IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ඉතාලි රූ රැජන තරගයට ලංකාවෙනුත්

ඉතාලියේ සංක්‍රමණික රූ රැජින තරගයේ අවසන් විසිදෙනා අතරට ශ්‍රී ලංකාවේ තරුණියක තේරී සිටින්නීය. රෝමයේ පදිංචි නයෝමි ඇඳිබදුගේ (18) ඇයයි. ඇය රෝමයේ උසස්  පාසලක ඩිප්ලෝමාවක් හිමිකරගෙන සිටින්නීය. නයෝමිගේ පියා රේමන් තිස් වසරකට පෙර ඉතිලියේ පදිංචියට ආවේය. මව සන්ධ්‍යා විසි වසරකට පෙර එහි ආවාය. ඇය ඉපදුනේද රෝමයේය. නයෝමි ඉතාලි ජනාධිපති ජෝජියෝ නාපොලිතානේට ලියූ ලියුමකට ඉතාලි ජනමාධ්‍යවලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබිණ. ඉතාලියේ උපදින සංක්‍රමණිකයනගේ දරුවනට පුරවැසිකම දෙන්නැයි ඇය ජනපතිගෙන් ඉල්ලයි. රූ රැජින අවසන් තරගය මොන්තේ කතේනි නුවරදී ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය. තරගය පැවැත්වෙන අතරතුර සංක්‍රමණිකයනට ගෙදර සිට තමන් කැමති අපේක්ෂිකාවට  අංක 894424 ට ඡන්දය දිය හැකි බව සංවිධායකයෝ කියති.  



අදහස් (0)

ඉතාලි රූ රැජන තරගයට ලංකාවෙනුත්

පියල් Friday, 31 August 2012 01:00 PM

අසින්ත , මට ඔබ ගැන හරි දුකයි. මේකේ තවත් අය ඔබ වගේම ප්‍රතිචාර දමලා තියෙනවා . ඒ අය ගැනත් දුකයි. මේ ගැනු ළමයා ගිහින් තියෙන්නේ රුප රැජින තරඟයකටයි. අනික මේක තියෙන්නේ ඉතාලියේ. එහෙ සංස්කෘතිය වෙනස්. ඒ කියන්නේ මේ වගේ ඇඳුම් ඇඳලා හිටියට එහෙ පිරිමි සහ ගැහැණු හිතන්නේ සාමාන්‍ය විදියටයි. අනික රුප රුජිනියෙක් තෝරද්දී මුණ සහ කොන්ඩේ දිහා විතරක් බලල හරියන්නේ නැහැ. ශරීරය දිහා බලන්න වෙනවා. මුළු ශරීරයම තමයි රූපය කියන්නේ. ලංකාවේ අය වගේ ඔසරිය හරි චීත්තේ හරි ඇන්දම ඒක මේ වගේ තරඟයකට ගැළපෙන්නේ නැහැ. මට කියන්න ඕනෑ වටිනාම දේ තමයි මේ ළමයාගේ ශරීරය දිහා ඔබ බලපු විදිය හරි නැහැ. ඔබගේ හිතේ තියෙන්නේ නරක චේතනාවක්. මේ වගේ ළමයින්ව ඔබ වගේ අයගෙන් තමයි පරිස්සම් කරන්න ඕනෑ.. ඔය හෙලුවට විරුද්දව කෑගහන අය තමයි හරිම භයානක. තමන්ට ලස්සන ශරීරයක් තියෙනවා නම් මේ ලෝකේ කවුරුත් කැමතියි ඒක පෙන්නන්න. ශරීරය කියපුවම ලිංගික අවයව කියල හිතන්න එපා. නිකන් මෝඩයෙක් වගේ විකාර කල්පනා කරන්න එපා. මේ වගේ කෙනෙක් මෙහෙම ඇඳලා ලංකාවේ පාරක ගියොත් ඉස්සෙල්ලම කරදරයට පත්වෙන්නේ ඔයා වගේ අයගෙන්.ඒක ෂුවර්. (නි)

:       0       0

රෝසි Friday, 31 August 2012 12:12 AM

අක්කේ, මම ඔයාට සුභ පතන්නෙමි. (නි)

:       0       0

සුරංග-මිලානෝ Friday, 31 August 2012 01:22 AM

ලංකාවේ කෙනෙක් විදියට අපිට හරිම ආඩම්බරයි නංගී. සුභ පැතුම්! (නි)

:       0       0

ශානිකා Friday, 31 August 2012 01:26 PM

නයෝමිට සුබ පතනවා මෙම තරගයෙන් ජයග්‍රහණය ලැබෙන්න කියලා.කෙනෙක්ගේ හැදිච්චකම ඇඳුමෙන් මනින්න එපා.ලංකාවේ ජීවත්වෙන හැමෝමත් හැදිච්ච අය නෙමෙයිනේ. ලංකාවේ ජීවත්වෙන ළමයිනුත් ඉන්නේ ඔහොම ඇදුම් නොඇන්දට බටහිර රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකික ළමයි නොකරන දේවල් කරපු. මේ දවස් වල පත්තරවල ප්‍රවෘත්ති බැලුවා නම් ඒවා දන්නවනේ.එක නිසා මිනිසුන්ව ඇදුමෙන් මනින්න එපා. (නි)

:       0       0

ජයලත් Friday, 31 August 2012 03:02 AM

සුභ පැතුම් ඔබට. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 31 August 2012 01:39 PM

ලංකාවේ කෙනෙකුට කොහොමහරි ජයක් ලැබෙනවා නම් ලාංකිකයන් විදියට අපිට සතුටුයි. (නි)

:       0       0

කුමාර Friday, 31 August 2012 03:24 AM

කොහේද දන්නේ නැහැ ඔය කියන හැදිච්චකම තියෙන්නේ? (නි)

:       0       0

සුමේධ Friday, 31 August 2012 01:41 PM

මම හිතුවේ කිමිදුම් ශූරියක් කියලා. මොනවා වුණත් කමක් නැහැ, ඔටුන්න ලැබුණොත් ඇති. (නි)

:       0       0

ෂෙහාන් Friday, 31 August 2012 03:25 AM

දැන් වුණත් පුරවැසියෙක් වෙන්න බැරි නැහැනේ. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 31 August 2012 01:40 PM

මේක ඉතාලිය මිසක් ලංකාව නෙමෙයි. නංගී, ඔයාට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 01 September 2012 02:45 AM

අසින්ත, දැන් එතකොට අපේ රටෙ ගැහැණුන් කරන හැම වැඩක්ම අපේ නංගිලා කරනවද? නංගිලා පැත්තකට දාමු. අපේ අයියලා කොහොමද සුදු ඇඳගෙන කරන වැඩ? (නි)

:       0       0

රම්‍යා Friday, 31 August 2012 02:17 PM

ඉතාලියේ ඉපදුණා නම් ලංකාවේ වෙන්නේ කොහොමද? (නි)

:       0       0

පෙරේරා Friday, 31 August 2012 04:54 AM

අසින්ත, හැදිච්චකම කියන්නේ ළමා සාරි ඇදගෙන ගණිකා සේවයේ යෙදීමද? නැත්නම් සාරි ඇදගෙන ගණීකා නිවාස පාලනය කිරීමද? ඔබේ කියමන අනුව නම් ලබන ඔලිම්පික් වල පිහිනුම් සහ ජිම්නාස්ටික් තරග සියල්ල තහනම් කළ යුතුය. අනේ මෙහෙමත් මෝඩ කතා? (නි)

:       0       0

මාලින්ද Friday, 31 August 2012 05:26 AM

මොනව කිවුවත් මෙයා ලංකාවට ආඩම්බරයක්. (නි)

:       0       0

සිරිවර්ධන Friday, 31 August 2012 03:52 PM

අසින්ත, බටහිර රටවල පැවැත්වෙන මේ වගේ රූප රාජිණි තරඟ වලට සහභාගී වන සෑම තරඟකාරියක්ම මෙම ඇඳුම ඇඳගෙන විනිශ්චය මණ්ඩලය ඉදිරියට යා යුතුයි. මේ ඇඳුම ඇඳීම තරඟයේ එක අංගයක්. ඒ නිසා, අනේ කරුණාකරල, මේ දරුවගෙ හැදියාව මනින්න එපා ඒකෙන්. (නි)

:       0       0

නදී Friday, 31 August 2012 06:47 AM

අනේ, මට නම් මොනවා ලැබුණත් මම නම් යන්නේ නැහැ. (නි)

:       0       0

ලියනගේ Friday, 31 August 2012 04:13 PM

නියමයි. කවුරු මොනවා කිවුවත් මම ඔයාට කැමතියි නංගී. (නි)

:       0       0

mango Friday, 31 August 2012 07:12 AM

ලංකාවට ඇති ආඩම්බරය කුමක්ද? (ත)

:       0       0

ප්‍රභාත් Friday, 31 August 2012 07:33 AM

රොෂාන්, ඡායාරූපයෙන් වැඩක් නැහැනේ. ඒ ළමයාට සුභ පතනවා වෙනුවට වැරදි හෙයනවා. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 31 August 2012 08:12 AM

නදී, ඔයාගේ ඡායාරූපයත් දාලා බලන්නකෝ. අනේ මේ, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්නවා හලෝ.

:       0       0

සුරංග Friday, 31 August 2012 08:19 AM

සුභ පැතුම්! (නි)

:       0       0

චන්දිම Friday, 31 August 2012 04:41 PM

ඕකට නාන්න අඳින ඇඳුමක් කියල කියන්න බැහැ. සබන් ගාන්නෙ කොහොමද? හැදිච්චකම නැහැ කියල සමහරු ඔය කිවුවට පින්තූරෙ බැලුවමනම් එහෙම හැදිල තියෙන විදියෙ අඩුවක් පේන්නෙ නැහැ. ඔතනින්ම ජබුක් ගාලා වතුරට පැනලා බස බස ගාලා පීනගෙන පීනගෙන යන එකයි දැන් කරන්න තියෙන්නෙ, දේසෙ හැටියට වාසෙ කියලා. (නි)

:       0       0

අසන්ක Friday, 31 August 2012 08:44 AM

ඉතා හොදයි. (නි)

:       0       0

සුනිල් Friday, 31 August 2012 08:44 AM

නදී, ඔයානම් කොහොම ගියත් තරගෙටවත් ඇතුළු කරගන්න එකක් නැහැ. (නි)

:       0       0

මැදගෙදර Friday, 31 August 2012 08:45 AM

ඹයා අනිවාර්යයෙන්ම දිනනවා. (නි)

:       0       0

අංජන Friday, 31 August 2012 08:59 AM

ෂාන්, නියමයි හොදේ. (නි)

:       0       0

ජනක Friday, 31 August 2012 09:16 AM

එයා ඒ ඉන්නේ ඒ රටට ඔබින විදියට. ලංකාවට ආවහම එයා ලංකාවට ඔබින විදියට අඳීවි. (නි)

:       0       0

amila katunayaka Thursday, 30 August 2012 06:58 PM

නංගි නාන්න වගේ...!!(නු)

:       0       0

අසින්ත Friday, 31 August 2012 05:44 PM

එහෙනම් ඉතිං බටහිර රටවල ගැහැණුන් කරන හැම වැඩක්ම මේ නංගිටත් කරන්න වෙයිද? (නි)

:       0       0

අසින්ත Friday, 31 August 2012 05:50 PM

සිරිවර්ධන, ඔයා කියන්නේ බටහිර තරගෙකට ගියහම අපේ ලැජ්ජාව, භය, හැදියාව අමතක කරන්න ඕනෑ කියලද? (නි)

:       0       0

සිරිමල් Thursday, 30 August 2012 07:06 PM

මගේ ඡන්දය මෙයාට තමයි.(නු)

:       0       0

රම්‍යා Friday, 31 August 2012 05:59 PM

අසින්ත, ඒත එයාගේ අම්මා බලා ගනියි. ඔයා අනුන්ගේ ඕපාදූප නොසොයා ඉන්න. (නි)

:       0       0

මහේෂ් Friday, 31 August 2012 09:33 AM

ඔහොම යන් නංගී. (නි)

:       0       0

ශිරාස් Thursday, 30 August 2012 07:05 PM

දිනපුවාම ලංකාවට එනවා නේද?(නු)

:       0       0

නිහාල් Thursday, 30 August 2012 07:15 PM

ලස්සනයි..!!(නු)

:       0       0

සුදේෂ් Friday, 31 August 2012 09:44 AM

දිනලා ලංකාවට එන්න ‍හොදේ. පාර්ලිමේන්තුවට යන්න මූලික සුදුසුකම් දැන්මම තියෙනවා ඔයාට. (නි)

:       0       0

හේමන්ත Thursday, 30 August 2012 07:11 PM

ඉතිං මෙයා දිනයිද? රූප රාජිණියක් වෙන්න මෙහෙම අදින්න ඕනද? අපේ අවුරුදු උත්සව වල මෙහෙම නැහැනේ..මේක තමයි පෙරදිග සහ අපරදිග වෙනස...!!(නු)

:       0       0

ලක්ෂ්මන් Thursday, 30 August 2012 07:13 PM

ඇක්කටම ලස්සනයි සුභ පැතුම්..!!(නු)

:       0       0

නෙත්මි Friday, 31 August 2012 09:54 AM

අනේ ඇත්තට ,මේ නංගිගේ වෙන ඡායාරූපයක් තිබුණෙම නැද්ද දාන්න? මේ දාලා තියෙන්නේ ලංකාවේ අය කුපිත කරවන විදියේ එකක්නේ. (නි)

:       0       0

සුඛිත Friday, 31 August 2012 10:07 AM

නියමයි නංගී. (නි)

:       0       0

රම්‍යා Saturday, 01 September 2012 07:11 PM

ජය වේවා දැන් ලංකාව හරි දියුණුයි නේද (දී)

:       0       0

මහේන්ද්‍රා Thursday, 30 August 2012 07:43 PM

එයා ලංකාවෙ ඉන්න අකමැතිනම්.. ඉතාලිවල පුරවැසිකම ඉල්ලනවානම්.. ඉපදිලා තියෙන්නේ ඉතාලියෙ නම්.. මෙයා ලාංකික වෙන්නෙ කොහොමද? එයා ඉතාලි ජාතිකයෙක්.. (නු)

:       0       0

ලලන්ත වර්ණකුලආරච්චි Thursday, 30 August 2012 07:38 PM

ලස්සනයි.. මොයාට පළමු තැන ලැබේවා කියලා පතනවා..!!(නු)

:       0       0

සමන් Thursday, 30 August 2012 07:41 PM

මම හිතන්නේ මෙයාට පුරවැසිකම අනිවාර්යයෙන්ම දෙයි...!!(නු)

:       0       0

පද්මි Friday, 31 August 2012 10:37 AM

ලාංකිකයන් විදියට අපි සැවොම ඇයට සුභ පතන්න ඕනෑ. ඉතාලි වල ඉන්න රැජිණක් දහම් පාසල් යන විදියට ඇදුම් අදින්නේ නැහැ. ඒ ගැන මේ සියල්ලන්ම දැනුවත් වුණොත් හොදයි. (නි)

:       0       0

අසින්ත Friday, 31 August 2012 10:33 AM

පෙරේරා, මම නෙමෙයි වැරදියට තේරුම් අරන් තියෙන්නේ ඔයයි. ඔලිම්පික් වලදී ඒ තරග වලට එහෙම අදින්නේ එයාලගේ දක්ෂතාවය උපරිම වශයෙන් දක්වන්න මිසක් බලන් ඉන්න කට්ටියට ඇග පෙන්නන්න නෙමෙයි. ඒත් මේ තරග වලදී මෙහෙම අදින්නේ ඇග පෙන්නන්න මිසක් වෙන මොකටද? අ‍නික කෙල්ලෙක්ගේ ලස්සන පෙනෙන්න ඇදුම් නැතුවම ඉන්න ඕනැද? ලස්සන පෙනෙන්න නම් ඇදුම් අදින්න එපැයි.

:       0       0

විභූෂ Thursday, 30 August 2012 07:45 PM

ඔහොම යං නංගි..!!(නු)

:       0       0

සුනිල් Thursday, 30 August 2012 07:58 PM

නියමයි. (නි)

:       0       0

රම්‍යා Saturday, 01 September 2012 07:48 PM

දැං ලංකාව දියුණුයි...!!(නු)

:       0       0

අසින්ත Thursday, 30 August 2012 07:59 PM

මොනවා තිබුණත් හැදිච්චකම නැහැ වගේ..!!(නු)

:       0       0

සිරිවර්ධන Saturday, 01 September 2012 12:05 PM

ලැජ්ජාව, බය, හැදියාව මනින්නේ අඳින ඇදුමෙන්ද, අසින්ත? ඇයි ඔයාට තවමත් තේරුම් ගන්න බැරි? (නි)

:       0       0

අසින්ත Friday, 31 August 2012 10:50 AM

කුමා ඔයාගේ අම්ම ගැන හිතල බලන්න එතකොට ඔයාට තේරෙයි අපිව ජිවත් කරන්න එයාල මේ වගේ යට ඇඳුම් ඇඳගෙන කාමරවල ඉස්සරහට ගියේ නෑ කියල (අ)

:       0       0

අරුණ Thursday, 30 August 2012 08:22 PM

නංගිට එහෙනම් රජකම ලැබෙන්න වගෙයි නේද යන්නේ? හා හා ඔහොම යන්කෝ. (නි)

:       0       0

අසින්ත Friday, 31 August 2012 10:58 AM

සිල්වා, මේ ඔයාගේ ඥාතියෙක්ද? (නි)

:       0       0

යසින්ත Thursday, 30 August 2012 08:27 PM

ඉතා ලස්සනයි. දිනුමක් ලැබේවා! ලාංකිකයන් සියල්ලන්ම ඡන්දය පළ කළ යුතුයි. (නි)

:       0       0

ගයා Thursday, 30 August 2012 08:46 PM

විදෙස් රටවල ඉදගෙන අපේ සංස්කෘතියට කැළලක් වන අයුරින් හැසිරෙනවාට අපි කණගාටු වෙනවා. (නි)

:       0       0

ඉෂාර Thursday, 30 August 2012 08:46 PM

පෙනෙන ආකාරයට මෙම තරගයේදි ඇද සිටින ඇදුමේ ප්‍රමාණය, ලකුණු ලැබිමට ප්‍රතිලෝමව සමානුපාතික වේ. (නි)

:       0       0

කෝසල Friday, 31 August 2012 11:26 AM

දෙවියන් ඔබට ආශිර්වාද කරයි නංගී. (නි)

:       0       0

සම්පත් Friday, 31 August 2012 11:26 AM

එයාව ලංකාවට එවන්න එපා. වයස තවමත් 18යිලු නේද? ඉතාලි පුරවැසිකම දීලා ඔහේම තියා ගන්න හොදේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Friday, 31 August 2012 11:36 AM

මට 100%ක් විශ්වාසයි, ඉතාලි ජනපති ඇයගේ ලිපියට ප්‍රතිචාරයක් දක්වාවි. (නි)

:       0       0

ඇරිස් Thursday, 30 August 2012 08:58 PM

හේමන්ත, මෙහෙම අදින්නේ නැතුව රූප සුන්දරී තෝරන්නේ කොහොමද? (නි)

:       0       0

අසින්ත Friday, 31 August 2012 11:32 AM

සිල්වා,ඔයාගේ දෙමවුපියන් ගැන හිතල බලන්න. එතකොට ඔයාට තේරෙයි අපිව ජිවත් කරන්න එයාලා මේ වගේ යට ඇඳුම් ඇඳගෙන ප්‍රදර්ශනයට ගියේ නැහැ කියලා. (නි)

:       0       0

ෂහේහාර් ඩේවුඩ් Thursday, 30 August 2012 09:05 PM

ලස්සනයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 30 August 2012 10:14 PM

දැන් තේරෙන රූ රුජිණව කාටහරි ඕනෑ වෙයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

කෙවින් Thursday, 30 August 2012 10:19 PM

නියමයි. (නි)

:       0       0

දේවපතිරාජ Saturday, 01 September 2012 11:07 PM

ලස්සනයි..!!(නු)

:       0       0

කුමාර Thursday, 30 August 2012 10:23 PM

නගෝ, කරන දෙයක් අපේ රටේ නමුබ්වත් රැකගෙන පරිස්සමින් කරන්න. සුභ ගමන්! (නි)

:       0       0

තුෂාන් Thursday, 30 August 2012 10:18 PM

සමහරුන්ට සාමාන්‍ය දැනීඹක් නැහැ වගේ. ඉතාලියේ ඉන්න රැජිණක් ලංකාවේ වගේ රෙද්දයි හැට්ටෙයි ඇදලා ඉන්නේ නැහැ. ලියන්න කලින් දෙපාරක්වත් හිතලා බලලා ලියන්න. (නි)

:       0       0

සමන් Friday, 31 August 2012 12:08 PM

මෙහෙම ලස්සන අයට ගරහන්නේ හිතේ තියෙන කුහකකමටයි, ඊර්ෂ්‍යාවටයි. (නි)

:       0       0

තිලක් Thursday, 30 August 2012 10:32 PM

නියමයිනේ. (නි)

:       0       0

ජයා Thursday, 30 August 2012 10:39 PM

ඉතාලි පුරවැසිකමට සම්පූර්ණ සුදුසුකම් තියෙනවා වගෙයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Thursday, 30 August 2012 10:35 PM

වෙන ඡායාරූපයක් පළ කළා නම් නේද හොද? (නි)

:       0       0

සිල්වා Thursday, 30 August 2012 11:30 PM

අනේ අසින්ත වගේ හරකෙක්. ඔහේ කොහොමද හැදිච්චකම ගැන කතා කරන්නේ? පෙන්නනවා බලන්න එහෙනම් ලංකාවේ කවුද ඉන්නේ කියලා හැදිච්ච අය. ඔහේගේ ළමයි හදා ගන්න බැරි වුණාට අනිත් කෙල්ලන්ට නිකන් අනවශ්‍ය කතා කියන්න එපා. (නි)

:       0       0

මනෝහරන් Thursday, 30 August 2012 11:42 PM

මහේන්ද්‍ර, මුන්ට පිස්සු මල්ලී. (නි)

:       0       0

සිරිපාල Friday, 31 August 2012 12:02 AM

මොනවාද මන්දා අසින්ත කියවන්නේ? (නි)

:       0       0

අනුරුද්ධ Friday, 31 August 2012 12:52 PM

අසින්ත, මෙහෙම අදින්නේ නැතුව රූප සුන්දරී තෝරන්නේ කොහොමද? ලංකාවේ කෙනෙක් විදියට අපිට හරිම ආඩම්බරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1448 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 2 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 25 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 201 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 385 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 374 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site