බී. බී. සී. ගුවන් විදුලි සේවයේ ටෙස්ට් තරග විස්තර විචරකයකු මෙන්ම ලන්ඩන් ටයිම්ස් පුවත් පතේ සහ ‘ඬේලි ටෙලිග‍්‍රාෆ්’ පුවත් පතේ සේවය කළ ප‍්‍රවීණතම කි‍්‍රකට් මාධ්‍යවේදියකු වූ කි‍්‍රස්ටෝපර් මාටින් ජෙන්කින්ස් මහතා පසුගියදා ලන්ඩන් නුවරදී අභාවප‍්‍රාප්ත විය. පිලිකාවකින් පෙළෙමින් සිටි ජෙන්කින්ස් මහතා මිය යන විට 67 වැනි වියේ පසුවිය.
‘සී. එම්. ජේ.’ නමින් ලෝ පුරා කි‍්‍රකට් ලෝලීන් අතර ආදර ගෞරවයට පත්වූ ජෙන්කින්ස් මහතා 2010 සහ 2011 වසර වලදී කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීති සම්පාදකයන් වන එංගලන්තයේ මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇත.
ජෙන්කින්ස් මහතාගේ දීර්ඝ කාලීන වෘත්තීය සගයකු මෙන්ම එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකුද වූ ජොනතන් ඇග්නිව් ප‍්‍රකාශ කරන්නේ ඉහළ තලයේ කි‍්‍රකට් කී‍්‍රඩාවක නිරත වී නොමැති නමුත් කි‍්‍රකට් ලෝකය පුරාම මහත් ගෞරවාදරයට පත්වීමට ජෙන්කින්ස් මහතා සමත් වූ බවයි.
”ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉතාමත් ගෞරවනීය ලේඛකයකු මෙන්ම විස්තර විචාරකයකුද වුණා” යයිද ඇග්නිව් මහතා බී. බී. සී. ගුවන් විදුලි සේවයට පැවසීය.
ජෙන්කින්ස් මහතාගේ පුතණුවන් වන රොබින් ජෙන්කින්ස් එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ තරග 162 කට සහභාගි වීමෙන් පසුව වෘත්තීය කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය.
කි‍්‍රස්ටෝපර් මාටින් ජෙන්කින්ස් මහතා අභාවප‍්‍රාප්ත වූයේ ටෝනි ග්‍රෙග් මහතා මිය යාමෙන් දිනයකට පසුවය.
ඡයාරූපය : බී. බී. සී. වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කි‍්‍රස්ටෝපර් මාටින් ජෙන්කින්ස් සමුගනී
සුසන්ත - ඉතාලිය Saturday, 05 January 2013 04:06 AM
ක්‍රිකට් ක්‍රිඩාවටත් එච්චර හොඳ කලදසාවක් නෙවෙයි... ඔබතුමාට මෝක්ෂ සුව...!!!(නු)