(සුජිත් හේවාජුලිගේ )
මීළඟ කතානායක ධුරයට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් රජය ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තාවේ.
කතානායක ධුරය සඳහා නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබිණ.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
කතානායක ධුරයට නම් තුනක්
ranjith Saturday, 14 December 2024 12:00 PM
ජවිපය නියෝජනය කරමින් ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට ආව නිහාල් ගලප්පත්ති මහතාගේ ජේෂ්ඨත්වය අගයමින් ඔහුට වටිනාකමක් දෙනවා නම් හොඳයි.
SAMSunday, 15 December 2024 07:11 AM
මීළඟ කතානායක ධුරයට අදිකරණ චෝදනා හෝ දුෂණ චෝදනා නොමැති කෙනෙකු පත්කිරීම එම තනතුරට කරනාවූ ගරුත්වයකි
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Saturday, 14 December 2024 12:52 PM
නාහල් ගලප්පත්ති සහෝදරයා පක්ෂයේ බොහෝම පැරැණි සාමාජිකයෙක්. ඒ වගේම පක්ෂය වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරපු කෙනෙක්... මම පුද්ගලිකව දන්නවා එතුමාගේ කැපකිරීම... අනික පක්ෂයට නාම යෝජනාවත් දාන්න තරම් භීෂණය පැවැති කාලයක තමයි එතුමා මේවාට ඉදිරිපත් වුනේ. මට හොඳට මතකයි එක්තරා දේශපාලකයෙක්..., එයා ජනාධිපතිත් වුණා හම්බන්තොට කච්චේරියේදී එතුමාට පය ඔසවා තර්ජනය කළා. ඒක රූපවාහිනයේත් ගියා. සමහර විට නිහාල් සහෝදරයාට වත් ඒක මතක නැතිව ඇති. ඒ නිසා මේ අවස්ථාව ගරු එතුමාට දෙනවා නම් හොඳයි...
ලසන්ත Saturday, 14 December 2024 01:33 PM
නියෝජ්‍ය කථානායකතුමාගේ විශේෂඥ සුදුසුකම සම්බන්ධයෙනුත් කතාබහක් තියෙන නිසා ඔහුව මේ තනතුරට යෝජනා කිරීම සුදුසු නැහැ. පරිණත දේශපාලකයන් දෙදෙනෙක් වන නිපුණආරච්චි මහතා හෝ ගලප්පත්ති මහතා මෙයට සුදුසුයි කියා හිතනවා.
lalSaturday, 14 December 2024 04:20 PM
වෛද්‍ය සභාවේ රෙජිස්ටරයේ බලන්න. දොස්තර සාලි ගේ නම තියෙනවා...
Buddika Saturday, 14 December 2024 01:48 PM
තවත් ආචාර්ය උපාධි ධාරියෙක්ද පත්කරන්නේ? උගතුන් පිරිලා මාලිමාවේ...
Janabala asamagi Sunday, 15 December 2024 08:27 AM
හත්වලාවේ ඔයාත් මිද්දෙනියෙද?
පිටිගල මිලානෝ Saturday, 14 December 2024 03:00 PM
රිස්වි වෛද්‍යතුමාගේ පකිස්ථානෙන් ගත්තු වෛද්‍ය උපාධියයි, ලංකාවේ වෛද්‍ය කවුන්සලයේ ලිපියයි ඉදිරිපත් කරන්න.
Lalla Sunday, 15 December 2024 09:33 AM
ඒත් නියෝජ්‍ය කතානායකට චෝදනාවක් තියෙනව වෛද්‍ය විශේෂඥයෙක් නොවී එහෙම ප්‍රචාරය කලා ඡන්ද සටනේදී කියල. ඒක අසත්‍ය ප්‍රකාශ කර ඡන්ද පදනම රැවටීමක් නොවේද?
අමල් Saturday, 14 December 2024 04:07 PM
තෙල් සංස්ථාවේ වැල්ඩින්කරුවෙකු විසින් කොටස් එකලස්කොට තනන ලද හිමිකරුවෙකු නොමැති සැකකටයුතු ආචාර්ය පට්ටමක්..., ජයවර්ධනපුර පාර්ලිමේන්තු වටරවුමේ තිබී, පොලිසිය විසින් සොයාගෙන ඇත. එහි හිමිකරු සොයා පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ. මේ පිළිබඳ ඔබ වැඩිදුර විස්තරයක් දන්නේ නම්, වහාම පැලවත්ත, බත්තරමුල්ල ජජබ ප්‍රධාන කාර්යාලය බාරේ ජපානයේ වසුඩා විශ්ව විද්‍යාලයට දන්වන්න.
Nandalal DE SILVA - France Sunday, 15 December 2024 03:43 AM
ඔය කතානායක පුටුවට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයන් තුන්දෙනාටම ‘‘ආචාර්ය පට්ටම්..‘‘ තිබේද බැලුවොත් හොඳයි. නැතිනම් අරයට වගේ මොට්ටක්කෙළිය ගලවලා ගෙදර යන්න වේවි.... සති දෙකකින්... !
පම්පෝරි ජනක Sunday, 15 December 2024 11:40 AM
කවුරු හරි කුඩු මුදලාලි කෙනෙක්, කප්පන් කාරයෙක්, හොර අරක්කු මුදලාලි කෙනෙක්. මාල හොරෙක් විපක්ෂයෙන් සොයලා ඔය තනතුරට පත්කරන්න බැරිද? ඒක තමයි සිලින්ඩර් බයියන්ට පුරුදු චරිත
karolisSunday, 15 December 2024 02:38 PM
පම්පෝරි ජනක, අන්තිමට බැලුවාම 69 ලක්ශේ කරලා තියෙන්නේ චෞර පරපුරෙන් බලය අරන් චේතිය පරපුරට දීපු එක...!