ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වු ඊයේ (5) සවස ක‍්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹා යන ඉන්දිය පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 114 ක් ලබා අසීරු තත්ත්වයක පසුවිය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 659 ක් ලැබීය. ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් ක‍්‍රිකට් තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කළ සිවුවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නායක මයිකල් ක්ලාක් නොදැවී ලකුණු 329 ක් ලබා ගත්තේය. විශිෂ්ට පිතිහරඹයක නිරත වු ක්ලාක් පන්දු 468 කදී හතරේ පහර 39 ක් සහ හයේ පහරක් සමග ලකුණු 329 ලැබීය. ටෙස්ට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වන බ‍්‍රයන් ලාරා සතු ලෝක වාර්තාගත ලකුණු 400 බිඳ දැමීමට නොදැවී සිටි ක්ලාක් ට අවශ්‍ය වුයේ තවත් ලකුණු 71 කි. මැතිව් හේඞ්න් (380), මාර්ක් ටේලර් (නොදැවී 334) සහ ඩොන් බ‍්‍රැඞ්මන් (334) වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ වෙති. ක්ලාක් සහ මයිකල් හසී (නොදැවී 150) අතර පස්වැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 334 ක සම්බන්‍ධතාවක් පැවැත්වීමට සමත්වුහ. එය ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සිවුවැනි සබඳතාව ද වේ. ඉන්දියාව පළමු ඉනිම 191 සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 114 (ගෞතම් ගම්බීර් නොදැවී 68, සචින් තෙන්ඩුල්කාර් නොදැවී 8) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 4 ට 659 ( රිකී පොන්ටින් 134, මයිකල් ක්ලාක් නොදැවී 329, මයිකල් හසී නොදැවී 150 )
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ක්ලාක් (329*)-හසී (150*) ඉන්දියාව අමාරුවේ දමති