IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඉන්දියාව කඩුලූ 5 කින් ජයගනී

සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති දිවා/රාත‍්‍රි තරගයෙන් ඉන්දීය පිල කඩුලූ 5 ක ජයක් ලබමින් 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය. ඉන්දියාව ලකුණු 287 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 49.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව ලකුණු 20 කට කඩුලූ 3 ක් දැවී අසීරු අඩියක සිටියදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සිවුවැනි කඩුල්ල ස`දහා ලකුණු 121 ක සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 71) සහ ජීවන් මෙන්ඩිස් (නොදැවී 45) හයවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 104 ක නොබි`දුණු සම්බන්ධතාවක් පැවැත්වූහ. ශ‍්‍රී ලංකාව  ඕවර 50 යේදී කඩුලූ 5 ට 286 (මහේල ජයවර්ධන 65, කුමාර් සංගක්කාර 73, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 71, ජීවන් මෙන්ඩිස් නොදැවී 45, සහීර් ඛාන් 39/2) ඉන්දියාව  ඕවර 49.4 කඩුලූ 5 ට 288 (ගෞතම් ගාම්බීර් 102, විරාට් කෝලි 38, මහේන්ද්‍ර සිං දෝනි 31, සුරේෂ් රයිනා නොදැවී 65, ඉර්ෆාන් පතන් නොදැවී 34, ලසිත් මාලිංග 60/2)



අදහස් (0)

ඉන්දියාව කඩුලූ 5 කින් ජයගනී

බැසිල් Monday, 30 July 2012 09:47 AM

අපරාදේ කපුගෙදර දැම්මා නම් දිනන‍වා. තරගයේ වීරයත් වෙනවා. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 09:56 AM

ඕෂධ, ඉතිං මාරයි නේද? (නි)

:       0       0

සජී Monday, 30 July 2012 10:18 AM

ඊළග තරගත් ඔහොමම තමයි ඉතිං. (නි)

:       0       0

මොහොමඩ් Sunday, 29 July 2012 04:32 PM

අඩුපාඩු හදාගෙන ඊළඟ තරඟ දෙක දිනන්න...(ස)

:       0       0

අජික් ජපානය Sunday, 29 July 2012 06:02 PM

ඉන්දියාවත් එක්ක ගහනකොට මාලිංගව දාන්න හොඳ නෑ. මොකද අයිපීඑල්. ගහල ගහල මාලිංගගේ බෝල හොඳට හුරුයි (අ)

:       0       0

සචිනි Monday, 30 July 2012 12:33 PM

ඩිල්ශාන්ගේ වෙලාව හොඳ නෑ....(ස)

:       0       0

ගීත් Monday, 30 July 2012 12:39 PM

අපේ අය 50ක් ගැහුවහම ඔළුවට අරන් ඉන් පස්සේ එන හැම බෝලෙටම ළකුණු ගන්න දගලනවා. ඔන්න ඕකයි හෙණේ. (නි)

:       0       0

ශානිකා Saturday, 28 July 2012 11:06 PM

අන්තිම හරියෙදි කණා පාරවල් ටිකක් වැදුණු නිසා දිනුවා. (ස)

:       0       0

නුවන් Saturday, 28 July 2012 11:39 PM

මේ තරගය හොදට දිනන්න තිබුණා.. අපරාදෙ...!!(නු)

:       0       0

නිරොෂ් Monday, 30 July 2012 01:21 PM

අජිත් හරි වගේ..(ස)

:       0       0

නිමන්ක Sunday, 29 July 2012 09:13 PM

සංග විතරයි දිගටම ලකුණු ගන්නේ. දැන් සංගටත් සෙල්ලම් කරන්න බැහැ. දෙයියන්ගෙම පිහිටයි දැන් . (අ)

:       0       0

ෂෙරිෆ් Sunday, 29 July 2012 12:28 AM

ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොලුවී බලාසිටින්නෙමි...!!(නු)

:       0       0

චතුර Monday, 30 July 2012 02:10 PM

අර උඩ පන්දුව අතෑරපු එක තමයි වුණේ...... (නි)

:       0       0

සමිත Sunday, 29 July 2012 01:09 AM

අයියෝ... අපරාදෙ හොදට දිනන්න තිබුණනෙ...!!(නු)

:       0       0

ප්‍රදීපා තායිලන්තය Sunday, 29 July 2012 01:09 AM

දිනන්න තිබුණු තරගයක් පැරදුණේ..!!(නු)

:       0       0

ඔසද Sunday, 29 July 2012 03:06 AM

2012 පාසල් රග්බි ලීග් ශූරතාවය ඉසිපතනයට හිමි වේ. විද්‍යාර්ත විදුහලට එරෙහි චෝදනා තහවුරු වේ.(නු)

:       0       0

සනත් ඉන්දික Sunday, 29 July 2012 04:20 AM

ඔසද ඔයා යන්නේ කොහෙද මල්ලේ පෝල්නෙ...(නු)

:       0       0

ගාමිණි Monday, 30 July 2012 12:37 AM

ලංකාවෙදි සෙල්ලම් කරලත් ඉන්දියාවට පැරෙදෙනවා කියන්නෙ වස ලැජ්ජාවක්..(ස)

:       0       0

තනුර Sunday, 29 July 2012 06:22 AM

දෙවැනි තරගය හරියාකාරව සම්පූර්ණ කර ගන්න නොහැකි වුණු සමහරු ඇයි මේ තෙවැනි තරගයටත් දැම්මේ?

:       0       0

සුසන්ත-පැරිස් Monday, 30 July 2012 02:03 AM

ඔයාලා සියල්ලන්ටම දෙවියන්ගේ පිහිටයි. ලංකාදීපයේ සැමටත් තුණුරුවන්ගේ සරණයි.

:       0       0

සිසිර Sunday, 29 July 2012 08:02 AM

වැරදි ගොඩක් සිද්ධ වෙලා ඉවරයි .දැන් ඉතිං අනෙක් තරග වලට මොනවා වෙයිද? සංගත් නැත්නම් තවත් මොන කතාද? (නි)

:       0       0

සුසන්ත Monday, 30 July 2012 02:11 AM

ජය පරාජය තේරුම් බේරුම් කර ගන්න පුලුවන් අය පමණක් තරග නැරඹුවොත් තමයි හොද. (නි)

:       0       0

අකිල Sunday, 29 July 2012 08:03 AM

පුතාලා ටික තරගාවලියම දිනයි වගේ මට හිතෙන්නේ. (නි)

:       0       0

චමින්ද Sunday, 29 July 2012 08:57 AM

ඊයේ වාසනාව අපේ පැත්තට තිබුණෙම නැහැ. ඒ වගේම ලංකාවේ පන්දු යැවීමත් ඊයේ දුර්වලයි. (නි)

:       0       0

චතුරංග Sunday, 29 July 2012 09:36 AM

අපිට මේවා හුරුපුරුදු දේවල් ලෝක කුසලානේදීත් උනේ ඔය ටිකම තමයි (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 29 July 2012 09:44 AM

හැබැයි කපුගෙදර හිටිය නම් දිනනවා අපි ..මොකෝ හිතන්නේ කට්ටිය ..? හා හාහ් හා ...... (දී)

:       0       0

දිලුම් Sunday, 29 July 2012 10:01 AM

තනිකරම අප්සෙට් තරගයක් ගෑහුවෙ. අනික මලින්ග හරියට බොල් කරේ නෑ.මාලින්ග කවදාවත් ඉන්දියාවට හොදට බොල් කරන්නෙ නෑ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 47 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 120 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 101 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 309 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1333 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site