මරණ දඩුවම නියම වූ සිරකරුවෝ තිදෙනෙක් බෝගම්බර බන්ධනාගාරයේ වහලට නැග හැකි ඉක්මණින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ශ්‍රී ලංකාවේ මරණ දඩුවම දැන් ක්‍රියාත්මක නොවේ.
ඔවුන් බිමට ගැනීමට ක්‍රියා කරන බව බන්ධනාගාර නිලධරයෙක් කියයි.
මරණ දඩුවම නියම වූ සිරකරුවෝ තිදෙනෙක් බෝගම්බර බන්ධනාගාරයේ වහලට නැග හැකි ඉක්මණින් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ශ්‍රී ලංකාවේ මරණ දඩුවම දැන් ක්‍රියාත්මක නොවේ.
ඔවුන් බිමට ගැනීමට ක්‍රියා කරන බව බන්ධනාගාර නිලධරයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා දන්නවා ඇති ඒක ක්‍රියාත්මක කරන්නෙ නැහැ කියලා. (නි)
ඔතනින් බිමට පැන්නනම් හරි නේ (ස)
ඇතුලේ වෙන දේවල් බලාගෙන ඉන්ඩ බැරිම තැන වෙන්ඩ ඇති. (ස)
එල්ලුම් ගහට නියමවූවන්ටය දෙන කෑම බීම බුක්ති විදින්න ඔයාලට ලැජ්ජද? ලැජ්ජා නම් මුහුණු වහගෙන පනින්නකෝ බිමට. (නි)
නැග්ග විදියට බහින්න දෙන්න එපා . පනින්න කියන්න. එතකොට ඉල්ලපු දේ ලැබේවි (ස)
මේ ධර්මද්වීපයේ ඕනෑම වෙලාවක මිනිස්සු ඝාතනය කරන්න පුලුවන්නේ. (නි)
ඉක්මනට මැරිලා ඊලඟ ආත්මෙදි හොඳ වැඩ කරන්න හිතිලා වෙන්න ඇති (ස)
ඒ අය මරන්න නීතිය තිරණය කරන්නෙ මරන්න ඔන නිසානේ... ඒ අය නොමරා මරන ඒ නිතිය මොන නීතියක් ද ??? නීතියක් නැති රටක්....... අරබියේ ඔහොම මරපල්ලා කියලා වහල උඩ උපවස කරන අය නැනේ.... අනේ මේ අපිනොදන්න මොණර තැන්න....(ස)
මේ අයව හංගපු අවි බලන්න එක්ක යන්න...(ස)
ඔහොම තුන්දෙනා බැගින් වහලට නැගලා බිමට පනින්න ...එතකොට ඉක්මනට යන්න පුළුවන් (ස)
මොකටද ඉතින් බැස්සුවේ , මැරෙන්න දෙන්න එපැයි (ස)
මෙයාලට පිස්සු. ක්‍රියාත්මක නොවන දඩුවම් දෙන්න.(නදී)
මිනීමරනකොට, අහිංසක ගැහැණු දූෂනය කරනකොට මේ දුක දැනෙන්නෙ නැතුව ඇති නේද? (නි)
කිසිම ඉල්ලීමක් නොදෙන බව දන්න නිසා බය නැතුව වැඩේට බැහැලා වගේ.(නදී)
ඔවු. ඔච්චර වැරදි කරපු අයට සමාව දුන්නා නම් ඇයි මෙයාලට නැත්තේ? (නි)
කපන්න බැරි අත ඉඹින්න වගේ දැන් ඉතින් මරණය සැපයි කියල හිතිල ඇති. (ස)
මේ රටේ මිනිස්සු ...තනිකර කරන්නේ පිස්සූ. (ස)
එක අතකට මොවුන්ගේ ඉල්ලීමත් සාධාරණයි (ස)
මරණය ගැන සිතීමට වඩා මියයාම සැපයි. (නි)
දැනට මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවේ නම් ඇයි මරණ දඩුවම නියම කරේ (ස)
හිටියා ඇති වෙලාද ? (ස)
ඕකට වහළෙට නගින්න ඕනෑද? මැරෙන්න ඕනෑ නම් බොන්න ගන්න ඕනෑ බෙහෙත් පෙති වලට රුපියල් දහයක්වත් යන්නෙ නැහැ. (නි)
ජීවත්වෙන්න නෙමෙයි මැරෙන්නමයි හිත... (නි)
රිසානාගේ සිද්ධිය දැනගත්තට පස්සේ බය හිතිලා වගේ (ස)
පෝරකය තිබුණා නම් වෙන කතාවක් තමයි කියන්නේ. (නි)
එළීයේ හිටියත් කරදරේ. ඇතුළට දැම්මත් කරදරේ. (නි)
අර විප්ලවය දවසේ වහළට උඩට නැගලා හූ කිවුවා නම් අද මේ දුක නැහැනේ. (නි)
Wiplawe dawas wala kanuwak assepana baye hengilainna ethi. Wahaleudata ewilla huu kiwwanam ada meduka nehene.
සෞදි අරාබියට යැවුවනම් හරි (ස)
ජීවිතයේ පළමු වතාවටයි මෙහෙම දෙයක් ඇහුවෙ. ජීවිතය ඉල්ලා උද්ඝෝෂණය කළා නම් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
දැන් උද්ඝෝශණ නොකරන්නේ කොතනද? නැග්ග විදියට බහින ඉඩ හැරිය යුතුයි. (ස)
දැන් එල්ලුවානම් හරි (ස)
නියමයි (ස)
ඔවු ඔවු. ඉක්මණට කළා නම් හරි තමයි. (නි)
කෝ අපේ ලලිත්ගේ අදහස් නැද්ද අද? (නි)
මෙයාලා මිනිස්සු මරද්දී මරණ බය කියන එක ගැන හිතන්නේ නැති එකේ මෙහෙම හරි හිතන එක හොදයි. (නි)
මේ අයට එල්ලුම් ගහට යනවට වැඩිය හිරේට වෙලා ඉන්න බය ඇති. (නි)
මෙයාලා ඉල්ලන් කන්න හදන්නේ . අනේ මේ තුන්දෙනාට නිසි දඩුවම් දෙන්න (ස)
කියලවත් කර ගන්න බැරි වැඩක්. ඇයි ඉතින් තවමත් බල බලා ඉන්නේ (ස)
මැරෙන්න ඕනනම් ,ඉතින් වහලෙන් පැනල මැරෙන්නකෝ ..(ස)