පිස්තෝලයක් පෙන්වා පුද්ගලයන් බිය ගැන්වීම, පහරදීම, 2008 වසරේ මැතිවරණ සමයේ පක්ෂ කාර්යාල කඩා බිඳ දැමීම ඇතුළු පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් සැකපිට යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර මහතා සැකපිට අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.
ඔහුට එරෙහිව පැමිණිලි 12ක් ලැබී ඇතැයි ද පුද්ගලයන් බිය ගැන්වීම් පිළිබඳ පැමිණිලි දෙකක් ද, මුදල් පැහැරගැනීම ගැන පැමිණිල්ලක් ද, එක්සත් ජාතික ප ක්ෂ කාර්යාල කඩා දැමීම පිළිබඳ පැමිණිලි පහක් ද ලැබී ඇතැයි පොලීසිය පවසයි.
2008 වසරේදී සැකකරුට එරෙහිව මේ පැමිණිලි ලැබුණද ඔහු අත්අඩංගුවට ගැනීම මේ තරම් පමා වූයේ දේශපාලන බලපෑම් නිසා බව තඹුත්තේගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2008 උන දෙයක් නිසා මෙයාට දැං මොනවත්ම මතක නැතිව ඇති.!(නු)
වරදට දඩුවම (දී)
දඩුවම් කරන්න (දී)
අනේ අපි මෙහෙම අයටනේ ඡන්දෙ දුන්නේ! (නි)
එයාලව අල්ලන්න මෙච්චරකල් ගියේ ඇයි? (නි)
නිතිය හරියටම ක්‍රියාත්මක කරන්න (දී)
මෙතනින්ම පේනවා නේද නීතියෙ ආධිපත්‍යයේ තරම. (නි)
එතුමන්ලා වෙන මොනවා කරන්නද ඔය කියන කාලෙ..!(නු)
තව අය ඉන්නෙ අල්ලන්නකො..!(නු)
ඇමති ලේකම්ලා තමයි මේ දිනවල වැරදි කරන්නෙ.!(නු)
අනේ තව කොච්චර ඉන්නවාද?(නු)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එයා හොද ලේකම් කෙනෙක්..!(නු)
බය වෙන්න එපා අජිත්..!(නු)
පොලිසිය තමන්ගේ ආත්ම ගෞරවය සහ රැකියාවේ ගෞරවය රැකගත යුතුයි. (නි)
ඉතින් හොදයිනේ. (නි)
දැං දිගින් දිගටම වැටලීම් වෙනවා.!(නු)
මේ අය සේවය කරන්නේ විපක්‍ෂයට. විපක්‍ෂයට ඉන් ප්‍රයෝජන ගන්න තේරෙන්නෙ නැහැ. එයාල වෙන වැඩ..!(නු)
ලේකම්ලා තමයි කරන තරමක් වැරදි වැඩ කරන්නෙ..!(නු)
කලකදී රසලු කලකදී වස වෙනවාලු(නු)
ඔන්න ඔයාට සමාව දෙන්න (ස)
ඔක්කොම කරන්නේ ලේකම්ලා...!(නු)
කවුද අනේ දේශාපාලන බලපෑම් කළේ.?(නු)
ඔය අජිත් කියන කෙනා විතරක් නෙවේ තව ඉන්නවා. (නු)
අපේ ඇමතිලාට ඉන්නේ නියම "ලේකම්"ලානේ. (නි)
බලපෑම් කරන දේශපාලනය මොකද්ද?(නු)
බලපෑම් සියල්ල අවසන්ද? (නි)
දැන් රටේ 90%ක්ම ඉන්නේ හොර තක්කඩි. (නි)
කවුද මේවට වගකියන්නේ? (නි)