IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


කෙහෙලිය ඇතුළු තිදෙනකුට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් මාස 08ක කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් තිදෙනකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (11) නියම කළාය.

රුපියල් ලක්‍ෂය බැගින් වටිනා මුදල් සහ රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කළ අතර මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවුවාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සිමැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ නඩුවේ 07 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකාර ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන්ය.

සැකකරුවන්ගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් විශේඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තා සැලසැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවේ පළමු සැකකරු වන බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාට ඇප දීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට නියම කළාය.

රත්නකුමාර හේරත් සහ වෛද්‍ය විජිත් ගුණසේකර නමැති සැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊට විරුද්ධත්වය නොදැක්වු නමුත් නඩුවේ 08 වැනි සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කළ නමුත් සැකකරුවන්ගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් විශේඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තා සැලසැලකිල්ලට ගනිමින් ඔවුන්ට ඇප නියම කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රිියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතවී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර ඇත.

පැමිණිල්ල කැඳවු අවස්ථාවේදීි පසුගිය නඩු දිනයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනයට යැවු සුදත් ජානක නැමැති සැකකරු හැර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (19)

කෙහෙලිය ඇතුළු තිදෙනකුට ඇප

achini Wednesday, 11 September 2024 06:06 PM

නිදොස් කොට නිදහස් .100% ස්ථිරයි

:       2       5

අරුනේලිස් Wednesday, 11 September 2024 06:23 PM

මෙයාට දැන් ඉතින් හිමීට මහ මැතිවරනෙට සුදානම් වෙන්න පුළුවන්. ඊට ඉස්සෙල්ල බලමු කාගේ වේදිකාවටද ගොඩවෙන්නේ කියල

:       0       9

Shashi Wednesday, 11 September 2024 06:28 PM

සජිත් මහත්තයාට ස්තූති කරලා බෝට්ටුවෙන් රට පැනපන්

:       1       7

Rata Perata Wednesday, 11 September 2024 06:50 PM

මුන් ජනෙල් වලින් පනිනකොට නම් ඉහෙන් බහින ලෙඩක් නෑලු .බලු වැඩ කරලා හිරේ රිමාන්ඩ් කලාම ලෙඩ ගොඩවල් .කාලකන්නි

:       0       14

පිටරටවැසියා Wednesday, 11 September 2024 06:57 PM

බන්ධනාගාරය ඉස්සරහා මල් ශාලාවකුත් තියෙනවා. ඔහොම්ම ගියොත් නරකෙයි...

:       0       12

සමන් Wednesday, 11 September 2024 07:40 PM

කෙහෙලියට ඇප දෙන්න එපා... අහිංසක ජීවිත කීයක් නැතිවුනාද!!!

:       0       14

Prabha Wednesday, 11 September 2024 07:48 PM

බලමු එලියට ආපුහාම ලෙඩ හොඳ වෙන විදිහ

:       0       13

දසත Wednesday, 11 September 2024 09:32 PM

දැන් මොවුන් රට හැර ගිය බව සඳහන් පුවතක් ලබන සුමානෙ අසන්නට ලැබෙයි... ඉතින් අල්ලයි නැට්ට

:       0       10

ගමේ එකාලා. Wednesday, 11 September 2024 10:35 PM

ගේ ඉස්සරහ මල් සාලාවක් දාන්ඩ බැරිවෙන එකක් නැහැ .

:       0       11

එක රටක් එක නීතියක් Thursday, 12 September 2024 05:02 AM

අදටත් මේ රටේ නීති පද්දතියේ උඩම ඉන්න නීතියේ දෙවගන ගේ ඇස් වලට වැලි ගහල ඉන්න ඔක්කොම 21 න පස්සේ සුද්ද කල යුතුමයි. එහෙම නොවුනොත් මේ රටේ, ඇති එකාට එක නීතියක් නැති එකාට වෙන නීතියක්. අන්න ඒ system change එක කල යුතුමයි රට දියුණු වෙන්න.

:       0       14

පැරකුම් Thursday, 12 September 2024 05:04 AM

ඊළග නඩු දිනයේදී නිදොස් තොට නිදහස්…!

:       2       7

NWS KUMARA Thursday, 12 September 2024 07:52 AM

දැන් එතකොට ඔක්කොම ඉවරද ?

:       0       35

fairoosThursday, 12 September 2024 01:39 PM

ආණ්ඩුව මාරු නොවුනත් ඉවරයි

:       0       11

Kazi Shajahan Thursday, 12 September 2024 08:31 AM

වැඩක් නැහැ දැන් ඉතින් කෙහෙළියගේ නම දූෂිතයෙක් කියලා ඉතිහාසයට එක්වී හමාරයි

:       0       18

Senarath Thursday, 12 September 2024 09:10 AM

මේ නඩුව ඉක්මණින්ම අහලා මේ අපරාධකරුවන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ.... එහෙම කරොත් අනෙකුත් රජයේ සේවකයොත් තමන්ගේ රැකියාව නිවැරදිව කරන්න යම් පෙළඹවීමක් වේවී.

:       0       21

ජනරළ Thursday, 12 September 2024 10:46 AM

මේ ගොල්ලෝ ඔක්කොම කියන්නේ ඔය දැන් තියෙන දේපල ධනය අයුතු විදියට උපයා ගත්තු ඒවා නෙමෙයි ඒගොල්ලන්ට පරම්පරාවෙන්ම තිබිච්ච ධනය කියලා. එහෙමනම් කොහොමද මෙයා ඒ කාලේ ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 170 අරගෙන සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ප්‍රතිකාර ගන්න ගියේ? මොකද ඔය ජනාධිපති අරමුදල කරන අය රටේ සාමාන්‍ය පුරවැසියෙකුට හදවත් සැත්කමකට ලක්ෂ දෙකක් දෙන්නෙත් තියෙන දේවල් ගැන අලගිය මුලගිය තැන ඔක්කොම හොයලා නොදී ඉන්න බැරිම තැනක තමයි දෙන්නේ. දැන් පේනවද මෙතෙක් කල් බලයේ උන්නු ඔය දෙගොල්ලොම අපිට සොච්චමක් දෙනකොට තම තමුන්ට පක්ෂ බෙදෙන් තොරව හොඳට බෙදා හදාගෙන කාලා තියෙන වග.

:       0       19

AKALANKA Thursday, 12 September 2024 11:48 AM

දැන් පුළුවන් මෙයාට රනිල්ගේ ස්ටේජ් එකට නගින්න

:       0       15

ගමේ එකාලා Thursday, 12 September 2024 12:07 PM

ගේ ළගින්ම මල් සාලාවක් විතරක් නෙවෙයි මිනි පෙට්ටි විකුණන තැනක් උනත් දාගන්ඩ බැරි වෙන එකක් නැහැ.

:       0       17

Rata Perata Thursday, 12 September 2024 03:31 PM

මේ තීරණය බොහෝ විවේචනයට බඳුන් වී ඇති බව පේනවා .පිළිම දෙවඟන නෙමෙයි මිනිස් දෙවඟනුන් අධිකරණයේ විශ්වාසනීයත්වය ආරක්ෂා කල යුතුයි

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 216 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 164 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 54 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 472 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 697 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site