බාල වයසකාර දැරියක කෙළෙසී යැයි සැකපිට අත්අඩංගත් කැනඩා ජාතිකයකු නිදහස් කැරැගැනීමට අසත්‍ය තොරතුරු සැපැයි යැයි කියන වවුනියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ හිටපු ස්ථාධිපති උපාපොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර සුමනවීර සහ පොලිස් සැරයන් වරයකු වන ප්‍රේමරත්න මෙම 16 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතා ඊයේ (2) නියෝග කෙළේය.
පසුගිය වසරේ අගෝස්තු මස14 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සැකකාර කැනඩා ජාතිකයා බලවයස්කාර දැරිය සමග හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර ඇත. පසුව සැකකාර උපපොලිස් පරික්ෂක සහ සැරයන් ඔහුගෙන් රුපියල් ලක්ෂ පහක් ගෙන ඔහුට විරුද්ධව සාක්කි නැති බව පවසා ඔවුන් මුදා ගැනීමට ක්‍රියා කර ඇති බවත් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අධිකරණය සහ පොලිසිය නොමග යවා ඇති බවත් අධිකරණයේ දී කියැවිණි.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීකෂණයක් පැවැත්වූ වවුනියාව නියෝජ්‍ය පොලිස්පති ඒ.එච්. ජයවීර මහතා ඔවුන්ගේ වැඩ තහනමකට ලක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා සමගාමීව මෙවන් සිදධිවලට වැට බැඳීමට ක්‍රමවේදයක් සකස්කිරීම ඉතාම අවශ්‍යයි. නැත්නම් ලංකාව සල්ලාලයන්ගේ පාරාදීසියක් බවට පත්වෙයි.(ස)
මෙයා කැනඩා පාස්පෝට් ආවට ලංකාවේ දෙමළ ජාතිකයෙක්. කොහොම වුණත් ද්‍රවිඩ ජාතික නඩුකාරතුමාට මගේ උත්තමාචාරය! (නි)
රිමාන්ඩ් කරලා මදි මේ වගේ පාපතරයන්ව . රජ කාලේ දඩුවම් දිය යුතුයි (ස)
විනයක් නොමැතිව බදවා ගැනීමේ ප්‍රතිඵලයක් නේද? (ස)
මම කියන්නද දෙන්න ඕන දඩුවම (ස)
මේ අයටත් හැම සිර කරුවෙකුටම ලබා දෙන සම්මත සාත්තුවම ලබාදෙන්න (ස)
ලංකාවේ හැම පොලිසියකම මෙ වාගේ දෙවල් සිද්ධ වෙනවා , විනයක් තිබියම යුතු තැන තමයි විනයක් ඇත්තෙම නැත්තේ (ස)
පොලිසියට පමණක් පඩි වැඩි කිරීමෙන් පසක් වන්නේ කුමක්ද? (නි)
බාලවයස්කාර දැරිය බිලි දුන්න කෙනාවත් හොයන්න ඕනෑ. සමහර විට ඒකත් මේ දෙපලගේම වැඩක් වෙන්න පුලුවන්. (නි)
මේවට වගකියන්නේ කවුද ? (ස)
වැටත් නියරත් ගොයම කානම් - කාට පවසම් භයං කාරං (ස)
මෙවැනි දේවල් නිවැරදි කළ හැක්කේ පාලකයින් නිවැරදිව, අවංකව, කෙලින් හිටියොත් පමණයි. රටක නීතිය සහ සාමය පැතිරෙන්නෙ උඩු තලයේ සිට යටටයි. රටක ලොකු ලොක්කො එක් වරක් නරකක් කළොත් පොඩි පොඩ්ඩො දහ වරක් ඒ වැරැද්ද කරනවා සිය ගුණයක් නරක විදිහට.කතාවක් තියෙනවානෙ දේවාලෙ කපුව හිට ගෙන කරන වැඩේ කපුවගෙ ගෝලයො දුව දුව කරනව කියල , ඒ නිසා කවුරු කවුරුත් ආදර්ශමත් වෙන්න (ස)
මේ හොරු ටික ඉවර කරානම් ඉබේම ආශ්චර්‍යයට යාමට හැකි වේවි (ස)
ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර වැඩිවීමට එක ප්‍රධාන හේතුවක් නම් පොලිසියේ අවෘත්තීය පරීක්ෂණ රටාව සහ අල්ලසට සහ පගාවට යටවන මෙවන් සමහර පොලිස් නිලධාරින්ය. ස්ත්‍රී දුෂණයකින් පසු ගොඩින් බේරා ගැනීමට හැකිබවට සමාජයේ පවතින විශ්වාශය, මෙවන් අපරාධ කරන්නන් හට පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් වැනිය. මෙම අපරාධයට සම්බන්ධ කැනේඩියානු ජාතිකයා නැවත අල්ලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.(ස)
මගෙ අම්මෝ! මෙහෙමත් වැඩ... (නි)
නියමයි. සියලු වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. (නි)
දැරිය දමිළ බැවින් මොවුන්ට අවුරුදු 10 ගණනේවත් සිරදඩුවම් පැමිණවිය යුතුයි. (නි)
මේ වගෙ සිද්ධි පොලිසිවල කෙතරම් සිද්දවනවා ඇද්ද? (ස)
මේ අයට කියන්න ඕනෑ එස් අයි කියලා නෙමෙයි, ඩී එස් අයි කියලා. (නි)
මේ වගේ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්න (ස)
කෝ අපේ බොදු බල සේනා? (නි)
වැඩ තහනමක් නෙමෙයි, මම නම් කියන්නේ ඊට වැඩිය ලොකු දඩුවමක් දෙන්න ඕනෑ කියලයි. (නි)
බලනකොට වැදගත් මහත්තුරු කියලා අපි හිතාගෙන ඉදලා තියෙන්නේ හොරුන්වනේ. (නි)
ශා............හොඳයි (ස)
ජය වේවා මහත්තයෝ! අපේ උත්තමාචාරය මෙන්න. (ස)
කස පහර 50 ක් , තුන් මසක සිර දඩුවමක් හා වැඩ තහනමකට ලක් කරානම් හොඳයි (ස)
වරදක් වහන්න හදන එකම බරපතල වරදක් (ස)
මෙයාලට සහොඳරියන් හෝ දියණියන් නැතිලුද ??(ස)
රටේ දැඩිනීති ක්‍රියාත්මක නොකර කොහොමද යහපත් සමාජයක් ඇති කරන්නේ? (නි)
2013 පොලිසියට අපලයි වගෙයි නේද? (නි)