කල්පිටිය රෝහලට මින් මද වේලාවකට පෙර පොලිස් ආරක්ෂාව යෙදූ බව කල්පිටිය පොලීසිය කියයි.
වෛද්‍යවරයකුගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් බෙහෙත් ගත් රෝගියකු අසනීප වී මරුමුවට පත්වීමේ සිද්ධියෙන් පසු පිරිසක් රෝහලේ ජනෙල් දොරවල්වලට ගසා කඩා දමා ඇතැයි පොලීසියට පැමිණිලි කැර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් කෝපය හොඳනෑ කොහොමත් (ස)
වත්සලා, බෙහෙත්වලින් මිනිසුන් මැරෙන එන නවත්වන්න පුළුවන් කියලා ගහපු එක බෙහෙතක් දන්නවානමි අපිට කියන්න. ප්‍රථිකාර ගත්තත් මිනිසුන් මැරෙනවා. ඒකයි සැම රෝහලකම මෝචරියක් තියෙන්නේ.(නදී)
අනිවාර්‍යයෙන්ම ඔතනට දේශපාලන සම්බන්ධයක් ඇති (ස)
පෞද්ගලික රෝහලකින් බෙහෙත් අරන් ලෙඩා මැරුණම රජයේ රෝහල් පලිද ??(ස)
ගිය පණ ආයේ ලැබෙනවානම් ඔහොම කරාට කමක් නෑ කියමුකෝ.....ඒත් පණ එන්නේ නෑනේ (ස)
මේ ලෙඩා කොළඹ තියෙන සුපිරි පෞද්ගලික රෝහලක මිය ගියානමි ඒකටත් ගහනවාද? බිල ගෙවලා මිනිය අපූරුවට ගෙදර ගිනියයි.(නදී)
තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන මිනිහා තමයි කියලා මම දන්නවා. නමුත් ඉතින් එහෙමයි කියලා පොදු දේපල විනාස කරලා හරියන්නේ නෑනේ (ස)
ලෙඩාගේ මරනයට රෝහලේ දේපල විනාශ කරලා හරියන්නේ නැහැ, වරද කොතනද කියලා සොයා බැලිය යුතුයි සේරටම කලින්.(නදී)
අනේ මන්දා මෙහෙම මෝඩ මිනිස්සු, ලෙඩේ සුව වුනානමි වෙදා දෙයියෝ බුදුන්, ලෙඩා මලා නම වෙදාගෙ හම ගලවනවා.(නදී)
පුද්ගලික දොස්තලගෙන් බෙහෙත් අරන් ලෙඩා මැරුණට රජයේ රෝහල් පලිද ? (ස)
ලංකාවෙ වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල දවසින් දවස අපට පේනවා.. අද වෙද්දි ලෙඩක් අසනීපයක් හැදුනාම බෙහෙත් ගන්න යන්න කලින් මිනිසුන්ට තම ජීවිත අවදානම මතක් කරගන්න වෙලා තියෙනවා ලංකාවේ.. වැරදි කරලා බේරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි.. නොසැළකිල්ල සම්බන්ධයෙන් තියෙන නීතිගොඩක් වර්ධනය විය යුතුයි..!(නු)
පුදුම වැඩක්නේ.. පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තානම් ආණ්ඩුවෙ රෝහලද පලි.. දොස්තර ආණ්ඩුවෙ රෝහලක වැඩකළත් ඒක එයත් එකක්යි පෞද්ගලික රෝහල එක්කයිනේ බලාගන්න තියෙන්නෙ.. සන්විධානාත්මක වැඩක්.. රෝහල් වැහුණාම පෞද්ගලික රෝහල්වලටනේ බෙහෙත් ගන්න එන්නෙ..!(නු)
ඇයි මේ දොස්තරගෙ නම පුවත් පත් වල පලකරන්නේ නැත්තේ, මාතර ප්ලාස්ටර් වැරදියට දාලා අත කපන්න සිද්ද කරපු දොස්තරගෙ නමත් පත්තරේ දැමිමා, නීතියෙන් බේරුනත් මේ වගේ දොස්තරලගෙන් පෞද්ගලික ප්‍රථිකාර ගන්න එන අය අඩුවෙනවා, ඒත ලොකු දැනුමිවත් කිරීමක්(නදී)
මෝඩයිනේ, ලෙඩා නිසයි මේ සේරම වුණේ. මේකට රටේ පොදු දේපළ පළි නැහැ. (නි)
පළමුව ලෙඩාගෙ ගෙදරට ගහලා කුඩුකළානම් හරි.. ඒ නිසානෙ මේ සේරම උනේ..! රටේ පොදු දේපල මේවට පලි නැහැ.!(නු)
ලංකාවේ ඉන්නෙ මේ වගේ අය තමා.. ලෙඩා මලා කියලා ඉස්පිරිතාලෙට ගහල වැඩක් තියෙනවද?(නු)
නිතිය රටක වල් වැදුනාම තමා මහ ජනතාව නීතිය අතට ගන්නේ අද ලංකාවේ කොහෙද නීතියක් සමහරු උඩ බලා ගෙන කෙළ ගහනවා හරියට මුකුත් දන්නේ නෑ වගේ . ඒ දොස්තරලාට දෙන දඩුවම කුමක්ද ? (ස)
මේවා අස්සෙත් අගෙම් වාදීන්, අන්තගාමීන් සිටිනවාද?....කල්පිටිය කියූ සැනින් සිහියට නැගෙන්නේ එයයි..... (ස)
හදිසි කෝපයෙන් මහජන දේපල විනාශ කරන්න එපා.(නදී)
මුතුකුඩ , අපේ බලසේනාව ගැන නෙමෙයි පෘතුගීසි බලසේනාව කරපු විනාශය ගැන කතාකරන්න. (නි)
වරද කාගේද? (නි)
නීතිය අතට ගන්න එපා. (නි)
සෞඛ්‍යයි අධ්‍යාපනයයි හැමදාම ලෙඩම තමයි දාන්නෙ.(නදී)
අනේ මේ මිනිස්සුන්ට මොලේ පෑදෙන්නෙ කවදාද? (නි)
රෝහලෙන් නෙමෙයි බෙහෙත් අරන් තියෙන්නේ පෞද්ගලික තැනකින්, ඇයි රෝහලට ගහන්නේ? (නදී)
අහිංසක ජනතාව අද මේ තත්වයට පත්කර තිබෙන්නේ යම් බල සේනාවක් විසිනුයි. ඔවුන් මෙයට වගකිව යුතුයි. (නි)
තවම වරද කාගෙද කියලා කියන්න බැහැ.!(නු)
අපේ රටේ සෞඛ්‍ය සේවයට වෙලා තියෙන දේ අහන්නත් ලැජ්ජයි.. ලෙඩක් හැදුනාම ඉස්පිරිතාලවලට නොයා ගොඩ වෙදකම් කරගන්න හිතෙනවා දැන් නම්..!(නු)
උසාවි වලට ගල් ගහන අයගෙම නෑයෝ වෙන්න ඇති..(නු)