‘කැලණිය කොලණියක් කරන්න එපා. අපට පන්සල්, පල්ලි, කෝවිල්, පාසැල්, පාරවල් අලුතින් අවශ්‍ය නැහැ. මේ තිබෙන දේ හොඳටම ඇති. ඒක අපි දියුණු කරගන්නම්. මේ කැලණිය විනාශ කරන්න පැරෂුට්කාරයන් එපා. මේ කැලණිය දියුණු කරන්න අපේ දහම් පාසලක දරුවෙකු වඩාත් සුදුසුයැ‘යි වෙඩි වැදී ඝාතනය වූ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ අවමගුල් උළෙලේදී අනුශාසනාවක් පවත්වමින් කැලණිය වරාගොඩ බෝධිකරුක්ඛාරාමාධිකාරී රන්කරව්වේ පේමානන්ද හිමියෝ පැවසූහ.
අද පෙරවරු 10.30ට කැලණිය වරාගොඩ මඩවල මහතාගේ නිවසේදී එම අවමංගල්‍යය උත්සවය පැවැත්විණි.
මේ වන විට ඒ මහතාගේ දේහය නිවසේ සිට කැලණිය ප්‍රාදේශීය සභා කාර්යාලය වෙත රැගෙන යමින් තිබෙන අතර පස්වරු 1.00 සිට 2.00 දක්වා එහිදී මන්ත්‍රීවරුන් විසින් ගෞරව දැක්වීම සිදුකැරේ. ඉන් අනතුරුව පිලපිටිය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් එහිදී භූමදානය කිරීමට නියමිතය.
සබැඳි පුවත්
මර්වින්ගේ ලේකම්ලා දෙන්නෙක් සැකපිට
පැන ගිය යතුරු පැදියත් සොයා ගනී
ප‍්‍රා.මන්ත‍්‍රී ඝාතනයේ පහක් අල්ලයි
කැලණිය/පෑලියගොඩ ප්‍රා මන්ත්‍රීවරු ආරක්ෂාව ඉල්ලති
ප්රා මන්ත්‍රී ඝාතන පිරික්සුම රහස් පොලීසියට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම සාධාරණයි (දී)
දේශපාලනයටත් පැරෂුට් කාරයෝ එපා (දී)
දේශ පාලනය කියන්නේ මහා පුදුම දෙයක් , කතා නොකර ඉන්න තරමට හොදයි (දී)
නියම කතාව
එක ඇත්ත....එක ඇත්ත.... (දී)
නියම නම පැරෂුට් කාරයා
ගමේ වැඩ දන්නේ ගමේ මිනිෂා, ඒ නිසා පැරෂුට් කාරයෝ එපා (දී)
මමත් කියනවා
මමත් කැලණියේ මමත් ඒ කතාව 100 % පිලි ගන්නවා
පැරෂුට් කාරයා කියුවේ කාටද
අයියෝ පැරෂුට්කාරයා (දී)
කවුද ඒ පැරෂුට් කාරයා කැලණියේ ඉන්න (දී)
නියම නම පැරෂුට් කාරයා (දී)
අපේ කැළණි පුදබිම වනසන නුගත්, අමන, දීන, අශෝබන, මිනීමරු, පාපකාරී, සියල්ලෝම ලංකාවෙන්ම අතුගා දැමිය යුතුය. (නි)
අපේ මිනිස්සු හරිම අවස්ථාවාදීයි. ඒකයි අපේ රට ගොඩනගන්න තවමත් බැරි (ස)
අපේ අයට ඔය සිද්ධිය දවස් හතක් මතක තියෙයි. බොරුද මම අහන්නේ? (නි)
මේවා බීරි අලීන්ට වීණා වයනවා වගෙයි (ස)
මට වෙලාවකට හිනා ඇත්තට (දී)
මොකද වෙන්නේ ගමෙන් බිහිවූ කෙනෙක් දැම්මා නම (දී)
මම කැලණියේ නොවුනත් මම ඒ කතාව පිලි ගන්නවා (දී)
කොහේ බැලුවත් දැන් ඉන්නේ පැරිෂුට්කාරයෝ තමයි. (නි)
ගමේ නියෝජිතයින් ගමෙන්ම පත්කරගන්න එක තමයි හොදම. (නි)
කතාව ඇත්ත. කොහේටවත් එපා. (නි)
කැළණියට විතරක් නෙමෙයි අපේ හාමුදුරුවනේ, මුලු ලංකාවටම එපා. (නි)
ඇත්තම ඇත්ත හාමුදුරුවනේ. (නි)
දේහය භූමිදාන කළාට පස්සේ හැමෝටම හැමදේම අමතක වේවි. (නි)
දැන්වත් අපේ රටේ පරණ විදියට ඡන්දය තියලා අපිට ඕනෑ විදියට ගමේ කෙනෙක් පත්කරගන්න ඉඩදුන්නොත් හොදයි. (නි)
ඉස්සර කාලේ දේශපාලනය කරන්න තුවක්කු පතරොම් අවශ්‍ය වුණේ නැහැ. ඒ කාලේ හිටපු ඇන්.ඇම්. කොල්වින් පිලිප් වැනි නායකයින්ගේ කටවල් වලට ඔය හැම තුවක්කු ටිකම පරාදයි. එවැනි නායකයෝ නැතිවීමත් අපේ අවාසනාවක් ! දැන් ඉන්න අය තුවක්කු නැතිව දේශපාලනය කරන්න දන්නේ නැද්ද? හාමුදුරුවෝ කිව්වා වාගේ පැරෂූට් කාරයින් එළවිය යුතුයි හැබැයි ඉතිං හොඳ පැරෂුට් කාරයොත් ඉන්නවා. වැරැද්ද තියෙන්නේ පැරෂූට් එකේ නොව ඒකෙන් ඇවිත් බහින කෙනාගේය. (නි)
කැළණිය උතුම් පුදබිමට සාමය උදාවේවා! (නි)
හාමුදුරුවන්ගේ අනුශාසනාව පිළිගැනීම ඉතාම හොදයි. (නි)
රුහණු මාගම සහ කැලණිය අතීත සම්බන්ධකම් ගැන සිතා පැරෂුට්කාරයෝ එවනවා ඇති. (නි)
ලම්බෝගිනියෙන්, ට්රේල් බයික් එකෙන් අවොත් කමක් නැහැ නේද? (නි)
මිනිස්සුන්ට ඕන විදිහට ජනතා නිදහස පාලනය කරන්න බැහැ (දී)
මමත් ඒ ඉල්ලිම නම් පිලි ගන්නවා (දී)
පැරෂුට් කාරයා කියුවේ පිටින් ආපු එක්කෙනා කියන අර්ථය
දැන්වත් අතීතයේ පාඩම් නිවැරදිව වටහාගෙන කටයුතු කිරීමයි වැදගත්. ඒකට අවශ්‍ය නිවැරදි දැක්මක් තමයි අපිට අවශ්‍ය. (නි)
නියම ඉල්ලීමක්
ඇත්තට කවුද පැරෂුට් කාරයා (දී)