ඉතාලි ධන කුවේරයකුගෙන් රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනා යුරෝ 250000ක් සොරකම් කර ශ්‍රී ලංකාවට ගෙන ආ බව කියන නඩුවේ විත්තිකරුගේ දේපළ පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමට මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අවසර දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරයකුට අවසර නැතැයි විත්තිකරුගේ නීතීඥවරුන් විසින් ගෙන ආ විරෝධතාවය විනිසුරුවරයා විසින් ඉවත දැමීය.
සැකකරු පැමිණිලිකරුගේ යුරෝ 250000ක් සමග රන්මදු, මාල, වටිනා රොලෙක්ස් ඔහරලෝසුවක්, යතුරු කැරැල්ලක් ආදිය රැගෙන පැමිණ ඇති බවත්, පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ ඩී එම් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත තමන් පෙනී සිටින බවත් මෙහිදී නීතීඥ පී ඩී කුලතිලක මහතා කරුණු දැක්වීය.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පමණ ඉතාලි ජාතික අයිවන් ලෝසියෝ ව්‍යාපාරිකයා ළඟ සේවය කරමින් සිටියදී මෙම භාණ්ඩ රැගෙන ශ්‍රී ලංකාවට පලාගිය බවට නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබිණි.
මාරවිල පොලීසිය කලහ ලොකුගේ හරීන්ද්‍ර, බන්දුල හරේන්ද්‍ර විජේසිංහ, ජයලත් ගෝඨාභය වික්‍රමසිංහ ආදී නම් වලින් පෙනී සිටි පුද්ගලයකු 2012.10.21 දින අත්අඩංගුවට ගෙන කූඨ ලෙඛන සෑදීම සහ ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිත කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබිණි.
පොලිස් පරීක්ෂක සෝමපාල මහතා උසාවියෙන් ඉල්ලා සිටි පරිදි මොහුගේ බැංකු ගිණුම් වාර්තා, රේගු සහ දේපළ තොරතුරු ලබාගැනීමට උසාවි අවසර ලැබිණි. මොහු විදේශ ගමන් බලපත්‍ර හතරක් සහ ජාතික හැදුණුම්පත් තුනක් භිවිත කළ බව මීට පෙර වාර්තා වී තිබිණි.
අදාල වාර්තා ඊළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නමත් කැත කරනවා.(නදී)
ඩයස් මහත්තයා කියනඒකෙත් ඇත්තක් තියෙනවා. ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවා නොවැ?(නදී)
වයර් මාරු වෙලා වගේ.(නදී)
අනිවාර්යයෙන්ම මෙයට දඩුවම් කරන්න. මෙය ඉතාලියේ ජීවක්වන සියලු ශ්‍රී ලාංකිකයින්ට මරු පහරක්. මේ වගේ දේවල් තවත් වුනොත් ලංකාවේ අයට ඉතාලියේ රැකියාවල් හොයන්න වෙන්නේ නැහැ.(නදී)
යුරෝ 250000ක්........ අම්මෝ (දී)
කියෙව්වෙ හඳපාන්ගොඩ හෙල සිරිතට කල මගුල ගැන.එහෙම හොඳ වැඩක් ගැන සමහරු උපහාසයෙන් ප්‍රතිචාර දක්වලා (ස)
හොර හැදුනුම්පත් හදන්න රජයේ සේවකයෝ අවශ්‍ය නැහැනේ සිල්වා මහත්තයෝ. (නි)
වෙන්නප්පුවේ සිරා කොල්ලෙත්.(නදී)
මුදල් හොරකමක් වෙන්න ඇති. නමුත් හරියටම ගණන් මිනුම් කියන හැටි පුදුමයි. (නි)
ඉතාලි වැටෙනුත් පැනලා, ලංකාවේ රේගු වැටෙනුත් රිංගලා ගිය මේ වීරයාට ඉතාලි මහා වීර පදක්කම පිරිනැමිය යුතුයි. (නි)
මොහුට හැදුනුම්පත් 3 ක් නිතුත් කලේ කවිද කියා සොයා බලා ඒවා නිතුක් කළ රජයේ නිලධාරීන්ට විරුද්ධව විනය පරික්ෂන පැවැත්වූවොත් හොදයි නේද?(නදී)
වෙන තැනක් නැතුවද ලංකාවට ආවේ (දී)
මෙම හොරකම පෑති කීපයකින් බෑලියයුතු සිද්දියකි. එකම නමින් පෙනී නොසිට පාස්පෝට් කීපයක් භාවිතා කිරීම කියන්නේ අනිවාර්යෙන්ම හොර උප්පෑන්න සහතිකත් යොදාගෙන තමා මේ දේවල් කරන්නේ. ඉතාලි නීතියෙන් රිංගායාමට මොවුන් කූට උපක්‍රම භාවිතා කරමින් වංචනීක ලෙස පෑමිලි වීසා හෑදීමට, තමන්න්ගේම නමින් වෙනත් කෙනෙක් ගෙන්වා ගෑනීමට කටයුතු කරන පිරිස් අද නොරසක් නොවේ, කනගාටුවට අනෙක් කරුණනම් තමන්ගේ නිත්‍යානුකූල සෑමියා හෝ බිරිද දික්ක්සාද කර වෙනත් කෙනෙක් පෑමිලි වීසා සෑදීම සදහා කසාද බදිනු ලබයි. දෙදෙනාගේ කෑමෑත්ත මත සිදුවෙන අතර මෙය මුදල් මත සිදුවෙන ගනුදෙනුවකි. මේ වගේ වෑඩනිසා හොර කච්චේරි,අල්ලස් දූෂණ , තෑරව් කරුවන් ඈතිවීම පුදුමයක් නොවේ. එමෙන්ම ඉතාලියේ බහුතරයක් දුක් මහන්සි වී තමන්ගේ දහදිය මහන්සියෙන් මුදල් උපයන පිරිසකි. මේ හොරකමේ අනික් පෑත්තනම් කිසිම ඉතාලි ජාතිකයෙක් යුරෝ 250000ක් නිවසක තබා ගන්නේ නෑත. ඉතාලි ගුවන් තොටුපලකින් ගෙන ආ නොහෑක. මන්දයත් මුදල් අල්ලන සුනඛයන් යොදා ඈත. සමහර විට 25000 දෙලක්ෂ පනස්දාහ උනාද දන්නේ නෑ. ඉතාලි ජාතිකයන් තමන්ගේ සේවකයාට සේවය අවසානයෙ පාරිතෝෂිත දීමනාවක් ගෙවීමට සෑම සේවාදායකුටම ඉතාලි රජය අනිවාර්ය කර ඈත. සමහර හාම්පුතුන් බොරු පෑමිනිලි ගොනුකරපු අවස්තා එමට ඈත. එමෙන්ම නිදා සිටියදී පවුලකට ගෑස් එකක් ගසා මෑරූ පුවතක් උතුරු ඉතාලියේ පසුගිය වකවානුවේ අසන්නට ලෑබුනේද මෙවෑනි තත්වයක් යටතේය. සමහර විට මොහුට ලෑබියයුතු දීමනා නොලෑබීමෙන් මෙසේ කලදයි නොදනී. නමුත් හොරකම නීති විරෝධිය. අනෙක ඉතාලියේ රන් බඩු කෑරට් 18 සහ 14 ආගයක් ගන්න නිසා වටිනාකමින් අඩුය. ඉතාලියේ යතුරු කෑරෑල්ලෙන් ලංකාවට පලක් නෑත. ඉතාලි දොරවල් වල යතුරු ලංකාවේ යතුරු වලට ගොඩාක් වෙනස් ආකාරයකින් නිපදවා ඈත. මීට වඩා ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රි ලාංකිකයන්ට සිදුකල වංචා පිලිබදව ලංකාදීප සයුරෙන් එතර තීරයේ අප දෑනුවත් කල අතර, වංචා වලට හසුවූ පුද්ගලන්ගේ පෑමිනිලි අනුව වටිනාකම රුපියල් කෝටි 8කට ආසන්නය. එම පෑමිනිලි අදාල අංශවෙතද යොමු කලෙමු. පෑමිනිලි කරුවන්ගේ උනන්දුව අඩුකමත්, ඉතාලියේ කාර්‍යබහුල බවත් නිසා එය යටපත් විය. රජය මින් ඉදිරියේදී නව නීති කෙටුම්පත් සදන්නේනම් , රටින් පිට සිදුවෙන වෑරදි බොහෝ දුරට අඩුවෙනු ඈත. මෙවෑනි දේ සම්බන්දව කටයුතු කිරීම ගෑන පොලිස් දෙපර්තමේන්තුවට අපගේ උපහාරය. (නදී)
ලංකාවට මොකටද ආවේ (දී)
ඔහු නියම මිනිහෙක්.(නදී)
සුපිරි පොරක්.(නදී)
ලංකාවේ වෙන දේවල් දිහා බැලුවහම මේවා හොරකම්ද? (නි)
පාප් වහනසේ ඉල්ලා අස්වී ඇත.(නදී)
ඉතින් තවත් මොනවද බලාගෙන ඉන්නේ? (නි)
වැරදිකරුට නිසි දඩුවම් දියයුතුයි. (නි)
ලංකාවටම ආවේ මොකටද (දී)
ලෝක විනාශයද මේ? (නි)