මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගත කර සිටි තෙවන සැකකරු සුරේෂ් රොෂාන් මොරටුව මහේස්ත්‍රාත් බී.ආර්.ඒ සෝමසිංහ මහතා විසින් රුපියල් පන්දහසක මුදල් හා රුපියල් විසිදහසක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබීය. සෙසු සැකකරුවන් වන සනෝජ් උදාර කරුණාරත්න, වික්‍රමආරච්චි දිසානායක සහ සාලිය මධුරංග යන තිදෙනා ලබන 15 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද මේ ගැටුම ඉවරයක් වෙන්නේ ?? වෛරයෙන් වෛරය නොසන්සිඳෙ කියලත් මතක තියා ගන්න (ස)
දෙමාපියන් මොනතරම් දුක් විදලද දරුවෝ මේ තැනට ගේන්නේ? නමුත් දෙමාපියන් ගැන නොහිතන නිසානේ මේ විදියට දරුවෝ හැසිරෙන්නේ. තමන්ගේ අරමුණ හොඳින් ඉගෙන ගැනීම නම් , ඒ වැඩේ දෙමාපියන්ට දුක් නොදී කරගෙ යෑමනේ තියෙන්නේ. ඕවට නායකත්ව දෙන අය හැමදාම දෙමාපියන්ට කරදර කරන පිරිසක් හැටියටයි මම දකින්නේ. පවු අහිංසක දෙමාපියන් මේ නිසා මොනතරම් කම්පාවෙනවා ඇද්ද? (නි)
මොරටුව එන්.ඩී.ටී.කට තියෙනෙ කෙනහිලිකම් නවත්වන්න දැන්වත්.බී.එස්.සී. කරන අයට වඩා උසස් පෙළ ලකුනු ගත්ත අය ඔන තරම් එතන ඉන්නවා.මේ රටටත් ලෝකටයත් වඩා ඔන එන්.ඩී.ටී වගෙ කොලු ගැටවු තමයි.
අපේ රටේ තමයි මේ එන්.ඩී.ටී සහ බී.එස්.සී කතා තියෙන්නේ. විදේශයකට ගියහම ඔය මොනවත් ගනන් ගන්නේ නැහැ. මෙයාලා මරා ගන්නවා..(නදී)
එන්.ඩී.ටී. එකට තියෙනෙ කෙනහිලිකම් නවත්වන්න දැන්වත් . මේ රටේ අධයාපන ක්‍රම්ය අනුව බී.එස්.සී. කරන අයට වඩා උසස් පෙළ ලකුනු ගත්ත අය ඔන තරම් එතන ඉන්නවා. එකම දේ දෙගොල්ලගෙම අධ්‍යාත්මික තේරුම් ගෑනීම මදි කමක් ද මන්දා.(නදී)
එන්.ඩී.ටී
මොනව බෙදා ගන්නද මෙයාල මරාගන්නේ(නදී)
පාසැලක් ඇරෙද්දි හිර ගෙයක් වැහෙනවළු, දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ?(නදී)
මට හිතෙන විදියට එන්.ඩී.ආර් අයගේ ලොකු හීනයක් තියෙනවා.. එන්.ඩී.ටී. යන්න එස් තුනක් ඇතිළු..!(නු)
දැන් නම් අපේ බීඑස්සී කොලු ගැටවුන්ට සතුටු ඇති. අනේ මෙහෙමත් ලෝකයක්. පවු අර අසරණ අහිංසක දෙමව්පියෝ. හැබයි ඒ අහිංසක දෙමාපියන්ගේ ඇස් වලින් වැටෙන කදුළු වලට කාට කාටත් හෙනගහනවා බොලවු. (නි)
කඩු අරන් ආපු අනිත් අය තවම හැංගිලද?(නදී)
එන්.ඩී.ටී. ය මොරටුවේ සිටින්නේ අදක ඊයෙක ඉදලා නෙමෙයි. එය වසර 35ක් පමණ වූ අතීතයක්. (නි)
ලංකාවේ උසස් අධ්‍යාපනයේ අරමුණ මේකද? මේ තුවාල උන අයගෙයි හිරේ ගිය අයගෙයි ජීවිත වලට වගකියන්නේ කවිද?(නදී)
අසරණ දෙමවිපියන්ගේ මුදල් නාස්ති නොකර ඉගෙනගන්න, පස්සේ ගහගන්න පුළුවන්.(නදී)
මෙවැනි දේවල් වලට දඩුවම් දෙන්න විශ්ව විද්‍යාල වල බලවතුන්ට බලය දුන්නා නම් ඉවරනේ. (නි)
හීනමානය මොනතරමි ලොකු විනාස කරනවද?(නදී)
උසස් අධ්‍යාපනයට ගහ ගන්න එකත් තියෙනවාද (දී)
හතර දෙනයිනේ ගහන්න ඇවිල්ලා තියෙන්නේ?? (නි)