IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


උප පොලිස් පරීක්ෂක කුඩුත් සමග මාට්ටු

බිමල් ශ්‍යාමන් ජයසිංහ

කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් කෝටි 51 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී හික්කඩුව බද්දේගම පාරෙදි අද අලුයම අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමග මත්කුඩු කිලෝ 51 ග්‍රෑම් 728 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත

එම මත්කුඩු තොගය ලබා ගැනීම සඳහා අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම අසල රැඳී සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු වෑන් රථයක් සමඟ ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා කළුතර දකුණ පොලිසියේ අධිකරණ කටයුතු බාර ස්ථාන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන්නා බවත්,අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි බවත් පොලිසිය කියයි.

සැකකාර උප පොලිස් පරික්ෂකවරයා ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ වන විට විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන " පානදුර සලිදු " නැමැත්තාට අයත් මත්කුඩු තොගයක් බවට අනාවරණ කළ බව පොලිස් නිළධාරියෙක් පවසයි.

සැකකාර උප පොලිස් පරික්ෂකවරයා පැදවූ මෝටර් රථයේ තිබූ විශාල කළු පාට ගමන් බෑග් දෙකක මෙම මත්කුඩු තොග අසුරා තිබූ බවත් , මෙම මත්කුඩු තොගය අධිවේගී මාර්ග ඔස්සේ අතුරුගිරියට ප්‍රවාහනය කර දීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක් පමණ ගාස්තුවක් ලැබෙන බවත් මෙයාකාරයෙන් අවස්ථා දෙකකදී මත්කුඩු තොග ප්‍රවාහනය කල කළ බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී වැඩිදුරටත් අනාවරණය වූ බව අනාවරණය වි ඇත.

 

 



අදහස් (12)

උප පොලිස් පරීක්ෂක කුඩුත් සමග මාට්ටු

Raveendra Saturday, 19 June 2021 09:09 AM

පුදුමයකි මේ කල්ලතෝනියා කෙසේ පොලිස් සේවයට බැඳුණේද? පොලිසියේ වටිනා නිල ඇඳුම අසුචි වලින් සෝදාගෙන ඇත. විශේෂයෙන් රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීමේදී විශාල අඩුපාඩු තිබෙන බව මෙයද හොඳම උදාහරණයකි. කල්ලතෝනින්ට අප රටේ රජයේ රැකියා කිරීමට හොඳ තෝතැන්නකි. පොලිසියේ "උසස්ම" නිලධාරියාට මෙන්ම බලධාරීන්ගේ අවධානය යොමු වේවා..!!!

:       4       1682

Kuma Saturday, 19 June 2021 11:35 AM

කල්ලතෝනියෙක් පොලිසියට බැඳුණා නොවෙයි.

:       6       3

PereraSunday, 20 June 2021 09:26 AM

ඕවා මොනවද? රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට තෝරලා පත් කරන්නේ ඔයිට හපන් අපරාධකාරයින්වනේ...

:       0       0

Nihal Saturday, 19 June 2021 09:34 AM

පොලිසියේ හොඳ දෙයක් ආරංචි වුණොත් පත්තරේ දාන්න වටිනවා. මෙහෙම ඒවාගේ විශේෂත්වයක් නෑ..

:       19       39

de silva Saturday, 19 June 2021 11:48 AM

මෙවැනි නිලධාරීන්ට මරණ දඩුවම් දෙන්න ඔනි

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 19 June 2021 11:50 AM

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට අප සැමගේ හා රට ජාතියේ ප්‍රණාමය ... !!! එමෙන්ම එතුමා ඊළඟ පොලිස්පති වරයා වීමටද සුදුසු බව හැඟේ.පොලිස් සේවයේ සිටිනා නරුමයන් මේ ලෙස අල්ලා ගැනීමට පතිනායක මහතා ඇතුළු අවංක එඩිතර නිලධාරීන්ට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා ....

:       1       56

තිලක් Saturday, 19 June 2021 12:18 PM

රාජ්‍ය නිල බලය නිසා සයිටම්, RMV, පොලිස්, විදුහල්පති, එකී නොකී මෙකී, හැම කෙනාව දුෂිතයි, හැමතැනම දූෂණ, ගසාකෑම්, නීති විරෝධී ක්‍රියාකාරකම්, පක්ෂග්‍රාහී වැඩ, පරිසර විනාශ කිරීම්, මත්ද්‍ර්ව්‍ය වැහිවැහැලා, කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි, එකිනෙකා නුරුස්සන් නැති, උද්දච්ච, පීඩාකාරී පරිසරයක් තමයි රටේම තියෙන්නේ...

:       1       15

ලංකාදීප Saturday, 19 June 2021 12:22 PM

මම මේ බැලුවේ.. වෙලාවට මට කුඩු ටික හම්බවෙන්නේ කොහොමද කියලා...? මේකනේ රහස

:       1       72

සෙනෙවිරත්න Saturday, 19 June 2021 12:48 PM

ගුණවත් පුද්ගලයාට වඩා මුදල් ඇති අයට සමාජයේ සැලකිල්ල වැඩිව ලැබෙන තාක් මුදල් සොයා යන මෙවන් අපරාධකරුවන් මැඩලිය නොහැකිය.

:       0       62

NihalSaturday, 19 June 2021 08:51 PM

පොලිසිය වැදගත් අයට කතාකරන්නෙම පහත් වචන වලින්නේ... ඇයි ඒ... ? සල්ලි නෑනේ...!!!

:       0       0

Nihal Saturday, 19 June 2021 08:54 PM

මට කල්පනා වුණේ මෙහෙම නිලධාරියෙකුට මත්ද්‍රව්‍ය ඔට්ටුවක් දුන්නා නම්... ජීවිතය ඉවරයිනේ..!!!

:       0       0

Thilak Saturday, 19 June 2021 09:16 PM

වැටත්, නියරත් ගොයම් කා නම්..., කාට පවසන් මේ අමාරුව...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 43 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 53 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 67 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 85 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 176 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 157 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1040 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site