IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උතුරු හමුදාව වඩුවාගේ අත බේරයි

කිලිනොච්චිය උර්තිපුරම් හි  වඩු කාර්මිකයකු වන රාසයියා රංජිත්  (20) ගේ අතක් වඩු යන්ත්‍රයකට හසු වී  කැපී ගොස්  තිබියදී  කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේර්ජ ජනරාල්  උදය පෙරේරාගේ මැදිහත්වී  වහා ගුවන් මගින් කොළඹට ගෙන ඒමට  උදව් විය.

කිලිනොච්චි රෝහලේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම අනුව තුවාලකරු පැය හතරකින් කොළඹට යැවීමට නොහැකි වුවහොත්   අත ඉවත් කිරිමට සිදුවන්නට ඉඩ තිබිණැයි වෛද්‍ය සදාසේකර්  තිවකර් මහතා කියයි.

 



අදහස් (0)

උතුරු හමුදාව වඩුවාගේ අත බේරයි

අනුර Tuesday, 04 June 2013 12:48 PM

රණිවරුවනි, ඔබට අපගේ ජීවය! (නි)

:       0       0

සචුරු Tuesday, 04 June 2013 12:56 PM

ලොකු පිනක් (නි)

:       0       0

කුමාර් Tuesday, 04 June 2013 12:59 PM

අර කෑගහන නෝනට පෙන්නන්න ඕනෑ අපේ හමුදාවේ මනුස්සකම (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 04 June 2013 01:01 PM

නීල් තුන්වෙනි ලෝකයෙ වේවා ,පලවන ලෝකයේ වේවා, නරලොව වේවා, මනුලොව වේවා , මනුස්ස ජීවිතයේ වටිනාකම එකයි. ඔයා කියන විදිහට තුන්වන ලෝකයේ මිනිස්සු ඔක්කොම මැරෙන්න ඇරලා බකන්නිලාගෙන ඉන්නයි වෙන්නේ. යමක් කියනකොට ටිකක් හිතලා බලලා කියන්න (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 04 June 2013 01:41 PM

රණ විරුවන්ට මගේ ප්‍රණාමය , රණවිරුවෝ දෙමල සිංහල භේදයකින් තොරව අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් යන හැගීමෙන් කටයුතු කරන අතර ,දේශපාලකයන් පිරිසක් රට බෙදීම සදහා උතුරට ඡන්ද එපා කියල පෙත්සම් අත්සන් කරනවා.(නදී)

:       0       0

නිමල් Tuesday, 04 June 2013 01:53 PM

මේ වගේ උත්තරීතර හමුදාවක් ලෝකේ කොහේවත් නැහැ. හැබැයි සමහරක්ට නම් මේවා දිරවන්නේම නැහැ. (නදී)

:       0       0

සමන්ති Tuesday, 04 June 2013 02:29 PM

අපේ හමුදාවට දේශයේ ආචාර !(නදී)

:       0       0

ගයන් Tuesday, 04 June 2013 03:27 PM

මොනවා කලත් බොහොම පි වැඩක් (දී)

:       0       0

නීල් Tuesday, 04 June 2013 10:44 AM

ගිනිතියාගත්තත් ගුවනින් කොළඹට ගේනවා. අත කපාගත්තත් එහෙමයි. නොමිලේම වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. ඒත් ලංකාව තුන්වෙනි ලෝකේ රටක්ලු.(ස)

:       0       0

අශෝක Tuesday, 04 June 2013 10:44 AM

බලන්න අපේ හමුදාවේ අයගේ මනුස්සකම. යුරෝපයේ ඉඳන් කෑ ගහන අයගේ ඔළුවට මේවා අවබෝධ වේවා. (ස)

:       0       0

සම්පත් ප්‍රියංකර Tuesday, 04 June 2013 10:50 AM

මෙවැනි දේවල් වල අගේ ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැ.(ස)

:       0       0

විදුර Tuesday, 04 June 2013 11:02 AM

මවැනි උත්තරීතර ත්‍රිවිධ හමුධාවක් ලබන්න අපේ රට වසනා කරලා තියනවා. මානව හිමිකම් රකිමින් ජාති භේධයකින් තොරව ඔවුන් කරන සේවය ඉතාම අනර්ගය. (ස)

:       0       0

අමර් Tuesday, 04 June 2013 04:47 PM

රණවිරුවන්ට උපහාර වේවා!(නදී)

:       0       0

අමිල Tuesday, 04 June 2013 11:07 AM

කවුරු කොහේ ඉඳන් කෑ ගැහුවත් උතුරේ මිනිස්සුන්ට හැමදාම පිහිටට ඉන්නේ මේ අය තමයි...(ස)

:       0       0

සරත් හේරත් Tuesday, 04 June 2013 11:15 AM

අපේ කොල්ලන්ගේ වැඩ කොහොමද ඕන තැන උදව් දෙනවා උඹලට තේරෙනවද සිංහල අපේ වැඩ.. (ස)

:       0       0

දමිත් Tuesday, 04 June 2013 05:05 PM

ඕවා හොදින් මතක තියාගන්න (නි)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 04 June 2013 11:18 AM

මට මතක් වෙන්නේ කොටි මඩකලපුවේදී පොලිසියේ නිලධාරින්ව ජිප් වල ගැටගහලා පණපිටින් මහපාරේ ඇදගන ගිහින් මරලදාපු හැටි.(නදී)

:       0       0

අතපත්තු Wednesday, 05 June 2013 02:39 AM

" දස දෙස ජය දජ බන්දා , මුළු ලොව සිරිලක නම රන්දා" දැහමිව ප්‍රේමෙන් ,සමගිව සාමෙන් කිසිදින උරණ නොවී ,, මුතු මෙන් එකමුතු වී,,,,,,,, දිවි සේ රකිමු අපේ ලංකා !!!!!! දේශයේ මුර දේවතාවුනි ,දළදා සමිදු පිහිටි ඔබ සැමට ,,,(නදී)

:       0       0

ගාල්ලගේ Tuesday, 04 June 2013 11:22 AM

ගොඩක් ලොකු පිනක් , දරුවාගේ අත සුව වේවා!(ස)

:       0       0

සරත් Tuesday, 04 June 2013 11:29 AM

අපේ සිංහල හමුදාවේ මනුෂ්‍යත්වය අපි හොදටම දන්නවා! අපගේ ස්තුතිය හා ගෞරවය නිබදව ඔවුන්ට හිමිවෙනවා! මේ වගේ පුවත් හැකිපමන දෙමල සහ ඉන්දියානු පුවත්පත්වල පලකරන්න පුළුවනි නම් ගොඩක් හොඳයි! (ස)

:       0       0

සුබසිංහ Tuesday, 04 June 2013 11:56 AM

ඉස්සරලම හමුදාවට ස්තුති වෙනවා. එහෙත් මහ මෙහෙම කියන්නේ හමුදාව පහත් කරන්න නෙවේ. පුරාජේරුකාරයන්ට උත්තරයක් විදිහට. එනම් ලෝකේ ඕනෑම හමුදාවක තත්වේ ඕක තමා.ඔවැනි වැඩ කරන්න තමා අපේ අය එහෙ ඉන්නේ.අනික නරක දේ නොවුනම කියන්නෙ නැතුව ඉන්නත් බැහැනේ. (නි)

:       0       0

අනුරාධ. Tuesday, 04 June 2013 06:10 PM

අන්තවාදීන් හැර උතුරේත් නැගෙනහිරත් සාමාන්‍ය ජනතාව වීරෝධාර ත්‍රිවිධ හමුදා විරුවන්ගේත් පොලිස් හා ග්‍රාමආරක්ෂක විරුවන්ගේත් මානුෂීය ගුණය හොඳින් හඳුනනවා හොඳින් දන්නවා.මෙවැනි ඉතා වටිනා පුවත් ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනෑ.ඒ නිසා "ලංකාදීප එසැන" පුවත් මේ නමින්ම ජාත්‍යන්තර භාෂාවෙන් පලකරන්නැයි මා කාරුණිකව යෝජනාවක් කරනවා. (නි)

:       0       0

ෂාන් Tuesday, 04 June 2013 12:14 PM

නීල් ඔයා ඕය වගේ කතා කරන්න එපා. මනුස්සයෙක් මරණයෙන් හෝ අනතුරකින් බේරාගන්නවා කියන්නේ එක වචනයෙන් අර්ථකථනය කරන්න බැරි උත්තම මනුස්ස්‍ය කාරණයක්. ඒ අවස්ථාවට ගිනි තියාගත්තද , අත කපාගත්තද කියන එකවත් අරන් යන්නේ හමුදාවෙන්ද ගුවන් යනයකින්ද කියන එකවත් අදාල නැහැ. අවශ්‍ය වෙන්නේ පුද්ගලයා බේරාගන්න එකයි. ඒ වගේ මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 12:22 PM

රණවිරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 13 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 141 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 140 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 376 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 65 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 416 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site