යාපනයේ ගුණසිංහම් කෙසේන්ද්‍රම්ගේ (34) උස අඩි හතයි අඟල් දෙකකි.
බිරියගේ උස අඩි පහයි අඟල් හයකි.
මේ දෙදෙනාම කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෝය.
වයස අවුරුදු13 දී කොටි සංවිධානයට බැඳුණු ඔහු 2009 යේ දී හමුදාවට බාර විය.
පුනරුත්ථාපනයේදී වඩු කර්මාන්තය ඉගෙන ගත්තේය. ඔහු එක්දරු පියෙකි. ජීවත් වීම සඳහා කඩයක් කිරීම ඔහුගේ අදහසයි.
බේස්බෝල් ක්‍රීඩකයකු වන ලෙස ඔහුට ආරාධනා ලැබුණත් කොන්දේ අසනීපයක් නිසා එය ප්‍රතික්ෂේප කළ බව කියයි.
කොටි සංවිධානයේ ගරිල්ලකු ලෙස ඔහු සටන් බිමට නොයැවූයේ ලෙසහෙසියෙන් සතුරු ඉලක්කයට අසුවන නිසා බව කියයි.
දැන් ඔහු මුහුණපාන ප්‍රශ්න අතර අඩි හයේ උළුවහු , නිදා ගැනීමට ඇඳක් සොයා ගැනීම ආදිය මුල් තැනක් ගනී.
කොටි සංවිධානයේ සිටි උසම මිනිසා ඔහුය. ප්‍රභාකරන් ඔහු පෞද්ගලිකවම දැන සිටියේ උස නිසාය.
දැන් පදිංචිය පුදුකුඩුඉරිප්පුවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මේ මෙහෙමත් උසක් (දී)
දැන්වත් ඔය තිරිසන් ගති අත හැර මනුස්සයෝ වගේ ජීවත් වෙන්න බලන්න එකා මෙන් (ස)
ජනපති තුමනි, පුනරුත්ථාපනය කළ අයගෙ නියෝජනයක් ජිනීවා වලදි ඉදිරිපත් කරන්න.එය මානව හිමිකම් රැකීම ගැන ප්‍රබල සාක්ෂියක් වනු ඇති .(නදී)
වැරදීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් ඒකයි අපේ සිංහල කම(ස)
වැරදීම මසනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් ඒකයි, සිංහල කම.(නදී)
ජිනීවා වලදි අපේ රටේ කරන හොද වැඩ ගැන කතා කරන්න කවුරුත් නැද්ද.(නදී)
ඇයි ඇන්ටන් බාලසිංහම්ගේ නෝනටයි දෙමළ ඩයස්පෝරාවටයි කිවිව නම් හරිනේ උදව්කරන්න කියලා.(නදී)
මෙයාද දන්නෙ නැහැ ප‍්‍රභාගෙ රේඩියෝ සංඥා ඇන්ටනාව උස්සගෙන හිටියේ? (නි)
මොහුට අපි උදව් කරමු. .(ස)
දැන් ඔහොම වුණාට එයා ඒ කාලේ ප්‍රභාට කතා කළේ "අප්පා" කියලලු. (නි)
ඕවත් ප්‍රශ්නද? (නි)
ශ්රී ලංකා ක්‍රිකට් පිලේ දග පන්දු යැවීමට මම මොහුව යෝජනා කරමි.(නදී)
බලන්න මොනතරම් වටින මානව සම්පතක්ද කියලා. (නි)
මේවත් චැනල් 4 එකේ පෙන්නනවද දන්නෙ නැහැ. (නි)
මේ පුද්ලයාට අපි උදවු කළ යුතුයි. නමුත් ත්‍රස්තවාදයෙන් අසරණ වෙලා අදටත් බොන්න වතුර පොදක්වත් නැතුව දුක් විදින අය ඉන්නවා. (නි)
අපේ හමුදාවේ අනුකම්පාව ත්‍රස්තවාදීන් ළග නැහැ. (නි)
රණවිරුවන්ට නමස්කාර කරන්න අයියේ. (නි)
පොළොවේ හැපුනොත් කම්මුතුයි! (නි)
දැන් තමයි මෙයාලට ප්‍රශ්න ඔක්කොම. (නි)