වියන්ටාමයේ සිට අනවසරයෙන් ගෙන්වූ එතනෝල් මද්‍යසාර කන්ටේනර සුරාබදු දෙපාර්තමේන්තුව රේගු නිලධරයන් ඉදිරියේ අද යළි විවෘත කළේය.
මේවායේ සාම්පල ද රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රභල දේශපාලනඥයකු ද, උඩරට ව්‍යාපාරිකයකු ද තවත් දෙදෙනකුද මේ සිද්ධියට හවුල් යැයි කියති.
රජයට ලැබිය යුතු රුපියල් කෝටියක පමණ තීරු බදු ද අමිසි විය.
සුරාබදු නිලධරයන් පැවසූවේ කන්ටේනර හොරෙන් ඇර ඇති බවට සාක්කි ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොහොමද උනේ ඒක (දී)
පුතා දන්නෙ නැහැ මේ වගෙ කාලෙට වරායෙ හරිහරි වැඩ කෙරෙතියි බුද්ධ පුතුන් බණ කතා කියද්දී ලොකු ලොකු අය එතනෝල් අදිතෙයි... (නි)
සිංහල අවුරුද්දට එතනෝල් වලින් නාවන්න හිතාගෙන ඉන්න ඇති. (නි)
අනේ කාලේ වනේ වාසේ... (නි)
ඉන්වොයිස් , ඉන්ඩෙන්ටු වල හා එම භාණ්ඩ රක්ෂණයක් තුළ පැමිනියොත් කාල චේද හෝ යාවජීව රක්ෂණයක් තුල තිබූ භාණ්ඩ සටහන් වියයුතුයි. නැත්නම් අනිවාර්යෙන්ම හොර බඩු වේ. (නි)
දැන් ඕක ඇතුළේ එතනෝල් නැතුවත් ඇති. (නි)
තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ ඇතුළෙ එතනෝල් තිබුණෙත් නැහැ කියලා. (නි)
මට දුන්නොත් සාම්පල් පරීක්ෂා කරලා දෙන්න පුළුවන්. මම වැඩ කරන්නේ පරීක්ෂණාගාරයක. (නි)
මේවා ගෙන්නලා නැහැ. මේවා ඇවිල්ලා. (නි)
කව්ද මේවා කරන්නේ? (දී)
දස වසක් පමණ හිරේට දාන්න පුළුවන් නම් වඩාත් හොදයි. (නි)
මම හිතන්නේ ලෝක වාර්තාවක් තියන්න තව ඇත්තේ පියවර කිහිපයයි (නි)
එතනෝල් ගන්නේ මධ්‍යසාර වලට විතරක්යෑ? (නි)
මට යන්තමට වගේ මතකයි 'වැරදි කලොත් තරාතිරම නොබලා දඬුවම් කරනවා'කියලා කිවුවා. සමහරවිට මට ඇහිච්ච හැටි වෙන්න ඇති. (නි)
අපරාදේ (දී)
කව්ද දන්නේ? (දී)
අපේ අප්පෝ..... ආරක්ෂකයෝ නැද්ද (දී)
කොහොමද මෙහෙම දෙයක් වෙන්න (දී)
හොරු අරිනකල් නිකන් හිටියාද (දී)
වැඩක් නැහැ කතා කරලා. අන්න හොරු (දී)
සන්තෝසයි පරිස්සම් කර ගන්න බැරි උනාට (දී)
ආරක්ෂකයෝ නැද්ද (දී)
අපේ අදුරන ඇමතිතුමෙක්ගේ සහෝදරයෙකුටත් තැබෑරුම් ගොඩක් තියෙනවා. (නි)
ඇයි දේශපාලකයින්ට හොරු කියලා අපේ උත්තරීතර පාර්ලිමේන්තුවට අපහාස කරන්නේ? (නි)
වැඩිපුරම බණ කියන දේශපාලඥයෝ තමයි මේ වගේ වැඩ කරන්නේ..!(නු)
මාතලේ දේශපාලනඥයෙක්ද?(නු)
ඇයි මෙවන් යහපත් දේශපාලඥයෙකුගේ නම හෙළි නොකරන්නේ? (නි)
මෙන්න අපේ රටේ වැඩ... (නි)
කලින් ඇරලා? එහෙනම් දැන් ඇතුළේ තියෙන්නේ පානීය වතුර වෙන්නත් බැරි නැහැ. (නි)
මේ කන්ටේනර් එක රේගුවෙන් නිදහස් කරගෙන යද්දි ඇල්ලුවා කියලයි මට ආරංචි උනේ..!(නු)
ඕවා කෙරෙන්නේ ගොඩක් අය දැනුවත්ව. (නි)
ඔය කියන දේශපාලඥයාගේ හැඩරුව පොඩ්ඩක් අපිට කියන්න බැරිද? (නි)
කවුද මේ? නම හෙළිකරන්න පුළුවංනම් වඩාත් හොදයි.,!(නු)
දේශපාලඥයාගෙ නම මහජනතාවට හෙළි කරන්නකෝ. (නි)
තරාතිරම නොබලා ඔවුන්ගේ ගිණුම් රාජ සන්තක කර දස වසක් පමණ හිරෙට යැවීමයි කළ යුත්තේ..!(නු)
මේ වගේ රටට ව්‍යසනයක් වූ අයගේ නම් හෙළිකරනවානම් වඩාත් හොදයි..!(නු)
ඉස්සර හොර අරක්කු ඇල්ලුවේ ලඳු කැලෑ වල. දැන් අල්ලනේ වරායෙන්.(නු)
අනේ රටකට ගිය කලක්.(නු)
මාලිංග මාධ්‍යයට බැන්නා කියලා නම සමග කිව්වේ.. ඒ වගේ කියන්නකෝ මෙයාලගේ නම් ගම් එහෙමත්..!(නු)
දැං කියයි ටිනර් තිබුණෙ කියලා..!(නු)
මතට තිත... (නි)
මට නම් මුකුත් මතක නැහැ. (නි)
කෝ අර අපේ කඩාපනින සේනාව? (නි)
ආරක්ෂක බටයින් නැද්ද? (දී)
මේ කේස් එකට මොනවා වෙයිද? (නි)