කොටි සැහැසිකම් දැක්වෙන කටුගෙයක් අම්පාර අරන්තලාවේ ඉදි කැරේ. 1987 ජුනි දෙවැනි දා කොටි ත‍්‍රස්තවාදින් විසින් අරන්තලාවේදි හැගොඩ ඉන්ද්‍රසාර නාහිමි ඇතුළු භික්ෂූන් 31 නමක මරා දමනු ලැබූහ. එම භික්ෂුන් වහන්සේලා ඝාතනය කරනු ලැබු
බස්රථය ස්ථිර වශයෙන් එහි තබා වසර විසිහයකට පෙර සිදු වූ ඝාතනය මුර්ති මගින් නිරුපණය කැරේ. මූර්ති ශිල්පීයා අනිල් අමරපුරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේවා අමතක කරාට අර ජිනීව වල ඉන්න අයටනම් කිසිදෙයක් අමතක වෙලා නැහැ . ඉතින් අපිත් මේවා මතක තියාගෙන ඉමු සැමදා .... (නු)
නැහැ පිටිගල , ඝාතනය කළ සමහර අයට විශේෂ වරප්‍රසාදත් ලැබුණා. (නි)
කිසිම තේරුමක් නැති නිසරු වැඩක් හැටියටයි මම නම් මේක දකින්නේ. (නි)
කොටින් විසින් අපවත් කළ අප ස්වාමින් වහන්සේලාට නිවන් සුව අත් වේවා! (නි)
මෙහෙම අපරාධ කරපු අයට රජ දඩුවම් දෙන්න ඕනෑ වුණත් දැන් සමහරුන් නම් විදින්නේ රජ සැප. (නි)
අපේ බුදුදහම රැකගන්න මේ වගේ දේවල් කරන්න ඕනෑ. අපේ රටේ මෙහෙම අපරාධ කිසිදිනක නොවේවා! (නි)
කරු-සරත්-සංජීව-සෑම්, ඔබ සැමගේ අදහස් නරකමත් නැහැ. ඒත් මගේ අදහස මෙම කටුගෙය පිහිටුවන්න තිබුනේ අරන්තලාවේ නොව ජිනීවා වල බවයි. මොකද ලංකාවට විරුද්ධව අත් ඔසවන අයගේ ඇස් ඇරෙන්න. (නි)
මේක ඉතාම හොද අදහසක්.. මිනිසුන්ට අමතකයි එල්.ටී.ටී.ඊ කුරිරැකම්.. මේක තමයි රජය මගින් අපේ අතීතය ජීවමාන කිරීමේ එක් ක්‍රමයක්..මේක කාටවත් අපහාස කරන්න නොව අතීත ආවර්ජනයක්...!(නු)
හොද වැඩක්..!(නු)
වුණ දේ දුකක් තමා. ඒත් ඊළග පරම්පරාවට බලා ගන්නත් එක්ක නියමයි. (නි)
මානව හිමිකම් කතාකරන අයට මේවා පෙන්වන්න..!(නු)
මේ වගේ වැඩ හොද නැහැ කියන සහෝදරවරුණි.. ලෝකෙ දිහා ඇස් ඇරලා බලන්න.. මේ වගේ නිර්මාණ කොයිතරම් තියෙනවාද කියලා.. කොහෙත්ම ක්‍රොධය ඇවිස්සෙන්නේ නැහැ.. අතීතය කටුක අත්දැකීම් වර්තමානයට වැදගත්..!(නු)
මේවා කරපු අයවත් මේ විදියටම නිර්මාණය කරන්න..!(නු)
හොද අගේ කල යූතූ වැඩක්....(නු)
මම තොප්පිගල මෙහෙයුම අවස්ථාවේදී මෙම අරන්තලාවට යාමට ලැබුණා.. මම මේ තැන දැක්කා... මට ගොක් දුක හිතුනා මේ සිදුවීම ගැන... මට වචනයෙන් විස්තර කරන්න බැරි ලෙස...!(නු)
මුල අමතක කරන අයත් ඉන්නවනේ අපිත් එක්ක. අරුමයක් නෑ මේ වගේ කතා කියනකොට. (නු)
මේ කෙන් වෙන්නේ අපි අතීතය ගැන නැවත නැවත කළකිරී දෙමල ජනයා සමග නැවත වෛරයක් ඇතිවීම පමණක්ම නේද?(නු)
මේ වැඩේ මෙහෙම කරනවාට වඩා වෙන දෙයක් කරන්නයි තිබුණෙ.. මේ වැඩෙන් මේ සිදුවීම මතක් කර කර වෛරය වැඩි වෙන එක තමයි වෙන්නේ..ඒ නිසා ඒ අපවත්වු හිමියන්ට පිං සිදුවන දෙයක් තමයි කළ යුත්තේ..!(නු)
යලිත් අපිට දකින්න නොලැබේවා මෙවන් කුරිරු සිද්දීන් (දී)
මේ තරම් පවු කළ නිසාදෝ ප්‍රභාට මරණය හිමිවුණේ? (නි)
ඇමරිකන් තානාපති තුමාට කියන්න ඇවිත් විවෘත කරන්න (දී)
මොන තරම් කුරිරුද (දී)
අරයට ආරාධනා පත්‍රයක් යන්න ඕනෑ විවෘත කරන්න එන්න කියලා. (නි)
හෙට අනිද්දා ජිනීවා වල අපිට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනා වලට මෙවැනි බිහිසුණු අපරාධ වල ඡායාරූපත් අමුණලා යැව්වා නම් තමා අගේ. (නි)
මේවා පෙන්නන්න ඇමරිකාවෙන් එක්කගෙන එන්න ඕනේ (දී)
මටනම් කනගාටු හිතෙනවා (දී)
මේ ඝාතන වලට උඩගෙඩි දුන් උදවිය කිසි කරදරයක් නැතිව අද රටේ ඉහළම තනතුරු දරන බව මෙතන අදහස් දමන දේශප්‍රේමීන්ට අමතක වීම ගැන හිතනකොට සිංහලයාගේ මතකය ගැන ප්‍රභා කියපු ටික සිහිවෙනවා. (නි)
ැදන් වන්දනාකරුවන්ගේ ප්‍රමාණය වැඩිවේවි. (නි)
අරන්තලාවේ ඝාතනය ගැන වග කියන්න ඕනෑ ප්‍රධාන පුද්ගලයන්ටම මේක විවෘත කරන්න කිවුවා නම් නරකද? (නි)
මේ අපරාධ කරපු අය ගැන නම් අද කාටවත් මතකයක්වත් නැහැ. (නි)
දක්ෂ ශිල්පියෙක්ගේ හොද වැඩක් වගේම රටට ඉතා අවශ්‍ය දෙයක්. (නි)
දුක්බර අවස්ථාවක් (ස)
ගාමිණි, ඔබගේ කතාවට මාත් එකඟයි (ස)
මේක විවෘත්ත කරන්න කාටද කියන්නේ (ස)
අනුර හරි. පොල් ගෙඩි අටක් හොරකම් කළ දුවට පනස්දාහක් ශරීර ඇප ගහද්දි මේ මහා අපරාදය කළ අය මුකුත්ම නැතුව ඉන්නේ ඔය මුකුත් නොකළ , නොදන්නා , මතක නැති විදියට. (නි)
මේවා දකිනකොට මොන තරම් දුකක් ඇතිවෙනාද? ජනපතිතුමා හා රණවිරුවන් අපේ රට නිදහස් කර දුන්නාට සදා ණය ගැතිවෙමු..!(නු)
මේක විවෘත කරන දාට මේම අපරාධයට සම්බන්ධ අයට දන්වන්න.,!(නු)
මේක ඉතාම හොද වැඩක්..!(නු)
ඝාතනය වුණ භික්ෂූන්ට කටුගේ.. ඝාතනය කළ අයට නිරය..!(නු)
ඉතාම හොද වැඩක්..!(නු)
කළ උතුම්ම දෙයක්.. නැත්නම් අළුත් පරපුරට වෙන වෙන මත ගොඩනගලා දෙයි.. ඕකත් සාධාරණීකරණය කරලා දායි.. හැමදේම නොපිට හරවාගෙනනේ දැං යන්නේ... බුද්ධාගමත් සම්පූර්ණයෙන් විකෘතිකරන්නනේ යන්නේ.. (නු)
වැඩේ හොදයි.. යුද්ධය ඉවරවෙලා අවුරුදු 4කට පස්සේ තමයි මේවා හැදෙන්නේ..!(නු)
මේවා ජාත්‍යන්තරයට දෙන්න.. එතකොට ජිනීවා චෝදනා අස් කර ගනීවි..!(නු)
මේවා දකිද්දි මොන තරම් දුකක් ඇතිවෙනවාද?(නු)
සුවවූ තුවාල යලි පාර පාර,වැළලු මිනි යලි ගොඩදමන මේ ප්‍රයත්නය වයිරය අනාගත පරම්පරාවටත් ලගාකර දීමට ගන්නා උත්සහයක් පමණි.(නු)
ගොඩක් පිරිසකට අමතකවූ අතීතය මතක් කරන්නට සැරසෙන ඔබතුමන්ලාට ගොඩක් පිං... දරුණු එල්.ටී.ටී.ඊ යේ සහසිකම් මේ විදියට දකිනකොටත් හද කම්පා වෙනවා.!(නු)
බඩගෝස්තරවාදී සමහර අපේ සිංහලයන්ට මේවා දැන් අමතකයි. (නි)
හොද කළාකරුවෙකුගේ දක්ෂකමක්..!(නු)
කවදාද මේක විවෘත කරන්නේ..!(නු)
හොඳ වැඩක් , නැත්නම් සිංහලයට ඉක්මනට අමතක වෙනවා (ස)
සිංහලයන්ට ජය වේවා...... (ස)
අපේ මානව හිමිකම් නඩේට මේවා මතක නැහැනේ. විවෘත කරන දවසට ආරාධනා පත්‍රයක් යවන්නයි තියෙන්නේ(නු)
අනේ මේ වගේ අපරාධ කළ කළානේ ඇත්තට..!(නු)
මේ අධම සහ අවාසනාවන්ත සිදුවීම අමතක කර දැමීම වෙනුවට එවා යළි සිහි ගැන්වෙන දේවල් ඉදිකිරීමෙන් වෙන්නේ ක්රෝධය වෛරය වැඩි වෙන එක විතරයි.. මෙය දියුණු වෙන ජාතියක සුභ දෙයක් නෙමෙයි..!(නු
බුදු දහමේ නම් තියෙන්නේ නහී වේරේන වේරානි කියලා.. නමුත් මේ වෛරය ඇවිස්සීමයි.. වෛරය සදාකල් මතක් කිරීම හොද වැඩක් කියලා මෙහිම කීදෙනෙක් කියලා තියෙනවාද?(නු)
හොඳ වැඩක් පුතා (ස)
කරුණාකර මේ වැඩේට මටත් උදව්වක් කරන්න විදියක් කියන්නකෝ... ඔබ සැමට දිරිය...!(නු)
කාට පේන්නද මේවා හදන්නේ..!(නු)
මේවා විවෘත කරන දාට මේම අපරාදවලට සම්බන්ධ අයටත් එන්න කියන්න..!(නු)
අගය කළ යුතු වැඩක්..!(නු)
මෙම අපරාධයට සම්බන්ධ අයගේ නම් මෙහි සටහන් කරනවා නේද?(නු)
මේවා කරපු අයගේ ඡායාරෑපත් දැම්මනම් තමයි හොද?(නු)
හොද වැඩක්..!(නු)
යළිත් ලේ වැගිරීම් එපා..!(නු)
මේ වගේ අප්‍රසන්න සිදුවීම් අමතක කරලා දාන්නේ නැතිව අපසු මතක් කරන්න එක හොද නැහැ..!(නු)
විවෘත කරන්න එන්න කියන්න මේවාට සම්බන්ධවෙච්ච අයටත්.,!(නු)
මට හිතෙන විදියට දැං මෙ පරණ දේවල් අවුස්සලා වැඩක් නැහැ.. තවත් වෛරය ඇවතිවීමයි සිදුවෙන්නේ.. ජාතික සමගිය ඇතිකරවන දේවල් තමයි දැං රටට අවශ්‍ය..!(නු)
කොටින්ගේ ක්‍රියාකලාපයන් ලොවට පෙන්වීමට මෙය ඉතාම හොදයි.. නමුත් බෞද්ධයන් මෙය දකිනවිට සිත්සතන් තුල කෝපය වෛරය හැතිවීම තුලින් ආධ්‍යාත්මය පිරිහීමට ඉඩ ඇත. ඒ පිළිබදව බෞද්ධ අපි බුදුදහමේ ඉගැන්වීම් සිත්හි තබාගෙන එම සංවේදී අවස්ථාව සිහිපත් කරමු..!(නු)
මුළු ලොවම දැන ගත යුතුයි එල්.ටී.ටී.ඊ යේ විනාශයන්.. අපේ හාමුදුරුවන් ඝාතනය කළා..(නු)
මේවාද දැං කරන්න තියෙන ලොකුම වැඩ..!(නු)