IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


කීර්ති - ධම්ම - සුරේන් ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙති

(අජන්ත කුමාර අගලකඩ)
 
තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (7) දහවල් දිවරුම් දුන්හ.

ඒ අනුව ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද සබරගමුව ආණ්ඩුකාර ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා ද උතුරු ආණ්ඩුකාර ලෙස සුරේන් රාගවන් මහතා ද දිවුරුම් දුන්හ.

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (33)

කීර්ති - ධම්ම - සුරේන් ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙති

iron Monday, 07 January 2019 09:05 AM

මහින්දගේ පළාත් සභා ඡන්දෙ තිබ්බා වගේමයි. මෙයා අණ්ඩුකාරයේ පත් කිරීම මහින්ද සිරිසේන වෙනසක් නෑ. අපිට මතකයි අගමැති වුණා විතරයි, මේ මගේ ලේකම් කියලා කිව්වා...!!! 

:       72       122

Hafeel Monday, 07 January 2019 10:54 AM

මේ ජනාධිපතිට තියන්නේ අමුතු ලෙඩක්. සතියට සැරයක් හෝ මෙයාගේ ඉදිරියෙන් කව්රු හරි දිවුරුම් දෙන්න ඕනෑ.

:       281       394

Jagath LeanageMonday, 07 January 2019 02:23 PM

එ් ලෙඩේ මොකක්ද කියල අපි නං දන්නවා. කියන්න ලැජ්ජයි. මොනවා වුනත් රටේ ජනාධිපති නේ...

:       14       212

BamunuarachchiMonday, 07 January 2019 12:25 PM

සිරිසේන, රනිල් වෙනසක් වෙලානේ රටට කෙළවුණේ. හිරයට කුරුඳුවත්තේ ගැහැණු කෙනයි, පොළොන්නරුවේ මිනිහගෙයි කසාදෙ වගේ. එජාපයින් නැතිව කරන ඕනෑම දේකට අපි අත් ඔසවනවා. එජාපයෝ මුලින් උපුටා දැමිය යුතු රට ජාතියට පිළිලයක්...

:       3470       3182

parakkramaMonday, 07 January 2019 04:52 PM

ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය මැනවින් පෙන්වා සිටීම ගැන බලවත් සතුට හා ස්තුතිය. අනික් අතට , එහෙයි කියන එයාලටම ගැලපෙන කට්ටිය හැර ඔය කියමන් ගැන බුද්ධිමත් වැඩි ජනතාව ගණන් ගන්නෙත් නැහැ , ඊට ප්‍රතිචාර දක්වන්න එළඹෙන්නෙත් නැහැ.

:       1       4

rasiMonday, 07 January 2019 08:59 PM

තමන්ගේ දේශපාලන පක්ෂයේ යහපත මිසක් රටේ යහපත ගැන සිතීමට තරම් මොලයක් නැති ඔබවැනි පුද්ගලයින් සිටින තාක් කල් ලංකාව තුන්වෙනි ලෝකයේ හෝ රැඳී තිබීම ගැන සතුටු විය යුතුයි.

:       1       13

කේවට්ටයා Monday, 07 January 2019 09:35 PM

රටට කෙළවෙන්න පටන් ගත්තේ කාගේ කාලේ ඉඳන්ද කියල බමුණන් වන අපි දෙන්නම දන්නවනේ. ඉතින් බය නැතුව ඇත්තම කියන්නකෝ සහෝ !

:       1       6

NalakaMonday, 07 January 2019 09:48 PM

බමුණුආරච්චි, ඔබේ ගොබ්බ කම එළිපිට පෙන්නන්න එපා. මහවැලිය, විවෘත ආර්ථිකය රූපවාහිනිය ලැබුනේ එජාපය නිසා. මැතිනිගේ සිල්ලර බඩු එක්ක ඇට කාලා ඉන්න තිබුනා එජාපය නොතිබුනානම්.

:       1       22

athuraTuesday, 08 January 2019 04:30 AM

මේ බමුණු උන්නෙහෙට තියෙන්නෙත් ජනාධිපතිට තියන අසනීපයමද.

:       3       10

Amila Monday, 07 January 2019 09:06 AM

කීර්තිටත් දීලා. අඩු කිලි මහරාජා විතරයි වගේ. අනේ එයාටත් මොනවා හරි දෙන්නකෝ?

:       523       1369

SankaTuesday, 08 January 2019 03:05 AM

කීර්ති කොහොමද දේශපාලන පත්වීමක් ගන්නේ.මෙයා පෙනිහිටියේ මධ්‍යස්ථ විචාරකයෙක් විදියට. දැන් තමයි බලල මල්ලෙන් පැන්නේ. හරිම හිරිකිතයි.......ගොඩක් අය මහජනතාව ඉදිරියේ ඉන්නේ වෙස්මුහුණු දාගෙන. අපේ රටට මේකල ගිහින් තියෙන්නේ ඒකයි.

:       1       223

Sanath Kandy Monday, 07 January 2019 09:06 AM

උතුරු පළාතේ ආණ්ඩුකාර ධුරය සඳහා දමිල ජනතාවගේ විශ්වාසය දිනාගත් සිංහල හෝ මුස්ලිම් අයෙකු පත් කිරීම තමා වඩා සුදුසු...

:       346       658

NissankaMonday, 07 January 2019 09:22 AM

බලේ තියෙන මිනිසුන්ට මොලේ නෑනේ..... මේක අපේ රටේ අවාසනාව. මොනවා උනත් රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා ඉතාමත් ප්‍රශංසනීය විදිහට වගකීම් ඉටු කළා. ජාතින් අතර සංහිදියාව වර්ධනය වෙන අයුරින්.

:       278       546

ranjithMonday, 07 January 2019 11:47 AM

රෙජිනෝල්ඩ් කුරේ මහතාට දෙමළ ජනතාව පවා කැමැතියි... එ්ත් ඒවත් කරලා.

:       266       432

ප්‍රියාන් Monday, 07 January 2019 09:25 AM

කීර්ති තෙන්නකෝන් මෙච්චර රනිල්ට විරුද්ධව කතා කලේ මොකද කියලා පේනවා. ජනාධිපතිකම ඕනේ එකෙක්ට කරන්න පුළුවන් නම් ආණ්ඩුකාරකම කාට කරන්න බැරිද?

:       541       579

prabha Monday, 07 January 2019 09:45 AM

මේ පත්කරන අයගෙන් මැනගන්න පුළුවන් අපේ සිරිසේන මහත්තයාගේ උගත්කමේ තරම...

:       352       456

RohanthaMonday, 07 January 2019 11:54 AM

ඇයි දෙයියනේ ධම්ම දිසානායක හොඳ නැද්ද? මම නං කියන්නේ හොඳම පත් කිරීමක් කියලා.

:       360       229

Jagath LeanageMonday, 07 January 2019 03:09 PM

පහුගිය දවස්වල එක්කෙනෙක්ට කඩේ ගියා මතක නැතෙයි...?

:       37       156

රුවන් Monday, 07 January 2019 05:02 PM

එයානම් මහා ඛේදවාචකයක්. කිසිම වැදගැම්මකට නැති වමේ ගුරෙක්

:       0       1

ගල්කටස් Monday, 07 January 2019 02:26 PM

දේශපාලනය කළ මන්ත්‍රීලා හැර අන් අයගේ පත්වීම් නම් හොඳයි. මධ්‍යම පන්තියේ උදවියටත් අාණ්ඩුකාරකම් හොඳින් කළ හැකි බව ඔවුන් ඔප්පු කරාවි. මෙතෙක් මේ තනතුරු සඳහා පත් කලේ මන්ත්‍රීලා හෝ හයි ක්ලස් උදවිය පමණි. එ් ගැනත් අවධානය යොමු කරන්න.

:       12       48

ගල්කටස් Monday, 07 January 2019 09:47 AM

බස්නාහිර වල් උෟරා හැර අනිත් අය ගැන නම් දැනට ප්‍රශ්නයක් නැත..

:       61       374

Buddika Monday, 07 January 2019 11:12 AM

කිර්ති තෙන්නකෝන් කොහොමද ඉන්නේ? ඡන්ද කාලේ දීපු ප්‍රකාශ සියල්ල දේශපාලන උවමනාමත දෙන්න ඇති... එන්ජීඕ සල්ලි වලින් පාලකයන්ට කඩේ යන්නේ....

:       202       302

Rohantha Monday, 07 January 2019 11:47 AM

පිස්සු හැදෙනවා ධම්ම දිසානායක සබරගමුවේ ආණ්ඩුකාර... වෙල් ඩන් ධම්ම. ඉතාම හොඳ පත්කිරීමක්.

:       145       113

sirimal Monday, 07 January 2019 12:05 PM

ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙන ප්‍රවෘත්තිය දැක්කාම ගල් අඟුරු ගැන මතක් වුනේ මොකද මන්දා?

:       0       83

sandy123 Monday, 07 January 2019 12:36 PM

මේකට තමයි කියන්නේ හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළිපිට කියලා. ඔහොම යං. ඔහොම යං. තව ටික දොහයිනේ මෙයා වැජඹෙන්නේ...

:       138       58

රවින් Monday, 07 January 2019 12:42 PM

හා හා බලමු බලමු !! සාධාරණත්වය, දූෂණය වැනි දේවලට විරුද්ධව හඬ නැගූ උදවිය ඒ පළාතේ දේශපාලකයින් ටිකට නාස් ලණුව දාගන්නේ කොහොමද කියලා... කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියලා කියයිද දන්නේ නැහැ. එහෙමත් නැතිනම් තක්කිට තරිකිට කියයිද කියලා. පළාත් වාසි සියලු දෙනාගේම පංච ඉන්ද්‍රියන් නිසිලෙස ක්‍රියාත්මක වේවා යයි ප්‍රාර්ථනා කරමි.

:       32       10

බද්රානි Monday, 07 January 2019 12:59 PM

කීර්ති තෙන්නකෝන් කියන්නෙත් ඒ වර්ගයේම කියලා දැන් තමයි දැනගත්තේ? එක අතකට තක්කඩියෙක් නොවුනොත්නේ අපි පුදුම වෙන්න ඕනෑ නේද?

:       52       87

G m k krishantha Monday, 07 January 2019 02:04 PM

ධම්ම විවිධ කාලවලදී එකඑක දේශපාලන පුද්ගලයින්ට පැහැදිලිවම කඩේ ගියා.. නමුත් කීර්ති පට්ට ස්වාධීන පොරක් වගේ ඉඳලා ගිය දවස් ටිකේ සිරිසේන උන්නැහේට අම්බානක කඩේ ගියා... ඇත්තටම කණගාටු වෙනවා. ධම්මලා, කීර්තිලා අපේ සමාජයේ පොදු සම්පත්.. ඔවුන් පුළුවන් තරම් කාටවත් ගැති නොවී දේශපාලන වහල්කමින් මිනිසුන් ගලවා ගැනීමට ස්වාධීන වී උපදෙස් දිය යුතුය... මොවුන් උගත්, බුද්ධිමත් අය.. නිර්මාල් රන්ජිත්... සරත් විජේසුරිය වගේ උගතුනුත් මෙහෙම වුනොත් අපේ රටේ ඔලමොට්ටල දේශපාලන වහල් මිනිසුන් බිහිවී පාලකයාට අල්ලේ නැටවිය හැකි මිනිසුන් බිහිවෙනවා නිසැකයි..

:       165       273

chandima Monday, 07 January 2019 05:57 PM

දනපාල, ගුණපාල කිව්වට මේ කවුද කියලා කොහොමද දන්නේ අඩු තරමේ, නීතිඥ මහත්තයෙක්ද? දොස්තර මහත්තයෙකද? වෙනත් උගතෙක්ද? ව්‍යපරිකයෙක්ද? නැතිනම් ඔය දේසපාලන කුලියට කැගහපු වන්දිභාට්ටයෙක්ද? එකෙමත් නැතිනම් ආතක් පාතක නැති අහින්දාස් කෙනෙක්ද? කියලවත් කිව්වනම්, අඩු තරමේ රටට වැඩක් ඇති කෙනෙක්ද කියලවත් දැනගන්න.!

:       0       1

Nihal Monday, 07 January 2019 09:50 PM

කීර්ති පසුගිය දවස් වල බැන බැන හිටියේ ඇයි කියල දැනුයි තේරුම් ගියේ.

:       0       1

Saman Tuesday, 08 January 2019 12:56 AM

කීර්ති ඔය මොකක්ද අටවගෙන කඩේ ගියේ මේකට තමයි. හැබැයි කතාවනම් කපුරුහාමිලා පරාදයි.

:       0       2

kal Tuesday, 08 January 2019 04:28 AM

පක්ස , පාට කෙසේ උනත් රෙජිනෝල්ඩ් ඉතාමත් ඉහල ගනයේ සේවයක් කරා උතුරට. මිනිස්සු බොහොම සතුටෙන් හිටියා එයාගේ සේවය ගැන. රොටිය අමුවෙන් බානවා වගේ මෙහෙම කරාම අර දේශපාලන පරිනත භාවය මේකෙන්ම පෙනේ. ශ්‍රී ලංකා වාසින් මෙම නුගත් පාලකයෝ බිහි කිරීම තවදුරටත් නොකළ යුතු බව අවධාරණය කරත්වා !!

:       0       2

ප්‍රියන්ත ජයතිලක Tuesday, 08 January 2019 04:53 AM

කීර්ති , ඔබට ජය ! සාධාරණව රාජකාරිය කරන්න හැකියාව ලැබේවා ! ඔබටත් රටට යමක් කළ හැකියි.......

:       42       275

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 107 0

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 682 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 162 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 224 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 388 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 210 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 633 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site