කහවත්ත පොලිස් ස්ථානාධිපති මාරුව වහාම අවලංගු කළ බව පොලිසිය කියයි. පොලිස් පරීක්‍ෂක නිරංජන් අබේවර්ධන මහතා පෙරදින උදෑසන මාරු කැර විසිහතර පැයක් ගත වන්නටත් පෙර යළි අවලංගු කැරිණි. කහවත්ත අබිරහස් ඝාතන ඇතුළු අපරාධ ගැන පරීක්‍ෂණ පවත්වමින් සිටි ඔහු ඇතුළු නිලධරයන් මාරු කළැයි කහවත්තේ කළුකොඩි ඔසොවා කඩ සාප්පු ද වසා දමා තිබීණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නේ මම කියන්නේ අපේ රට කේතුමතී නුවර වෙලා කියල. (ස)
ඝාතකයෝ මෙහෙවන්න උපදෙස් දෙන කෙනා අල්ලන්න ඕනෑ නම් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕනෑ කාගෙන්ද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
කවුද මේ මාරුවීම් පිටුපස ඉන්නේ? (නි)
දැන් උද්ඝෝෂණය කරලා තමයි හැමදේම ලබාගන්න වෙලා තියෙන්නේ. (නි)
කහවත්තේ ඝාතනවලට ලොක්කෙක්වත් සමිබන්ධද දන්නේ නැහැ නේද.......?
එතකොට ඕලුගල මහත්තයාට මොකද වුණේ? (නි)
කොන්ද කෙලින් තියන් වෑඩ කරන නිලදාරින්ට ලංකාව වගේ රටක් හරියන්නෙ නෑ. (ස)
පොලිස් නිලධාරීන්ට හා ජනතාවට මාගේ ආචාරය (ස)
මම නම් කියන්නෙ මාරු කිරිම් වලදී ප්‍රදේශයේ මිනිස්සුන්ගෙ කැමැත්තට මුල් තැන දිය යුතුයි. ඉදිරියෙදිත් එසේම වේවා... (ස)
දැක්කද? ජනතාවගෙ පැත්ත ගන්න දක්ෂ අවංක පොලිස් නිලදාරීන්ව ජනතාවම ආරක්ෂා කරනවා. රටේ අනික් ගම්වලත් මිනිස්සු මෙහෙම ඉන්නවා නම් මේ රට හදන්න අමාරු නෑනෙ. (ස)
කහවත්තේ ඝාතන වැලේ මහා මොලකරු කවුද කියලා සොයාගන්න තිබුණා . පහුගිය දවස්වල පොලිස් මූලස්ථානයට පැමිණි දුරකථන ඇමතුම් ගැන සෝදිසියක් කළා නම්... (ස)
මට තේරෙන්නෙ නැහැ ඇයි මේ වගේ අදූරදර්ශී ඉක්මන් තීරණ ගන්නේ කියලා? (නි)
ඕලුගල මහත්තයටත් සාධාරණයක් වුණා නම් තමයි හොද. (නි)
අපේ ප්‍රණාමය (ස)
මේක කරන්න මූලික වුණු කෙනා ගැන ටිකක් හෙවුවා නම් මිනීමැරුම් ගැනත් යම් හෝඩුවාවක් ගන්න තිබුණා. (නි)
මේ නිලධාරීන්ව මාරුකරන්න හැදුවේ මිනීමරුවන් ටික බේරාගන්නද? (නි)
ලැජ්ජාවක් නැද්ද අප්පා කොළඹ ලොකු මහත්වරුන්ට (ස)
දැක්කා නේද ජාත්‍යන්තරව තියෙන බලය? අවාසනාවකට අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. (නි)
අපේ අයිතිවාසිකම් දැන් උද්ඝෝෂණය කරලා තමයි ලබාගන්න වෙලා තියෙන්නේ (ස)
පොලිස් පරිපාලනයට මොකද මේ වෙලා තියෙන්නේ (ස)
ඇක්කටහ මෙක විහිළුවක්.. පොලිසිය අවශ්‍ය නැහැ කහවත්තට..!(නු)
අපිට ඕන ඕලුගල මහත්තයාව (ස)
ජනතාව කවදත් අවංක නිලධාරීන් සමඟයි. අවංක විරුවන්ට අපේ ප්‍රණාමය (ස)
කවුද මේවට සම්බන්ධ (ස)
වාස් ගුණවර්ධන කියන්නේ හොද පොලිස් මහත්තයෙක්. (නි)