IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කඩු පොලු රැගෙන හයක් මහ රෑ ඇවිත් තරුණිය පැහැරගෙන යති

(අම්බලන්තොට සනත් ගමගේ)

අම්බලන්තොට, වලවවත්ත නිවසකට 02වනදා රාත්‍රි කඩාවැදුණු හය දෙනකුගෙන් යුත් පිරිසක් නිවසට වෙඩි තබා නිවැසියන් බියකර නිවසේ සිටි 17 හැවිරිදි තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව ඇගේ මවුපියන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත.

අලුයම 2.30ට පමණ නිවසට ඇතුළු වූ මේ පිරිස අත ගිනි අවි හා කැපෙන ආයුධ තිබූ බව ද පැමිණිල්ලේ සඳහන් වී ඇති බව පොලිසිය කියයි. නිවසට ඇතුළු වූ පිරිස ගෙහිමියාට ගිනි අවිය පෙන්වා බිය කර වැඩි මහල් දියණියගේත් ගෙලට තියුණු ආයුධයක් තබා බිය කර 17 හැවිරිදි තරුණිය සිටි කාමරයට ගොස් ඇය පැහැරගෙන ගිය බව පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන අම්බලන්තොට පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩී. එදිරිසිංහ මහතා පැවසුවේ මත් කුඩුවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයකුගේ ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුවී ඇති බව මූලික පරීක්‍ෂණවලින් හෙළි වී ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බවද පොලිසිය කියයි.

 



අදහස් (28)

කඩු පොලු රැගෙන හයක් මහ රෑ ඇවිත් තරුණිය පැහැරගෙන යති

amila Wednesday, 03 October 2018 04:46 AM

මුළු රටටම අදාළ ප්‍රශ්නයක්. ඇහැට කනට පේන ඕනෑම ගැහැණු දරුවෙක්ට කුඩු කාරයෙක්ගේ මැරයෙක්ගේ හිත ගියොත් මේ දේ වෙන්න පුළුවන් ඕනෑම වෙලාවක. ගෙදරවත් ආරක්ෂාවක් නෑ. ජනතාව එකාවගේ සහය වෙන්න ඕන මේ ළමයව හොයා ගන්න. කුඩු ගංජා ගහන එවුන්ට ගිය රටක් නෙමේ මේක. කුඩු ගංජා ගහන මැරයන්ව සහ ඔවුන්ට සහය දෙන ඕනෑම කෙනෙක්ට විරුද්ධව තරා තිරම නොබලා ජනතාව නැගී සිටින්න ඕන. නැත්නම් අපෙ වර්තමානේ අපේ අනාගතේ අනතුරේ.

:       6       1338

OMGWednesday, 03 October 2018 05:41 AM

සහතික ඇත්ත. නමුත් දේශපාලනය ගෑවිලා තියෙන නිසා නීතිය නැමෙනවා. දුෂණය කරලා පුරසාරම් කරපු රටක් මේක. ජනතාව ගැන කිසිම විශ්වාශයක් නැහැ. එක එක්කෙනාට තියන ප්‍රශ්න හමුවේ තමන්ගේ දේකට හැර වෙනත් දෙයකට කාලය නැහැ. කාටවත් දෝෂාරෝපණය කරලා වැඩකුත් නැහැ. කතා කරලා බලන්න මිනිසුන් 1000 කට. කීයක්ද එන්නේ කියලා.

:       0       383

MOHANWednesday, 03 October 2018 06:21 AM

අමිල, මුලින්ම හොයා බලන්න ඕන මේ පැහැරගත්තේ තරුණියගේ පෙන්වතා විසින් තරුණිය දැනුවත්වමද කියලා.?

:       26       85

සුගත් Wednesday, 03 October 2018 02:31 PM

මොහාන්, ඔබගේ නිගමනය හරියටම හරි, ගෝ අහෙඩ් ...

:       0       2

ගොන්ගාලේ ගොඩබණ්ඩා Wednesday, 03 October 2018 06:42 AM

මටත් තරුණ දූවරු ඉන්නවා.මට වැඩ අධික නිසා මම බිරිදට කියුවා දරුවන් සමග ලංකාවට ගිහින් එන්න කියලා. එයා කියුවා ලංකාවේ තත්වය හොද නෑ. මම නැතුව යන්න බෑ කියල. ඇය හිතපු විදිහ හරියටම හරි. අද හෙටම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඔය තරුණ ළමයා නරක චරිතයක් නිසයි මෙහෙම වුනේ කියාවි. ඔන්න ඔය නිසාම ලංකාවට නෑවිත් ඉන්නවා. මේ රට දැන් මැක්සිකෝව ගානට පත්වෙලා. මේ දේවල් මෙහෙම වුනත් රටේ මහා දෙන්නා සහ ඔවුන්ගේ ඇමතිලාටත්, පොලිසියත්, ගොටු අල්ලන පාක්ෂිකයන්ටත් අනුව අපරාධ අඩු වෙලා. පොලිසිය සහ හමුදාවත් පාරට ගෙනත් වහා මේ තත්වයෙන් මුදා නොගතහොත් විදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව රටට එවන විදේශ විනිමය මාස හයකට නවත්වන්නට හැකිද කියා සොයා බලනවා. රට තුල සිටින විපක්ෂයත් ජනතාවත් ඉද හිට පෙළපාලියක් යනවා හැර රජයට දැනෙන දෙයක් කරන බවක් පෙනෙන්නට නෑ. රටක් පත්ව ඇති ඛේදවාචකය ගැන හරිම වේදනාවක්.

:       1       841

RaveendraWednesday, 03 October 2018 10:33 AM

කවුරු කෙසේ කිවත් මෙම සමාජ පරිහානියට රටේ තිබෙන සියලුම පක්ෂ අඩුවැඩි සහිතව දායකවී ඇතිබව නම් නොරහසකි. එමෙන්ම රජයේ නිලධාරීන් ද, සාමාන්‍ය ජනතාවත් දායකත්වයක් ලබාදී ඇති බවත් නොරහසකි. උත්සවයක් , මළගෙයක්, කෙටියෙන් කියනවා නම් පිං කමක් උනත් අවසන් වන්නේ නිවට බේබද්දන්ගේ නාට්‍යකින් බව ඔබ අප සියල්ලෝම දන්නා සන්සිද්දියකි. මේවා නැවැත්විය හැක්කේ දැඩි ඍජු තීරණ ගැනීමෙන් මෙන්ම අවංක නිලධාරීන්ගේ සේවය අගයමින් ඔවුන්ව දිරිගන්වමින් ඔවුන්ටද නිසි ආරක්ෂාවක් සපයිමෙනි. තවද පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුවියා යුතු බව අපගේ අදහසයි.පොඩි ස්ථානවල බීගෙන කාගෙන අවිනීත ලෙස හැසිරෙන අයට උපරිම දඩුවම් දිය යුතුය.

:       0       106

mangala Wednesday, 03 October 2018 05:44 AM

පොලිසියේ මහතුන් වෙත, මේ සිද්දිය සුළු කොට ගන්න එපා , මෙවැනි දේවල් ආයේ නොවෙන්න වැඩ කරන්න, පොලිසිය ගැන ජනතාවට කිසිම පැහැදීමක් නැත. මේ වගේ දේවල් වෙනවා කියන්නේ නීතියේ පිරිහීම නොවෙයිද.?

:       0       373

ajithWednesday, 03 October 2018 06:24 AM

ඒත් පොලිසිය කියන්නේ අපරාද අඩුවෙලා කියලා.

:       1       119

Rasi Wednesday, 03 October 2018 06:09 AM

රජයේ ඇමතිලාට අනුව අපරාධ අඩුවී ඇත. රාජපක්ෂ සමයට වඩා අඩුය. නමුත් මේ දින වල රටේ සෑම ප්‍රදේශයකින්ම මෙවන් වූ පැහැර ගැනීම් සහ මිනි මැරුම් අසන්නට ලැබේ. මොවුන් මෙය පවසන්නේ කුමන වූ සංඛ්‍යා ලේඛන වලින්ද යන්න විමසා බැලිය යුතුවේ. නැතහොත් දෙමව්පියන්ට දරුවන්, මව්වරුන්ට සහ පියවරුන්ට පාරේ බැහැල යන්න බැරි වෙත්දීත්, සංඛ්‍යාන ලේඛන අනුව රාජපක්ෂ යුගයට අනුව අඩුයි කියමින් ඉන්න සිදුවනු ඇත.

:       0       440

HafeelWednesday, 03 October 2018 07:11 AM

බොහෝ දුරට මේ සංඛ්‍යා ලේඛන ගන්නවා ඇති ක්‍රිකට් තරඟවලදී අර ඩක්වොත් ලුවිස් ක්‍රමයට වෙන්නැති. ලකුණු ගත්ත පන්දු වාර පමණයි සැලකිල්ලට ගන්නේ.

:       48       94

සතයපාල Wednesday, 03 October 2018 07:08 AM

මේක හරියට තමිල්නාඩුවේ දෙමළ චිත්‍රපටියක දර්ෂණයක් වගේ. ලංකාවේ මිනිස්සු නිදහස ලබලා අවුරුදු 70 කට පස්සේ රට අරගෙන ගිහිල්ලා තියෙන තැන තමයී මේ. මේකට දේශපාලකයන්ටයි පොලිසියටයි වගකීම පටවලා අපි කාටවත් අත පිහද ගන්නවත් නිදහස් වෙන්නවත් බැහැ. අපි හැමෝම මේ අඩු වැඩි වශයෙන් මේ මල් වට්ටියට අත ගහලා තියනවා.

:       201       118

ගොන්ගාලේ ගොඩ බණ්ඩාWednesday, 03 October 2018 07:42 AM

සතයපාල, අපිත් ඔය මල්වට්ටියට ඉස්සර අත ගැහුවා වෙන්න පුළුවන්. ඒත් සතයපාල, තවමත් ඔය මල් වට්ටියට පැන් ඉහිමින් හිසේ තබාගෙන සාදුකාර දෙමින් අපිටත් අත ගහන්න කියලා මල් වට්ටිය දික් කරමින් බණත් කියනවා. සතයපලගේ රස්සාව මේ ආණ්ඩුවට එන නින්දා අපහාස බැනුම් චෝදනා වල සැර බාල කරන එක. වෙන පැත්තකට හරවන එක. ඔබ කවුද කියන එක බුද්ධිමත් පාඨකයන් දන්නවා. නම මාරු කරන් වෙනත් නමකින් ඔය වැඩේ හෙට අනිද්දා පටන් ගනීවි ආයෙත්. ගිය ආණ්ඩුව කාලෙත් ඔහොම කිහිප දෙනෙක් හිටියා. කඩේ නොයා රට වෙනුවෙන් පෙනී සිටින්න. මේ වැනසෙන්නේ සෑම පක්ෂිකයෙකුගේම, සෑම ආගමිකයෙකුගේම, සෑම ජනවර්ගයකම උපන් බිමයි.

:       1       290

PerakumWednesday, 03 October 2018 09:12 AM

ඔබ මොනවා කීවත් ඊළඟ ඡන්දෙදි අපි ආයෙමත් කරන්නේ තව තක්කඩි රැලක් බලයට පත් කරන එකනේ... මේක අපේ මිනිස්සුන්ට තේරුම්කර දෙන්නේ කව්ද...? අද අපේ දේශපාලකයින් කවුරුත් ඒක වෙන්න දෙන්නේ නෑ.

:       61       122

සතයපාලWednesday, 03 October 2018 12:58 PM

ඇත්ත කියනකොට පැත්ත ගත්ත අයට රිදෙනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. මල් වට්ටිය හිස තියාගෙන බැතිගී ගයන සමහරුන් තමන් එසේ කරන බව නොදැන සිටීම අරුමයක් නොවේ. ඒ වගේම මට මේ ආණ්ඩුව රකින්න වුවමනාවකුත් නැහැ. රකින්නෙත් නැහැ. නමුත් ඒ නිසා පසුගිය පාලනයේ දූෂකයින්, අපරාධකාරයින්, මිනීමරුවන් වෙනුවෙන් කඩේ යන්න නම් බැහැ. ඔවුන්ට මේ ආණ්ඩුවෙන් බැරි නම් ඊළඟ ආණ්ඩුවෙන් හෝ නිසි දඬුවම් ලබාදීමයි අපේ බලාපොරොත්තුව. එහෙම නැතිව ඔවුන් රජ කරවන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේ පසුගිය ආණ්ඩුවට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් හා නිදහස අද සමාජය තුළ තිබෙනවා. ඒ වෙනස හොඳයි... ඒ වෙනසට අපි කැමතියි. ඒක එහෙම නොවෙයි කියලා කවුරු හරි කියනවා නම් ඒක කුහකකමයි. අද අපි බලාපොරොත්තු වෙන්නේ එතනින් ඉදිරියට රට ගෙනියන්න හැකි ආණ්ඩුවක් මිස ආපස්සට අදින කණ්ඩායමක් නොවේ. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා හැර රනිල් හා සිරිසේන රකින්නට අපට අවශ්‍ය නැත. අවසාන වශයෙන් අප පෙනී සිටින්නේ අපේ නිදහස් අදහස් වෙනුවෙන් පමණක් බවත් කාගේ හෝ කුලියට ලියන්නට අපට වුවමනා නැති බවත් දන්වනු කැමැතියි. එය මතවාදිව පරාජය කරන්න බැරි දුර්වල පුද්ගලයින් නගන අඳෝනාවලට අප සැලෙන්නේ නැත.

:       253       4

amila peiris Wednesday, 03 October 2018 07:24 AM

ඇප ලබා එලියට ඇවිල්ලත් එම අපරාදයම නැවත කරනවානම් තව කුමන කතාද , යල්පැනගිය දඩුවම් ක්‍රම නිසා අපරාධකාරයෝ දේශපාලකයන් හා එක්වී නීතිය නවන කොට වයස 3 ත් 21 අතර දරුවන් කෙසේනම් රැක ගන්නද ?

:       0       92

KANDEPOLA Wednesday, 03 October 2018 08:12 AM

මෙවැනි සිද්ධි වලට ප්‍රධාන හේතුව තමයි නීතියට බය නැතිකම. නීතිය හැල්ලු වෙලා තියෙන්නේ. මෙවැනි අපරාධ කරන අය දන්නවා පොලිස් අත්අඩංගුවට පත් උනත්, මොනවා කලත් කෙටි කලකින් ඇප ගන්න පුළුවන් බව. නඩුව නීතිපතිට යොමු කරලා උපදෙස් ගන්න අවුරුදු 2-3ක් යනවා, මහාධිකරණයේ අධි චෝදනා දීලා අවුරුදු 10-15ක් නඩු අහනවා. අන්තිමේ තීන්දුව දෙනකොට සැකකරු රටෙත් නෑ. එහෙම සිද්ධි කොච්චර තියෙනවද ?

:       0       195

විජිත් Wednesday, 03 October 2018 08:21 AM

මේ වගේම තත්වයක් සිංගප්පුරුව නිර්මානයවුන මුල් අවධියේදී සිදුවුනා. මහා දවල් මොටර්සයිකල් වලින් පැමිණෙන චීන හැඩය ඇති තරුණයින් පිරිසක් ලස්සන තරුණියන්ව පැහැරගෙනගොස් දුෂණය කිරීමයි සිදුවුනේ. මෙය අන්තිමේදී නීතියේ පරිධිය තුල නිරාකරණය කිරීමට නොහැකි තත්වයක් දක්වාම පැතිර ගියේය. මන්දයත් වැරදි කරුවෝ දඬුවම්ලබා නැවත සමජයටවිත් ඒ වැරැද්දම නැවත කිරීමයි සිදුවුනේ. අවසානයේදී ලි ක්වාන් යු අගමැති තුමා එතුමාට ඉතාමත්ම හිතවත් පොලිස් නිලධාරියෙකු පත්කොට " ඔහුට අවශ්‍ය ලෙස " මේ ප්‍රශ්නය නිරාකරණය කරන ලෙස උපදෙස් දුන්නේය.

:       0       80

buddhiWednesday, 03 October 2018 08:46 AM

ඔහු විසඳීමට ගත් පියවරත් කියන්න විජිත්...

:       0       1

විජිත් Wednesday, 03 October 2018 11:12 AM

ඒ ක්‍රමය ඉතාමත් අශිලාචාර ක්‍රමයක්.කොටින්ම කියනවනම් .."ඒ ස්ත්‍රී දුෂකයින්ගේ ..සහෝදරියන්ගෙන් පලිගැනීමක්.." කියා කියන්නට පුළුවනි. එත් ශිෂ්ට ලෝකයේ එවැනි ක්‍රමයක් ගැන අපිට හිතන්නවත් බැහැනේද..,? අපේ රටේ මේ ප්‍රශ්නයට සිංගප්පුරුවේ කල ක්‍රමය යෝජනා කරනවා කියලා නම් මොහොතකටවත් හිතන්න එපා. ඒ තරමටම ඒ ක්‍රමය අශිලාචරයි.

:       0       21

PerakumWednesday, 03 October 2018 09:06 AM

සිංගප්පූරු ක්‍රමය අපිටත් අනුගමනය කරන්න පුළුවන්. එ්ත් ලෝකෙ මහ බලවතුන් අපට එරෙහිව මානුෂික අයිතිවාසිකම් චෝදනා කරනකොට කව්ද අපිව බේරාගන්නේ...?

:       0       84

Ranjan Wednesday, 03 October 2018 08:56 AM

රජය මේවට යමක් කරන්නේ මහජනයාගෙන් එන බලකිරීම් මත නැතිනම් ඒ අයට මේවා සුළු දේවල් ඒ නිසා රජයට දැනෙන්න කලහැකි එකම දේ විදෙස්වල දුක් විඳිමින් හොයන මුදල් මාස 6ක් නොයවා සිටීම... අන්න එතකොට රජය මහජනයාගේ අවශ්‍ය දේවල් ගැන සොයා බලාවි. එක්වන්න සැවොම ලංකාවේ ඉන්න අයට කියන්න මොන විදිහට හරි මේ මාස කිහිපය වේලක් කළා හරි ජීවත්වෙන්න.

:       0       5

OMG Wednesday, 03 October 2018 08:58 AM

ඉන්දියන් සාගරයේ මුතු ඇටයට වෙච්ච දෙයක්?

:       0       32

Jehaan Wednesday, 03 October 2018 09:16 AM

රටේ නීතිය සැමටම සමාන නොවන රටේ හෙට වෙනකොට වයස අසූවක ආච්චිව පැහැරගෙන ගියත් පුදුම විය යුතු නැත...

:       0       20

lakmal Wednesday, 03 October 2018 10:05 AM

මේ තරම් දියුණු දුරකථන පද්ධතියක් අැති රටක මෙවැනි දෙයක් සිදුවූයේ කෙසේද? මෙතරම් දෙයක් සිදුවන තෙක් කෙනෙකුට මෙය පොලිසියට දැනුම් දෙන්නට බැරිවූයේ මන්ද? මහජන ආරක්ෂාව රජයේ වගකීමක් බැවින් මෙවැනි දේට වගකිව යුත්තේ මේ දුර්වල රජයයි. මා සිතන්නේ අපරාධ බහුල ප්‍රදේශවල පොලිස්ස්ථාන ගණන වැඩි කළයුතුයි.

:       2       6

gunarathnaWednesday, 03 October 2018 12:15 PM

මේ හැමදෙනාම කියනදේ හරි... නමුත් දැන් ඉන්න ගැහැණු ළමයි කිසිම සෙවීමක් බැලීමක් නැතිව ලස්සනට රැවුල වවලා හොඳ බයික් එකක රවුම් ගහන කොල්ලෙක් දැක්කොත් පණ දෙන්ට බලන්නේ. අමාරුවේ වැටුණම තමයි දන්නේ මේක කුඩු කාරයෙක්, පාතාලයෙක් කියලා. කෙල්ල කොල්ලට කැමති නැහැ කියනකොට උස්සන් යනවා.

:       1       3

Lanka Wednesday, 03 October 2018 12:25 PM

මගේ මව් රට ලංකාව වුණත් සාරුවා සුනිල්ලා, පෙම්වතා මරලා ඒ විදේශීය තරුණිය අතවරයකට ලක්කරපු දවසේ ඉඳන් මගේ දරුවෝ ලංකාවට නිවාඩුවකට එන එක ගැන කතා කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට යන්නේ ලංකාව වගේ මුහුදු වෙරළවල් තියෙන වෙනත් රටවලට. ඩොමිනිකන් රිපබ්ලික්, හවායි, බාලි වගේ වසරේ පවුලේ නිවාඩු දෙකකට අපි වියදම් කරන මුළු මුදලම ලංකාවේ විදේශීය අාදායම්වලට එකතු වෙන්න තිබුණු මුදල්... අපි වගේ පවුල් කොච්චරක්, විදේශිකයෝ කොයි තරම් ප්‍රමාණයක් ඔය විදිහට හිතලා ලංකාවට නොගිහින් ඉන්නවා ඇත්ද?

:       0       215

rocky Thursday, 04 October 2018 01:24 PM

මේ රටේ දැන් වැඩියෙන්ම අපරාධ සිදුවෙන්නේ දකුණු පළාතේ.

:       0       0

modara kalu Monday, 08 October 2018 01:00 AM

නීතියට ජනතාව බිය යුතුවේ .... එම බිය වීම ඇතිවෙන්නේ නීති රීති පැනවීමෙන් පමණක් නොවේ.... එය 10% කි. නීතිය ක්‍රියාකරවීම දුෂ්කර 90%ක් වේ.... එයට හේතුව අපේ සමාජයේ නීතිය ක්‍රියාකෙරෙන්නේ පුද්ගලයන්ගේ තරාතිරම අනුව බව රහසක් නොවෙන නිසයි. එනිසා නීතිය හෑල්ලුවට ලක්වී බරපතල අපරාද, වංචා, දුෂණ, රැවටීම් වල අඩුවක් නැත. මෙම චක්‍රය බිඳවීමට මම හිතන්නේ 2020 දී සම්පුර්ණයෙන් අලුත් මගකට අප යා යුතුයි. අප කවුරුත් නාගානන්ද මහතාගේ දේශන වලට අවධාරණයෙන් සවන් දීමෙන් ඔහුගේ වැඩ පිළිවෙල අධ්‍යනය කල හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 659 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 319 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 431 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1186 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 685 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4285 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site