කුණු වළකින් වතුර ගෙන බඩ ඉරිඟු තම්බා විකුණන වෙළෙන්දකුට එරෙහිව නඩු පවරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි.
ඩෙංගු මර්දන වැඩසටහනක් මෙහෙයවමින් සෞඛ්‍ය නිලධරයන් සමග අද (10) නගරයේ කළ සෝදිසියකදී මේ වෙළෙන්දා කියා ඇත්තේ කුණු වළෙන් වතුර ගෙන දවසට ඉරිඟු කරල් 200ක් පමණ තම්බා විකුණන බවයි.
ආණ්ඩුපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු 40 දෙනකු පමණ ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් ක්‍රියා කර ඇති බව සොයා ගත් බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවත් පුරපති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ පුරපති තමා අසු වුණේ කියලා. (නි)
මෙයාව තියන්න වටින්නේ නැහැ.(නදී)
උපරිම දඩුවම් දෙන්න.(නදී)
තම්බපු ඉරිගු කරල් ටිකක් ඔහුටත් කැවිවා නමි දඩුවමේ එක කොටසක් හැටියට නියමයි.(නදී)
ඒ මනුස්සයට තේරෙන්න ඇති අපේ අය කුනු කන ජාතියක් කියලා.(නදී)
මොකක්ද මේ නීතිය? ඇත්ත කිවිවත් නඩු, බොරු කිව්වත් නඩු.(නදී)
දේශීය නිෂ්පාදනයක්. ස්වයං රැකියාවක් (නදී)
කුණු වතුරෙන් තම්බපු ඉගුරු වලින් කුණු ගද ගහන්නේ නැද්ද? (නි)
මහ මග දෙපැත්තේ තරඟෙට ඉරිඟු තම්බලා විකුණනවා. හැබැයි ඒවා තම්බන්නේ කොහොමද කියලා මේ වෙනකම් කවුරුවත් හෙව්වෙ නැ. ෙමහෙම හෙලිදරව් කරපු එක කාගෙත් ශරීර සෞඛ්‍යට හිතකරයි. (ස)
ඔන්න දෑක්කද නිකමට හරි එයා ඉරිගු කරල්වල්ල හලාල් ගහලා තිබුනනම් අල්ලන්නේ නෑ.(නදී)
ඇයි එහෙම කැත වැඩ කරන්නේ (දී)
ඉසුරන්දි ඔයා ඒ ජාතියේ උනාට අපි නම් නැහැ.(නදී)