IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඉරාන කුඩුකාරයා අල්ලයි

රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා මෙතම්පෙටමීන් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙනඒමට තැත් කළ දෝහා සිට පැමිණි ඉරාන ජාතික තරුණයක් (28) ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

කිලෝ දෙකක් බර මත්ද්‍රව්‍ය තොගය රහසිගත ලෙස ගමන්මල්ලේ රෙක්ෂින් ආවරණය තුළ සඟවා තිබිණි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරීවරුන් වන නිහාල් අලහප්පෙරුම සහ සරොජ් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ  උපදෙස් පිට  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  එමි.අයි රශීක්,  ඩී.ඩී.එස්.සී මයිකල්, සහකාර රේගු අධිකාරීවරුන් වන තනුෂ්ක විජේසූරිය, තිලින විජේසේකර, චන්දන ගමගේ, එමි.කේ උදය ගාමිණී, ප්‍රබුද්ධ පෙරේරා  යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ ටී චන්ද්‍රරත්න මහතා  රේගු පරික්ෂණය සිදු කළේය.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ඉරාන කුඩුකාරයා අල්ලයි

අශෝක Wednesday, 02 January 2013 02:58 PM

නිලංගයි, කුරුවිටයි කියන කතාවට මමත් එකඟයි. ඕවා ගේන්නෙ කාටහරි දෙන්න. අන්න එයාවයි අල්ලා ගන්න​ ඕනෑ. මෙහෙත් ඕවා භාර ගන්න කවුරුහරි ඇතිනෙ. මේ වගේ දේවල් වලදි කල්පනාවෙන් වැඩ කළොත් තමයි ඕවා නතර කරන්න පුලුවන් වෙන්නෙ. ජාති ආගම් බේද නැහැ. සල්ලි තණ්හාව නිසා තමයි මේ සේරම​. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 03 January 2013 07:33 AM

ඒ ඒ ජාතින් කරන වැරදි ඒ ජාතියටම හදාගන්න බාර දෙන්න. දෙමව්පියන් තම දුදරුවෝ හදාගන්නවා වගේ ඒ මනුෂ්‍යයාව ඉරානයට නැතිනම් ඔහුගේ මව්බිමට බාරදෙන්න. (නි)

:       0       0

ලංකා Wednesday, 02 January 2013 03:01 PM

ලෝකෙන්ම මත් ද්‍රව්‍ය ඉවත් කරමු (දී)

:       0       0

සයුරි Wednesday, 02 January 2013 07:23 AM

බහුතරයක් මුස්ලිම් මිනිස්සු තමා මේ රට වනසන්නේ. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 02 January 2013 08:06 AM

මෙවැනි දේ නිසා රටට ආදරය කරන මුස්ලිම් අයගේ සිත් රිදෙන්න පුලුවන්. (නි)

:       0       0

නිලංග Wednesday, 02 January 2013 08:18 AM

නිසැකයෙන්ම ඔය කුඩු ගේන්න ඇත්තෙ ලංකාවෙ කුඩු කප්පිත්තෙකුට. ඒ කුඩු කප්පිත්ත අල්ලගන්න දැල එලන්න පුලුවන් නම් නියමයි. සයුරි, ඔබේ නිගමනයට නම් මට එකඟ වෙන්න බැහැ. (ස)

:       0       0

ඉෆාස් Wednesday, 02 January 2013 08:44 AM

මෙය ජාතියේ හෝ ආගමේ ප්‍රශ්නයක් නොව එකිනෙකා හැදිලා ඇති ආකාරයේ වැරැද්දයි. (නි)

:       0       0

සෑම් Wednesday, 02 January 2013 08:56 AM

ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු හොඳ නැත... අඩුවට ලැබෙන බොරතෙල් බැරලයට වඩා ලැබෙන අනිකුත් නරක අතුරුඵල වැඩිය..... දුරදිග නොබලා වැඩකලාම ඔවැනි භයංකර අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවෙනවා....(ස)

:       0       0

පුබුදු Wednesday, 02 January 2013 09:19 AM

සියල්ලෝම නොවුණත් බහුතරයක් මුස්ලිම් අය තමයි මේ වැඩ කරන්නේ. (නි)

:       0       0

ජනක Wednesday, 02 January 2013 09:19 AM

සයුරිගේ කතාව හරි. ජාතිවාදීකමක් නෙමෙයි. ඇත්ත ඒකයි. (නි)

:       0       0

කුරුවිට Wednesday, 02 January 2013 09:24 AM

කවමදාවත් මෙතැනින් එහාට යන්නෙ නැහැ. දැන්වත් මේ කුඩු ගිහින් දෙන්නේ කාටද කියලා සෙවිය යුතුයි. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Wednesday, 02 January 2013 10:02 AM

ඉරාන රජයට ඒ කුඩුකාරයාව බාරදීලා ඒ වෙනුවට තෙල් ලබා ගත්තොත් හොද නැද්ද? (නි)

:       0       0

බුද්ධි Wednesday, 02 January 2013 10:34 AM

මේවා ඉස්ලාම් අගම අනුව හරාම්. ඉරානකාරයෝ මහ ලොකුවට ඕවා කතා කරනවා. කරන්නේ හරාම්. සයුරි ගේ කතාවේ ඇත්ත බලාගන්න මීගමු උසාවි යන්න ඕනෑ. 90% වඩා ඉන්නේ ගුවන් තොටුපළෙන් අල්ලපු මුස්ලිම් මිනිස්සු. (නි)

:       0       0

හිරාන් Wednesday, 02 January 2013 11:10 AM

ඩොලර් 100ක් කියන්නෙ රුපියල් කීයද ? (ස)

:       0       0

සාලිය Wednesday, 02 January 2013 11:15 AM

නිසි දඩුවම් නොදුන්නොත් නැවත ඔය වරද කරනවා (දී)

:       0       0

අපොන්සු Wednesday, 02 January 2013 11:31 AM

සිංගපූරුවේ වගේ ඇයි කුඩු ප්‍රවාහනය කරන අයට අනිවාර්ය දඩුවම ලෙස මරණීය දදඩුවම නොදෙන්නේ? සිංගපූරුවට එන ගුවන්යානා ඇතුලෙදි මේබව ඔවුන් ශබ්ද විකාශනයෙන් දැනුම්දෙනවානේ.(ස)

:       0       0

ටිකී Wednesday, 02 January 2013 11:32 AM

සයුරි , ජනක , පුබුදු , බුද්ධි ඔබ සිතන විදියට සිතුවොත්, 1) පසුගිය සතියේ හිමිනමක් අරක්කු බී රිය පදවා පොලිසියට අහුවුණා. ටික අදවසකට කලින් තව හිමි නමක් බාල අපචාරයකට අත්අඩංගුවට පත්වුණා. : එතකොට බහුතර බෞද්ධ හිමිවරු බේබද්දෝද, ස්ත්‍රී දුෂකයෝද ? කියන්න පෙර සිතා බලන්න , හොඳ මිනිස්සුන්ටත් අපහාස වෙන විදියේ ප්‍රකාශ නොකරන්න. 2) පසුගිය ටිකේම සිංහල මිනිස්සු රාශියක් කම්පාසහගත මිනිමැරුම් සිදුකළා (තමන්ගේ බිරිය , දරුවන් පවා ) එතකොට සියලු සිංහලයන් මිනීමරුවොද ? හොඳ සිංහල මිනිසුන්ට අපහාස නොකරන්න. 3) මීගමුවේ උසාවිය විතරද රටේ තියෙන්නේ, අනිත් උසාවි වල ඉන්න බහුතරක් සිංහලයින් ගැන මොනවද කියන්නේ ? (නි)

:       0       0

Krishan Wednesday, 02 January 2013 11:57 AM

මෙහෙමත්‍ හොර මොල (ස)

:       0       0

සිල්වා Wednesday, 02 January 2013 12:07 PM

ඉතා හොදයි (දී)

:       0       0

ටුආන් Wednesday, 02 January 2013 12:48 PM

සයුරි, නිකන් මෝඩයෙක් වගේ කතාකරන්න එපා. (නි)

:       0       0

කමල් Wednesday, 02 January 2013 12:46 PM

මේ මිනිසුන් ගේන කුඩු බොන මෙහේ මිනිස්සු ගැන මොකද කියන්නේ?(ස)

:       0       0

කවීතා Wednesday, 02 January 2013 12:51 PM

හිරාන්, ඩොලර් 100 කියන්නේ රුපියල් 100. අපි දැන් ආශ්ච්ර්යට ගිහින්නේ ඉන්නේ.(ස)

:       0       0

චින්තක - කටුනායක Wednesday, 02 January 2013 01:04 PM

මේවා 'හලාල් කුඩු' ද? මුස්ලිම් ජාතිකයින් කුඩු බිස්නස් කරනවා කියන එක අලුත් දෙයක් නෙමෙයි. කවුරුහරි සිංහල එක්කෙනෙක් මේ ගැන කතා කරපු ගමන්, ජාත්වාදී වෙන්න එපා කියලා කියන අයට දැන්වත් පේනවා ඇති මේලෝ රස්සාවක් කරන්නේ නැති 'බිස්නස්' කරන මුස්ලිම් මුදලාලිලාට හිටිගමන් සල්ලි එන්නේ කොහොමද කියලා. ඇත්තම කතාව, මීගමුව උසාවියට ආවම බලන්න පුලුවන් ඔය කියන සහජීවනේ සහ අහිංසකකමේ තරම! (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 02 January 2013 01:34 PM

මත්පැන්, කුඩු... හරාම් තමයි. හැබැයි සයුරිගේ කතාවේ ගෑවිලා තියෙන්නේ ජාතිවාදයයි. (නි)

:       0       0

සම්පත් Thursday, 03 January 2013 12:55 AM

සයුරිගේ කතාව පුරාම තියෙන්නේ ජාතිවාදය පමණයි. (නි)

:       0       0

ලහිරු Wednesday, 02 January 2013 01:59 PM

සමාව නම් දෙන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 99 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 178 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 93 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 109 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 433 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 487 1

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39154 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site