පරගස්තොට රද්දෙගොඩ ඓතිහාසික බිමේ පෞද්ගලික සමාගමක් සිය කම්හළේ ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යන්නේ නම් ඊට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ප්‍රියන්ත බණ්ඩාර මහතා මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදී ප්‍රකාශ කළේය.
එහි පල්ලියක් ඉදි නොකරන බවට මැස්කන්ස්ටයිල් සමාගමේ සාමාන්‍යාධිකාරී රජිත පෙරේරා මහතා පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල්, මිනිස්සු පන්සල්, පල්ලි වලින් කියන දේවල් අහන්නේ නැති නිසා තමයි යුරෝපේ මිනිස්සු නීතියටයි. අධ්‍යාපනයටයි මුල් තැන දීලා තියෙන්නේ.(නදී)
නිමල , පල්ලි වැහිලා කියන එකේ තේරුම පල්ලියේවත් , ආගමේවත් වැරැද්ද නෙමෙයිනෙ. අනික ඔය කියන දියුණුව තියෙන්නේ ආර්ථිකයේ එහෙමත් නැත්නම් භෞතික සම්පත් වලින් ගත්තම විතරයි. ආගමෙන් කරන්නේ ඒවා හදන එක නෙමෙයි. මිනිසාව හදන එකයි.මම කලින් එකෙත් කියලා තියෙනවනේ. ඒ නිසා ආගම වලට ගරහන්න එපා. (නි)
නිස්සංක, ඔබ කියන දෙය හරි.. ඒත් මෙතන තියෙන්නේ ආගම් ඇදහීම නොවෙයි... ආගම් ව්‍යාප්තියයි.. (ස)
වීරසිංහ, ඔය සේනාව නැත්නම් අපිවත් මරාගෙන කනවා... (ස)
සේනාව අදාල නැති දෙයක් තියෙනවද දිනුක (ස)
පන්සල්, පල්ලි, කෝවිල් හදන්නේ මිනිස්සුන්ට හොද නරක කියාදෙන්න. ඒකෙන් පටු වාසි ගන්න හදන්න එපා. (නි)
වීරසිංහ පිස්සු කතා කියන්න එපා. සේනාවක් මෙතෙන්ට ඈදලා නැහැනේ.(නදී)
උපුල්, ලෝකයේ ජනගහනයෙන් ආගමක් නැති ප්‍රමාණය 16%ක්. එයින් බහුතරය දියුණු රටවලින්. ආගමක් තියෙන අයත් නමට විතරයි. ගොඩක් පල්ලි වැහිලා.(නදී)
ඔය කියන පල්ලිය මුස්ලිම් එකක්ද? ක්‍රිස්තියානි එකක්ද? (නි)
ඔය ආගමික ස්ථාන වල ඉන්න මිනිස්සු කොච්චර සැදැහැතියෝද? නමුත් ඒවායින් එළියට ආවට පස්සේ මොනවද කරන‍්නේ? දෙවියො දනී.. ඔබත් මමත් නොදනී... (නි)
රටේ බහුතරය දූෂිත ක්‍රියාවල නිරත වෙද්දී මිනිසුන්ගෙන් යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
අද මිනිසුන් බහුතරයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ගැළවුම්කාරයා ලෙස තෝරාගෙන අවසානයි. (නි)
ඒ කියන්නේ නීල, යුරෝපයේ රටවල් අනිත් හැම රටකටම වැඩ සාරධර්ම , මනුස්සකම් අතින් ඉදිරියෙන් ඉන්නවා සහ එහෙම තියෙනවා නම් ඒ ඔය කියන විදියට නීතියයි, අධ්‍යාපනයි නිසා කියලද ? මම කියන්නේ අපේ රටේ මිනිසුන් ඔය කියන දේවලුත් එක්කම ඒ අය අදහන ආගම නිසා තමයි ඔය කියන යුරෝපෙට වැඩි මනුස්සකම් වැනි සාරධර්ම වලින් ඉදිරියෙන් ඉන්නේ . (නි)
හොද දෙයක් කරන්න ගියොත් නවතින්නේ ජාතිවාදයෙන්.(නදී)
සියලුම පාසල් සහ දහම් පාසල් වල ආගමික මතවාද ළමයින්ට ඉගැන්වීම තහනම් කරන්න ඕනෑ. ආගම් වලින් ඉගැන්වෙන අන් අයට හිංසා කිරීම, හොරකම් කිරිම වැනි දේවල් වලට විරුද්ධ වෙන දේවල් විතරක් උගන්නන්න ඕනෑ. දේවවාදය සම්පූර්ණයෙන්ම අතුගාලම දාන්න ඕනෑ. මේවගෙන් වෙන්නෙ අනාගතේ බිහිවෙන්න ඉන්න බුද්ධිමත් පරපුරේ මොලය බාලවෙන එක. (නි)
දැන් තියෙන පන්සල් පල්ලි වලින් මොනවද අපේ මිනිස්සු ඉගෙන ගෙන තියෙන්නේ. පත්තරේ තියෙන අපරාද දූෂන දිහා බැලුවම පන්සල් පල්ලි අපේ රටේ තියෙවද කියලත් දෙපාරක් හිතන්න වෙනවා.(නදී)
ආගම දහම පිලිගන්න අයට එක පල්ලියක් එක පන්සලක් තිබුනම ඇති නේද?(නදී)
ලලිත් , වැරැද්ද තියෙන්නේ පල්ලි පන්සල් තියෙනවද නැද්ද කියන එක නෙවෙයි . රටක මිනිසුන් ආගමකින් කියන විදියට හැදෙනවද නැද්ද කියන එකයි. පල්ලි පන්සල් කෝවිල් මුස්ලිම් පල්ලි වලට බැන බැන ඉන්න එපා . සෑම ආගමික සිද්දස්ථානයකින්ම කරන්නේ මිනිසාව හරි මාර්ගයට ගන්න අවශ්‍ය මාර්ගය පෙන්නන එකයි. මිනිසුන් ඒ කියන විදියට ජීවත් වෙන්නේ නැති එකට ආගම ගැන තර්ක කරන්න එපා . (නදී)
පාලිත හරි. පන්සලක් පල්ලියක් හදන්න කිසිම බාධාවක් නැහැ. (නි)
මෙහි අදහස් දමන හුග දෙනෙකුට අවශ්‍ය ආගම නොව මුදල්ය. (නි)
ලලිත් හරි, යුරෝපයේ කිසිම ආගමකට රජයේ අනුග්‍රහය දෙන්නේ නැහැ. පාසැල් වල උගන්නන්නෙත් නැහැ. අධ්‍යාපනයටයි නීතියටයි තමයි වැදගත් තැනක් දෙන්නේ. විය යුත්තේ ඒ ටිකයි. (නදී)
ඕක මොකක්ද අපේ ගමට පල්ලි 16 ක් තියෙනවා. පවුල් තියෙන්නේ 10 යි 15 යි. පටන්ගන්නේ දහම් පාසැලක් කියලා.(නදී)
ලලිත් හරියටම හරි. මට පේන්නෙ පන්සල්, පල්ලි, දේවාල වැඩි වෙන්න වැඩි වෙන්න රටේ ජාතීන් අතර අසමගියත් තව තවත් වැඩිවෙන ලෙසයි. (නි)
සිංහල බෞද්ධයා පිරිත් නූල් බැදීම ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව ඉදිරියට පැමිණ තිබේ. (නි)
ගිනිපෙනෙල්ලෙන් බැටකාපු මිනිහට වගේ අපේ අයට දැන් වතුර වළක් දැක්කත් මුස්ලිම් භීතිකාව ඇති වෙනවා. (නි)
එතන පන්සලක් හැදුවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ නේද? (නි)
කෝ අපේ සේනාව? (නි)
තමන්ගේ දෙමවුපියන්වත් කියන දේ නාහන සමහරු අද කාලේ ආගමික නායකයින් කියන දෙයක් අහයිද? (නි)
අපිට මේ කිසිම දෙයක් වැඩක් නැහැ. අපිට ඕනෑ හොද වටපිවාටක් සහිත අධ්‍යාපන පරිසරයක්. (නි)
පල්ලියක් හදන්න නොදුන්නාට කමක් නැහැ. මොකද පල්ලි පන්සල් ගිහිල්ලා මිනිස්සු හැදෙන්න සමාජයක් අද නැහැනේ. නමුත් අද සමාජීය ප්‍රධාන සත්‍යය අවශ්‍යයතාවයක් වන මිනිසාගේ මානසිකත්වය නිරවුල් කරගැනීමට ඇති එකම සුවමග වන මත්පැන් දුම්වැටියට නම් තහංචි පැනවීමෙන් වළකින්න. (නි)