වසර තිහක ශෝකාන්ත නාටකය අවසන් කොට සුඛාන්ත නාටකය රඟ දක්වන යුගය එළඹී ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප‍්‍රසංග කලා රඟහල විවෘත කරමින් පැවැසීය. නොමෑඞ් පිටියේ ඉදිකළ මේ කලාගාරය චීන රජයේ තෑග්ගකි. පොළොන්නරු පූජා නගරයේ නෙළුම් පොකුණේ හැඩය ගන්නා මේ කලාගාරය ඉදිකිරීමට වැයවූ මුදල රුපියල් කෝටි 300කි. රටේ ජනතාවගේ භෞතික සම්පත් ගොඩ නගනවා සේම ප‍්‍රඥාවන්ත ජනකොටසක් බිහිකළ යුතුයි. ඒ සඳහා මේ රඟහල උපකාරි වේවි.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සතුටුයි. ජනාධිපතිතුමාට සුබ පතනවා. චීනයටත් ගොඩාක් ස්තූතියි අපේ රටට මේ වගේ තෑග්ගක් දීම පිළිබදව
කුමාර කිව්ව වගේ නම් ගම් වලින් වැඩක් නෑ. මෙහෙයවීමයි වැදගත්. මහින්ද, රනිල්, චන්ද්‍රිකා කවුරු හෝ වේවා මේ ලෝකය ඉදිරියේ නගා සිටුවන්නේ මගේ මාතෘ භූමියයි. මේ මගේ අම්මා... මගේ ලක් පොළොව
මේක ඉතාම හොද වැඩක්
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිණිය නිර්මාණය කළ යෝධ ස්මාරකය
කලා කරුවන් වෙනුවෙන් කල විශිෂ්ඨ මෙහෙවරක්. කාලාන්තරයක් පුරා ජාත්‍යන්තරය සමඟ තරග වැදීමට අඩුපාඩුවක්ව තිබූ මෙවන් කලාගාරයක් වෙනුවෙකන් චීන ජනරජයට අපගේ කෘතඥතාවය පල කරමු.....
ගොඩක් හොද වැඩක්.. හිරිම ලස්සනයි නෙළුම් පොකුණ
නම්වලින් අපිට වැඩක් නෑ. රට හදනවනම් අපි කැමතියි.
මේ ලංකාවද කියලත් හිතෙනවා. ගොඩක් හොදයි. ලාංකිකයකු වීම ආඩම්බරයක්..
පිටරට විතරක් දැකල තියන මේවගේ ගොඩනැගිලි ලංකාවෙත් හදන එක ගොඩක් හොදයි.
නම නම් ගැලපෙන්නේ නැහැ.
විශිෂ්ඨ නිර්මාණයකි. රජයට මගේ සුබ පැතුම්. කලාකරුවාණෙනි දැන් ඔබේ කාලයයි
අදට ටවර් රගහල විවෘත වෙලා අවුරුදු 100ක්. පොල් කොටන් යුගයෙන් - නවීන තාක්ෂණයට භෞතික සම්පත් වෙනස් වෙනව වගේම ජනතාවගේ රසඥතාවයත් වැඩිදියුනු කළ යුතුයි. අද නාට්‍ය හැදෙන්නේ ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙන නෙවෙයි. සම්මාන උලළලවල් ඉලක්ක කරගෙන.
ඉතා හොද කාර්්‍යයක්. ලංකාව දිනෙන් දින දියුණු වේවා කියා පතනවා. අපට ඉතා ආඩම්බරයි
ගොඩක් ආඩම්බර වෙනවා මම ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳව පළමුවෙන්ම... මොකද වසර තිහක් පුරාවටම ශ්‍රී ලංකාව ගිලගෙන තිබුන ඒ මහා සාපකාරී යුද්ධයෙන් අඳුර වෙලාගෙන තිබුන මගේ රට නිදහස් වෙලා අද... ආඩම්බර වෙන්න පුළුවන් තවත් මෙවැනි නිර්මාණ බිහිවෙන්න මේ රටේ... අතිගරු ජනාධිපතිතුමාට තවත් මෙවන් විෂ්ම කර්ම කිරීමට හැකියාව ලැබේවා...
කලාකරුවන් වෙනුවෙන් කළ ලොකු මෙහෙවරක්
මෙම කලාගාරය අපේ රටට ඉතාමත් ආඩම්බරයක්. දිනෙන් දින ලංකාව ලෝකයේම පලමු වැනි ස්ථානයට පත්වේවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාමත් සතුටු වෙනවා. ජයවේවා අපේ රටට
හොද ක්‍රියාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමනි. දීර්ඝායුෂ ලැබේවා. මගෙන් සුබ පැතුම්
මා එංගලන්තයේ මජීඩ්, ඔබයි නියම මිනිසා. ඔබට සියලු දෙවියන්ගේ පිහිටයි
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිණිය සියතින් නිර්මාණය කළ දළ සැලැස්ම අද යෝධ ස්මාරකයක් බවට පත් වෙනවා
ඉතාමත් අළංකාර ලෙස නිර්මාණය කර ඇති නෙලුම් පොකුණට දියුණු රටවල ඇති ලක්ෂණ රඟහල් සමග වුවද තරඟ කළ හැකියි. නෙලුම් පොකුණ උසස් නිර්මාණයක් යනු මගේ හැඟුමය. මගේ සුභපැතුම්.
සිහනයක්ව තිබූ මෙවැනි කලාගාරයක් ලබා ගැනීම දැන් සැබෑවක් වෙලා. බොහොම ස්තූතියි චීනයට. ඔබලා හැමදාම අපේ හොදම මිතුරන්
ඇත්තටම ගොඩක් හොද වැඩක් අසිරිමත් ලංකාවක්