IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කුඩු කෙරුමන්ගේ ජාලය බිඳ දමමු

වැටත් නියරත් ගොයම් කනවා නම් කියන්න කෙනකු නැති බවට සඳහන් ප්‍රස්ථාවපිරුළ අපේ රටේ ජනප්‍රිය කියමනකි. මෙරට කුඩු මාෆියාව වැඩ කර ඇති ආකාරය අනුව එම කියමන අලු‍තින් ලිවීමට සිදුව තිබේ. වැටත් නියරත් පමණක් නොව ‘‘කුඹුරට හරවන වතුරද ගොයමට යොදන පොහොරද අවට ගස්කොළන්ද යනාදී සියල්ල විසින්ම ගොයම කා දමනවා නම් මක් කොරන්නද’’ යනුවෙනි. මත්කුඩු ජාවාරම් යක්ෂයා විසින් පළමුව බන්ධනාගාරයද, ඊළඟට පොලීසියද, ඊටත් පසුව පොලීසියේම මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන නාකොටික් අංශයද, අවසානයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවද ගිල දමා තිබෙන බවට දැන් තොරතුරු හෙළිව තිබීම ඊට හේතුවය.

බන්ධනාගාරයේ දූෂිත නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් තම ‘‘සයනයේ සහකරුවන්’’ බවට පත්කරගෙන සිටින තොරතුරු හෙළිවූයේ කාලයක සිටය. දැන් එම නිලධාරීන් පිරිසකගේ සියලු‍ ජරා වැඩ එළිපිට අපුල්ලමින් තිබේ. තවත් පිරිසක් කොහේ හෝ සැඟවී සිටින බවට සැක කළ හැකි කාරණාද බොහොමයකි. අල්ලාගත් පිරිසට එරෙහිව හෝ නීතිය ක්‍රියාත්මක වෙමින් පැවතීම මඳ සැනසීමකට හේතුවකි.

බන්ධනාගාර කතාව අවසන් වීමටත් පෙර මේ මහා කුඩු ජාවාරම් මෙගා ටෙලියේ ඊළඟ එපිසෝඩ් එක දිගහැරුණේය. එහි රඟ දැක්වූයේ පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් අංශය භාරව සිටි නිලධාරීන් පිරිසක් විසින් කුඩු කිලෝ සිය ගණනින් රජයේ මුදල් සහ ආරක්ෂාව යටතේ බිස්නස් කළ ආකාරයකි. එම කුඩු බිස්නස් විසින් මේ අපරාධකාරී නිලධාරීන් කිහිපදෙනෙක්ම කෝටිපතියන් බවට පත්කරනු ලැබ සිටිති. මේ නාකොටික් රංගනයට දායක වූ තව කී දෙනකු සිටීදැයි හරියටම තවමත් කිව නොහැකි වුවද අල්ලාගත් පිරිසට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වෙමින් පැවතීම පිළිබඳ කාටත් සතුටුවිය හැකිය. මීට අමතරව කාලයක සිටම පොලීසියේ දූෂිත නිලධාරීන් පිරිසක් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සුරතලු‍න් බවට පත්වෙමින් විශාල ධනයක් උපයාගෙන තිබූ බවට තොරතුරුද ලැබී තිබිණි. ඒ ඇතැම් නිලධාරීහුද බඩුත් සමඟ හසුවීම හේතුවෙන් දඬුවම් විඳිමින් හෝ විඳීමට සූදානමින් හෝ සිටිති.

මේ ජවනිකා පෙළට අලු‍තින්ම එකතු වී සිටින්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සුළු නිලධාරීන් දෙදෙනෙකි. ගොයම් කෑමට වැටත් නියරත් පමණක් නොව වතුර, පොහොර සහ අවට ගස්කොළන් පවා සම්බන්ධ නම් කළ හැක්කේ කුමක්දැයි අප මුලින්ම විමසුවේ මේ හේතුවෙනි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් සම්බන්ධ මත්කුඩු ජාවාරමට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු විභාගයේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුගියදා (18) කළ ප්‍රකාශයක සඳහන්ව තිබුණේ දැන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සුළු නිලධාරීන් දෙදෙනෙක් පවා මේ ජාවාරමට අත්අඩංගුවට පත්ව සිටින බවය. මෙය දම්වැලක් බඳු යැයිද මේ ජාලය කොතරම් පුළුල්දැයි කිවහොත් මොවුන් මත්ද්‍රව්‍ය කිලෝ ගණන් ළඟ තබාගෙන සිට ඇතැයිද මත්පැන් බී අයිස් ගසමින් මේ කුඩු පැකට් කර ඇතැයිද ඔහු කියා තිබිණි. නීතියේ රැකවරණය ඇතිව මේ ජාවාරම් සිදුවී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. මේ තත්ත්වය යටතේ ‘‘ගොයම් කතාව’’ත් හොඳ වැඩිය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කර දැමීමේ ක්‍රියාන්විතය මොනතරම් අපහසු, සංකීර්ණ ක්‍රියාදාමයක්ද යන්න මේ කරුණුවලින් තේරුම් ගත හැක. මත්ද්‍රව්‍ය මහා පරිමාණ ජාවාරම්කරුවන් සහ ඔවුන් නීතියේ රැහැනට හසුකරගෙන සාක්ෂි ඔප්පු කර ගැනීමට කටයුතු කළ යුතු නිලධාරීන් වැඩකර ඇත්තේ ගහට පොත්ත මෙන් ඇලී ගැලී සිටිමින් බව පැහැදිලිය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යනු අල්ලාගන්නා මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කිරීමේදී සැබෑ මත්කුඩුදැයි සනාථ කිරීමේ වගකීම දරන ආයතනයයි. එවැනි ආයතනයකත් කුඩු ජාවාරමුන්ට සම්බන්ධ ජාලයේ සාමාජිකයන් සිටී නම් අල්ලා ගන්නා කුඩු නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කිරීමේදී කුරහන් පිටි බවට පරිවර්තනය වී තිබුණොත් ඒ ගැන පුදුම විය යුතු නැත. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කෙරෙහි රටේ මහජනතාව තබා ඇති විශ්වාසයට මේ ජරා වැඩට හවුල් නිලධාරීන් විසින් සිදුකර ඇත්තේ බරපතළ හානියකි. ඔවුන්ට එරෙහි නඩු හැකි ඉක්මනින් විභාග කොට උපරිම දඬුවම් ලබාදීම මේ විශ්වාසය තවදුරටත් රැක ගැනීමට සිදුකළ යුතු හොඳම කාර්යයයි.

අලු‍තින් පත්වූ අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා විසින් කරනලද ප්‍රකාශයකට අනුව මෙරට වැඩියෙන්ම දූෂිත ආයතන හතරෙන් එකක් වන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවයි. පොලීසිය, බන්ධනාගාරය සහ අධිකරණ ලේකම් කාර්යාල ඉතිරි ආයතන තුනයි. රටින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කර දැමීමට නම් මේ ආයතන හතරේම ඇලවී තිබෙන ‘‘දූෂිත’’ ලේබලය ගැලවීම අවශ්‍ය වෙයි. ඕනෑම ආයතනයක දූෂිත නිලධාරීන් සිටිය හැකි බව සත්‍යයකි. එහෙත් රටේ යුක්තිය පසිඳලීමට ඍජුව දායක වන ඉහත කී ආයතන හතර දූෂණවලින් තොර නොවීම රටේ ජනතාවගේ අයිතියට මරු පහරකි.

සුළු නිලධාරීන් දෙදෙනකු මත් ජාවාරමට සම්බන්ධ බවට හෙළි වූ පමණින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවම ඊට සම්බන්ධ යැයි කියැවෙන්නේ නැත. බන්ධනාගාරය සහ පොලීසියද පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය සම්බන්ධයෙන්ද කිවයුත්තේ එයයි. එහෙත් දූෂිත නිලධාරීන් කිහිප දෙනකු විසින් සිදුකරන හානිය යළි සකස් කිරීම පහසු නැත. ඒ සඳහා මූලිකත්වය ගැනීම නව රජයේ ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම සඳහන් වීම අත්‍යාවශ්‍යය.

(***)



අදහස් (6)

කුඩු කෙරුමන්ගේ ජාලය බිඳ දමමු

jagath# Friday, 21 August 2020 06:36 AM

වයස්ගත කොණ්ඩෙ බැඳපු චීන ජාතිකයෙකුගෙන් ඇහැව්වා නම්... එයාලා කොහොමද චීනයේ එම ජාලය ජයගත්තා කියලා... අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න හැකිවේවි...

:       1       223

athula Friday, 21 August 2020 07:45 AM

බාෙරු ශෝ දාන්න එපා පළමුව ඕවා ගේන අයව අල්ලන්න ඕන...

:       0       4

Jagath# Friday, 21 August 2020 08:15 AM

අපේ අගමැති නිමල් ලන්සා බදාගත්තා. ඡන්ද දායකයින්ට එය මතකයි. ඒ නිසා අපි කවදාවත් මත්ද්‍රව්‍ය වලින් මිදෙන්නේ නැහැ..

:       25       98

sunilFriday, 21 August 2020 01:17 PM

නමුත්, පළාතේ මිනිසුන් ඔහුට වැඩි මනාප ලබාදී පාර්ලිමේන්තුවටත් යැව්වා. ඒ කියන්නේ අද මහජනයා වඩා කැමති එවැනි චර්යාවන් ඇති පුද්ගලයින්ටයි. එසේ නම්, මේ තත්වයට මහජනයාත් වගකිව යුතු නොවේද?

:       0       8

SurasenaMonday, 24 August 2020 06:05 AM

මොකක්ද මහජනයා කුඩු ටිකක් ගැහුවම තියෙන වැරැද්ද?

:       1       105

Nihal Wednesday, 26 August 2020 10:45 AM

මහජනයා යටයි නිකන් දෙන ටකරං කෑල්ලට.. සිමෙන්ති මිටියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5106 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 715 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1228 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1650 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3466 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 233 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16140 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site