ඉතාලියේ රෝම අගනුවර ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයය 65 වැනි නිදහස් උත්සවය රෝම බෞද්ධ විහාරස්ථානයේ දි ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්විය. තානාපති අසිත පෙරේරා මහතා ප්‍රධාන ආරාධිතයාය. රෝම බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියෝ ඇතුළු මහා සංඝරත්නය ද කතෝලික හින්දු හා ඉස්ලාමි පුජකවරු ද මෙම අවස්ථාවට ඵක්වූහ. අන්තර් ආගමික සහජිවනය කියාපාමින් ඒ සියලු දෙනාම විහාරස්ථානයේ දි රටටත් රට වැසියන්ටත් සෙත් පැතූහ. පලෙර්මෝ නාපෝලි මිලාන් වෙරෝනා වැනි දුර බැහැර ප‍්‍රදේශ නියෝජනය කරමින් දේශපාලන පක්‍ෂ ක‍්‍රියාකාරිහු ද හා සිවිල් සංවිධාන ප‍්‍රධානිහු ද පැමිණියහ. නිදහස් උළෙල තානාපති කර්යාලයෙන් පිටත විහාරස්ථානයක පැවැත්වීම පිලිබඳව රෝමයේ ජිවත්වන ශ‍්‍රි ලාංකිකයින් පිරිසක් හා ඔවුන් වටා ගොඩනැගුනු සංවිධාන කිහිපයක් තම විරෝධතාවය පසුගියදා පළ කෙළේය. රෝම බෞද්ධ වීහාරස්ථානයේ පැවැති නිදහස් උත්සවය සදහා තානාපති කර්යාලයය නිළධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියද ප‍්‍රධාන නිළධරයෝ කිහිප දෙනෙක් පැමිණ නොසිටීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රකුමාර, ප්‍රනාමය හිමි විය යුතුයි. වෙන්දේසියේ යන්න ගිය පන්සල බේරගත්ත පිරිසට. (නදී)
ගුරු මහත්වරුන්ගෙත්, මවුබිමෙත් ගෞරවය රැකදුන් උසස් මහත්වරුන්ට අපගේ ගෞරවය! (නි)
සිංහල බෞද්ධයින්ගේ කවදත් තිබුණු සමගිය නැති වුණේ ඔය කියන අයගේ එස්. එම්. එස්. වලිනුයි. (නි)
හිතුනු හිතුන් තැන්වල නිදහස් උත්සව පවත්වන්නේ නැතුව ප්‍රධාන උත්සවය පැවැත්විය යුත්තේ තානාපති කාර්යයාලයේය ,ඒ බව නොදැනීම ගැන කණගාටුයි..හැමදෙනාගේම එකමුතුකම තමයි වටින්නේ... (ස)
පන්සලක් යනු මිනිසුන්ගේ පින් වැඩෙන බිමක් මිස අකුසල් පුරවන තැනක් නොවිය යුතුය. භික්ෂූත්වය යනු අප ඉමහත් ගෞරවයෙන් සුරකින බුදු සසුනේ වත්මන් පෙරගමන් කරනු ලබන වන්දනීය චරිතයක් විය යුතුය. එසේ නොමැති තැන්වලදී අපට චීවරයට මුවාවූ කිසිදු ගරුත්වයක් /සිල්වත් නොවූ පුද්ගලයකුට පිදිය නොහැක. (නි)
තානාපති තුමාත් හොදයි. හාමුදුරුවොත් හොදායි.(නදී)
මුතුකුඩ, අන්න සහජීවනය ඔයාලගේ රටෙත් පටන් අරන්. ලක් තරුණියක් කෙලසලා කියලා පත්තරේ තියෙන්නේ.(නදී)
අනේ අපොයි සූ..........ගාලා 10 ක් විතර ඉන්නවා නේද ? (ස)
ලංකා මාතාවට යාජ වේවා (දී)
ගැටුම් ඇති කර ගන්න එපා.හිතේ තරහ මරහා තියා ගන්න එපා,හිතත් නිදහස් කරන්න නිදහස සමරන්න (ස)
අපේ හාමුදුරුවන්ගේ ප්‍රකාශය මම එකහෙලා හිසා නමා පිලිගන්නවා (ස)
සමගියේ හැටි පේනවා ඇවිත් ඉන්න ප්‍රමානේ දැක්කහම. (ස)
ලංකාවේ අභිමානය (දී)
සිංහල බෞද්ධයාගේ සහජීවනය කවදත් තිබුණා. ඉපැරණි රජ දවසේ පන්සල් තුළ කෝවිල් දක්නට ලැබුණා. අප අවංකව දිගු කරන අතට වෙන දෙය ඔවුන් මත රඳා පවතිනවා. අප ජාතියට දක්වන ඇල්ම ජාතිවාදීන් විදිහට සමහරෙකුට අර්ථ දක්වන්න පුළුවන්. මෙම මොහොතේ අපත් ලෝකෙට පණිවිඩයක් දෙනවා. '' රට ගොඩ නගන්න සියලු දෙනා එක්විය යුතුවා වගේම එක් එක් ජාතීන්ට වෙන වෙන නීති තියෙන්නට විදිහක් නැහැ.'' (නි)
මොනවා වුණත් කාලෙකට පස්සේ ලංකාවේ කෑම බඩ පිරෙන්නම කන්න ලැබුණා නේද? (නි)
මුළු ලෝකෙම ලංකාවේ නම රවූ දෙනවා (දී)
අපරාදේ ඕක තියන්න තිබුනේ වෙරෝනාවල.(නදී)
ඇත්තෙන්ම 2012 තානාපති කර්යාලයෙ පැවැත්වුවාට වඩා ඉඩ පහසුව පැවැත්වූ එක ගැන සතුටුයි. මින් පසු ඉතාලිය පුරා පවත්වන්න කටයුතු කරන්න. තානාපති කර්යාලයක් පාලනය කළ යුත්තේ තානාපතිතුමා මිසක් පහල නිළධාරින් නොවේ.එහෙම වුණොත් වෙන්නේ ... අපේ ලංකාදීප පාඨකයන්ට බාරයි ඉතිරි ටික ලියන්න. (නි)
ඉසුරන්දි අක්කාට තද වෙලා වාගේ. ඔය අක්කලා මේවාට සහභාගි නොවුණාට අපි මක්කරන්නද? කිරි මුට්ටියයි පැණි හැලියයි වාගේ බලන්න කෝ එකමුතුභාවයේ සහජීවනයේ සංකේතය. (නි)
අපොයි ඔව් ඉසුරන්දි, වෙන්නප්පුවේ අය එකමුතුකම ලොවටම ආදර්ශයක් දෙනවා.(නදී)
අපේ නිදහස් උළෙල කොහේ සැමරුවාම මොකද? වටිනම දේ සියළු දෙනා එකතුව ජාති ආගම් බේද වලින් තොරව අපේ රට ලැබූ නිදහස සැමරීමයි. ඇත්තටම රෝමයේ බෞද්ධ විහාරයක මෙය සැමරීම ගැන මම අගයකරමි. මේ උත්තරීතර ජාතිත සමරු උත්සවයට සහභාගී වූ සියළු දෙනාටම මගේ ප්‍රනාමය පුදමි.(නදී)
ධීරානන්ද හාමුදුරුවන්ගේ පන්සල ඕනෑම උත්සවයකට ඉතා හොඳ තැනක්. මම ඒ තීරණය ගැනීම ගැන තානාපතිතුමා කෙරෙහි සතුට පළකරමි. (නි)
මුතුකුඩ, ඉතාලියේද ඉන්නේ. ඒක තමයි මේ ලොකු ලොකු කතා දාන්නේ. මොකට කියනවද ඉතාලි වල සහජීවනය ගැන.(නදී)
4 වැනිදා අපිට නිවාඩු වුණත් ඒ රටවල නිවාඩු නැහැ. හැමෝම එන්න නම් එම්බසිය වැසිය යුතුයි නේද? (නි)
ස්තුති (දී)
රණවිරුවන් වෙනුවෙන් යුරෝපයේ පවත් වන ලද අපි වෙනුවෙන් අපි වැඩසටහනේදී එකා මෙන් එකා සිට ලංකාවට ඉහලම ප්‍රතිචාර දැක්වූ ඉතාලියේ වෙසෙන ශ්‍රීලාංකික අපට මේවන් අක්‍රමවත් තානාපති තුමෙක් පත් කල දුන් සියලුම ඉහළ බලාදාරීන්ට අපේ ප්‍රණාමය..............(ස)
65 වන නිදහස් උලෙල සාර්ථක කරගන්න සහයෝගය දුන් මොල්ලිගොඩ ධීරානන්ද තෙරට සහ රෝම බෞද්ධ විහාරයේ දායක මන්ඩලයට ප්‍රනාමය හිමිවිය යුතුයි.(නදී)
ලංකාවට ජය වේවා (දී)
අපේ රටේ නාමය තව තවත් බැබලේවා (දී)
මෙන්න ලංකාවේ ඇත්තන්ට පෙන්නනන්න තියෙන සහජීවනය ඉතාලියෙන්වත් ඉගෙනගන්න.(නදී)
කොහේ කලත් අපේ නිදහස නේද?(නදී)