මීගොඩ හල්බරාවේ අල්මාරියකින් බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පාදුක්ක පොලීසිය කියයි. අධික ලේ වහනය නිසා හෝමාගම රෝහලට ඇතුළු කළ එක්දරු මවකගෙන් ලත් තොරතුරකට අනුව පොලීසිය එම සිරුර සොයා ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවරඑළිය රුවන් හරියට හරි...
අපිත් සමහර දේ ලාච්චුවේ දාල වහනවා ....ඒත් දරුවෙක්..??????
නිතරම පිරිමින්ට අපහාස කරන ප්‍රියන්ති අල්විස්ට මේ නෝනල ගැන මොනාද දන්නෙ නෑ කියන්න තියෙන්නෙ...?
මේවගේ අයට මරණ දඩුවම දෙන්නෙ නැත්තෙ ඇයි..??
මේ කවුරුවත් හිතුවද ඒ අම්මා මොනතරම් පීඩනයක ඇත්ද කියලා..
මෙහෙම අම්මල මරලත් මදි...
මෙහෙම අම්මල මරලත් මදි...
මිනිස් ආත්මයක ඉපදෙන්න පින තිබ්බට මේ අම්මට මේ ආත්මයේ එක පවත්වාගෙන යන්න තරම් පිනක් නැහැ.. ඒ නිසා තමයි මේ වගේ අමනුස්ස වැඩක් කරන්න හිතට එන්න ඇත්තෙ. ඒ නිසා අපි ඒකට කළබල වෙලා වැඩක් නැහැ. ඒක එයාගෙ ලබන ආත්මෙට තමයි බලපාන්නෙ.. ඒ දරුවත් ලොකු පවක් කරලා ඇති.. මේ වගේ ඒවා අහන්න අපිත් සමහර විට පව් කරලා ඇති නේද??
මේක උවමනාවෙන් කලදෙයක් නොවියහැක. මෙහි සදහන් කාන්තාව අසරණවී රෝහලකට යාමට නොහැකිව තම නිවසේම දරුවා බිහිකලා වියහැක. විලිරුදාව යනු ලොවේ එති අධි පීඩිත වේදනාකාරී අත්දැකීමකි. බිහිවූ දරුවා නිසිප්‍රතිකාර නොමැතිකමින් මියයාමට ඇති මම සිතමි. එමනිසා ඒ අසරණ කාන්තාව දොස්පවරා නීතියට බියවූ මෙම අහිංසක කාන්තාව මෙසේ දරුවා අල්මාරියේ සඟවා තැබුවා වියහැක. සැමදෙයක්ම ප්‍රඥා දයාවෙන් විමසුමට ලක්කර අදහස් ප්‍රකාශ කලයුතුයි සිතමි.
අම්මා රත්රන් අල්මාරියේ තැන්පත්කරයි අම්මාට දරුවා රත්රන් හා සමානය එමනිසා අම්මා දරුවා අල්මාරියේ තැන්පත්කරයි
නිශාන්තගෙ අදහස සමහරවිට හරි නීතියට, සමාජයට කෙසේවෙතත් මේ මවට එසේ කිරීමට සාධාරණ හේතුවක් තියෙන්න ඇති කියා..මමත් හිතනවා..
මවකට දරැවෙක් ලැබුණම ඒ මවගෙ ලේ ටික කිරි වෙන්නෙ දරැ සෙනෙහස වැඩිකමට.. ඒත් මේ අම්මගෙ ලේ කෝපාවිශ්ඨ උනේ කොහොමද? දසමාසයක් කුසේ තියන හිටියෙ මේ ටික කරන්නද?
මනුස්ස ආත්මයෙන් ඉන්න යක්කු....
අපේ රටේ නීති කද වැඩි නිසයි හොරෙන් වෙන අම්මකෙනෙකුට හදාගන්න දුන්නොත් අරන් හදාගත්තු අම්මත් වැදූ අම්මත් දෙන්නම උසාවියෙන් වැරදිකරැවන්...
ප්‍රියදර්ශනී !! ආදිකලේ ආච්චිලා කියපු කතා කියන්න එපා. ලේ කිරිවෙන්නේ බබෙක් ලැබුනට පසු ඇඟේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් සිදුවන දෙයක් නිසා. කිරි නැති අම්මල ලෝකේ නැහැ. ලංකාවේ අය කවද හැදෙයිද දන්නේ නැහැ
ළමයින නැතිව දරැවන් හදාගැනීමට බලාපොරොත්තුවෙන දෙමාපියන්ගෙ ලයිස්තුවක් හදල මෙවැනි දරැවන් දීමට ලිහිල් නීතියක් ගේන්න.. උසාවි නොගොස් රෝහලේදිම හදාගන්න දෙමාපියන්ගෙ නම්වලින්ම බාරදෙන්න. එවිට අවජාතක දරැවෝ ගණන හෝ අඩුවෙයි..
දැන් හැමදාම අම්ම කෙනෙක් කිරි දරුවෙක්ව මරනවා. සමාජීය ආකල්ප බොහෝ ලෙස මෙයට බලපානවා. එකට ප්‍රධානම හේතුව තමයි ටෙලි නාට්‍ය හා චිත්‍රපටි කතා තේමාවන්. බොහොමයක් ඒවා සමාජයේ දුෂිත ආකල්ප වැපිරීමට හේතුවෙන ඒවා.
අනේ පිං සිදුවෙයි.. දරැවන් නැති කරන්න එපා.. එපානම් ළමානිවාස වගේ රජයේ ලියාපදිංචි ආයතනයකට ඒ දරැවන් දෙන්න.. එයාල ඒ බබාලට හොද ජීවන තත්ත්වයක් ඇති කර දෙයි..
කිරි දරැවන්ට අපළ කාලයක් තමයි උදා වෙලා තියෙන්නෙ.. හැම තිස්සෙම මේ වගේ පුවත් අහන්න ලැබෙනවා.. කොතනක නමුත් වරදක් තියෙන බව පෙනෙනවා..
රුවන් : ඔබ හරි. හරියටම නීතියේ හැටියට ළමයෙක් හදාගන්න ගන්නවා කියන එක ලොකු කරදර කාරී දෙයක්. එම නිසා එම නීති ටිකක් ලිහිල් කර, මෙවැනි ජීවිත ටිකක් හරි බේරා ගන්න බැලුවොත් නරකද ?
1.බලන්න ඒ මවගේ මානසික තත්වය. 2.වැරදි අනියම් සම්බන්ධතාවයක් ( වැරදි ? ) නිසා දරුවකු පිළිසිද ගත් කාන්තාවකට ඔය මහත්ම මහත්මීන් කුමන ආකාරයෙන්ද කතා කරන්නේ. පොඩ්ඩක් හිතන්න. 3. බඩගින්නේ ඉන්න අම්මා කෙනෙකුට දරුවකුට කන්න අරන් දි තියෙන්නේ කවුද? මිනිස්සු ජිවත් කරවමු. පසුබිම තේරුම් ගමු. 4. දරුවා මැරුවා නම් එය මිනි මැරීමකි. මානසික විකෘතිතාවයකින් සිදුකළ දෙයක් නම් ඒ මවත් මරාදමන්න එපා. ඇයට තවත් දරුවෙකු සිටී. ඇය මරන්න ඉක්මන් වෙන්න එපා.
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕන...
හර්ෂනී ඔයකියනකම් තමා හිටියේ. මේ ගැන මම හොයල බලල කටයුතුකරන්නම්. හැබය් මෙතන සිද්දිය ගැන සැකයි! කව්ද ළමයව හැන්ගුවේ කියලත් සැකයි! ළමය මරුන විදිහ ගැනත් සැකයි! අම්ම ගැනත් සැකයි.
කවදාහරි දවසක ලිබියාවේ වෙච්ච දේ තමයි මෙහෙටත් වෙන්නේ
කෝ අර නිතරම පිරිමින්ට දොස් කියන නංගි ?????
"එස්.එල්.ටී.කේ.2004 2012-06-21 13:04:29 රුවන් : ඔබ හරි. හරියටම නීතියේ හැටියට ළමයෙක් හදාගන්න ගන්නවා කියන එක ලොකු කරදර කාරී දෙයක්. එම නිසා එම නීති ටිකක් ලිහිල් කර, මෙවැනි ජීවිත ටිකක් හරි බේරා ගන්න බැලුවොත් නරකද ?" මෙවැනි කතා කියන්නට පෙර, ස්වාභාවික ක්‍රමයට දරුවෙක් හදාගැනීම ලේසිද කියා එවැනි අත්දැකීමක් ඇති කෙනෙකුගෙන් අහලා එන්න. කඩෙන් බඩුවක් ගන්න විදියට ළමයින් හදාගන්න ඉඩ දුන්නොත් හොඳට හිටීවි. මෙම නීතිමය දීර්ඝ ක්‍රියාවලියෙන් තමයි පෙන්නුම් කරන්නේ හැබැවටම මේ ඉදිරිපත්වී සිටින අය දෙමාපිය භූමිකාවට සුදුසුද කියා. එම කරදරය වත් දරුවෙකු වෙනුවෙන් දරාගත නොහැකි අය ඔවුන් ලොකුමහත් වනවිට එන අභියෝග කෙසේ දරන්නද? බැරි නම් නිකා ඉන්න එකයි තියෙන්නේ.
අනේ අම්මෙ මටත් දෙන්න.. ලෝකයේ ලස්‌සන බලන්න.. මාස දෙකයි තවමත් මට... අනේ එපා මා මරන්න.. ඔය දෙන්නගෙ රහස් කතා.. මගෙ හදවත සිදුරු කලා... මාව මරන්නට කියලා.. තාත්තා මගේ රන්ඩු කලා... ඔයා අඩන විට හිමිහිට... මටත් ඇඩේනවා නොදැනිම.. ඔයා අම්මෙ මොන වගේද... ආසයි මට බලා ගන්න... කොහෙ ඉදලද මු ආවේ... තාත්තා කියනවා ඇසුනා... මොනවා කලත් එයා මගේ.. තාත්තානේ... මට සිතුනා... දොස්‌තර මාමා කීවත්... ''අනේ ඕක මහා වැඩක්‌ද?''...... අනේ අම්මෙ තව සිතන්න.. තාත්තාට කියලා දෙන්න.... කල පින් මගේ මදි හින්දද....... මට ඔය ලෝකය දකින්න..... ආයෙත් මට පින් කරන්න.... ඔය ලෝකෙන් ඉඩක් දෙන්න.... කල පින් මගේ ඇති වේවා... මම ලෝකේට බිහි වේවා..... ඔය දෙන්නම බුදු වේවා...... මගේ ලෝකය මගේ වේවා....
මට හර්ෂණීව සැකයි
දරැවන් බහි කිරීමේදී අධික වේදනාව හේතුකොටගෙන සමහර කාන්තාවන් මානසික රෝගී තත්ත්වයකට පත්වෙනවා..මෙයාද මෙවැනි තත්ත්වයකට පත්වෙන්න ඉඩකඩ වැඩි බව පෙනී යනවා.. දරැවා නිවසතුල බිහි කිරීම සහ පළවැනි දරැ උපත බව සැළකීමේදී. කෙසේ වෙතත් වැඩිහිටි අයෙක් ඇගේ උපකාරයට නොසිටියේ නම් කණගාටුදායකයි. උපන් දරැවටද ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වූවා විය හැකියි.. මෙතනදි මවට වරද පැටවීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුයි..
ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ ඉපදිලා මැරුණද? මැරිලා ඉපදුනාද?
දරුවෝ නැතිව කොයි තරම් මිනිස්සු දුක් විදිනවාද?
අනේ මෙහෙමත් අම්මලා
අර මොරටුවේ තිබුන ළමා නිවාසේටවත් දෙන්න තිබුන මේ කිරි කැටියව ,
පරිස්සමට වෙන්න ඇති
සත්තු
අන්තිමට වග කියන්නේ කිරි දරුවා....
ගැහැණු හිත් මෙතරම් දරුණුද?
බලන්න ඒ අම්මගේ මොළේ පුලුන්ද කියලා
අල්මාරියද ළමයාගේ තාත්තා?
මේක මනසික රෝගී තත්වයක්..........
ලංකාව රෙකෝඩ් තියන්න හදන්නේ බිලිදුන් මරලා
තිරිසනුන්වත් මෙහෙම කරන්නේ නෑ
අනේ මේ මොනවද අහන්න ලැබෙන්නේ..වැරදීමකින් දරුවෙක් ලැබුණ නම් ඒ දරුවව රැකගෙන සමාජයට ආදර්ශයක් වෙන්න පුලුවන් නේද?
මොනවද මේ අහන්න වෙන දේවල්
පවු අසරණ කිරිකැටියා, මේවගේ දේවල් වලක්වන්න අදාල ආයතන ක්‍රමවත් වැඩ පිළිවෙලක් යොදනවානම් ගොඩක් හොදයි, දරුවන් නැති, දරුවන් අරන් හදාගන්න කැමති අය ලංකාවේ කොපමණ ඉන්නවද? ඒත් එයාලට ලේසියෙන් දරුවෙක් ගන්න බැහැ, උසාවි ගානේ ගිහිල්ල අත්සන්කරන්නයි තව තව වැඩ ගොඩයි, එහෙම නොකලොත් දරුවා දීපු අම්මත් රිමාන්ඩ්. දරුවා හදාගන්න ගත්තු අයත් රිමාන්ඩ්, මේවගේ සිදුවීම් අහන්න අපිත් පවුකරලා තියන එක ගැන මටනම් කණගාටුයි...
අම්මා කෙනෙකුට දරුවෙකුට වඩා උතුම් දෙයක් තවත් තියෙනවද
මේ වගේ දේවල් දැන් පැයන් පැය පුවත් වෙලාද ? අපිත් පව් කරන්න උනානෙ මේ වගේ දේවල් අහන්න ? අම්ම කෙනෙක් නම් නෙමෙයි
මෙයානම් අම්ම කෙනෙක් නෙමෙයි....
මේ කාන්තාවව මරන්නයි වටින්නේ
කණගාටු දායක සිද්දියක් ,, දරුවාව කාට හරි හදා ගන්න දෙන්න තිබ්බනේ .. එත් මේ කතාවේ තව වෙන පැත්තකුත් ඇති ,, අපේ පොලිසියේ මහත්තුරු ටිකක් විස්තර හොයල බලන්න ..
සාමාන්‍ය පුරවැසියා : මේක අධ්‍යාපනයේ සහ ආර්ථික ක්‍රමයේ වැරදි විමා :නෑ නෑ මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන රනි :අපේ ආන්ඩුවක් යටතේ මෙහෙම වෙන්නේ නෑ මේ ඔක්කොම කාන්තා පිරිමි වැරදි සම්බන්ධතා නිසා බන්දු :ආර්ථික විද්‍යාවේ මූලිකාංග වලට අනුව මෙය ආර්ථික අවපාතය තුලින් විතැන් වූ ආවස්තික පිරිවැය තුලින් හුදෙක් මහජනයා වෙත පැවරුණු අවශිෂ්ඨතාවක ප්‍රතිඵලයක්.
නැති බැරි කම නිසා මිනිස්සු ඕනම දෙයක් කරනව
මීට සමාජය සහ රටේ යම් යම් නීතිත් වගකිව යුතුයි
මෙවැනි දේවල් දැන් දැන් සමාජයේ කොහේත් සිද්ධ වෙන්න පුලුවන්
බුදුන් තුන්වරක් වැඩ් ලංකාදීපය අමු අමුවේම කීරිදරුවන් මරණදේශය. මේවා අහනවට වැඩිය හොදයි අපේ ජීවිත මියපරලොව ගියනම් කිරිදරුවන්ට පෙර.......
මේකටත් ආණ්ඩ්වට වග කියන්න වෙයිද දන්නේ නෑ
අම්මගේ වැරැද්ද විතරයි පේන්නේ.තමන්‍ගේ දරුවා මැරෙනකල් තාත්තා මොකද කළේ?
මෙවැනි කාන්තාවන්ට නීතියෙන් උපරිම දඩුවම් ලබා දිය යුතුයි
මාතෘත්වය නොදත් හැගීම්වලට පමණක් වහල් වූ කෙනක් වෙන්න ඇති
ගෙදර බුදුන් කියලා කියන්න පුලුවන්ද මෙහෙම අම්මලාට
පව් අසරණ දරුවා.....මේ වගේ ගෑනුන්‍ට මොනවා කරත් මදි..
හොඳ වැඩක් කරන්න ඕන..
මේයා මොන ආත්මෙකවත් ආයේ අම්මෙක්නම් වෙන එකක් නෑ...