තිස්සමහාරාම බෝගහාපැළැස්සේ ළමා නිවාසයක දරුවන් ලවා ඌරන් ඝාතනය කැරැවූ බව කියන ළමා නිවාසයේ බාරකරු කොඩිතුවක්කු ආරචිචිගේ දයාරත්න දේවගැති තිස්සමහාරාම වැඩ බලන මහේස්ත්‍රත් පී.ඒ ජයසිරි මහතා විසින් රුපියල් ලකෂ දහයක ශරිර ඇප දෙකක් මත මුදා හරිනු ලැබිය.
දේවගැති දයාරත්න වැඩ බැලූ මහේස්ත්‍රත් වරයාට පැවසුවේ මෙම ළමා නිවාසයේ ළමයින් 84 දෙනකු සිටින බවයි. තමන් බන්ධනාගාර ගත කරන්නේ නම් මෙම ළමයින්ගේ බාරකරත්වය දැරිමට කවුරුන් හෝ පත් කරන්නැයි ද, තම බිරිදත් දියවැඩියා රෝගයෙන් පීඩා විදින බවද ඔහු පවැසීය.
ළමයින් කෘරත්වයට පත්කිරිම යටතේ මෙම පුද්ගලයාට එරෙහිව නඩු පැවැරීමට යයි. මෙම නඩුව ලබන අප්‍රේල් 8 වැනි දින විභාග කිරිමට නියමිතය.
තිස්සමහාරාම ප්‍රදේශිය සභාවේ සභාපති හර්ෂ ජයවිර මහතා පැවසුවේ මෙම ඌරු කොටුව නීති විරෝධි ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි. කිසිදු අයුරකින් අවසරයක් ගෙන නැති බවත් සතුන් ඝාතනය කිරිම සදහා රජයේ ද අනුමැතිය අවශ්‍ය බවත් මෙම ඌරු කොටුව පිළිබදව සෙයා බලා නීති මගින් ක්‍රියා කිරිමට කටයුතු කරන බවත් ජයවිර මහතා පැවසිය.
තිස්සමහාරාම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (26) වැනි දින

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්ටර්වරුන් ගැන දැන් හොයාබලන්න කාලය හරි. (නි)
පාස්ටර් කියලා නෙමෙයි කියන්න තියෙන්නේ. (නි)
මෙයා දේව ගැති කෙනෙක්ද නැතිනම් ඌරු ගැති කෙනෙක්ද? (නි)
ළමයින් සාහසිකයින් කළ මොහුට ලොකු දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
පාස්ටර්ලා බහුතරය සූකර මාංශ වලට පෙරේතයි. (නි)
මොන උත්සවයක් තිබුණත් සත්තු ටික ඉවරයි. මොකද ආගමෙන්ම සත්තු මරන්න අවසර දීලනේ තියෙන්නේ. (නි)
නියම නම තමයි මාතෘකාවට දාලා තියෙන්නේ (දී)
පෞද්ගලික මට්ටමෙන් පවත්වාගෙන යන සියලුම ළමා නිවාස නිරන්තරව අධීක්ෂණය කළ යුතුයි. (නි)
මොහුට යහපතක්නම් වෙන්නේ නැ (ස)
ඒ නම තමයි අවුල්, උරු කොටු පාස්ටර් (දී)
කවුරු කළත් වැරදි වැඩේ වැරදිම තමයි. (නි)
මහා පුදුමෙ කියන්නෙ මෙච්චර මේ ශිෂඨාචාරෙ සංවර්ධනේ අරකයි මේකයි තියෙනවයි කියන රටේ මේ ළමයි ටික බාරගෙන බලා ගන්න වෙන කෙනෙක්වත් වැඩපිළිවෙලක්වත් නැහැයි කියල බලධාරියො උසාවියේදී මග ඇරල ගියා කියන එකනේ. මේ ළමයි ඔය මස් මඩුවෙ කරන විදියට ලොකු වුණහම මිනිස්සුන්වත් මරන්න පුලුවන් වදකයො රැලක් වෙයි. බොදු බල සේනාව, වහා සටනට සැරසෙන්න. මේ ලමයි යහ මගට ගන්න. (නි)
මේ තරම් ඉක්මනට (දී)
නිශා, ඔයා පොදුවේද කිව්වේ? නැත්නම් ඔය ආගමට විතරද ? (නි)
අසරණ දරුවන්ට මානසික පීඩා කරන එක වැරදියි. (නි)
මමනම් විරුද්දයි ඇප දුන්නාට (දී)
ළමා පරපුර ධුෂණය කරන්න එපා (දී)
මෙයත් බේරෙයි ඉක්මනටම . මොකද අපේ රටේ සත්ගුණවත් පිරිස්නේ ඉන්නේ (ස)
පාස්ටර්වරයා වැරදියි. අපි ළමයින්ව මීටවැඩිය ආරක්ෂා කරමු. (නි)
නැවත මේ වගේ වැරදි කරන්න එපා (දී)
මෙවැනි අයට දේවගැති කියන එක වැරදියි නේද? (නි)
තිස්සමහාරාමයේ ප්‍රාදේශීය සභාව, ග්‍රාමසේවකලා මෙපමණ කල් මොකද කළේ? (නි)
ඉතාම හොද පුවත්පතක් ලංකාදීප. (නි)
වැරදි කාරයා වෙලා බන්ධනාගාර ගත වුනොත් නෝනා අසනීපෙන්, ළමයි බලාගන්න කෙනෙක් නැහැ කියලා ගෙදර එන්න පුලුවන්ද?(නදී)
දරුවන් 10 දෙනෙක් ඉන්නා තාත්තා කෙනෙක් දරුවන් ජීවත්කරවන්න කියලා කසිප්පු පෙරුවොත්, හොරකම් කළොත්, කුඩු විකුනුවොත්, මිනියක් මැරුවොත් දරුවෝ 10 දෙනාගේ බාරකාරත්වය දරන්න කෙනෙක් නැහැ කියලා නිදහස් වෙන්න පුලුවන්ද? (නදී)
කුඩු හෝ කසිප්පු විකුනපු වරදට කිරිබොන දරුවා සමගම අම්මාව හිරේ යවනවා.(නදී)
දරුව්න්ට කුඩා කල සිටම සතුන් මරන්න පුරුදු පුහුනු කරපු කෙනා කවුරු වුනත් දැඩි දඩුවම් කරන්න.(නදී)
මොහුට දේවගැතිවරයා යැයි කියන්නේ කුමන පදනමක් මතද? (නි)
අයියෝ සල්ලි, තව බොරුත් කියුවා නේද (දී)
සත්තු ඇති කරන එක නම් හොදයි මරන්න සත්තු ඇති කරන එක තමයි වැරැද්ද (දී)
ඌරු පාස්ටර්ගේ ලෙඩේ දෙවියන්ට හොද කරන්න බැරිද? (නි)
මෙහෙම දෙයක් කරන්න හිත දුන්නේ ඇයි (දී)
ඇප අරන් මෙයා අයෙත් යන්නේ ළමයි ලඟටද? අනේ! (නි)
සුළු පටු වැරද්දක් නොවෙයි කරලා තියෙන්නේ (දී)
එහෙම නොකොලොත් රජයේ උත්සව වර්ජනය කරයි නේද?(නදී)