‘විභාගයට මා ඉතා සැහැල්ලූවෙන් මුහුණ දුන්නා. අමතර වැඩ කරන අතරතුර පාසලෙන් දෙන අධ්‍යාපනය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කලා. පාසලේ දෙන වැඩ එදාම පාඩම් කලා. ඒ නිසා විභාගයට ලිවිමේදී ලොකු බරක් මට දැනුනේ නැහැ‘ යැයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් නව විෂය නිර්දේශය යටතේ පෙනී සිට මාතලේ දිස්ත්‍රික්කයෙන් ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් මාතලේ විද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඩිලාන් රන්දික රංතැටියාව සිසුවා කියයි.
මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගය සමත්ව ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයට ඇතුලත් වූ ඩිලාන් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ අටක් හා සී සාමාර්ථයක් හිමිකරගෙන උසස් පෙළ සදහා මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුලත්විය.
රන්දිකගේ පියා ඩී එම් කරුණාරත්න පෞද්ගලික ආයතනයට සේවය කරන අතර මව ඉෂාරා පෙරේරා මාතලේ උඩුපිහිල්ල ශ්‍රී සරණංකර විද්‍යාලයේ ගුරුවරික ලෙස සේවය කරන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් වටින පුතෙක් , සුබ පැතුම් (ස)
ජය වේවා... (ස)
සුබ පැතුම් මල්ලී (ස)
මුලින්ම මගේ උණුසුම් සුභ පැතුම්! ඒත් පළවැනියට එන ළමයා කියන හැමදේම අනෙක් ළමයින්ට ගැළපෙන්නෙ නැහැ. (නි)
සුභපැතුම් මාතලේට.. ආඩම්බරයි පාසලටත්..!(නු)
ඉතාමත් සතුටුයි...!(නු)
ඉස්සර කාලේ මාතලේ විද්‍යා විද්‍යාලය මුළු පන්තිය පිටින්ම විශ්වවිද්‍යාලයට ගිය පාසලක්.. රටට බිහිකළ බුද්ධිමතුන් ප්‍රමාණය අති විශාලයි.. පාසලටත් ඔබටත් සුභ පැතුම්..!(නු)
එදිනෙදා වැඩ අපිත් එදිනෙදාම කළා පුතේ.. නමුත් පාස් වෙන්න නම් බැරි උණා..!(නු)
මගේ පාසල. පිටරටක හිටයත් මම මේවා දකිද්දි සතුටුයි. සුබ අනාගතයක් (ස)
මෙවන් දරුවන් ලද දෙමාපියන් හරිම වාසනාවන්තයි (ස)
ආඩමබරයි. ලස්සන අනාගතයකට මගෙන් සුබ පැතුම්. (ස)
කේතලෙන් මල්ලක් වෙනුවට මාතලෙන් රජ පැටියෙක් බිහිවෙලා තියෙන්නේ. ඔබට තුණුරුවන් සරණයි (ස)
ඇත්තටම අමතර පන්තිවලට යන ළමයින්ට ඕබ ආදර්ශයක්.. පුස්සො සුදුස්සෝ වෙන කාලෙක ඔබලා වගේ උගත් දරුවන් රටේ අනාගතයට අපට වටිනවා.. සුභ පැතුම්...!(නු)
රන්දික පුතුනි රන්දිවයින ඔබලාට භාරයි (ස)
හරිම ආඩම්බරයි ඩිලාන් මල්ලී (ස)
සතුටුයි පුතේ. හෙට රට නුඹලාට භාරයි (ස)
දැං තමයි ඔබ නියම විදියට අධ්‍යාපනය හදාරන්න යන්නේ.. ඒ නිසා අනවශ්‍ය හිසරද ඔළුවෙ නොදාගෙන ඔබගේ අරමුණ කරා ළගා වෙන්න අදිටන් කරගන්න..!(නු)