(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරාය ජායා ටර්මිනල් ලිමිඩට් ආයතනය ගත වූ වසර පහේදී රුපියල් හැත්තෑ හතර කෝටි හැට ලක්ෂයක පමණ ශුද්ධ ලාභයක් උපයා ගෙන ඇතැයි එහි සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා පැවසීය.
ආයතනය එම කාලයේදී කෝටි 222ක පමණ ආදායමක් උපයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ලක්මාල් රත්නායක මහතා මෙසේ පැවසුවේ එම ආයතන පරිශ්‍රයේදී පෙරේදා(10) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
රතු මුහුදේ අර්බුදය හේතුවෙන් කොළඹ වරායට නැව් පැමිණීම වැඩිවීමෙන් ආදායම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි පැවසූ සභාපතිවරයා ආයතනයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තවත් ඉන්ධන ටැංකි දෙකක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය.
සේවකයන්ට හැකි උපරිම වරප්‍රසාද දීමෙන් ආයතනය ලාභ ලබන තත්වයට ගෙන ආ බවත් අද මෙය විදේශ විනිමය උපයන වරාය අධිකාරියට බරක් නැති ආයතනයක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
කොළඹ වරායට පැමිණෙන සියලුම නෞකාවලට අවශ්‍ය නැව් තෙල් සැපයීම සඳහා ගබඩා පහසුකම් සපයා දෙනු ලබන්නේ තම ආයතනය බව පැවසූ රත්නායක මහතා ආයතනයේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් දාන ශීල භාවනාවලට මුල් තැන දෙන වැඩසටහන් රැසක් මේ දිනවල ක්‍රියාත්මක කරමින් සිටින බවද සඳහන් කළේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර කෝදාගොඩ, මුදල් කොට්ඨාශ ප්‍රධානී සුගන්ධිකා ලංසාකාර සහ ඉංජිනේරු කොට්ඨාශ ප්‍රධානී නලින් විදානපතිරණ යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොළඹ වරාය තෙල් විකුණා කප්ගහලා
dileepa1986 Wednesday, 11 September 2024 03:15 PM
ඕවා දාන්න එපා ළමයෝ. සීයා දැක්කොත් ඕකත් විකුණලා දායි...!
ලසන්ත Wednesday, 11 September 2024 03:18 PM
අවුරුදු 5ට ඔච්චර ගානක් වැඩිද මන්දා! වෙන රටවල සමාන වරායන්හී තෙල් සැපැයීම සමග සසඳලා බැලුවද? ඔය ව්‍යාපාරයෙන් දවසකට ලැබෙන්නේ 420,000කටත් වඩා අඩුවෙන් නේද?
max Thursday, 12 September 2024 11:51 AM
රතු මුහුදේ අර්බුදය තියෙනවා වගේම අප්‍රිකා රටවල් ඔවුන්ගේ වරායන් දියුණු කරගෙන නෑ ඒකයි අපිට වාසි. ඕකේ වාසිය හැදුනේ මෙහෙමයි.