IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උපන් දිනයට උතුම් පින්කමක්

ලන්ඩන් බෞද්ධ විහාරයේ  තවලම බන්දුල හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් පසුගියදා පින්කමක් පැවැත්විණි.

දීර්ඝ කාලයක් තිස්සේ ලන්ඩන් බෞද්ධ විහාරයේ නේවාසිකව වැඩවසමින් ධර්මදුත වැඩකටයුතුවල නිරතවන උන්වහන්සේ, කාගේත් ගෞරවාදරයට පත්වූ හිමිනමකි.

ලන්ඩන් විහාරාධිපති  බෝගොඩ සීලවිමල නාහිමියන් අනුශාසනාව පැවැත්වූ අතර එහිදී එදින පිංකම සංවිධානය කිරීමේ අරමුණද පැහැදිලිකර දුන්නේය. 

ලේච්වර්ත් ධම්මනිකේථනාධිපති  අකුරල සමිත හිමියන් ආශීර්වාද පුජාව මෙහෙයැවීය.

ඊස්ට්හැම් ලුම්බිණී විහාරාධිපති  මාකුරේ මංගල හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ දේදුනුපිටියේ උපනන්ද හිමියෝ ධර්මදේශනාව පැවැත්වුහ.

ශ්‍රී ලංකා නියෝජය මහකොමසාරිස් නෙවිල් ද සිල්වා සහ එම මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ. 

බන්දුල හිමියන්ගේ ඉල්ලීම පරිදි පැමිණ සිටි සියලුම දෙනා  සංවර්ධනය වෙමින් පවතින රටවල දුගී දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අත් උදව් සපයන රාහුල අරමුදලට ආධාර ලබා කීය.

තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සෙත්පැතීම සඳහා පිංකමක් සංවිධානය කිරීම ගැන සියලුම දෙනාට ස්තුතිකල බන්දුල හිමියන් පිංකමේ අතුරු ඵලයක් ලෙස ලබාදුන් සියලුම ආධාර මුදල් රාහුල අරමුදල මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ආධාර වැඩසටහන් සඳහා යොදවාගන්න බව කීය.

1998 දී ආරම්භ කළ රාහුල අරමුදල ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක දුගී එහෙත් කුසලතා ඇති දරුවන් ගේ අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා උදව් කරයි.

 



අදහස් (0)

උපන් දිනයට උතුම් පින්කමක්

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 05 June 2013 04:57 PM

සිල්වෝ...හැබැයි රට පාවා දීලා, හමුදාව පාවා දීලා, සිංහලය පාවා දීලා 'එසයිලම්' ගහපු 'සිංහලයෝ' නම් ඉතාලියේ නැහැ. එක කොටියෙක් මෙහෙ කොඩියක් උස්සල නැහැ, අපේ එක පන්සලකට ගහන්න දුන්නේ නැහැ. පන්සල් වලට ගහද්දි, හයි කොමිසමට කොටි නැගල හෙළ ජාතික කොඩිය ඉරද්දී සිල්වා ඔබ හිටියේ කවුන්සිල් එකේ 'පොඩි එවුන්ගේ පිහිටෙන් ලබාගන්න බෙනිෆිට්' පෝලිමේද?(නදී)

:       0       0

පී කරුණාසේන මිලානෝ Wednesday, 05 June 2013 05:12 PM

ඉතාලියට බෝට්ටුවෙන් ඇවිල්ලා, රාත්‍රී කෝච්චියෙන් ප්‍රංසෙට ගිහිල්ලා, ප්‍රංසේදී ලොරියක 'කන්ටේනර්' එකක් ඇතුලේ රිංගලා එංගලන්තෙට ගිහිලලා. 'අනේ අපේ ලංකාවේ සිංහලයා අපිවම මරනවා' කියල සිල්වා වගේ පෘතුගීසි නම් තියෙන සිංහලයෝ රෙෆියුජි ගහනවා. හැබැයි කට්ටිය අහුවෙන්නේ 'ඩුවල් සිටිසන්' ගන්න ඉන්ටවිව් එකේදී තමයි.(නදී)

:       0       0

සාලිය වික්‍රමසුරිය Wednesday, 05 June 2013 05:38 PM

ලන්ඩන් බෞද්ධ විහාරය කවදත් දැන උගත් ස්වාමින් වහන්සේගෙන් ධර්මය උගත හැකි තැනක්. බ්‍රිතාන්‍ය ආණ්ඩුව හා රජ පවුල එරට බුදු දහමේ කේන්ද්‍රස්ථානය ලෙස පිළිගන්නේ එතනයි. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 05:49 PM

සාලිය, 'මනෝ පුබ්බංගමා ධම්මා...මනෝ සෙට්ටා මනොමයා' බුදු දහමේ කේන්ද්‍රස්ථානය තම මනස මිසක් 'කොන්ක්‍රීට් ගොඩනැගිලි' නොවේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 01:54 PM

අපේ අය මොනවා නැතත් කොහේ ගියත් කන එකට නම් ඉතියෝපියාවත් පරාද කරනවා.(ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 06:24 PM

මෙතන මොන අදහස් දැක්වුවත් 'නිහඬ සේවයක්' එංගලන්තේ බෞද්ධයා වෙනුවෙන් සහ ලංකාවේ දුප්පත් ළමුන් වෙනුවෙන් කරන බව මිලානෝ ඉන්න අප පවා අසා ඇති බන්දුල ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී පරමායුෂ ප්‍රාර්ථනා කරමි.(නදී)

:       0       0

නිමල් Wednesday, 05 June 2013 02:17 PM

පිටිගල ඔබ හරි. ඒකත් ඉතින් මුලික අවශ්‍යතාවයක්නේ. (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Wednesday, 05 June 2013 07:12 PM

පිටිගල මිලානෝ, ඔබ කියන ගාතාවේ අදහස ධර්මය කේන්ද්‍රස්ථානය ගැන නොවේ. සියලු දේ මනස මුලික කරගෙන සිදුවෙන බවයි.(නදී)

:       0       0

මහනුවර ධම්මගවෙසි හිමි Wednesday, 05 June 2013 07:19 PM

සාලිය මහත්මා කියූ දේ හරි. පින්වත් පිටිගල මිලානෝ මහත්මා මනෝ පුබ්බංගමා ධම්මා.. යන ධම්මපදයේ එන ගාථා පදයෙන් අදහස් කරන්නේ සිත සියලු දේට මුල්වන බවයි. සාලිය මහත්මාටද පිටිගල මහත්මාටද බුදුසරණයි. (නි)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 05 June 2013 02:39 PM

පිටිගල, ඔය කියන කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා නේ. දන් දෙන මේ වෙසක් කාලේ මොන තරම් හොද පිංකමක්ද. අපි උන් වහන්සේට දීර්ඝායුෂ පතමු.(ස)

:       0       0

නිහාල් ගලප්පත්ති ලන්ඩන් Wednesday, 05 June 2013 07:31 PM

මා එදින මේ පින්කමට සහභාගී වුනා. ඉතාම අධ්‍යාත්මික අවස්ථාවක්. බන්දුල ස්වාමින්වහන්සේ හරිම කාරුණිකයි. දේදුනුපිටියේ උපනන්ද නම් ස්වාමින්වහන්සේ ඉතා ලස්සනට ඉංග්‍රීසි බසින් සරලව ධර්ම දේශනා කළා. අනගාරික ධර්මපාල තුමා ආරම්භ කළා ලන්ඩන් බෞද්ධ විහාරය බටහිර ලෝකයේ පළමු ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයයි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 05 June 2013 03:25 PM

කුනුබක්කි කාල පේමන්ට්වල නිදාගන්න පිරිසක් ඉතාලියේ ඉන්නවා. ඔය අය ලංකාවෙන් ගියේ බෝට්ටුවල හැබැයි දැන් මුල අමතක වෙලා. ඒ වගේම ධර්මයේ වටිනාකමත් දන්නේ නැහැ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 05 June 2013 09:22 PM

සාලිය සහ සාලිය (මහනුවර ධම්මගවෙසි ලෙස අදහස් දක්වූ), සියලු දේට සිත කේන්ද්‍ර වනවා කියා ඔබ පිලිගන්නවා , නමුත් මේ සියලු දේ කුමක්ද? එය ඔබත් බාහිර ලෝකයත් අතර පවතින සියලු දෙයයි එනම්, සියලු ලෝක ධර්මතායි. මේ සියලු ධර්මතා නිසා දහ අට ආකාරයකට (ආයතන හය වරක් දුක්ඛ,අදුක්ඛ, අදුක්ඛමය සුඛ තුන් ආකාර චෙථනා) සිතේ හට ගන්න දුක්කයන් හඳුනාගෙන ආර්ය හෙවත් යහපත් මාගයේ ගොස් නිවාරණය කරගැනීම බුදුදහමයි. එනම් සියලු ලෝක ධර්මතා හෙවත් ධර්මය මනස කේන්ද්‍රකරගෙන ඇත්තේය. (නදී)

:       0       0

රන්ජිත් Wednesday, 05 June 2013 09:33 PM

සාලිය මහත්මාගේ අදහසට විනාඩි හයකට පසුවයි මහනුවර ධම්ම ගවේසී හිමි කියන කෙනා අදහස පළකර තිබෙන්නේ. එතරම් කෙටි කලකින් මෙම පුවත් යාවත්කාලීන (අප්ඩේට්) වෙනවද? මේ අනුව සාලියගේ අදහස පළවීමටත් පෙරයි මහනුවර ධම්මගවෙසි හිමි ලියා තිබෙන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 22 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 155 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 144 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 399 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 67 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 422 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site