ඉතාලියේ සංක්‍රමණික රූ රැජින තරගයේ අවසන් විසිදෙනා අතරට ශ්‍රී ලංකාවේ තරුණියක තේරී සිටින්නීය. රෝමයේ පදිංචි නයෝමි ඇඳිබදුගේ (18) ඇයයි. ඇය රෝමයේ උසස් පාසලක ඩිප්ලෝමාවක් හිමිකරගෙන සිටින්නීය. නයෝමිගේ පියා රේමන් තිස් වසරකට පෙර ඉතිලියේ පදිංචියට ආවේය. මව සන්ධ්‍යා විසි වසරකට පෙර එහි ආවාය. ඇය ඉපදුනේද රෝමයේය.
නයෝමි ඉතාලි ජනාධිපති ජෝජියෝ නාපොලිතානේට ලියූ ලියුමකට ඉතාලි ජනමාධ්‍යවලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබිණ. ඉතාලියේ උපදින සංක්‍රමණිකයනගේ දරුවනට පුරවැසිකම දෙන්නැයි ඇය ජනපතිගෙන් ඉල්ලයි.
රූ රැජින අවසන් තරගය මොන්තේ කතේනි නුවරදී ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය. තරගය පැවැත්වෙන අතරතුර සංක්‍රමණිකයනට ගෙදර සිට තමන් කැමති අපේක්ෂිකාවට අංක 894424 ට ඡන්දය දිය හැකි බව සංවිධායකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට ,මේ නංගිගේ වෙන ඡායාරූපයක් තිබුණෙම නැද්ද දාන්න? මේ දාලා තියෙන්නේ ලංකාවේ අය කුපිත කරවන විදියේ එකක්නේ. (නි)
සිල්වා,ඔයාගේ දෙමවුපියන් ගැන හිතල බලන්න. එතකොට ඔයාට තේරෙයි අපිව ජිවත් කරන්න එයාලා මේ වගේ යට ඇඳුම් ඇඳගෙන ප්‍රදර්ශනයට ගියේ නැහැ කියලා. (නි)
මට 100%ක් විශ්වාසයි, ඉතාලි ජනපති ඇයගේ ලිපියට ප්‍රතිචාරයක් දක්වාවි. (නි)
එයාව ලංකාවට එවන්න එපා. වයස තවමත් 18යිලු නේද? ඉතාලි පුරවැසිකම දීලා ඔහේම තියා ගන්න හොදේ. (නි)
දෙවියන් ඔබට ආශිර්වාද කරයි නංගී. (නි)
සිල්වා, මේ ඔයාගේ ඥාතියෙක්ද? (නි)
කුමා ඔයාගේ අම්ම ගැන හිතල බලන්න එතකොට ඔයාට තේරෙයි අපිව ජිවත් කරන්න එයාල මේ වගේ යට ඇඳුම් ඇඳගෙන කාමරවල ඉස්සරහට ගියේ නෑ කියල (අ)
පෙරේරා, මම නෙමෙයි වැරදියට තේරුම් අරන් තියෙන්නේ ඔයයි. ඔලිම්පික් වලදී ඒ තරග වලට එහෙම අදින්නේ එයාලගේ දක්ෂතාවය උපරිම වශයෙන් දක්වන්න මිසක් බලන් ඉන්න කට්ටියට ඇග පෙන්නන්න නෙමෙයි. ඒත් මේ තරග වලදී මෙහෙම අදින්නේ ඇග පෙන්නන්න මිසක් වෙන මොකටද? අනික කෙල්ලෙක්ගේ ලස්සන පෙනෙන්න ඇදුම් නැතුවම ඉන්න ඕනැද? ලස්සන පෙනෙන්න නම් ඇදුම් අදින්න එපැයි.
ලාංකිකයන් විදියට අපි සැවොම ඇයට සුභ පතන්න ඕනෑ. ඉතාලි වල ඉන්න රැජිණක් දහම් පාසල් යන විදියට ඇදුම් අදින්නේ නැහැ. ඒ ගැන මේ සියල්ලන්ම දැනුවත් වුණොත් හොදයි. (නි)
නියමයි නංගී. (නි)
මෙහෙම ලස්සන අයට ගරහන්නේ හිතේ තියෙන කුහකකමටයි, ඊර්ෂ්‍යාවටයි. (නි)
දිනලා ලංකාවට එන්න හොදේ. පාර්ලිමේන්තුවට යන්න මූලික සුදුසුකම් දැන්මම තියෙනවා ඔයාට. (නි)
ඔහොම යන් නංගී. (නි)
එයා ඒ ඉන්නේ ඒ රටට ඔබින විදියට. ලංකාවට ආවහම එයා ලංකාවට ඔබින විදියට අඳීවි. (නි)
ෂාන්, නියමයි හොදේ. (නි)
ඹයා අනිවාර්යයෙන්ම දිනනවා. (නි)
නදී, ඔයානම් කොහොම ගියත් තරගෙටවත් ඇතුළු කරගන්න එකක් නැහැ. (නි)
ඉතා හොදයි. (නි)
සුභ පැතුම්! (නි)
නියමයි. කවුරු මොනවා කිවුවත් මම ඔයාට කැමතියි නංගී. (නි)
ලස්සනයි..!!(නු)
දැං ලංකාව දියුණුයි...!!(නු)
ජය වේවා දැන් ලංකාව හරි දියුණුයි නේද (දී)
ලැජ්ජාව, බය, හැදියාව මනින්නේ අඳින ඇදුමෙන්ද, අසින්ත? ඇයි ඔයාට තවමත් තේරුම් ගන්න බැරි? (නි)
අසින්ත, දැන් එතකොට අපේ රටෙ ගැහැණුන් කරන හැම වැඩක්ම අපේ නංගිලා කරනවද? නංගිලා පැත්තකට දාමු. අපේ අයියලා කොහොමද සුදු ඇඳගෙන කරන වැඩ? (නි)
අසින්ත, ඒත එයාගේ අම්මා බලා ගනියි. ඔයා අනුන්ගේ ඕපාදූප නොසොයා ඉන්න. (නි)
සිරිවර්ධන, ඔයා කියන්නේ බටහිර තරගෙකට ගියහම අපේ ලැජ්ජාව, භය, හැදියාව අමතක කරන්න ඕනෑ කියලද? (නි)
එහෙනම් ඉතිං බටහිර රටවල ගැහැණුන් කරන හැම වැඩක්ම මේ නංගිටත් කරන්න වෙයිද? (නි)
ඕකට නාන්න අඳින ඇඳුමක් කියල කියන්න බැහැ. සබන් ගාන්නෙ කොහොමද? හැදිච්චකම නැහැ කියල සමහරු ඔය කිවුවට පින්තූරෙ බැලුවමනම් එහෙම හැදිල තියෙන විදියෙ අඩුවක් පේන්නෙ නැහැ. ඔතනින්ම ජබුක් ගාලා වතුරට පැනලා බස බස ගාලා පීනගෙන පීනගෙන යන එකයි දැන් කරන්න තියෙන්නෙ, දේසෙ හැටියට වාසෙ කියලා. (නි)
නදී, ඔයාගේ ඡායාරූපයත් දාලා බලන්නකෝ. අනේ මේ, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්නවා හලෝ.
අසින්ත, බටහිර රටවල පැවැත්වෙන මේ වගේ රූප රාජිණි තරඟ වලට සහභාගී වන සෑම තරඟකාරියක්ම මෙම ඇඳුම ඇඳගෙන විනිශ්චය මණ්ඩලය ඉදිරියට යා යුතුයි. මේ ඇඳුම ඇඳීම තරඟයේ එක අංගයක්. ඒ නිසා, අනේ කරුණාකරල, මේ දරුවගෙ හැදියාව මනින්න එපා ඒකෙන්. (නි)
ඉතාලියේ ඉපදුණා නම් ලංකාවේ වෙන්නේ කොහොමද? (නි)
මේක ඉතාලිය මිසක් ලංකාව නෙමෙයි. නංගී, ඔයාට අපෙන් සුභ පැතුම්! (නි)
මම හිතුවේ කිමිදුම් ශූරියක් කියලා. මොනවා වුණත් කමක් නැහැ, ඔටුන්න ලැබුණොත් ඇති. (නි)
ලංකාවේ කෙනෙකුට කොහොමහරි ජයක් ලැබෙනවා නම් ලාංකිකයන් විදියට අපිට සතුටුයි. (නි)
නයෝමිට සුබ පතනවා මෙම තරගයෙන් ජයග්‍රහණය ලැබෙන්න කියලා.කෙනෙක්ගේ හැදිච්චකම ඇඳුමෙන් මනින්න එපා.ලංකාවේ ජීවත්වෙන හැමෝමත් හැදිච්ච අය නෙමෙයිනේ. ලංකාවේ ජීවත්වෙන ළමයිනුත් ඉන්නේ ඔහොම ඇදුම් නොඇන්දට බටහිර රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකික ළමයි නොකරන දේවල් කරපු. මේ දවස් වල පත්තරවල ප්‍රවෘත්ති බැලුවා නම් ඒවා දන්නවනේ.එක නිසා මිනිසුන්ව ඇදුමෙන් මනින්න එපා. (නි)
අසින්ත , මට ඔබ ගැන හරි දුකයි. මේකේ තවත් අය ඔබ වගේම ප්‍රතිචාර දමලා තියෙනවා . ඒ අය ගැනත් දුකයි. මේ ගැනු ළමයා ගිහින් තියෙන්නේ රුප රැජින තරඟයකටයි. අනික මේක තියෙන්නේ ඉතාලියේ. එහෙ සංස්කෘතිය වෙනස්. ඒ කියන්නේ මේ වගේ ඇඳුම් ඇඳලා හිටියට එහෙ පිරිමි සහ ගැහැණු හිතන්නේ සාමාන්‍ය විදියටයි. අනික රුප රුජිනියෙක් තෝරද්දී මුණ සහ කොන්ඩේ දිහා විතරක් බලල හරියන්නේ නැහැ. ශරීරය දිහා බලන්න වෙනවා. මුළු ශරීරයම තමයි රූපය කියන්නේ. ලංකාවේ අය වගේ ඔසරිය හරි චීත්තේ හරි ඇන්දම ඒක මේ වගේ තරඟයකට ගැළපෙන්නේ නැහැ. මට කියන්න ඕනෑ වටිනාම දේ තමයි මේ ළමයාගේ ශරීරය දිහා ඔබ බලපු විදිය හරි නැහැ. ඔබගේ හිතේ තියෙන්නේ නරක චේතනාවක්. මේ වගේ ළමයින්ව ඔබ වගේ අයගෙන් තමයි පරිස්සම් කරන්න ඕනෑ.. ඔය හෙලුවට විරුද්දව කෑගහන අය තමයි හරිම භයානක. තමන්ට ලස්සන ශරීරයක් තියෙනවා නම් මේ ලෝකේ කවුරුත් කැමතියි ඒක පෙන්නන්න. ශරීරය කියපුවම ලිංගික අවයව කියල හිතන්න එපා. නිකන් මෝඩයෙක් වගේ විකාර කල්පනා කරන්න එපා. මේ වගේ කෙනෙක් මෙහෙම ඇඳලා ලංකාවේ පාරක ගියොත් ඉස්සෙල්ලම කරදරයට පත්වෙන්නේ ඔයා වගේ අයගෙන්.ඒක ෂුවර්. (නි)
අසින්ත, මෙහෙම අදින්නේ නැතුව රූප සුන්දරී තෝරන්නේ කොහොමද? ලංකාවේ කෙනෙක් විදියට අපිට හරිම ආඩම්බරයි. (නි)
ඔහොම යං නංගි..!!(නු)
දැන් තේරෙන රූ රුජිණව කාටහරි ඕනෑ වෙයිද දන්නේ නැහැ නේද? (නි)
ලස්සනයි. (නි)
හේමන්ත, මෙහෙම අදින්නේ නැතුව රූප සුන්දරී තෝරන්නේ කොහොමද? (නි)
පෙනෙන ආකාරයට මෙම තරගයේදි ඇද සිටින ඇදුමේ ප්‍රමාණය, ලකුණු ලැබිමට ප්‍රතිලෝමව සමානුපාතික වේ. (නි)
විදෙස් රටවල ඉදගෙන අපේ සංස්කෘතියට කැළලක් වන අයුරින් හැසිරෙනවාට අපි කණගාටු වෙනවා. (නි)
ඉතා ලස්සනයි. දිනුමක් ලැබේවා! ලාංකිකයන් සියල්ලන්ම ඡන්දය පළ කළ යුතුයි. (නි)
නංගිට එහෙනම් රජකම ලැබෙන්න වගෙයි නේද යන්නේ? හා හා ඔහොම යන්කෝ. (නි)
මොනවා තිබුණත් හැදිච්චකම නැහැ වගේ..!!(නු)
නියමයි. (නි)
නියමයි. (නි)
මම හිතන්නේ මෙයාට පුරවැසිකම අනිවාර්යයෙන්ම දෙයි...!!(නු)
ලස්සනයි.. මොයාට පළමු තැන ලැබේවා කියලා පතනවා..!!(නු)
එයා ලංකාවෙ ඉන්න අකමැතිනම්.. ඉතාලිවල පුරවැසිකම ඉල්ලනවානම්.. ඉපදිලා තියෙන්නේ ඉතාලියෙ නම්.. මෙයා ලාංකික වෙන්නෙ කොහොමද? එයා ඉතාලි ජාතිකයෙක්.. (නු)
ඇක්කටම ලස්සනයි සුභ පැතුම්..!!(නු)
ඉතිං මෙයා දිනයිද? රූප රාජිණියක් වෙන්න මෙහෙම අදින්න ඕනද? අපේ අවුරුදු උත්සව වල මෙහෙම නැහැනේ..මේක තමයි පෙරදිග සහ අපරදිග වෙනස...!!(නු)
ලස්සනයි..!!(නු)
දිනපුවාම ලංකාවට එනවා නේද?(නු)
මගේ ඡන්දය මෙයාට තමයි.(නු)
අක්කේ, මම ඔයාට සුභ පතන්නෙමි. (නි)
රොෂාන්, ඡායාරූපයෙන් වැඩක් නැහැනේ. ඒ ළමයාට සුභ පතනවා වෙනුවට වැරදි හෙයනවා. (නි)
ලංකාවට ඇති ආඩම්බරය කුමක්ද? (ත)
අනේ, මට නම් මොනවා ලැබුණත් මම නම් යන්නේ නැහැ. (නි)
මොනව කිවුවත් මෙයා ලංකාවට ආඩම්බරයක්. (නි)
අසින්ත, හැදිච්චකම කියන්නේ ළමා සාරි ඇදගෙන ගණිකා සේවයේ යෙදීමද? නැත්නම් සාරි ඇදගෙන ගණීකා නිවාස පාලනය කිරීමද? ඔබේ කියමන අනුව නම් ලබන ඔලිම්පික් වල පිහිනුම් සහ ජිම්නාස්ටික් තරග සියල්ල තහනම් කළ යුතුය. අනේ මෙහෙමත් මෝඩ කතා? (නි)
දැන් වුණත් පුරවැසියෙක් වෙන්න බැරි නැහැනේ. (නි)
කොහේද දන්නේ නැහැ ඔය කියන හැදිච්චකම තියෙන්නේ? (නි)
සුභ පැතුම් ඔබට. (නි)
ලංකාවේ කෙනෙක් විදියට අපිට හරිම ආඩම්බරයි නංගී. සුභ පැතුම්! (නි)
නංගි නාන්න වගේ...!!(නු)
මොනවාද මන්දා අසින්ත කියවන්නේ? (නි)
මහේන්ද්‍ර, මුන්ට පිස්සු මල්ලී. (නි)
අනේ අසින්ත වගේ හරකෙක්. ඔහේ කොහොමද හැදිච්චකම ගැන කතා කරන්නේ? පෙන්නනවා බලන්න එහෙනම් ලංකාවේ කවුද ඉන්නේ කියලා හැදිච්ච අය. ඔහේගේ ළමයි හදා ගන්න බැරි වුණාට අනිත් කෙල්ලන්ට නිකන් අනවශ්‍ය කතා කියන්න එපා. (නි)
වෙන ඡායාරූපයක් පළ කළා නම් නේද හොද? (නි)
ඉතාලි පුරවැසිකමට සම්පූර්ණ සුදුසුකම් තියෙනවා වගෙයි මට නම් හිතෙන්නේ. (නි)
නියමයිනේ. (නි)
සමහරුන්ට සාමාන්‍ය දැනීඹක් නැහැ වගේ. ඉතාලියේ ඉන්න රැජිණක් ලංකාවේ වගේ රෙද්දයි හැට්ටෙයි ඇදලා ඉන්නේ නැහැ. ලියන්න කලින් දෙපාරක්වත් හිතලා බලලා ලියන්න. (නි)
නගෝ, කරන දෙයක් අපේ රටේ නමුබ්වත් රැකගෙන පරිස්සමින් කරන්න. සුභ ගමන්! (නි)