IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


කුසල් මෙන්ඩිස්ට ඇප

(නිමන්ති රණසිංහ)

පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයකු මරණයට පත්කළැයි කියන සිද්ධියට අදාළව ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (6) නියෝග කළේය.

සැකකරුට එරෙහිව ඉදිරිපත් වූ  සියලුම චෝදනා ඇප ලබාදිය හැකි ඒවා බැවින් ඔහු ඇප මත මුදාහළ අධිකරණය මරණකරුගේ බිරිඳට අගති විරහිතව රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමට ද නියම කළේය.

ඒ අනුව සැකකරු විසින් අධිකරණයේ දී අගතියට පත් පාර්ශවය වෙත රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබාදෙනු ලැබීය.

මෙම සිද්ධිය හේතුවෙන් මහජන කැළබීමක් ඇතිවී නැතැයි පැමිණිල්ලේ කරුණු සඳහන් කිරිම අනුව ඇප පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව ඇප නියම කළ අධිකරණය, සැකකරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද නියම කළේය.

 



අදහස් (46)

කුසල් මෙන්ඩිස්ට ඇප

මහසෙන් Monday, 06 July 2020 06:44 AM

ඕවා ඔහොම නොවුණොත් තමයි පුදුමේ.. එක්කෙනෙක් නෙවේ දහදෙනක් යට කරලා මැරුවත් නීතිය ඕකයි.. අනික් දේ මත්ද්‍රව්‍ය අරන් හිටියද කියලා පරීක්ෂණ කරනවා කිව්වා.. ඒ ගැනත් කතා නෑ..

:       110       860

SISIRA Monday, 06 July 2020 06:53 AM

සල්ලි වලට නීතිය නමනවා...

:       201       618

Appo chchi Monday, 06 July 2020 06:54 AM

නීතියක් නැති රටක් වෙලයි තියන්නේ...

:       0       627

Akila Monday, 06 July 2020 07:04 AM

අපරාදෙ.. ගරු අධිකරණයට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන්න තිබුණු මගඟු සේවාවක් ගිලිහී ගියා.

:       324       1293

Ruhunu Monday, 06 July 2020 07:15 AM

කෝටි ගණන්වලට තරග පාවලා දෙන අයට ලක්ෂ 10ක් දෙන එක කැලණි ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි.

:       121       715

sachith Monday, 06 July 2020 07:16 AM

වෙන මනුස්සයෙක් කරන්නම් අඩුම දවස් 14ක් ඇතුළේ...

:       0       639

Mahehs Monday, 06 July 2020 07:44 AM

සර් දන්නවා නම් ඕවා ඔහොම වෙන්නේ නැහැ. සර් ආවාම නීතිය නමන්න බැහැ..

:       25       750

Prabha Monday, 06 July 2020 07:52 AM

බින්දුවට ගිහිල්ලා පුරුදු කෙනෙක් 120ට ගියාම අනතුරු වෙනවා.

:       0       692

RaveendraMonday, 06 July 2020 10:12 AM

කුසල් පුතා බිංදු ගන්න රුසියානේ... ඉඳහිට ලකුණු පුවරුවේ පින පෑදුණානේ... ගත්තත් බිංදු සාක්කුව මුදලින් පිරුණානේ... ලැජ්ජා නැතිව Range Rover එකෙන් පිම්බානේ...

:       0       0

pradeepa Monday, 06 July 2020 07:54 AM

එතකොට ඔහු කළ වැරැද්දට දඬුවම් නැද්ද? කෑෂ් දුන්නොත් රිමාන්ඩ් කරන්න බැරිද? මොකක්ද මේ රටේ නීතිය...? දෙවියනේ ඔබ කොහේද?

:       0       545

KamalMonday, 06 July 2020 08:29 AM

සෞදි නීතිය වගේ...

:       0       216

akusalMonday, 06 July 2020 10:41 AM

ගමෙන් එළියට නොගිය ළිං මැඩියෙක් වගේ... තමුන් සෞදි නීතිය දන්නවද? වැරැද්දට එවෙලේම දඬුවම් ලැබෙන නිතී තියෙන රටක්. හැමටම පොදුයි. මේවගේ එලවලා, ගෙදර යන්න ලැබෙන්නෙ නෑ.. අදින් පස්සෙ පුද්ගලික රියදුරන් මිනිස්සු යටකළාම බනින එක නවත්තන්න. ඒ අයටත් මේ වගේ නීති නවන්න දෙන්න ඕනේ. නම් කුසල් වුණාට, කරපු අකුසලේ පස්සෙන් එනවා යාලුවා.. ඔයාට ඒකෙන් බේරෙන්න බෑ..

:       0       0

Kuma Monday, 06 July 2020 08:34 AM

කිසිවෙකුත් අධිකරණයට අපහාස කරන්නේ නැත. අධිකරණය විසින් මිනිසුන් ලවා අපහාස කරගනිමින් සිටියි.

:       0       547

RaveendraMonday, 06 July 2020 10:02 AM

අප විස්වාස කරනවා මෙහි සඳහන් අදහස්වලින් වටිනාම අදහස් ඔබෙගේ බව.. ඒ බැවින් අදාළ ආයතන බාර ලොක්කන් මෙන්ම සොක්කන්ටද ඔබගේ වටිනා අර්ථවත් අදහස් කියවීමට හැකිවේවා..!!

:       0       0

බද්රානි Monday, 06 July 2020 07:55 AM

මට නම් තේරෙන්නේ නැහැ මොකක්ද මේ අතින් මුදල් ගෙවන මේ රටේ නීතිය කියලා. මේ වාහනය රක්ෂණය කර නැද්ද? රක්ෂණය කර ඇත්නම්, ඒ සඳහා රක්ෂණ සමාගමේ වගකීම කුමක්ද? වාහනයට පමණක් වන්දි ගෙවීමෙන් මොවුන්ට ගැලවී යා හැකිද? ඇයි මේ ගැන මේ රටේ පාලකයින් හෝ නීතිඥයින් හා ජනතාව කතා නොකරන්නේ? මේ රක්ෂණ සමාගම් "නීතිගත හොරු" නිසාද? විශේෂයෙන් ජනමාධ්‍ය තුළින් කතාකළ යුතු කාලෝචිත මාතෘකාවක් තමයි මේ...

:       0       403

sanjeewaMonday, 06 July 2020 10:46 AM

මගේ තාත්තා රිය අනතුරකින් නැතිවුණා අපි දැන් අවුරුදු 8ක කඩු කියනවා ඔය කියන රක්ෂණේ එක්ක. ඕවා බොරු වැඩ..

:       0       0

asanga Monday, 06 July 2020 08:00 AM

රටේ නීතිය කාටත් පොදුවිය යුතු වෙලාවක ඇයි මෙහෙම වෙන්නේ...? තවමත් බළල් අත් කරකවනවා. මිනීමරුවන්ට සල්ලිබලයෙන් ගැලවෙන්න පුළුවන්.. මෙය වහා වෙනස්විය යුතුමයි.

:       0       515

Imalka Monday, 06 July 2020 08:03 AM

මේක තමයි ලංකාවේ නීතිය. මත්පැන් පානය කරලද හිටියේ කියලා පරීක්ෂණ කරන්නත් දවස් 2ක් ගත්තා. කෝ ඒ රිපෝට් එක. මේක නම් පුදුම නඩු කාරයින් ඉන්න රටක්...

:       0       633

ඉෂාන් Monday, 06 July 2020 08:07 AM

මං නඩුකාරයා වුණා නම්, අනිවාර්යයෙන් දවස් 14ක් රිමාන්ඩ් කරනවා. රටේ නීතිය හැමෝටම පොදුවිය යුතුයි. පුහුණුවීම්වලට යන්න අවශ්‍ය නම්, බන්ධනාගාරයේ සිට අවශ්‍ය පහසුකම් සපයන ලෙස නියෝග කරනවා.

:       0       354

KolamaMonday, 06 July 2020 08:59 AM

පුහුණුවීම් කලා නම් හැමදාම 0ට යනවා යෑ?

:       0       204

Nishantha Monday, 06 July 2020 08:10 AM

මටත් පුළුවන් ලක්ෂ 10ක් දෙන්න. බැරි වෙයිද දන්නේ නැහැ මටත්...

:       0       211

ANURA Monday, 06 July 2020 08:28 AM

අදහස් දැක්වූ සියලු දෙනා අහිංසක මනුස්සයාගේ පැත්ත ගැනීම ගැන සතුටුයි... ආඩම්බරයි. වහලුන් නොවී හරි දේට හරි කියන සමාජයක් බිහිවෙමින් පවතින බව පෙනෙනවා... ඔහොම යන්!!! මේ සමාජ ක්‍රමය ඔබලාටම වෙනස් කරන්න පුළුවන්...

:       22       896

AnuraMonday, 06 July 2020 09:02 AM

මෙතන වීරයෝ වගේ අදහස් දැම්මට ඡන්දෙ දවසේ තමයි වහල් ගතිය ඉස්මතු වෙන්නේ...

:       78       522

Jayan Monday, 06 July 2020 08:32 AM

සමහර විට මරණයට පත්වූ පාපැදිකරු මත්පැන් පානය කර, පැයට කිලෝමීටර් 120ක වේගයකින් පැමිණ මෙම වාහනයේ වැදුණා විය හැකියි.

:       2       538

ලුම්බිණි Monday, 06 July 2020 08:43 AM

මියගිය පුද්ගලයාගේ ජීවිතයේ වටිනාකම රුපියල් ලක්ෂ 10යි. අපේ රටේ ජීවිත බොහොම ලාභ බවකුයි පෙනෙන්නේ...

:       0       356

කුමාරMonday, 06 July 2020 09:28 AM

දුප්පත් වෙලා ඉපදුනාම ඔහොම තමයි. මිනිස් ජීවිතයක වටිනාකම මුදලින් මනින සමාජය ... උසාවියේ නඩු අහන්න රොබෝවරු දැම්මොත්...

:       0       1

Asanka Monday, 06 July 2020 08:59 AM

ලක්ෂ 10ක් අතේ තියන් පාරේ බය නැතිව ඕන විදිහට වාහනේ එළවන්න පුළුවන්... සෞදියේවත් නැහැ මෙහෙම නීති...

:       0       223

අගුණ බංඩා Monday, 06 July 2020 09:02 AM

පාඨලී මහත්තයෝ ඔන්න නියම චාන්ස් එක. ලක්ෂ 10ට අඩු ගාණකින් වැඩේ ශේප් කරගන්න හැකිවෙයි. හැප්පිලා මළොත් ලක්ෂ 10ක් දුන්නහම ඉවරයි. තමුන්නැහැගේ වාහනේ හැප්පිලා තුවාල වුණා විතරයි නොවැ...

:       500       534

nandana Monday, 06 July 2020 09:11 AM

මම මේ අනතුරේ වීඩියෝ එකක් දැක්කා. ඔහු පැදවූ වාහනය පාරේ දකුණු පැත්තෙන් ගමන් කරමින් තිබුණේ. වම, දකුණ නොදන්නා කෙනා කොහොමද ක්‍රිකට් ගහන්නේ..? මේ අය නිසා තමා අද ක්‍රිකට් වලපල්ලට ගිහිල්ලා තියෙන්නේ...

:       0       506

බද්රානි Monday, 06 July 2020 09:12 AM

කාට හෝ කරදරයක් සිදු වුණාම, තමන්ගේ සිත් තුල තිබෙන කුහක වෛරය පිරිමසා ගන්න කරන මේ නිහීන උත්සාහයේ තේරුම කුමක්ද? ඔහු බීමත්ව රිය පදවා සිටි බව පොලිස් වාර්තාවල නොමැති නම්, ඔබලාගේ මනෝ විකාර මෙතන ලිවීම සාධාරණද? අනුන්ට කරන මේ නිග්‍රහයන් ඔබ පසුපසත් යම් දිනෙක පැමිණෙන බව මතක තබාගන්න. මෙවැනි විකාර කාරයින්ගේ නොමනා ක්‍රියාකාරකම් තමයි ලාංකික සමාජයට පිළලයක් වී තිබෙන්නේ... අවශ්‍ය දේ කතා නොකර අනවශ්‍ය දේ දෙඩවීම නිසා අනාගතයේදී, මෙවැනි රිය අනතුරකදී බලපාන රක්ෂණ නීතිමය තත්වයන් හා ඉන් වින්දිතයාට ලැබිය යුතු ප්‍රතිලාභ හෝ වන්දි පිළිබඳව දැනුවත් වීමට නොහැකි තත්වයකුයි ඇතිවන්නේ... අඩුමතරමේ දැන්වත් තමන්ගේ වාහනය රක්ෂණය කරන විට, මෝඩකමට රක්ෂණය කිරීම වෙනුවට, රක්ෂණයේ "පොලිසි" එක පිළිබඳව දැනුවත් වී, වාහනය රක්ෂණය කරගන්න. නැත්නම් මේක තක්කඩින්ටම බිලිවුණු රටක් වේවි...

:       2559       452

Nimal Monday, 06 July 2020 10:00 AM

බීමත්ව නොසිටියත් මිනී මැරීම අනුමත කළනොහැක. මොහුගේ බීමත්කම නිසා හෝ නොසැලකිල්ල නිසා පුද්ගල ඝාතනයක් සිදුකර තමා කරදරයකට වැටී ඇති බව ඇගවීම හපන්කමක් නොවේ. මෙතැන අදහස් දක්වන ලද අය සියලු දෙනා මියගිය අයගේ පැත්තේ සිටීම නිසා ඔබට කටු ඇනෙනවා වන්නට ඇත. නීතිය නම් දෙදෙනෙකුට දෙකක් විය නොහැකිය. කුසල් වෙනුවට ඔබ හෝ මම සිටියා නම් අපට ඇප නැත. වාහන අනතුරු සිදුවු පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම් අප කලින් දැක තිබුණත් මෙහිදී නොදැකීම නිසා අප තක්කු මුක්කු වී සිටින බව පැහැදිලි වේ. මගේ අදහස නම් මේ අය කළ නිග්‍රහයක් පසුපස පැමිනෙන නිසා ලක්ෂ 10ක් අත තබාගෙන සිටීම ප්‍රමාණවත් බවයි.

:       0       0

Krishantha Monday, 06 July 2020 11:14 AM

ඇයි, ඔහේගේ මොලේ කචල්ද? මෙයා වාහනය එලවලා තියෙන්නේ දකුණු පසින් බව නොදැනද ඔහේ නන් දොඩවන්නේ? කුහකයෙක් වෙනුවෙන් කතා කරන්නෙත් තවත් කුහකයෙක් තමයි. අපි ඒවා දැනගෙන බොහෝ කල්...

:       0       0

nandaMonday, 06 July 2020 07:33 PM

ඔබේ මෝඩකම ප්‍රදර්ශනය නොකර ඉන්න. අනතුරේ CCTV දර්ශන දැක්කේ නැද්ද? අනතුර සිදුකර පළාගිහින් පස්සේ ඇවිල්ලා බීමත්ව හිටියාද කියලා ටෙස්ට් කළාම හරිද?

:       0       0

SLjTuesday, 07 July 2020 05:10 AM

කාර් එක පැදෙව්වේ කවුද?

:       0       0

lalaith Monday, 06 July 2020 09:15 AM

ලංකාවේ නීතිය ඔහොම තමයි. සල්ලිවලට ඔක්කොම යටයි. ලංකාව මහා අවාසනාවන්ත රටක්... මෙවැනි රටවල් අත්හැර යනවා මිස වෙන කුමක් කරන්නද?

:       4       624

pradeepa Monday, 06 July 2020 09:27 AM

අපේ සර්ට 2/3 දෙන්න ඔක නැති නිසා තමයි සර්ටත් මොකුත් කරන්න බැරි. බලන්නකෝ 2/3 දීලා දීලා අපේ සර්ගේ වැඩ නිකන් වැඩියි වගේ... නීතිය කෙළින් සියලු දෙනාට එකවගේ... කොහොමද එතකොට ... ?

:       0       1

Indika Monday, 06 July 2020 09:43 AM

අපරාදේ අවුරුදු 4-5 ස්වයං නිරෝධායනය වෙන්න කියන්න තිබුනේ...

:       0       0

ලංකා Monday, 06 July 2020 09:47 AM

බීලා නෙවෙයි, වම දකුණ මාරු වෙන්න කරටි කැඩෙන්න බීලා. වීඩියො එක දැක්කාම ඕන කෙනෙකුට තේරෙනවා. අනිත්එක ඔය කට්ටිය ඉන්නේ කලබ්වල කියලා දන්න අය දන්නවා.

:       0       0

Sumane Monday, 06 July 2020 10:11 AM

මැරුණු කෙනා හිරේ යවන්න තිබුණේ අනතුරක් වළක්වා නොගැනීම කියලා. මොනවා කරලා හරි ලක්ෂ 10ක් හොයාගන්න ඕනෑ. එතකොට මොනවා කළත් කවදාවත් හිරේ යන්න වෙන්නේ නෑ.

:       0       0

thilak Monday, 06 July 2020 10:28 AM

මිනිහෙක් මරලා, දරු පවුලක් අනාථ කරපු මේ මිනිහට රෑට නින්ද යන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ.

:       0       0

Ruby Monday, 06 July 2020 01:00 PM

මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ... මෙහි බීමත්ව රිය පදවලා කෙනෙකු මරණයට පත්වුණොත් අවුරුදු 25ක් පමණ අනිවාර්යයෙන් හිරේයනවා.

:       0       0

Banda Monday, 06 July 2020 02:04 PM

ඇයි අපිට රට එපා කරවන්නේ?

:       0       0

damith Monday, 06 July 2020 03:03 PM

මැතිවරණය පෙනිපෙනී නැති නීතිය, මැතිවරණය ඉවර වූ කෙසේ බලාපොරොත්තු විය හැකිද?

:       0       0

sam Monday, 06 July 2020 03:33 PM

ජවිපයේ ලාල්කාන්ත, ඔයා දින 14ක් බන්ධනාගාරයේ හිටියා නේද?

:       0       0

Praba Monday, 06 July 2020 04:17 PM

මේ මනුස්සයා පිටරටක හිටියා නම් ක්‍රිකට් ගහන්න නෙමේ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යවනවා..

:       0       0

Bamunuarachchi Tuesday, 07 July 2020 02:13 AM

ක්‍රිකට් නීති ඔහෙලාට ක්‍රිකට් ගහන වෙලාවට පමණයි. රටේ මාර්ග නීති රටේ සැමදෙනාම ගෙදරින් පාරට බැස්ස වෙලාවේ සිට පිළිපැදිය යුතුයි. එමනිසා අර මැරුණු පුද්ගලයා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වීමට ඉහළම දඬුවම මෙයාට දෙන්න. කව්රු කොහොම කීවත් සිහියෙන් සිටින කෙනෙක් පාරේ වැරදි පැත්තෙන් වාහනය පදවන්නේ නැත. මම කියන්නේ මොහු පදමට බීලා ඉඳලා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 429 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1296 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 960 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1587 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1401 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1659 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 412 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site