නාලක සංජීව දහනායක
තමාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රීකණ්ඩායමට ඉන්දීය සංචාරයට එක්වන ලෙසට කතානායක කරූ ජයසූරිය මහතා විසින් කරන ලද ආරාධනය ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ප‍්‍රතික්‍ෂේප කර ඇත.
මන්ත‍්‍රීවරයා විසින් අද (3) සවස මේ බව කතානායකවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 ක් සිටින ඒකාබද්ධ විපක්‍ෂයට, විපක්‍ෂයේ අයිතිවාසිකම් නොදී මන්ත‍්‍රීවරුන් 16 කු සිටින කණ්ඩායමට විපක්‍ෂයේ අයිතිය ලබාදීම යථාර්තය නොවන බැවින් මෙම තීරණය ගත් බවද මන්ත‍්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ලබන 9 වැනිදා සිට ඉන්දියාවේ සංචාරය කිරීමට සැළසුම් කර තිබේ.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතානායකගේ ඇරයුම ඒකාබද්ධය ප්‍රතික්ෂේප කරයි
Bamunuarachchi Monday, 03 September 2018 01:49 PM
මේවට තමයි අල්ලස් කියන්නේ.... මොකද නැහැ කියනවද?
Bamunuarachchi Monday, 03 September 2018 01:49 PM
මේවට තමයි අල්ලස් කියන්නේ මොකද නැහැ කියනවාද?
සතයපාල Monday, 03 September 2018 01:50 PM
ඒක හොද තීරණයක්... හොරුන් මිනීමරුවන් හා දූෂිතයන් යයි චෝදනා ලැබුවන් රට නියෝජනය කරමින් විදේශිය සංචාරවලට සහභාගීවීම රටේ ගෞරවය කෙළසීමට හේතු වෙනවා ඇත.
BamunuarachchiMonday, 03 September 2018 02:51 PM
ඔය කා ගැනද කියන්නේ කියලා පැහැදිලි නැත. දන්නවා නම් පිළිතුරක් දිය හැකිය. හොරුන් මිනීමරුවන් හා ද දූෂිතයන් යයි චෝදනා ලැබුවන් කියන්නේ එ්කාබද්ධයට නම් ඔවුන්ට ආරාධනය කරපු කෙනා හොරෙක් වෙන්න ඕනේ නේද?
සේනක Monday, 03 September 2018 03:51 PM
යන අය බෝසත්තු වෙන්න ඇති, දැන් ඉන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරු. යහපාලනයේ මංකොල්ලකාරයින්ට කඩේ යන එකාට, කණගාටුවෙන් වුණත් ඔබතුමාට මාගේ ශෝකය පල කරනවා මහත්තයෝ.
RaveendraMonday, 03 September 2018 04:03 PM
සත්‍යපාල මයා වෙත, අප එකාබද්දයට සුදු හුණු තවරනවා නොවේ, ( අපටනම් එකාබද්දේ සහ අනිත් අයයි ඔක්කොම තක්කඩි රෑනක් හැර වෙන නම් අවංක කිසිවකු නැත) දැන් ඔය විදේශිය සංචාරවලට යන ඇම්බැට්ටයෝ ටික, ඔඩොක්කු කුක්කෝ ටික බොහොම අවංක, අත්වල අනිකාගේ රුධිරය නොගෑවුණු, ශත බාගයක්වත් වංචා නොකරපු හතර පෝයට හත් අට සැරයක් සිල් ගන්න අය වෙන්න ඇති නේද ???
Kamal Monday, 03 September 2018 02:04 PM
ඇමෙරිකාවේ සංචාරයකට නම් මෙයාලව නවත්ව ගන්න අමාරුවේවි !!!
BamunuarachchiMonday, 03 September 2018 03:04 PM
ඉන්දියාවේ නිසා අඬ ගැහැව්වාට ඇමරිකාවේ යන්න නම් අඬ ගහයි. ඒ වෙනුවට ගෙදර ඩ්‍රයිවර් එක්කාගෙන යාවි....
Nisal Monday, 03 September 2018 02:49 PM
මේ කාටවත් රට ගැන කැක්කුමක් තියනවද? බැංකොක් සංචාරයක් සඳහා ආරාධනා කරන්න. පටගාලා එයි.
nihal Monday, 03 September 2018 04:22 PM
මේක හරියට පොඩි දුරුවෙක් අම්මට තාත්තට මට අරක දුන්නේ නැතිහින්ද මට බැහැ කියනවා වගේ. රටට ආදරයක් තියනවානම් චාරිකාව ගිහිල්ල අවස්ථාව පැනලා ගන්න ඕනේ.
චන්දා Monday, 03 September 2018 05:18 PM
ඉන්දියාවේ යන්නෙ අධ්‍යාපන චාරිකාවක් වෙන්නැති?
anura Tuesday, 04 September 2018 03:38 AM
එස් පවර් බලාගාරයට කෝටි 200ක් ගෙවීමට සිදුවීමෙන් ලංවීම අර්බුදයක එම නිසා ඉන්දීය ගමන අර්බුදයක
Deepal Nirosh Tuesday, 04 September 2018 04:31 AM
යාන්තම් ඇති ඉඳල ඉඳල දැන්වත් පණ ඇති තීරණයක් ගත්ත.
Bamunuarachchi Wednesday, 05 September 2018 05:30 AM
"ඉන්දියාවේ යන්නෙ අධ්‍යාපන චාරිකාවක් වෙන්නැති?"