IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කොරෝනා එන්නත් පල්ලේකැලේ හදයි

(අජන්ත කුමාර අගලකඩ)

සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත.

කොවිඩ් මර්දන සිනොවැක් එන්න ත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්,පසුගිය දා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර චිනයේ සිනොවැක් බයෝටෙක් සමාගම ,කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය වී ඇත.

එන්නත් ලබා ගැනීමට ලොව පුරා දැඩි තරගයක් ඇති වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙම එන්නත් ලංකාවේ නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරයි .

 



අදහස් (26)

කොරෝනා එන්නත් පල්ලේකැලේ හදයි

Rohan Friday, 21 May 2021 04:44 AM

කරන දෙයක් ඉක්මණට කරන්න..

:       1       168

mihira Friday, 21 May 2021 05:08 AM

ලංකාවේ එන්නත් හදලා ඉවර වෙනකොට ගහන්න වෙන්නේ මිනි වලවල්වලට තමයි. මොන ජෝක් කතාද මේ? මීට වටා දියුණු රටවලටවත් බැහැ.. තමන්ගේ රටේ හදාගන්න අල්පෙනිත්තේ සිට පිටින් ගේන ලංකාවේ පාලකයින් කියනවා අධි තාක්ෂණ එන්නත් හදනවලු පල්ලෙ කැලේ...

:       115       58

සමන්ත Friday, 21 May 2021 06:30 AM

ඔබතුමා දන්නවද පිළිකා රෝග සඳහාද බෙහෙත් මේ රටේ හැදුවා. ඒවා දේශපාලනය නිසා නතර වුණා. ලංකාවේ ජාත්‍යන්තර බෙහෙත් නිෂ්පාදන සමාගම් කීයක් තියෙනවද? ඒ වගේම රජයේ බෙහෙත් නිෂ්පාදන සමාගම් තියෙනවා. හදන්න තාක්ෂණය විතරයි ඕනේ.. අනෙක් හැමදේම මේ රටේ තියෙනවා. ඔය තරම් කුහක වෙන්න එපා..

:       16       85

කුමාරFriday, 21 May 2021 08:43 AM

එන්නත් හදන්න පුළුවන් පහසුකම් තියන කර්මාන්ත ශාලා නිකං බේකරි හදන්න වගේ කරන්න බෑ. එ්ක තේරුම් ගන්න. අඩුම තරමින් අවුරුදු කීපයක් යයි හදලා ඉවර වෙන්න...

:       41       16

යාපාFriday, 21 May 2021 09:39 AM

හරක් ඉන්නකන් මේ රට කවදා හදන්නද?. දේශපාලන වහල් බවින් මිදෙන්නේ නැතිව ආණ්ඩුව කරන හැම වැඩේම විවේචනය කරනවා. රටක් විදියට කොච්චර හොඳ පියවරක්ද මේක? පුන්නක්කු කනවා ඇත්තේ ඔහේ නම්...

:       13       65

mihira Friday, 21 May 2021 11:31 AM

ධම්මික පැණිය හැදුවා වගේ තියෙයි නේද? ඇන්දියල්ලා ඉතින් තවත් මෝඩ වහල්ලු...

:       65       22

Raja Friday, 21 May 2021 05:30 AM

සුපිරියක් තමයි, ගේම ගහගෙන යන්න...

:       20       52

pradeep Friday, 21 May 2021 06:45 AM

මොන මෝඩ විහිළුද මේවා? මේක හදන්න තව අවුරුද්දක්වත් යයි. එතකම් අපි ඉන්නද?

:       56       22

යෝගා Friday, 21 May 2021 08:39 AM

සියලු කොරෝනා එන්නත් ජීවිත කාලය පුරා අවුරුදු පතා ලබාගන්න වෙනවා. පිටරටින් එනතෙක් බලා නොසිට මේ රටේම නිෂ්පාදනය කිරීම වැදගත් එ් නිසාය....

:       2       49

SL Friday, 21 May 2021 07:34 AM

මේ කොම්පැනිය ගොඩක් කල් පටන් ගෙන, ගිය රජය මේක කාලා දැම්මා. ලංකාවේ ඉන්න දේශපාලකයින් කප්පම් ගන්න එක මල මිනියෙනුත් කරනවා. හැම එකාම, ලෝකෙට පෙනෙන්න හොඳ මුහුණ පෙන්වනවා.. ඇමැතිලාත් එහෙමයි, ඔවුන්ගේ කුට්ටිය ඕනේ මයි. මේ සක්කිලි හින්දා ඉක්මනින්ම මේ රට අප්‍රිකාවට වඩා අන්ත වෙනවා.

:       5       58

යාපාFriday, 21 May 2021 09:40 AM

රාජිත සේනාරත්නට කොමිස් නෑ කියලා මේ ආයතන විනාශ කළා.

:       7       32

susanthaFriday, 21 May 2021 10:28 AM

කොහොමත් 20% කොමිස් ගන්නවා. මොන ආණ්ඩුව හිටියත්, මොන ඇමැතියා හිටියත්... ගන්න කෙනා වෙනස්වෙන එක විතරයි වෙන්නේ. චීනා දක්ෂයා.. චීනා දන්නවා ගාණට කොමිස් දීලා වැඩේ කරගන්න.

:       17       8

Rohana Friday, 21 May 2021 08:59 AM

ලංකාවේ නිෂ්පාදන කටයුතු කරනවා නම් ඒවායේ ප්‍රයෝජනය අපටමයි. පසුගිය කාලයේ රජයන් විසින් හැමදේම ලාබ නිසා පිටරටවල් වලින් ගෙන්නුවා. දේශීය කර්මාන්ත විනාශ කිරීමේ අයහපත් ප්‍රතිඵල අපටම විඳින්න සිදුවෙලා තියෙන බව දැන් පැහැදිලියි. ලෝක වසංගතයත් සමග අපට අවශ්‍ය දේ අපිම නිෂ්පාදනය කළානම් මෙවැනි දේවලට සාර්ථකව මුහුණ දෙන්න තිබුණා. දැන්වත් මේක තේරුම්ගෙන අපට අවශ්‍ය දෑ අපිම නිපදවා ගන්නවා නම් වඩා යහපත් රටක් නිර්මාණය කරගත හැකිවෙනවා.

:       2       64

Mann Friday, 21 May 2021 09:23 AM

සොනෝෆෝම් එකක්... සිනොවැක් වෙනම එකක් හොඳේ...

:       2       17

විපරමා Friday, 21 May 2021 09:28 AM

එහෙම දෙයක්වත් හරියට වෙනවා නම් හොඳයි. සමහරක් වැඩ පටන් ගත්තු තැනම නතර වුණා. මුල්ගල් තිබ්බ තැන්වල ගසුත් පැළවෙලා... දේශපාලුවන්ගේ සාක්කුවලට ලොකු කොමිස් කුට්ටියක් ලැබෙනවා නම් වැඩේ ගොඩ...

:       1       23

Ruhunu Friday, 21 May 2021 09:44 AM

චීනා ඒකෙනුත් අපිට කටුව ගහලා තමයි නවතින්නේ....

:       20       5

Lion Friday, 21 May 2021 11:03 AM

ඔය මාතෘකාව වැක්සීන් එක හදන්න යෝජනා කරලා තියෙනවා කිව්වා නම් හොඳයි නේද?

:       8       1

chithrananda Saturday, 22 May 2021 12:52 AM

සිනොවැක් එකට who එක අනුමැතිය දීලා නැහැ නේද තවම...?

:       0       2

Vithana Saturday, 22 May 2021 01:20 AM

ඕකේ ලංකාවේ නියෝජිතයා ආණ්ඩුවේ හැම ව්‍යාපෘතියකම එකම කොන්ත්‍රාත්කරුවා වන දිලිත් ජයවීරගේ ජෝර්ජ් ස්ටුවර්ට් තමයි ඉතින්... එතැනින් එහාට කොමිස් ගැහිලි ගැන හිතා ගන්න. නිරෝධායන බිස්නස් එක නැති වෙනකොට අලුත් එකක් සෙට් කරලා දෙනවා. නැතුව මේ මිනිස්සුන්ට ආදරේට කරන දෙයක් නෙවෙයි.

:       5       4

pakeer Saturday, 22 May 2021 03:58 AM

හදයි.. හදයි... පොල්තෙල් ටික ප්‍රමිතියකට ගේන්න බැරි අය, කෝච්චි පීල්ලේ වෙලාවට යවන්න බැරි අය .. මේ එන්නත හදයි හරි අපූරුවට.. ඇත්තටම මම කැමැතියි හදනවා නම් ඒත් ඉතින් මේ අයව සත 05කට විශ්වාස කරන්න බැහැ.

:       8       19

pjSaturday, 22 May 2021 09:51 AM

ඇයි අනේ එහෙම කියන්නේ... අපි කලින් බලයේ ඉන්න විට චන්ද්‍රිකාවකුත් යැව්වේ.... ඇයි මතක නැත්ද?

:       1       13

siri Saturday, 22 May 2021 03:02 PM

එන්නත් නිෂ්පාදනය කරන රසායනාගාරයක් නොවේ... ඕක චීනෙන් තොග පිටින් ගෙනැල්ලා මෙහෙදී කුප්පිවලට පුරවන තැනක් කියලයි හිටපු එක්කෙනා කියන්නේ...

:       0       0

Ssd Sunday, 23 May 2021 02:58 AM

හැමදේටම සොයා නොබලා විරුද්ධ වීම දැන් ජාන වලටම කිඳා බැහැලා.. ඔවුන්ට හරියන්නේ පැකනිල් විතරමයි..

:       0       1

අමර Sunday, 23 May 2021 05:01 AM

ඕනෑම දේකදී අවංක බව තිබුණොත් අමාරු නෑ. රටේම දේවල් හදන්නේ නැති එකේ අමාරුකම තවත් තේරුම් ගන්න බැරිද?.

:       0       1

සුගේෂ් Sunday, 23 May 2021 06:30 AM

රෙද්ද පෙන්නුවාම ඒක මිලදීගෙන, කපලා, මහලා, ඇඳගන්න ඔච්චර හදිසි වෙන්න එපා මහත්වරුනි... පෝර්ට් සිටි එකේ සැර බාල වෙනවදත් බලමුකෝ...!!!

:       0       0

අශියා Sunday, 23 May 2021 08:25 AM

හදනවා නෙමේ.., තොග වශයෙන් ගෙනැල්ලා පොඩි කුප්පිවලට අසුරන එක කරන්නේ... ප්‍රති සැකසුම් බයියන්ට හොඳයි.. මොකද ඔවුන් කියන හැමදේටම අැන්දෙනවානේ.. හදන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site