IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොස්ගොඩ අනතුරෙන් 22 ක් රෝහලේ

අහංගම සිට කුලියාපිටියේ පන්නල මගුල් ගෙදරකට යමින් සිටි පිරිසක් රැගත් බස් රිය කොස්ගොඩ දූව මෝදර දී අනතුරට ලක්වී විසි දෙදෙනක් රෝහල් ගත කරනු ලැබූහ. විදුලි කණුවේ හැපුණු බසය ටික දුරක් ඇදී ගොස් නතරවන විට එහි තිබූ ට්‍රාන්ස්පෝමරය බසයේ වහළ ද කඩාගෙන බසය ඇතුළට වැටී ඇතැයි පොලීසිය කියයි. එහෙත් ට්‍රාන්ස්පෝමරය පිපිරීමකට හෝ ගිනිගැනීමකට ලක්වී නැත.



අදහස් (0)

කොස්ගොඩ අනතුරෙන් 22 ක් රෝහලේ

රෝ Wednesday, 23 January 2013 11:34 AM

අගවිනිසුරු ප්‍රශ්නය විසදිමට රජය ඉක්මන් වු විදියටම මේ වගේ භයානක රථ වාහන අනතුරු විසදන්න ඉක්මන් වෙනවා නම් තමයි හොද.කොහොමත් බස් යන්නේ පාර එයාලගේ කියලා හිතාගෙන. පොලිස් මහත්වරුත් බලන්නේ ත්‍රිවිල්, මෝටර් සයිකල් විතරයි. (නි)

:       0       0

සංජය Wednesday, 23 January 2013 11:35 AM

බස් රියදුරෝ පාර පුරා ගියත් නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ, ඒ බස් අයිති එක්කො දේශපාලුවෙකුට නැත්තම් ලොකු මුදලාලි කෙනෙකුට නිසා. පොලිස් පොඩ්ඩෙක් බස් එකක් ඇල්ලුවෙත් එයාට වෙන්නෙ ලොක්කගෙන් කුණුහරුප අහගෙන ලයිසන් එක ආපහු දෙන්න. (නි)

:       0       0

හැරල්ඩ් ජයසුරිය Wednesday, 23 January 2013 11:47 AM

නුවන් ගේ හා තුෂාරගේ අදහස්වලට මම එකගයි.. මොකද කොලඹ පුත්තලම පාරෙත් වෙන්නනෙ ඔය දේමයි.,!(නු)

:       0       0

කුමාර Wednesday, 23 January 2013 05:18 PM

අනේ අසරණයාට සමාව දෙන්න බැරිද? (නි)

:       0       0

කුමාර Wednesday, 23 January 2013 05:33 PM

වරදට සමාව දෙන්න. එයාගේ රැකියාවත් ඉවරනේ දැන්. නේද? (නි)

:       0       0

රිෂාන් Wednesday, 23 January 2013 06:01 PM

ළකුණු 24ම කැපිලාද දන්නෙ නැහැ. එහෙම වුණොත් ළකුණු සියල්ල එකවර කපාගත් පළමු වාසනාවන්තයා වෙනවා. (නි)

:       0       0

මංජුල Wednesday, 23 January 2013 08:06 AM

අනිවාර්යයෙන්ම මෙවන් රියැදුරන්ගේ බලපත්‍ර අවලංගු කළ යුතුයි. (නි)

:       0       0

සරත් Wednesday, 23 January 2013 01:07 PM

හොයලා බලමු මොකද්ද උනේ කියලා ..යාන්ත්‍රික දෝෂයක්ද දන්නේ නෑනේ (ස)

:       0       0

අස්ලාන් Wednesday, 23 January 2013 08:28 AM

ට්‍රාන්ස්පෝමරය නැවත ඇණ දමා සවිකරනු! (නි)

:       0       0

සුනිල් Thursday, 24 January 2013 07:40 AM

ඔයාලගේ පැත්තෙත් අනවශ්‍ය ලයිට් කණු තියෙනවා නම් මෙයාටම කියන්න. (නි)

:       0       0

සනත් Wednesday, 23 January 2013 08:45 AM

මම හිතුවා බස් එකක් කෝච්චියේ හැප්පිලා කියලා හොඳ වෙලාවට කාටවත් අනතුරක් නැත්තේ (ස)

:       0       0

තුෂාර Wednesday, 23 January 2013 08:59 AM

කහ ඉර උද දී ත්‍රි වීලර් එකක් ඉස්සර කළා කියලා මට නඩු දැම්මා. එත් ප්‍රයිවට් බස් ඉරි දෙක එහා පැත්තෙන් යනකොට අල්ලන්නේ නැහැ. ඇයි ඒ ??? මේ බස් එක ලයිට් කණුවේ හැප්පුන නිසා වෙන මිනිස්සුන් ට කරදරයක් නැහැ. මේක ගිහින් වෙන වාහනේ ක හැප්පුනා නම් මොන අපරාදයක් ද? (ස)

:       0       0

ඉෂාර Wednesday, 23 January 2013 09:01 AM

ලකුණු කීයක් කැපුනද ? (ස)

:       0       0

කුමාර Wednesday, 23 January 2013 09:08 AM

ට්‍රාන්ස්ෆෝමරයේ වියදම බසයේ රක්ෂණයෙන් ලැබෙයිද? (නි)

:       0       0

සරත් අබේසිංහ Saturday, 26 January 2013 08:53 AM

මට පේනවිදියට මේ රියදුරන්ට බලපත්‍ර දීලා තියෙන්නේ නම් ආර්.එම්.වී එකෙන්නම් නෙමෙයි.. ලංකාවෙ රියදුරන් කවදාවත් එයාලාගේ වාහනේ එලිය අඩුකරන්නේ නැහැ.. විශේෂයෙන්ම බස් රියදුරන්.. එයාලා හිතන්නේ පාර එයාලගේ කියලා.. (නු)

:       0       0

අශෝක Wednesday, 23 January 2013 02:20 PM

අමාරුවක් නැති ලෙඩ්ඩුන්ව ඉක්මණින් ගෙදර යවන්න. මොකද එහෙම අයත් ඉන්න බව පෙනෙනවා. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 23 January 2013 09:56 AM

පාරේ යන මගියන්ගේ ජීවිත වල වටිනාකම රියදුරන්ට දැනෙන්නෙ නැහැ. (නි)

:       0       0

නුවන් Wednesday, 23 January 2013 10:11 AM

ගාලු පාරේ යන බස් (විශේෂයෙන්ම මාතර, තංගල්ල, කතරගම ...) යන්නේ හරියට මහා පාර අප්පොච්චගේ බුදලයක් වගේ. පොඩි වාහන, බයිසිකල්, ගැන තුට්ටුවක් වත් මායිම් කරන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ,මෙයාලට පොලිසියෙන් කිසිම නීතියක් නෑ. තුෂාර කිව්වා වගේ මෙයාලා බස් එලවන්නේ පාරේ වැරදි පැත්තෙන්මයි. ඉස්සරහින් එන මිනිස්සු කාණු වලට බැහැල තමයි ජීවිතේ බේරගන්න ඕන. ඉස්සර කරන්න යන්නේ කැත විදියට නලාව නාද කරලා. (ස)

:       0       0

රාණි Wednesday, 23 January 2013 03:25 PM

කො‍හොමද ලංකාවේ ඩ්‍රයිවින්? විශිෂ්ටයි සර්... කොහොමද ලංකාවේ නීතිය? අති විශිෂ්ටයි සර්... (නි)

:       0       0

චූලා Wednesday, 23 January 2013 03:26 PM

ඕක පිපිරුවේ නැත්තේ පූරුවේ වාසනාවකට . මෝඩ රියදුරෝ ..කවුද මෙයාට බලපත්‍රදීලා තියෙන්නේ (ස)

:       0       0

සුකුනි Wednesday, 23 January 2013 03:27 PM

අපිට වඩා ලොකු ජනග්‍රහණ ඉන්න රටවලවත් මෙහෙම අනතුරු වෙන්නෙ නැහැ. (නි)

:       0       0

සුභාෂිනී Wednesday, 23 January 2013 03:28 PM

ලොකෙන් උතුම් රටේ ඉන්න උතුම් රියදුරන්ගේ වැඩ තමයි (ස)

:       0       0

සනත් Wednesday, 23 January 2013 10:20 AM

මෙහෙම බේරුනා මදැයි.... මගුල අවමගුලක් නොවී. (ස)

:       0       0

ජයතිස්ස Wednesday, 23 January 2013 10:22 AM

අනතුර සිදුවුණේ කාර්මික දෝෂයක් නිසාද? නැත්නම් රියදුරාගේ නොසැළකිල්ලෙන්ද? (නි)

:       0       0

ටිරෝන් Thursday, 24 January 2013 11:51 PM

මුන්නැහේට දෙන්න ඕනෑ කෝච්චි ලයිසන් එකක්. (නි)

:       0       0

ජයතිස්ස Wednesday, 23 January 2013 10:29 AM

රියදුරාට දොස් කියන්න කලින් අනතුර සිදු වුණේ කොහොමද කියලා දැන ගන්න ඕනි (ස)

:       0       0

ශ්‍රියානන්ද Wednesday, 23 January 2013 10:42 AM

බස් එක ගිහින් තියෙන්නේ තාර පාරෙද රේල් පාරෙද ? (ස)

:       0       0

සන්ජය Wednesday, 23 January 2013 10:51 AM

රියදුරු බීමත්ව ඉන්න ඇත්තේ . එයාට ආරන්චි වෙන්න ඇති මගුල්ගෙදර බොන්න නෑ කියලා (ස)

:       0       0

දහම් Wednesday, 23 January 2013 09:52 PM

මෙම රෝහල ඉතාම පිරිසිදුයි නේද? (නි)

:       0       0

ෂාෆික් Wednesday, 23 January 2013 11:02 AM

යම් කිසි කෙනෙකුට දිවිනසාගන්න ආසනම් අපේ රටේ මගුල් ගෙදර ගොස් එන රථයකට ගොඩවන්න, (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 212 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1241 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2431 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2692 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6974 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site