ලංකා බැංකුවෙන් ශ්‍රී ලාංකිකයන් 23 දෙනකුට නිකුත් කළ වීසා හා මාස්ටර් ක්‍රෙඩිට් කාඞ්වල දත්ත සොරාගෙන ව්‍යාජ කාඞ් හදා ඇමෙරිකාවේදී හා ඉන්දියාවේදී රුපියල් හාර ලක්ෂ අනූ දෙදහසක භාණ්ඩ මිලට ගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය.
දත්ත සොරාගත් පුද්ගලයන් ගැනත් ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ් හැදුඅය ගැනත් සොයන බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු? (නි)
දත්ත පිට වූ ආකාරයත් සොයාබැලීම සුදුසුයි. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මගේ කාඩ් එකේ සල්ලි නෑ හොඳේ (ස)
මම මගේ බිරිදට ඩුබායි සිට හදලා දුන්න අතිරේක කාඩ් දෙකටම ඔය දේ උනා.. කවදාවත් ප්‍රසිද්ධ වෙළදසැලකින් බඩු ගත්තට පසු දින මැලේසියා වලින් රුපියල් 60000 ක හා 36000ක ගණුදෙනු දෙකක් සිදුවුණා.. ලංකාවෙ ණය පත් පාවිච්චි කරන්න බැහැ.. (නු)
හිල්මිලා වගේ අය හරි දේටත් වැරදි දේටත් දෙකටම ආණ්ඩුවට අපහාස කරන්න හදනවා.. එහෙමෙ උනාම වෙන්නේ කොටියා ආවෝ කියලා බොරුවට කෑ ගහපු කතාව වගේ ආණ්ඩුවට පෙරළන්න උන දවසට මිනිස්සු එන්නේ නැතිව යනවා..!(නු)
එදා ලොක විනාසය නෙවෙයි, පැහැදිලි ආරම්භය ඉදිරියෙදි . භූගත බංකර් වලතමයි ඉන්න වෙන්නෙ අපේම සක්වල පිටසක්වලයො නිසා පිටින් එන අයට ඉතුරු වෙන්නෙ අවසන් කටයුතු හරි අගහරුවල අපි කරනව වගේ පෘතුවි ගවේශනයක්. (ස)
ෂුවර් එකටම ඇතුළේ කෙනෙක්ගේ සම්බන්ධයක් තියෙන්න ඕනෑ. (නි)
තිසල් , ඔයාට බැරිවුණාට අපට පුලුවන්. (නි)
ආණ්ඩුව පෙරළන්න බොරු කිය කියා ප්‍රසිද්ධියේ කෑ ගහන කට්ටිය ඉන්න මේ රටේ මේවා සාමාන්‍ය දේවල්. (නි)