රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා මෙතම්පෙටමීන් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙනඒමට තැත් කළ දෝහා සිට පැමිණි ඉරාන ජාතික තරුණයක් (28) ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කිලෝ දෙකක් බර මත්ද්‍රව්‍ය තොගය රහසිගත ලෙස ගමන්මල්ලේ රෙක්ෂින් ආවරණය තුළ සඟවා තිබිණි.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරීවරුන් වන නිහාල් අලහප්පෙරුම සහ සරොජ් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එමි.අයි රශීක්, ඩී.ඩී.එස්.සී මයිකල්, සහකාර රේගු අධිකාරීවරුන් වන තනුෂ්ක විජේසූරිය, තිලින විජේසේකර, චන්දන ගමගේ, එමි.කේ උදය ගාමිණී, ප්‍රබුද්ධ පෙරේරා යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ ටී චන්ද්‍රරත්න මහතා රේගු පරික්ෂණය සිදු කළේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයුරි , ජනක , පුබුදු , බුද්ධි ඔබ සිතන විදියට සිතුවොත්, 1) පසුගිය සතියේ හිමිනමක් අරක්කු බී රිය පදවා පොලිසියට අහුවුණා. ටික අදවසකට කලින් තව හිමි නමක් බාල අපචාරයකට අත්අඩංගුවට පත්වුණා. : එතකොට බහුතර බෞද්ධ හිමිවරු බේබද්දෝද, ස්ත්‍රී දුෂකයෝද ? කියන්න පෙර සිතා බලන්න , හොඳ මිනිස්සුන්ටත් අපහාස වෙන විදියේ ප්‍රකාශ නොකරන්න. 2) පසුගිය ටිකේම සිංහල මිනිස්සු රාශියක් කම්පාසහගත මිනිමැරුම් සිදුකළා (තමන්ගේ බිරිය , දරුවන් පවා ) එතකොට සියලු සිංහලයන් මිනීමරුවොද ? හොඳ සිංහල මිනිසුන්ට අපහාස නොකරන්න. 3) මීගමුවේ උසාවිය විතරද රටේ තියෙන්නේ, අනිත් උසාවි වල ඉන්න බහුතරක් සිංහලයින් ගැන මොනවද කියන්නේ ? (නි)
ඒ ඒ ජාතින් කරන වැරදි ඒ ජාතියටම හදාගන්න බාර දෙන්න. දෙමව්පියන් තම දුදරුවෝ හදාගන්නවා වගේ ඒ මනුෂ්‍යයාව ඉරානයට නැතිනම් ඔහුගේ මව්බිමට බාරදෙන්න. (නි)
සයුරිගේ කතාව පුරාම තියෙන්නේ ජාතිවාදය පමණයි. (නි)
ලෝකෙන්ම මත් ද්‍රව්‍ය ඉවත් කරමු (දී)
නිලංගයි, කුරුවිටයි කියන කතාවට මමත් එකඟයි. ඕවා ගේන්නෙ කාටහරි දෙන්න. අන්න එයාවයි අල්ලා ගන්න ඕනෑ. මෙහෙත් ඕවා භාර ගන්න කවුරුහරි ඇතිනෙ. මේ වගේ දේවල් වලදි කල්පනාවෙන් වැඩ කළොත් තමයි ඕවා නතර කරන්න පුලුවන් වෙන්නෙ. ජාති ආගම් බේද නැහැ. සල්ලි තණ්හාව නිසා තමයි මේ සේරම. (නි)
සමාව නම් දෙන්න එපා (දී)
මත්පැන්, කුඩු... හරාම් තමයි. හැබැයි සයුරිගේ කතාවේ ගෑවිලා තියෙන්නේ ජාතිවාදයයි. (නි)
මේවා 'හලාල් කුඩු' ද? මුස්ලිම් ජාතිකයින් කුඩු බිස්නස් කරනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. කවුරුහරි සිංහල එක්කෙනෙක් මේ ගැන කතා කරපු ගමන්, ජාත්වාදී වෙන්න එපා කියලා කියන අයට දැන්වත් පේනවා ඇති මේලෝ රස්සාවක් කරන්නේ නැති 'බිස්නස්' කරන මුස්ලිම් මුදලාලිලාට හිටිගමන් සල්ලි එන්නේ කොහොමද කියලා. ඇත්තම කතාව, මීගමුව උසාවියට ආවම බලන්න පුලුවන් ඔය කියන සහජීවනේ සහ අහිංසකකමේ තරම! (නි)
හිරාන්, ඩොලර් 100 කියන්නේ රුපියල් 100. අපි දැන් ආශ්ච්ර්යට ගිහින්නේ ඉන්නේ.(ස)
මේ මිනිසුන් ගේන කුඩු බොන මෙහේ මිනිස්සු ගැන මොකද කියන්නේ?(ස)
සයුරි, නිකන් මෝඩයෙක් වගේ කතාකරන්න එපා. (නි)
ඉතා හොදයි (දී)
මෙහෙමත් හොර මොල (ස)
බහුතරයක් මුස්ලිම් මිනිස්සු තමා මේ රට වනසන්නේ. (නි)
සිංගපූරුවේ වගේ ඇයි කුඩු ප්‍රවාහනය කරන අයට අනිවාර්ය දඩුවම ලෙස මරණීය දදඩුවම නොදෙන්නේ? සිංගපූරුවට එන ගුවන්යානා ඇතුලෙදි මේබව ඔවුන් ශබ්ද විකාශනයෙන් දැනුම්දෙනවානේ.(ස)
නිසි දඩුවම් නොදුන්නොත් නැවත ඔය වරද කරනවා (දී)
ඩොලර් 100ක් කියන්නෙ රුපියල් කීයද ? (ස)
මේවා ඉස්ලාම් අගම අනුව හරාම්. ඉරානකාරයෝ මහ ලොකුවට ඕවා කතා කරනවා. කරන්නේ හරාම්. සයුරි ගේ කතාවේ ඇත්ත බලාගන්න මීගමු උසාවි යන්න ඕනෑ. 90% වඩා ඉන්නේ ගුවන් තොටුපළෙන් අල්ලපු මුස්ලිම් මිනිස්සු. (නි)
ඉරාන රජයට ඒ කුඩුකාරයාව බාරදීලා ඒ වෙනුවට තෙල් ලබා ගත්තොත් හොද නැද්ද? (නි)
කවමදාවත් මෙතැනින් එහාට යන්නෙ නැහැ. දැන්වත් මේ කුඩු ගිහින් දෙන්නේ කාටද කියලා සෙවිය යුතුයි. (නි)
සයුරිගේ කතාව හරි. ජාතිවාදීකමක් නෙමෙයි. ඇත්ත ඒකයි. (නි)
සියල්ලෝම නොවුණත් බහුතරයක් මුස්ලිම් අය තමයි මේ වැඩ කරන්නේ. (නි)
ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු හොඳ නැත... අඩුවට ලැබෙන බොරතෙල් බැරලයට වඩා ලැබෙන අනිකුත් නරක අතුරුඵල වැඩිය..... දුරදිග නොබලා වැඩකලාම ඔවැනි භයංකර අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවෙනවා....(ස)
මෙය ජාතියේ හෝ ආගමේ ප්‍රශ්නයක් නොව එකිනෙකා හැදිලා ඇති ආකාරයේ වැරැද්දයි. (නි)
නිසැකයෙන්ම ඔය කුඩු ගේන්න ඇත්තෙ ලංකාවෙ කුඩු කප්පිත්තෙකුට. ඒ කුඩු කප්පිත්ත අල්ලගන්න දැල එලන්න පුලුවන් නම් නියමයි. සයුරි, ඔබේ නිගමනයට නම් මට එකඟ වෙන්න බැහැ. (ස)
මෙවැනි දේ නිසා රටට ආදරය කරන මුස්ලිම් අයගේ සිත් රිදෙන්න පුලුවන්. (නි)