උතුරු වැසියන් ඇතුළු ශ්‍රි ලංකාවට රජයෙන් දුන් හොදම තෑග්ග නිදහසේ ජීවත් වීමට ඉඩ කඩ සලකා දීම බවත් යුද්ධයෙන් පසු ඇරඹූ උතුරු වසන්තයෙන් යාපනය තව තවත් දියුණු කරන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යාපන රෝහලේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරමින් පැවසීය.
ශල්‍යාගාර දහයකින් සමන්විත නව ගොඩනැගිල්ල ජපාන අන්තර්ජාතික සහයෝගීතා එජසින්සියේ තෑග්ගකි. වියදම රුපියල් කෝටි දෙසිය හයකි.
නළලේ තිලක තබා සළු පළදවා හින්දු සිරිතට පොල්තෙල් පහනින් ද සෙත්පතා ජනපති හරසරින් පිළිගනු ලැබීය. ඥානවෛව දෙවොලේදී විශේෂ පුජාවකටද ජනපති සහභාගී විය
දෙමළ ජාතික සංවිධානයේ අප්පදොරේ විනයාගමූර්තී මන්ත්‍රීවරයාද උත්සවයට සහභාගී විය.‘‘උතුරට කිසිම වෙනසක් කරන්නේ නැහැ උතුරේ වැසියන් කිසිදාක අමතක කරන්නේද නෑ හම්බන්තොට රෝහලට මුල්ගල් තියන්නෙත් දැන් ඊට කලින් උතුරට අංගසම්පුර්ණ රෝහලක් දුන්නා‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා වාසනා වේවා ලක්බිමේ! (නි)
හම්බන්තොටට හම්බ වෙළදුන් ගොඩබැස්ස නිසයි ඒ නම හැදිලා තියෙන්නේ. නමුත් මේක සිංහල ගමක්. (නි)
ලංකාවේ ලස්සනම පැති වලින් එකක් තමයි උතුර කියන්නේ (දී)
එහෙ ජිවත් වෙන්නෙත් ශ්‍රී ලාංකිකයෝ (දී)
ජනපති තුමනි ඔබට් ජය වේවා (දී)
අපි ඔබට දිවි ඇති තුරා සහය දෙන්නෙමු. (නි)
කවුද බොලේ මේ හිල්මි? (නි)
හම්බන්තොට යනු රුහුණු පුත්‍රයින්ගේ ගම්මානයකි. මාතර හෝටලය, රුහුණු බේකරි, මාතර කඩේ......??? (නි)
උතුරේ කලින් තිබුන රුහුණු පුත්‍රයින්ගේ මාතර හෝටලය, රුහුණු බේකරි, මාතර කඩේ, වැනි ව්‍යාපාර නැවත අරඹන්න පහසුකම් සලසන්න.(නදී)
හම්බන්තොට තියෙන්නේ කොහේද කියලා වත් නොදන්නා කාලේ පිටිගලලා හිටියේ කොහේද? (නි)
අපේ රටේ සෑම පැත්තක්ම දියුණු වෙමින් යන බව දැකීම සතුටුයි සර්. (නි)
උතුර අමතක කරන්න බැහැ අපිට කොහෙත්ම (දී)
උතුර අමතක කරන්න කිසිම කෙනෙකුට පුලුවන් වේවි කියලා මම නම් හිතන්නෙ නැහැ. (නි)
උතුරේ වෙච්ච දේවල් නම් මතක් කර කර ඉන්න හිතෙන්නේවත් නැහැ (දී)
හම්බන්තොට යනු මුස්ලිම් ගම්මානයක් නේද? (නි)
අමතක වෙලා නැහැ (දී)
ඔබට යා යුතු මාර්ගය පැහැදිලියි ආදරණීය නායකයාණෙනි. (නි)
ගරා වැටුණු දේශයට අභිමානයක් එක්කොට ජීවය දුන් ජනපතිතුමනි, අපි ඔබට සදා අත්වැලක් වන්නෙමු. (නි)
හොද කාර්ය භාරයක්. ඉදිරියම යන්න. (නි)
උතුරත් දියුණු වෙන එක හොද දෙයත්.(නදී)
ජනාධිපතිතුමා ජාති, ආගම්, කුල මල භේදයකින් තොරව රටට කරන සේවය අගය කළ යුතු සද්ක්‍රියාවක්. (නි)
ඔව්, ලක් මෑණියන්ට දුන්න ගින්න කවදාවත් අපිට අමතක කරන්න බැහැ.(නදී)
හැම දෙයටම හම්බන්තොට. වෙන පලාත් නැද්ද. ?(නදී)
හැම මොහොතකම නිසි පල නෙලා ගැනීමෙහිලා වෙහෙසෙන පුද්ගලයා කිසිදිනක පරාජයට පත් නොවෙයි. තමන්ගේ සිත ප්‍රීතිමත් කරගත් තරමටම බොහෝ දෙනා ප්‍රිතිමත් කල හැක.(නදී)
මේවා හොද වැඩ, ජනාධිපතිතුමනි ලංකාවට ජාති බේද නැහැ.(නදී)
ජනාධිපතිතුමනි, අවුරුදු 30 ක් අපි උතුර නිසා දුක්වින්දා. දැන් අපිට උතුර මතක් වෙනකොට ඔබ තුමාව මතක්වෙනවා. ජයවේවා!(නදී)
කට ඇති වැඩ හැකි නායකයෙක් දැන් ඔබට ඇත නෙළාගන්න ඵල උතුරේ ලක් සේනා.... (නි)
ඔබ ගැන අපට ආඩම්බරයි. අද 'නිදහස' නම් ඔබයි. (නි)
එහෙම කරන්න යුතුකමක් නැහැ (දී)