙයි ද? ඒ උදවියගෙන් සැළකුමක් ලබන්න නම් සුදු හමක් තියෙන්නම ඕනෑ. (නි)

:       0       0

පද්මි Saturday, 23 February 2013 09:16 PM

අනේ ගාල්ල පැත්තෙන් එන්නකෝ. (නි)

:       0       0

ප්‍රනාන්දු අමිල Saturday, 23 February 2013 09:26 PM

මේකත් චීනෙටමයැ ඇතතො..!(නු)

:       0       0

මහින්ද Saturday, 23 February 2013 09:37 PM

කවුද දැන් මෙම කාර්යයන් භාරව සිටින්නේ? (නි)

:       0       0

ජයා Sunday, 24 February 2013 12:51 PM

හම්බන්තොට ප්‍රදේශය දියුණු වීම ගැන අපට සතුටුයි (ස)

:       0       0

බණ්ඩා Saturday, 23 February 2013 10:04 PM

කොයි එකටත් ගුවන් යානා දෙකතුනක් බානකල් ඉවසලා ඉන්නකෝ. (නි)

:       0       0

තිලක් Saturday, 23 February 2013 10:06 PM

දැන් ඉතින් ඕකට ගුවන් යානා ගෙන්වන්න හදලා තියෙන සැළසුම මොකක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

තිලක් Saturday, 23 February 2013 10:08 PM

දැන්නම් අපි කටුනායකින් බැහැලා පැය භාගයකින් ‍ගෙදරට යනවා. ඒත් ලබන අවුරුද්ද වෙද්දී ඒ තත්ත්වය කොහොම වෙනස් වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සදකැලුම් Saturday, 23 February 2013 10:10 PM

ලංකාවට සුභ පතනවා..!(නු)

:       0       0

තිලක් ඩුබායි Saturday, 23 February 2013 10:08 PM

කසුන් ඩුබායි .මගේ යාළුවොත් ඔය වගෙල් කිව්වා ඩුබායි වල ඉන්නකොට.. ලංකාවට ගිහිං මාසයෙන් ඉන්නකොට මොලේ පෑදිලා හැමෝටම බනිනවා...!(නු)

:       0       0

ඉෂානි මංජුලා Saturday, 23 February 2013 10:13 PM

සුභ ගමන්.!(නු)

:       0       0

චමින්ද Sunday, 24 February 2013 01:22 PM

තව දවස් 21 තියෙන්නේ (දී)

:       0       0

ජෝසප් පෙරේරා Sunday, 24 February 2013 01:39 PM

අඩි වේගී මාර්ගයත් හැදිලා තිබුන නං ලේසියෙන් උත්සවයට එන්න තිබුනා.(ස)

:       0       0

උෂාන් Thursday, 28 February 2013 06:10 PM

මේක ඉතාම හොද වැඩක්. මේක මගේ යෝජනාවක්. බැරිද මත්තල ඉදලා ඇමරිකාව, ලංඩන්, ස්වීඩන්, රුසියාව, චීනය, යුක්රේන් වලට සෘජු ගුවන් ගමන් යොදවන්න. ඒක සංචාරන කර්මාන්තයට හොදයි.(නදී)

:       0       0

දමිත් Thursday, 28 February 2013 01:23 PM

ඩුබායි වලට එද්දී ඕක පිරිලා තියෙයි. අපිට පාපුවරුවේ තමයි යන්න වෙන්නේ. (නි)

:       0       0

චන්දිම Saturday, 23 February 2013 11:03 PM

ආපහු යන්න ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගන්නේ එහෙම නැහැ නේද? (නි)

:       0       0

දිසානායක-කැනඩා Tuesday, 26 February 2013 02:49 AM

අපි මොකටද මත්තල යන්නේ. මෙච්චර මහන්දියෙන් එන අපිව මත්තල ඉදලා කොළඹට බස්වලින් ගේනවා. මොන කෙංගෙඩියක්ද මේ. අනේ මේ අපිව කටුනායකින් බස්සවන්න.(නදී)

:       0       0

ලහිරු Tuesday, 26 February 2013 02:08 PM

ඒ ගුවන් යානය එමිරේට්ස් එකක්ද? (නි)

:       0       0

සහන්-ඇමරිකාව Tuesday, 26 February 2013 10:32 PM

අදහස් පළකර ඇති සමහර අයගේ සාමාන්‍ය දැනීම බොහොම දුර්වලයි, සමහර අය මදපෙරෙදිග යන අය දුක් විදින බවත් බටහිර වැඩ කරන අය සුර සැප විදින බවත් සිතාගෙන ඉන්නවා , ඒ බටහිර රටවල ජීවත්වීම ගැන නොදන්නා කමයි. කව්රු කොහෙට වැඩට ගියත් සැප හෝ දුක විදින්නේ තමන්ගේ හැකියාව සහ උගත්කම අනුව බව මතක තියාගන්න. මදපෙරදිග යන උගත් පුහුණු ශ්‍රමිකයන් උසස් පඩි ලබමින් සැප දිවියක් ගෙවනවා, බටහිරත් එහෙමයි. අඩු අධයාපනයක් සහිත අය මැදපෙරදිග දුක් විදිනවා , ඇමරිකාවෙත් පෙට්රෝල් ෂෙඩ් වල, කඩවල්වල වැඩ කරමින් දුක් විදිනවා. නමුත් අපි මේක දකින්න පුරුදුවෙලා ඉන්නේ වැරදි විදිහට. අනික ඇමෙරිකාවේ ඉන්න කෙනෙකුට අධික වියදමක් දරන්න ඕන, සෞඛ්‍ය පහසුකම් අධික මිලක් ගෙවා ගන්න ඕන, ලංකාවේ වගේ නිකන් ඉස්පිරිතාල, ඉස්කෝල නැහැ, බොහෝ අය රැකියා දෙකක් උදේ සහ හවස කරමින් වියදම ගැට ගහ ගන්නවා, පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් පාරට වැටෙනවා. ඒ මදිවට වසරකටම නිවාඩු ඇත්තේ සති දෙකයි, ලංකාවට එන්න ඩොලර් 1300 අවම වශෙයෙන් යනවා, එන්න දවස් දෙකක් යනවා, ඉතා දුෂ්කරයි. මැදපෙරදිග අයට ටිකට් වැඩකරන තැන වලින් දෙනවා, මාසයක් නිවාඩු, පැය 5න් ලංකාවේ! මේවා ගැන හිතන්න ඕන, කරන නොදැන බැනගෙන බැනගෙන යන්න කලින්.(නදී)

:       0       0

සුනිල් Sunday, 24 February 2013 02:15 PM

සන්තෝසයි..සන්තෝසයි..(දී)

:       0       0

සෙනරත් Saturday, 23 February 2013 11:51 PM

වැඩේ නම් හරිම ලස්සනට කරලා තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 29 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2066 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1067 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 932 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 724 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2456 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site