ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී කුසල් ජනිත් පෙරේරා ශ‍්‍රී ලංකාවේ 155 වැනි එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස එක්දින වරම් ලැබීය. කඩුලූ රකින ක‍්‍රීඩකයකු වන 22 හැවිරිදි කුසල් ජනිත් ප‍්‍රවේගකාරි පිතිකරු ලෙස අන්තර් සමාජ තරගාවලියේදී දස්කම් දැක්වීය.
කොට්ටාව ධර්මපාල සහ කොළඹ රාජකීය යන විදුහල්වල ආදි ශිෂ්‍යකු වන කුසල් ජනිත්, ශ‍්‍රී ලංකා ‘ඒ’ සහ ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කළේය. කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය නියෝජනය කරන වමත් පිතිකරු කුසල් ජනිත් මෙවර පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ තරග 8 කදී ලකුණු 376 ක් රැස්කරමින් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට ද පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කුසල් කොල්ලාට ජයවේවා (දී)
දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්. තරගය ජයගත් නිසා ලකුණු 14ක් ලබන්නට පමණක් හැකි වුණත් හොදින් ක්‍රීඩා කළා. ඔබට දිගු ගමනකට ආසිරි. (නි)