ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඇය වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට පහරදුන් සිද්ධිය හෙළා දකිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් හෙට (19) පැයක් වැඩ වැරීමට තීරණය කැර ඇත. ඔහුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ආර් ඒ පී රණවක මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කිවුවේ නැද්ද ඕක පුද්ගලික බස් රථ වර්ජනය වගෙයි කියලා? (නි)
බලධරයිනේ . වහාම මේ අහිංසකයන්ට කන් යොමන්න (ස)
ඔය වර්ජනයක් තිබුණු දවසක මාතර කුඩාගොඩේ ඉඩමක ඉඩම් නඩුවක් ඇසීමට නියමිතව තිබුණත් ඒක එදා අහලා නැහැ. හැබැයි පෙරකදෝරු මහත්තයගෙ නියෝජිතයන් වේලාසනින්ම ඇවිත් හැමෝගෙම සල්ලි එකතුකරගෙන ගිහින්ලු. එහෙමයි උන්නැහැලගෙ වැඩ. (නි)
හැමදාමත් මග ඉමු. අපි කමු. බොමු. බෝඩ් ලියමු. (නි)
නඩුවක් භාරදුන්නහම අහන්නෙත් නැතුවම කල්දානවා. අද මහ ලොකුවට වර්ජන... (නි)
දැන්වත් ඕක ඉවර කරන්න. අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු (දී)
මට අහන්න තියෙන ප්‍රශ්ණයය නඩු කල් දැමපු දිනවලට දෙපැත්තෙම නීතිඥයෝ සල්ලි ගන්න එක සාධාරණද නැද්ද? සල්ලි ගැනීම ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ..?(නු)
මෙයාලා බොරු කියනවා මදිවට වැඩ වර්ජනත් කරනවා.. මේ අය රටේ උගත්තු නේද? ඇයි මේ වගේ වැඩ කරන්නේ.. (නු)
දන්නෝ දනිති. මෙයයි ශ්‍රී ලංකාව... (නි)
මාතර දුෂ්‍යාන්ත හරියටම හරි මේ ගොල්ලේ (අ)
මා වවුලෝ පියාඹතී අනෙක් කුරුල්ලෝ නිදතී... (නි)
රෑට ටීවී එකේ ඉන්න මිනිස්සුන්ව පහුවෙනිදා දවල්ට උසාවි ගේන්න බැරි පොලිසියේ අය ඉන්නකොට, අපි මේවා ගැන කතාකරලා වැඩක් තියෙනවාද? (නි)
අදිකරණයටයි, නීතිඥයින්ටයි අපහාස වෙද්දී මාතර දුෂාන්ත ඉදිරියට එනවද? (නි)
ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දිගටම වැඩ වරන්න. අපිට පාර්ලිමේන්තුව තිබෙනවා. එහේ නඩු අහන කටිටියක් ඉන්නවා. (නි)
ඔය වර්ජනය දිගටම ගෙනියනවා නම් අහිංසක මිනිස්සුන්ගේ මුදල් ඉතුරු වෙනවා. (නි)
නීතිඥ මහත්වරු ඡනතාව අතර අප්‍රසාදයට පත් වනවා. දුප්පත් මිනිහෙකුට අසාධාරණයක් වුණහම කවුරුත් නැහැ. (නි)
අල්ලයි අල්ලයි... (නි)
ලිප්ටන් වට රවුටම ගියාම මුලු ලෝකයම අපේ රටේ නීතිඥ කෙරුවාව දැනගන්නවා. (නි)
වැඩට ආවත් නඩු ටික කල්දාන එකමනේ ඉතින් කරන්නේ. (නි)
මේකත් කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් ...(නු)
පැයක් නෙමෙයි දිගටම කරන්න.. හිරගෙවල්වල අය එහෙමම ඉදියි.. එතකොටවත් නඩුකාර හාමුදුරුවො ඉක්මනට තීන්දු දෙයි.. රටට ගිය කලක්.. (නු)
පහර දුන්නේ නැහැනේ . පහර දෙන්න හැදුව. ???(නු)