ප‍්‍රමුඛ පෙළ (පි‍්‍රමියර්) කි‍්‍රකට් විනිසුරුවන් පිරිසක් විසින් නව කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංවිධානයක් පිහිටුවීමට මේ වනවිට පියවර ගෙන තිබේ. ප‍්‍රමුඛ (පී‍්‍රමියර්) කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමය නව සංවිධානයේ නාමය වන අතර එහි සභාපතිවරයා ලෙස අන්තර් ජාතික කි‍්‍රකට් විනිසුරු ගාමිණි දිසානායක මහතා කටයුතු කරයි. මෙරට කි‍්‍රකට් විනිසුරුවන්ගේ ප‍්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ නව විනිසුරු සංගමයේ සාමාජිකයන් පිරිසක් ”ලංකාදීප”යට පැවසුවේ එම සංගමයේ ප‍්‍රධාන තනතුරක් දරන බලධාරියෙකුගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපයට විරෝධය පළකිරීම සඳහා තමන් මීට ඉහත අවස්ථාවක දී ඉන් ඉවත් වූ බවයි. කි‍්‍රකට් විනිසුරු සංගමයෙන් ඉවත් වූ සාමාජිකයන් ඒකරාශි කරගනිමින් නව කි‍්‍රකට් විනිසුරු සංවිධානය ගොඩනැගූ බවත් ඔවුහු පැවසූහ. එහි ප‍්‍රකාශකයෙකු ”ලංකාදීප”යට පැවසුවේ මේ වනවිටත් නව සංගමය තරග සඳහා විනිසුරුවන්ගේ සේවය ලබාදීම ආරම්භ කර තිබෙන බවයි. ඉකුත්දා දිවයිනට පැමිණි හොංකොං කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 තරගය ඇතුළු ඉන්දියාවේ ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායම් දිවයිනට පැමිණි අවස්ථාවේ දී එහි තරග විනිශ්චයට සහභාගිවී ඇත්තේ ද ප‍්‍රමුඛ විනිසුරු සංගමයේ විනිසුරුවන්ය. නව විනිසුරු සංගමය ස්ථාපිත කිරීම පිළිබඳව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ද දැනුම් දී තිබෙන අතර නව විනිසුරු සංවිධානයට අවශ්‍ය සහයෝගය ලබාදීමට එහිදී කි‍්‍රකට් ආයතනය ප‍්‍රතිඥා දුන් බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය. නව විනිසුරු සංවිධානයේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස මොරිස් ඩිලා ද සිල්වා මහතාත්, භාණ්ඩාගාරික ලෙස කපිල කොට්ටච්චි මහතාත්, උප සභාපතිවරුන් ලෙස සේන නන්දිවීර, සාගර ගාල්ලගේ, රෝහිත කොට්ටච්චි, රවින්ද්‍ර කොට්ටච්චි, ඒ. ජයසූරිය, අතුල සේනානායක හා නලින් විතාන යන මහත්වරුත් සම්බන්ධීකාරක ලෙස එරික් කන්නන්ගර මහතාත් කටයුතු කරති. එහිදී සේන නන්දිවීර හා රෝහිත කොට්ටච්චි යන මහත්වරු පැවැති සියැට් ක‍්‍රිකට් වර්ණ ප‍්‍රදානෝත්සවයේදී වසරේ හොඳම ක‍්‍රිකට් විනිසුරුවන්ටද සම්මාන ලැබූහ. මෙරට සිටින සියලූම අන්තර් ජාතික කි‍්‍රකට් විනිසුරුවන් මෙන්ම එක් අයෙකු හැරෙන්නට සෙසු සියලූම ප‍්‍රමුඛ පෙළ කි‍්‍රකට් විනිසුරුවන් නව සංවිධානය නියෝජනය කරන බවත් වාර්තාවේ. කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමයෙන් වෙන්ව ගිය පාර්ශ්ව කීපයක් මීට පෙරත් නව කි‍්‍රකට් විනිසුරු සංවිධාන පිහිටුවා ගැනීමට කටයුතු කළ අතර එම සංවිධාන කීපයක් දැනටත් කි‍්‍රයාත්මක වේ.
මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම
කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්රී අභිනවාරාම විහාරස්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ක‍්‍රිකට් විනිසුරු සංගමය හැරගිය විනිසුරුවන්ගේ නව සංගමයක්