පෞද්ගලික හේතු නිසා හෝ රජය අසීරුවට පත්කිරීම සඳහා පුද්ගලයකු ප්‍රජාවගෙන් ඉවත් වී සිටීමට තීරණය කළ විට රජය නිකරුණේ ලෝකාපවාදයට පත් කිරීම සඳහා හිතා මතාම එය පැහැර ගැනීමකියි හුවාදක්වමින් ආවේග, හිතලු හා ආක්‍රෝෂ මත රජයට ඇඟිල්ල දිගු නොකරන්නැයි විදේශ අමාත්‍යංශය නිවේදනයකින් කියයි. ප්‍රේමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැර ගත්තැයි කියන සිද්ධි ගැන රජය තානාපති කාර්යාලවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා සෙසු අන්තර් ජාතික සංවිධානවලට ද මේ නිවේදනය යවා ඇත. වන්නිනායක මුදියන්සේලාගේ දස්කොන් යනුවෙන් විවාහ සහතිකයේ ද, රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යනුවෙන් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ද, නොයෙල් මුදලිගේ යනුවෙන් ඕස්ට්‍රේලියා ගමන් බලපත්‍රයේ ද, සඳහන් ප්‍රේමකුමාර් ගුණරත්නම් යළි මතුවීමෙන් පසුව රටින් පිටුවහල් කළ බව ද අමාත්‍යංශය කියයි. වීසා අහෝසි වී පස් මාසයක් අනවසරයෙන් රැඳීසිටි ඔහු ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කැර ඇතැයි ද ඔහු ද, දිමුතු ආටිගල ද පැහැරගත් බවට පැමිණිලි බොහෝ පමාවී පොලිසියට කැර ඇතැයි ද, එම නිවේදනය කියයි. ගුණරත්නම්ගේ ඉතිහාසය පිළිබඳ කරුණුකාරණා ඕස්ට්‍රේලියා මහා කොමසාරිස් කාර්යාලයයට දන්වා යවන බව ද, මේ තොරතුරු සොයාගැනුණේ ගුණරත්නම්ගෙන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව බව ද එම නිවේදනය සඳහන් කරයි. ඔහු කරන කියන දෑ ගැන විශ්වාසය තැබිය හැකි ද යන්න ගැන ඉන් ප්‍රශ්න මතුවෙතියි ද එහි දැක්වේ. ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගත්තැයි කියන කතාවේ බැලූ බැල්මට කැපී පෙනෙන පරස්පර ඇතැයි ද මෙවැනි වගකීමක් නැති දුෂ්ට චෝදනා වලදී රජය බලාපොරොත්තුවනුයේ අන් කිසිවක් නොව සාධාරණත්වය හා යථාර්ථය පමණක් බව ද රජයේ නිවේදනයේ සඳහන් කරයි.
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුමාර්ගේ වංහුං ඕස්ට්‍රේලියාවට
අලිබබා Tuesday, 10 April 2012 06:43 PM
මෙිවා ලංකාවෙි කීර්තිනාමයට කැලලක් ඇතිකොරන්න කොරනවැඩ. තව ඉස්සරහට ඔයවගේ දේවල් වෙන්න පුලුවන්.
දෙව්මිත් විතානගේ Tuesday, 10 April 2012 06:59 PM
රටටත්, වැඩක්නැති, මේවගේ සුළුපක්‍ෂයක, දෙන්නෙක් උසසලා මෙයාලගේ මොනවා ගන්නද ? මේවා රජය අපකීර්තියට පත්කරන මෝඩ කුණු වැඩ.
පියදාස Tuesday, 10 April 2012 07:29 PM
ලෝකේ එකම රට මෙහෙම චුන් එකට හැ න්ගෙන අය ඉන්න, අනේ මන්ද එතකොට පැහැරගෙන හම්බවෙන්නේ නැති අය දිවිය ලෝකේ යනවද?