තීරු බදු නොගෙවා ආනයනය කළ රුපියල් කෝටි හතකට ආසන්න වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනකු රාගම කුරුකුලාවේදී සහ කොටහේනේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
සිගරට් තොගයක් රාගම කුරුකුලාවේ නිවසක ගබඩාකොට තිබිණි. තවත් තොගයක් කොටහේනට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව විශේෂ කාර්ය බළකාය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා එලියට ගියේ කොහොමද? ඒ ගැනත් සොයා බැළුවොත් හොදයි.(නදී)
තව කොච්චර දේවල් මේ දිවියට පන්නනවා ඇද්ද? (නි)
රේගුවෙන් මෙච්චර ලොකු සිගරට් තොගයක් එලියට දැම්මේ කොහොමද? අනිත් බඩුත් මෙහෙමද? (නදී)
සිගරට් පැකට් 140,004 ක් ලංකාවට හොරෙන් ඇතුල් උනේ කොහොමද කියලත් කියනවද ? ආණ්ඩුවට නම් දැන් ඉතින් හොඳ හොද්ද ..ඇයි ඉතින් දැන් නිත්‍යානුකුලව විකුණලා නොමිලේ ලාබය ගන්න පුළුවන් නේ.
මේවා ලංකාවට ගේන්නේ රේගුව හරහා. රේගුවෙන් නිදහස් කල කිලධාරීන්ට විරුද්ධව කිසිම නීතිමය ක්‍රියාමර්ගයක් නොගන්නේ ඇයි.(නදී)
මෙන්න ගේන්න සරියා නීතිය. දෙන්න කසපහර වැරදි කරපු අයට. වැරදි කරුවාගේ දේපොල රාජසන්තක කරන්න.(නදී)
බදු ගෙවාපු සිගරට් බිව්වම කැන්සර් හැදෙන්නෙ නැද්ද හරි නම් සිගරට් තහනම් කරන්න ඕනා.(නදී)
මොවුන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දීලා දේපළත් රාජසන්තක කරන්න ඕනෑ. (නි)
දවසකට කොච්චර හොරෙන් යනවා ඇද්ද ? (දී)