ගුවන් යානා සහ මෝටර් රථ නිෂ්පාදනය පටන්ගත් දා සිට නව නිෂ්පාදන නිමැවුම්කරුවන්ගේ සිහිනයක්ව තිබු ගොඩබිම සහ ගුවන ජයගතහැකි අන්දමේ වාහනයක් ලන්දේසි සමාගමක් විසින් නිපදවා ඇත.
පීඒඑල්-වී යනුවෙන් නම්කර ඇති මෙම වාහනය කුඩා මොටර්රථයක් මෙන්ම හෙලිකොප්ටරයක් ලෙස ධාවනයකළ හැකිවෙයි.
දැනට එළිදක්වා ඇති වාහනයේ ගමන්කළ හැක්කේ එකඅයෙකුට පමණක් වන අතර මෝටර් රථයක් ලෙස මහපාරේ පැදවිය හැකිවුවත් හෙලිකොප්ටරයක් වශයෙන් ගුවන්ගතකිරීමීදී ගුවන්යානා පැදවීමේ නීති රීති වලට යටත්ව ක්‍රියාකිරීමට සිදුවෙයි.
උදාහරණයක් ලෙස මෙම යානය මහපාරේ සිට එකවරම ගුවන් ගතකළ හැකි නොවේ. ඒ සඳහා මීටර් 200ක ඉඩකඩක් ඇති ස්ථානයක් යොදා ගතයුතු වෙයි.
මෙය මෙම වාහනය අලෙවි කිරීමේදී විසඳාගතයුතු ගැටළුවක් බව නිෂ්පාදන සමාගමේ අයිතිකරු රොබර්ට් ඩින්ගමන්ස් කියයි.
පෞද්ගලික භාවිතයට වඩා ගුවන් හමුදා සහ හදිසි අනතුරු සේවා සඳහා මෙම යානය යොදාගැනීමේ හැකියාව වැඩි බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් හෙට අනිද්දම ලංකාවේත් තියේවි. රේගුවෙන් බේරිලා පැනලා යන්න නම් නියමයි. (නි)
ලංකාවේ අය මේ වගේ සොයාගැනීම් වලට උනන්දුව අඩුයි. අපේ අයගේ ජොලිම වැඩේ තමයි ඡන්දේ දීලා දේශපාලකයෝ සුරසැප විදිනවා බලන් ඉන්න එක.(නදී)
පළවෙනි ඇනවුම ඇමති මන්ඩලේට. දෙවැනි එන මන්ත්‍රී ගොල්ලන්ට, ඊලග එක විරුද්ධ පක්ෂයට. පස්සේ පළාත් සභා, ප්‍රාදේශීය සභාවලට.(නදී)
මේවා අනාගත පරපුර විසින් භුක්ති විදීවි. (නි)
අප්පෝ ලැම්බෝගිනි රේස් කාරයෝ මේවයින් සර්කස් කරලා ්පිට හෙට අනිද්දා පාරවල් වහලා පෙන්නාවි අනේ හොඳයි... (ස)
අනේ මේවා ටිකක් ඉක්මණින් ලංකාවටත් ගෙනැල්ලා මැති ඇමතිවරුන්ට බෙදලා දෙන්න. (නි)
අපි හැමදේටම සුද්දන්ටම බැණලා, සුද්දන්ගේ දේවල්ම පාවිච්චි කරලා, සුද්දන්ගෙන්ම ණයට අරගනිමු. (නි)
පේනවද වෙන රටවල් දියුණු වෙන හැටි? (නි)
අපි ඉතින් මේවා දිහා බල බලා හූල්ලමු. (නි)
මෙන්න වැඩ... ලෝකේ තාක්ෂණය නිරන්තරයෙන්ම වැඩි දියුණු වෙනවා. මේවා කරන අයට උණුසුම් සුභ පැතුම් (ස)
ඕක මොකක්ද? අපේ රටේ උඩින් නොගියොත් ඉගිලෙන වාහන ඕනතරම් තියෙන්නේ රෝද හතරේ ඒවා. හැබැයි ඉතින් ඡන්දෙන් දිනන්න ඕනා.(නදී)
දේශපාලකයිනට නම් කියාපු වාහනේ. (නි)
බැරිද අපිටත් ත්‍රී රෝද රියක්වත් මේ විදියට හදාගන්න? (නි)
ඕක මොකක්ද? අපේ පුද්ගලික බස් දැනටමත් යන්නේ ගුවනින්නේ. (නි)
ඕනෑමයි කිවුවොත් අපිටත් අරගෙන දෙන්න පුලුවන්. (නි)
නියමයි. හැබැයි අහසෙත් මාර්ග සංඥා කණු දාලා පොලිසියත් අහසේ තියන්න වෙයි. (නි)
අපේ රටේ නම් මේවායින් නියම ප්‍ර යෝජන ගනීවි... රටට දෙවි පිහිටයි..!(නු)
තව ටිකක් වැඩි දියුණු කලාට පස්සෙ ලංකාවෙ පුද්ගලික බස් සේවයට හදුන්වාදෙන්න නියමයි..!(නු)
මේක ලංකාවෙ කොළඹ ත්‍රීවීලර් වගේ.. එයාලා පාරේ ඉගිලෙනවා.. දෙකම එක වගේ.. එම රියදුරන් හිතන්නෙත් එයාලා ගුවන් නියමුවන් කියලානේ..!(නු)
අපේ රටෙත් කොයි තරම් නව නිර්මාණ තියෙනවාද? කැලේ පිපිලා කැලේම පරවෙලා යනවා..!(නු)
සුදුමහත්තුරුන්ගේ වැඩ නම් ඉතිං..(නු)
අවුරුදු පහකට පමණ පෙර මේ වගේ දෙයක් මම හීනෙන් දැක්කා.. ඒක දැං නිශ්පාදනය වෙලා..!(නු)
පී.ඒ.එල්. වී වාහනය එල්.ටී.ටී,ඊ ගහන වෙලාවේ ලංකාවට වැදගත් උනා.. දැනට තියෙන ප්‍රශ්නය නම් එක් අයකුට පමණක් යන්න වීමයි.. අඩුම පහකටවත් යන්න තිබුණානම් තමිය නිරිමාණය වටින්නෙ..!(නු)
ලංකාවට හදුන්නා දුන්නා නම් මාරේ මරු උඩත් ටෑපික් දමන්න හැකිවේවී(නු)
ලංකාවට හදුන්නා දුන්නා නම් මාරේ මරු (නු)
තුන්රෝද රියක් වගේ කමක් නැහැ කීයද ගාන..!(නු)
මගේ පුතා ටොක්ස් කාර් තරගයට ඔය වගේ කාර් එකක් ඇදලා යැව්වා..!(නු)
පා පැදියක්වත් හදාගන්න බැරි අපි ආගාම් වාදය පතුරවමු.. (නු)
ඉතාම හොද නිර්මාණයක්..!(නු)
අපේ අයගේ කාතව විතරයිනෙ. මේ වගේ දෙයක් අගයක කරන්නෙවත් නැහැ..(නු)
අපි ලෝකෙට ණය වෙමු.. කාන්තාවන් රට අරිමු.. (නු)
හදිසි අනතුරුවලට හොද නම් කිහිපදෙනෙකුට යන්න හදන්න ඕන.. මොකද අපි ගිහිං වැඩක් නැහැ.. මොකද ලෙඩ්ඩු අදින්නත් ඕනනෙ.!(නු)