නැවත පදංචිකිරිමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන්(කරණා) පසුගියදා ඉතාලි සංචාරයක් සදහා පැමිණි අවස්ථාවේ පාදෝවා නුවරදී එසැනට හමු විය.ඔහු කොටි සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා විය.ප්‍රභාකරන්ගේ සමීපයෙක්ද විය.
ප්‍ර-ඔබ ඉතාලියට ආවේ රාජකාරියකටද? නැද්ද?
පි- රාජ්‍ය තාන්ත්‍රීකව පැමිණි ගමනක්
ප්‍ර-ඵහි අරමුණ කුමක්ද?
පි-මෙහි ඇති නවීන තාකෂණය හදුනාගනිමින් ඵය නැගෙනහිර පළාතට ගෙනයෑම වගේම මෙහි ආයෝජකයින් නැගෙනහිරට ගෙන ගොස් රැකියා විරහිතභාවයට යම් පිලිතුරක් සැපයිම.
ප්‍ර- ඵය සාර්ථක වුනාද?
පි- ඇත්තෙන්ම ඔව් අපි කර්මාන්තශාලා රැසක් නැරඹුවා වගේම අයෝජකයින් රැසක් සමග සාකච්ඡා කළා ඔවුන් කැමතියි අපි සමග ඵකතුවෙන්න. අපේ පළමුවැනි අදියර ඉතාමත් සාර්ථකයි .දෙවැනි අදියර කඩිනමින් ක්‍රියාවට නන්වනවා අපිට මේ හැමදේම සුදානම් කර දුන්නේ ඉතාලියේ මගේ සමිබන්ධිකරණ ලේකම් ටී ජි සුනිල් ශාන්ත මහතා
ප්‍ර- හොදයි ඔබ රජය නියොජනය කරන ප්‍රධාන පෙළේ වගකිවයුතුඇමතිවරයෙක් නැගෙනහිර පළාත ගැන ඔබ කතාකළා. වසර 30ක යුද්ධය නිමා කරදමා අවුරුදු හතරකට ආසන්න වෙනවා.උතුරු පළාතේ වත්මන් තත්වය කොහොමද? ඵහි ජනතාවට නිදහසේ ජිවත්වීමට හැකි වාතාවරනයක් උදාවෙලා තියෙනවද?
පි- ඔව් ඵහි ජනතාව දැන් හොද නිදහස් ජිවීතයක් ගතකරනවා පාලම්, පාරවල් ,ජලය විදුලිය වගේ යට්තල පහසුකම් ඔවුන්ට හිමිවෙලා රජය දැන් නිවාස තනාදීමෙ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කරමින් ඉන්නේ
ප්‍ර-උතුරු පළාතේ තවමත් අධිආරකෂිත කලාප පවතිනවා ඵ් වගේම ඇතැම් මිනිසුන්ට තමන්ගේ පෙර ඉඩම් වලට යෑමට නොහැකි වෙලා තියෙනවා ඔබ මෙය දකින්නේ කොහොමද?
පි- යුද්ධයෙන් පසු නොයෙක් තැන්වල හමුදා කදවුරු පිහිටුවා තියෙනවා. හැබැයි ඵ් පෞද්ගලික ඉඩම්වල නොවෙයි අධිආරකෂිත කලාපත් ක්‍රම ක්‍රමයෙන් අඩු කරම්න් ඵ් ඉඩමි ජනතාව ආපසු බෙදා දෙනවා. ප්‍රධාන හමුදා කදවුරු ඇරුණාම අනෙක් කුඩා හමුදා කඳවුරු කලයත් සමග ඉවත්කර ගනිවී
ප්‍ර- දෙමළ ජාතික සංධානය ඵකහෙලාම කියාසිටිනවා අධිආරකෂිත කලාප වගේම හමුදා කදවුරුත් උතුරු පළාතෙන් ඉවත්කර ගතයුතුයි කියලා ඇයි ඔවුන් ඵසේ කියන්නේ?
පි- ඔවුන්ට ඵසේ කියන්න බැහැ ඵ් හැම දෙයක්ම පිහිටුවා තියෙන්නේ ආරක‍්ෂාව සදහා මේ යන සාමකාමී වාතාවරණයත් සමග ඵවා ටිකෙන් ටික අඩු වෙවී පළාලි ආශ්‍රිතව පමණක් අධිආරකෂිත කලාප අඩු කරමින් ග්‍රාමසේවා වසම් දාහතරක් මුදාහැර තිබෙනවා.
ප්‍ර- මේ වන විට රජය හමුදාව හා පොලීසිය සදහා දමිළ ජාතික තරුණ තරුණියන් වීශාල වශයෙන් බදව ගන්නවා ඵහි අරමුණ කූමක්ද?
පි- යුද්ධයෙන් පසු ජාතින් අතර සහජිවනයට ඵය හොඳ රුකුලක් නොයෙක් භාෂා කතාකරන නොයෙක් ජාතීන් ආරකෂක අංශයන්හි සිටීමෙන් ප්‍රශ්න පැනනගිනවා අඩුයි.මේක හොද තීරණයක්
ප්‍ර- පසුගියදා යාපනයේ සංචාරය කළ විපක‍්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට යුද්ධයෙන් අතරුදන් වු තමන්ගේ දු දරුවන් තුන්දහසක් සොයා දෙන ලෙස ඵහි දෙමාපියන් ඉල්ලීමක් කළා ඇත්තෙන්ම ඵම තරුණ තරුණියන්ට කුමක්ද සිද්ධ වුයේ?
පි- යුද්ධය යන අතරතුර කොටි සංවිධානය තරුණ තරුණියන් රැසක් පැහැරගෙන ගොස් බලෙන් බදව ගත්තා යුද්ධයේ අවසාන කාලයේ කොටි තරුණ මළ සිරුරු විශාල වශයෙන් හමුදාවට හමු වුණා. ඇතැම් සිරුරු හදුනාගත නොහැකි ව තියෙනවා ඵ් අතර ඵම තරුණ තරුණියන්ද සිටින්න ඇති
ප්‍ර- කොටි නායක ප්‍රභාකරන් මියගියත් විදේශයන් හි කොටි සංවිධාන තවමත් ශක්තිමත්ව පවතිනවා. රජය පවා ඵය පිළිගන්නවා. මෑතකදී ඉතාලියේ ලෙච්චේ නගරයේ සම්මන්ත්‍රණ පැවතුණා. අපේ භූමිය අපිට ඕනෑ කියලා කොටි සමිමන්ත්‍රණයක් ඊට උදව් කළේ ඉන්තගේරා ඔන්ලුස් කියන රාජ්‍ය නොවන සංවිධානයක්.මේ වගේ සම්මන්ත්‍රණ ඔවුන් වසර පුරාම පවත්වනවා. මහාවිරු දිනේ යුරෝපයේ මහත් හරසරින් සැමරුවා. ඇතැම් ස්ථානවල කොටි කොඩිය පවා ඉහළට ඵසෙවුවා. ජිනිවා මානව හිමිකමි සමුළුවේදී රජය අපහසුතාවයට පත්කරන්න යුරෝපයේකොටි හිතවාදීන් වසර පුරාම මේ ආකාරයට සුදානම් වෙද්දි රජය කරන්නේ මානව හිමිකමි සමුළුව දා ඵක්සත් ජාතින්ගේ මුලස්ථානය ඉදිරිපිටට යුරෝපයේ ඉන්න ලාංකිකයිගෙන් පිරිසක් ගෙනැල්ලා පැය කිහිපක් කෑ ගහන ඵක පිලිබඳව ඔබේ අදහස කූමක්ද?
පි- ප්‍රශ්නයට මුහුණ දෙන්න පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බව මමත් පිළිගන්නවා ඵ් ඵ් රටවල් දැනුවත් කරන්න,අප ගැන මවා තියෙන වැරදි අවබෝධය නිවැරදි කරන්නත් ශ්‍රි ලංකාව නියෝජනය කරන අපේ තානාපතිවරුන්ට හැකිවෙන්න ඕනෑ. තානාපතිවරුන් කිහිප දෙනෙක් ඵ් ආකාරයට ක්‍රියාත්මක වෙනවා කියන්න මම දන්නවා. රජයක් වශයෙන් අපි කැමතියි යුරෝපා සංගමයත් ඵක්ක ගනුදෙනු කරන්න ඔවුන්ගේ තාක‍්ෂණය අපිට ලබා ගන්න ඵත් සමහර යුරෝපීය රටවල් අපි ගැන වැදි අවබෝධයකින් ඉන්නේ ඵ් කොටි හිතවාදීන් ගොතපු බොරු නිසා මේ වැරදි මතය නිවැරදි කරන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕනෑ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ස්තුතියි.(නදී)
කොටි ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ (දී)
කොහොමද සැප? (නි)
මේ වැඩේට යවන්න වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද? අවුරුදු ගනනාවක් මොහු මිනීමැරුවා. රාජ්‍යතාන්ත්‍රික ගමන් අරින්නේ මේ වගේ මිනිස්සුද? (නදී)
උපාසක කොටියා බන කියනවා.(නදී)
කරුණා කියන්නේ ලංකා ඉතිහාසය වෙනස්කරපු සංධිස්ථානයක එක්කෙනෙක්. ඔහුත් විශාල මෙහෙයක් කළා. ඔහුව ලංකා රජයට ඉතාම වැදගත් වුනේ දරුණු ත්‍රසතයන් විනාශ කරන්න ඔහුගෙන් ලැබුනු සහයෝගය නිසා.(නදී)
අපි හොදට බට කාපු පිරිසක්, අයෙත් නම් මිනිස්සුන්ව රවට්ටන්න බැහැ (දී)
එතකොට ෆසාල්ලා නුවණක්කාරයිද? (නි)
මේ වැඩේ ඉවරයක් තියෙන්න ඕනේ (දී)
කියන්නාට කෙසේ කියන්න බැරිද අපි දන ගන්න ඕනේ ඇත්ත තත්වය (දී)
අපි ලෝකවාසීන් දැනුවත් කරන්න ඕනේ (දී)
ඒක අපි කාගේත් වගකීමක් (දී)
සිංහලයා මෝඩයා කියන්නේ මෙහෙම වැඩ නිසයි. (නි)
වෙලාවට මිලාන් ආවේ නැත්තේ... (නි)
ඇත්ත ඇති සැටියෙන් දැනගෙන රට ඉදිරියට ගෙනයන්න. අනුන්ට වාසි වෙන කතා කතා නොකර ඉදිමු.(නදී)
ලෝකයාව දැනුවත් කරන එක අපේ වගකීමක් (දී)
සමාවෙන්න හිතට එන දේ කියාගන්න විදිහක් නැහැ. පත්තරේක වුනත් සීමා මායිම් තියෙනවනේ. ඒත් එකක් කියන්නම් තාම වෙලාව හොදයි.(නදී)
අපි දැන ගන්න ඕනේ ඒ බලවේග නැති කරන්න (දී)
දීපා, කෝ ඉතින් අර වෙළෙන්දා? (නි)
මේ පාදෝවා නෙමෙයි වැනීසිය.(නදී)
බලන්න මොනතරම් වෙනසක්ද කියලා. රනව්රුවන්ට පින් දෙන්න ඕනේ.(නදී)
බලාගෙන. පරිස්සමින්. (නි)
අරන්තලාවේ සංඝයාවහන්සේලා ඝාතනය කලේ මොහු. මෙය දිටිට දම්ම වේදනීය කර්මයක් වේදැයි අපි බලා සිටිනවා.(නදී)
ඇයි ඉතින් ජිනීවා යන්නේ නැත්තේ? (නි)
මිනිසුන් තුළ තාමත් ඉතාම යහපත් හදවත් ඇති බව මම විශ්වාස කරමි. සුභවාදී ආකල්ප වෙනස් කරන්න මාන බලන අය ඉන්න බවත් අපි දන්නවා. නමුත් අපේ මව්බිම තුළ නැවත දුෂ්ඨ අයට ඒ අයගේ සිහින සැබෑ කරන්න ඉඩ නැහැ.(නදී)
ඇත්ත .... (දී)
ජනාධිපතිතුමනි, පන්දමට රැකියා දෙන සංස්කෘතිය නවත්වන්න.(නදී)
ඒක අපේ පරම යුතුකමක් (දී)
රැකියා දෙන ප්‍රතිපත්තිය වෙනස් වෙන දාට රට දියුණු වේවි. (නි)
ඔබගේ කීම පිළිබදව අවංකවම සතුටු වෙනවා. (නි)