IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කෝටි තුනක මැණික් ටිකත් සොයාගනී

මසකට ඉහතදී කොළඹ ව්‍යාපාරිකයකුට අවි පෙන්වා රුපියල් කෝටි තුනක් පමණ   මැණික් පැහැරගත් සැකකරුවන් සිව් දෙනකු, එම මැණික් ද සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරුවෝ අනුරාධපුර, ඇඹිලිපිටිය, වැල්ලම්පිටිය සහ වේයන්ගොඩ කොරස ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.

 අතර නිල්කැට, එමරල්ඩ් (පච්ච), ක්‍රිසොබෙරිල්, රතුකැට, පසිංගල්, ආර්නූල් සහ දියමන්ති ද වන බව පොලීසිය කියයි.

පසුගිය දෙසැම්බර් 18 වැනිදා මහනුවර ව්‍යාපාරික කටයුත්කට යැයි කියමින් ව්‍යාපාරිකයා රවටා රැගෙන ගොස් දොම්පේ පහුරුවිලදී උල් පිහි පෙන්වා     මැණික් ද, ඔහු පැළැඳ සිටි රුපියල් ලක්ෂ තුනක පමණ රන් බඩුද කොල්ලකෑ සැකකරුවන් ව්‍යාපාරිකයා මග දමා ගොස් ඇතැයි ද ඉන් පසු ඔහු විසින් ළඟම ඇති දෝම්පේ පොලීසියට පැමිණිලි කැර ඇතැයි ද කියති.

  මැණික් කොල්ලයක් සිදුව ඇති බවට දොම්පේ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව දැනගත් ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා වහාම ඒ ගැන පරීක්ෂණ පැවැත්වීම නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක කේ එස් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකට භාර කැරිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමට සැකකරුවන් පැමිණි වාහනය ගැන තොරතුරක් ලැබී ඇත. ඒ අනුව සැකකරුවන් ගම්පහ යක්කලින් කුලී පදනම මත ගත් වාහනය පොලිස් බාරයට ගත් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශ නිලධාරීහු ලැබුණු තොරතුරු අනුව සැකකරුවන් සොයා විවිධ ප්‍රදේශවලට ගියහ.

ඇඹිලිපිටිය, චීන වරාය, ත්‍රිකුණාමලය, අනුරාධපුර, හොරව්පතාන ආදී ආදී ප්‍රදේශවල ගිය පොලිස් නිලධාරීහු මාසයක් ඇතුළත සොරකම් කළ කෝටි තුනක මැණික් ද සමග සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුහු සමත් වූහ.

වේයන්ගොඩ කොරස, අනුරාධපුර, ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 25ත් 29ත් අතර පසුවන්නෝ වෙති. වැල්ලම්පිටියේ පදිංචි සැකකරු 42 හැවිරිදි අයෙකි.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී සදසිරි බණ්ඩාර මහතාගේ ද සහායෙන් නොවිසුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ එස් කරුණාරත්න, පොලිස් සැරයන්වරුන් වන 26952 වසන්ත, 64950 නිමල්සිරි පොලිස් කොස්තාපල්වරුන් වන 12840 ජනක, 55466 සෙනවිරත්න, 68073 ඉසුරු යන නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.

කොළඹ පදිංචි එම ව්‍යාපාරිකයා ලංකාදීපය මෙසේ පැවැසීය.

‘නොවැම්බර් අන්තිම මට මගේ හිතවතකු මැණික් ව්‍යාපාරිකයකු බව කියන තරුණයකු හදුන්වා දුන්නා. අපි දවස් තුන හතරක් අපේ ගෙදරදි හමුවුණා. ඒ තරුණයා කිව්වා විදේශිකයන් පිරිසක් ඇවිත් මහනුවර ඉන්නවා. ඔවුන් මැණික් ගන්න කැමතියි අපි 18 වැනිදා ‘බිස්නස් එක‘ කරමු කියලා.

ඊට පස්සේ 18 වැනිදා ඔහු කාරයකින් ආවා. මා ළඟ මැණිකුයි යාළුවෙකුගෙන් ඉල්ල ගත්ත මැණික් ද සමග රුපියල් කෝටි තුනක විතර මැණික් අරගෙන ගියා. ඊට පස්සේ මගදී තව තුන්දෙනෙක් ඉන්නවා එයාලත් දාගත්තට කමක් නැද්දැයි ඇහුවා. මම හා කිව්වා. කාරය පදවගෙන ගියේ ‘බිස්නස් එක‘ කතාකරපු එක්කෙනා.

කාරයේ පිටිපස්සේ මා  මැද්දට කර  දෙන්නෙක් දෙපැත්තෙන් වාඩිවෙලා හිටියේ. දොම්පේ පහුරුවිල හරියේදි  කට්ටියම උල් පිහි අැද මාගේ බෙල්ලට තබා මැණික් ඔක්කොම උදුර ගත්තා. මගේ අතේ තිබ්බ රුපියල් ලක්ෂ තුනක විතර රත්තරන් මුදුත් ගලවගෙන මා  මග දාලා ගියා.‘

ව්‍යාපාරිකයාගේ   රන් මුදු කුරුණෑගලට විකුණා ඇති බවට ලද තොරතුරකට අනුව ඒවා සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

කෝටි තුනක මැණික් ටිකත් සොයාගනී

ජයතිස්ස Tuesday, 22 January 2013 10:47 AM

මේවගේ ව්‍යාපාර කරන අය මීට වඩා පරිස්සම් විය යුතුයි. ජීවිතය බේරුණා ඇති. පොලීසියේ මහත්වරු හට අපගේ ප්‍රණාමය. (ත)

:       0       0

සිසිර Wednesday, 23 January 2013 01:36 AM

පොලිසියට මල්. මුදලාලිට ගල්. හොරු නිකන් පල්. (නි)

:       0       0

රියාස් Tuesday, 22 January 2013 12:31 PM

පොලීසිය ස්තූතියි (ස)

:       0       0

අමිල Tuesday, 22 January 2013 12:33 PM

පොලීසියට ප්‍රණාමය..කොල්ලකාරයෝ හඳුන්වා දීපු යාලුවා ගැනත් ටිකක් බලන්න වෙයි..(ස)

:       0       0

රොශාන් Tuesday, 22 January 2013 02:22 PM

මෙන්න වැඩ. අපේ ප්‍රණාමය(ස)

:       0       0

සිංහ Tuesday, 22 January 2013 07:03 AM

නියමයි පොලිස්. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 22 January 2013 07:24 AM

කිසි කෙනෙක්ව විශ්වාස කරන්න බැරි මේ කාලයේ මීට වැඩිය ප්‍රවේශම් වියයුතුයි. (නි)

:       0       0

කුරුවිට Tuesday, 22 January 2013 03:06 PM

පොලීසියට මල්‍‍‍‍....මුදලාලිට ගල් (ස)

:       0       0

කිත්සිරි Tuesday, 22 January 2013 08:07 AM

හදිසියේ හමුවී මිතුරු වෙන අය ගැන එක්වරම විශ්වාස කිරීම කොතරම් අනුවණ දැයි මෙයින් වැටහෙනවා. ඒත් ලොකු ලාභයක් වෙනවා කිව්ව ගමන් අපේ කට්ටියට ඕවා මතක් වෙන්නේ නැහැ. පොලිසියට මෙහිදී ගෞරවය හිමිවිය යුතුයි. දේපාලන බලපෑම් නැති හැම විටම පොලිසිය අපරාධකරුවන් කොටු කර ගන්නවා. (නි)

:       0       0

ලාල් මිල්ටන් (මාළදිවයිණ) Tuesday, 22 January 2013 08:17 AM

මේවට නම් කවුරුත් මොනවත් කියන්නෙ නැහැ. පොඩ්ඩක් වැරදුනා නම් බලන්න තිබුණා. (නි)

:       0       0

නිත්‍යා Tuesday, 22 January 2013 08:46 AM

අද කාලේ තමන්ගේ දෙයක් තමන්ට හැද පැලඳගෙන පාරේ බැහැල යන්න නෑනේ.හැම තැනම හොරු..හරිම අවාසනාවක් (ස)

:       0       0

සනත් Tuesday, 22 January 2013 08:50 AM

කෝටි 3ක මැණික් අරගෙන වෙන කෙනෙක් අඳුන්වා දුන් නොදන්නා "බිස්නස්"කාරයෙක් එක්ක මේ තරම් දුරක් තනියම යන්න තරම් හිතුනෙ මෝඩකම නිසාද? මැණික් ටික ලැබුණට වඩා ජීවිතය බේරීම ගැන සතුටු විය හැකියි නේද? මේ මංකොල්ල කාලා මග දාලා යන කාලෙකුත් නෙවෙයි. (නි)

:       0       0

නලින් Tuesday, 22 January 2013 08:50 AM

ලංකාවේ පොලිසිය මේවගේ අපරාධ විසදන්න ඇත්තටම දක්ෂයි.. හැබැයි වැඩේ තියෙන්නේ ලොකු ලොකු වරෙන්තුකාරයෝ අපරාධකාරයෝ ඇස්පනාපිට ඉන්නවා ඒ අයව අල්ලන්න අත්අඩංගුවට ගන්න බැරි මොකක්දෝ බාධාවක් තියෙනවා, මේ මහත්තයගෙත් හොදවෙලාවට හොරු ටිකට කිසිම දේශපාලන සම්බන්ධ කමක් තිබිලා නැහැ (ස)

:       0       0

ලලිත් Tuesday, 22 January 2013 09:00 AM

දක්ෂ ලෙස මෙය විසඳූ පොලිස් නිලධාරී මහත්වරුන්ට රටේ ජනතාවගේ ප්‍රණාමය. හිමි වේවා. ජයවේවා ! (ස)

:       0       0

කුමාරි Tuesday, 22 January 2013 09:33 AM

කව්තුගගර හොරු අල්ලන්නත්, මේ උත්තමයන්ට බර දුන්නානම් ගොඩ. (ත)

:       0       0

හිල්ම් Tuesday, 22 January 2013 04:08 PM

කෝටි තුනක්, අම්මෝ (දී)

:       0       0

සෑම් Tuesday, 22 January 2013 09:42 AM

අදකාලේ ලංකාවේ කාර් එකක් පාරේ නතරකළ යන්න බෑ... මාළයක් දාගෙන පාරේ යන්න නෑ.... කාන්තාවකට පාරේ තනියෙන් යන්න එන්න නෑ... කෝ ප්‍රජාතන්ත්‍රවාදය? (ස)

:       0       0

මාරසිංහ Tuesday, 22 January 2013 09:59 AM

කොහොම උනත් මේ මනුස්සයා මරලා දාලා නැත්තේ හොඳ හොරෙක් වෙන්න ඇති (ස)

:       0       0

නිරාන් Tuesday, 22 January 2013 10:11 AM

මෙය සොයා ගැනීමට කැප වූ සැම අගය කල යුතුයි. අගය කිරීමට කිසි විට ප්‍රමාධ නොවෙමු (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 January 2013 10:10 AM

මේවා බය නැතුව කරන එකනේ වැඩේ . ඕවට රටේ නීතියක් නෑ....ඒකයි (ස)

:       0       0

දෝහා Tuesday, 22 January 2013 10:12 AM

අර මාරසිංහ කියන්නක් වගේ ඒ මනුස්සයා නොමැරී බේරුණා ඇති. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4218 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 392 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1562 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3034 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 3002 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site