කොළඹ කටුගේ කොල්ලය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවකු මුදා දෙන බව කියා නීතිපති දෙපාර්තමේන්තු නිලධරයකු බව හඟවමින් සැකකරුගේ නෑයකුගෙන් රුපියල් පනස් දහසක් ගත් බවට වරද පිළිගත් සැකකරුවෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවල මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
මුදල් දුන් පසු ද සැකකරු නිදහස් නොකළ නිසා ඒ බව ඔහුගෙන් විමසූ බවත්, ඔහු මුදා ගැනීමට නම් රහස් පොලීසියට ද රුපියල් අසූ දහසක් ගෙවිය යුතු බවත්, උඩුගම අලුත් වත්තේ ගාමිණී කුමාර කම් සැකකරු පැවසූ බවත් පැමිණිලි කාර නෙත්තිගේ රෝෂණ මධුශාන්ත සිය පැමිණිල්ලෙන් කියයි.
නඩු තීන්දුව ජූනි 25 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත් ඔහු රුපියල් පනස් දහසක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේය.
සැකකරු පැමිණිලිකරුට රුපියල් දස දහසක් ද ආපසු ගෙවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස් ගෙඩි දෙකක් කඩා ගත්තාටත් ඇපය රු.50000/ක් නේද?(නදී)
ලංකාවේ මිනීමැරුම් මංකොල්ලකෑම් හරියට මෙගා ටෙලිනාට්‍ය වගේ (නි)
ලංකාවේ නීතිය ගැන නම් කතා කරන්න එපා (නි)
කන්ගැට්ටගේ කවුරු හරි නෑයෙක්ද දන්නෙ නැහැ? (නි)
කටු ගේ අයිතිය දෙන්න. නැතිනම් ජිනිවා යාවි. (අ)
මෙතැනදී පගාව දුන්න කෙනත් වැරදියිනේ. නීතිය දෙදෙනාටම සමාන වෙන්න ඕනෑ. ගත්ත කෙනා සහ දුන්න කෙනා දෙන්නම කරන්නේ හොර වැඩක්නේ. ගත්ත කෙනා විතරක් සුද්ද කරන්නේ නැහැ, දෙන්නම හොරු. (නි)